එල් ටි ටි සංවිධානය විසින් යුධ සමයේ මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රත්රන් සහ ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ දින (20) සවස මුලතිව් ආරක්ෂක අංශ විසින් මුලතිව් මුල්ලිවයිකාල්, නැගෙනහිර ප්‍රදේශයේ කැනීම් සිදුකරන ලදී.

මුලතිව්, පුදුකුඩිඉරිප්පු පොලිසිය හා මුලතිව් ආරක්ෂක අංශ වෙත ලද තොරතුරක් මත පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගන් නියෝග යටතේ මුලතිව් මහේස්ත්‍රාත් S ලේනින්කුමර් මහතාගේ අධීක්ෂණය යටතේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කැනීම් සිදුකෙරිණ.

පැය තුනක පමණ කාලයක් තුල අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදුකරනු ලැබුවද ආරක්ෂක අංශ වෙත කිසිදු භාණ්ඩයක් හෝ උපකරණයක් සොයාගැනීමට නොහැකි වූ අතර, කැනීම් කටයුතු ඊයේ දින (20) දිනයේ නවතා දමන ලදී, ඉන්පසු නැවත කැනීම් කටයුතු 22 වැනි දින අදාළ ස්ථානයේදී පවත්වන බවද පොලිසිය පැවසීය.

මීන් පෙර ද අවස්ථා ගණනාවකදී මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍ර‍දේශයේ හා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ එල් ටි ටි සංවිධානය විසින් වළ දැමු රත්රන් පවතින බවට ලද තොරතුරු මත ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදුකළද කිසිවක් සොයා ගැනීමට නොහැකි විය.

කැනීම් වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්, පුදුකුඩිඉරිප්පු පොලිස් නිළධාරීන්, මුලතිව් නාවික හමුදා නිළධාරීන්, මුලතිව් යුධ හමුදා නිළධාරීන්ද එක්ව සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය තව දුරටත් වැඩිදුර පරීක්ෂණ මෙහෙ‍යවයි.

(කැනීම් සිදුකළ අයුරු ජායාරූප පහතින්)

 

 

 

 

 

 

L T T E විසින් හැංගු රත්‍රන් තොගය සෙවූ නිලධාරීන්ට ලැබුණු දේ

විකෘති කරන ලද මුදල් නෝට්ටු වෙනුට නව මුදල් නෝට්ටු ලබාදීම මාර්තු 31 වනදායින් අවසන් වේ

විකෘති කරන ලද මුදල් නෝට්ටු ව්‍යාජ  බැංකු වෙත භාරදී ඒ වෙනුවට මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා දී තිබූ කාලය මාර්තු 31 වනදායින් අවසන් වන බව...

Facebook තහනම ඉවත් කරන දිනය මෙන්න

Facebook සමාජ ජාලයට තිබු තහනම 16 වන දින ඉවත් කරන බව හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටිනවා. Facebook සමාජ ජාලා තහනම සම්බන්ධයෙන් කටයුතු කිරීමට එහි...

සුපර් බ්ලූ බ්ලඞ් මූන් විවිධ රටවලට දිස් වූනේ මෙහෙමයි.

වසර 152කට පසු දිස් වූ සුපර් බ්ලූ බ්ලඞ් මූන් හෙවත් සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණය විවිධ රටවලට දිස් වූනේ මෙහෙමයි. චනද්‍රග්‍රහණය...

තමාගේ අඩු පාඩු නැත්නම් හිනාවෙන්න

මේ වචන තුන කාසියක දෙපැත්ත සහ කාසියේ දාරය වගේ. ඇත්තටම මොකක්ද මේ වචන තුනේ සැබෑම අර්ථය. ඔය වචන ඇහෙනකොට අපේ ඔළුවට එන රූප කීයපයක්...

ජනාධිපති නිල නිවසේ දී විපක්ෂ නායක සහ ජනාධිපති අතර හමුවක්

විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් සඳහා විපක්ෂ නායකවරයා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසවෙත ගොස් තිබෙනවා....

ගොනෝරියා රෝගය ලිංගාශ්‍රිත රෝගයක් ද

පසුගිය ලිපියෙන් ලිංගික රෝග ඇතිවෙන්නේ කොහොමද කියලා අපි ඔබව දැනුවත් කළා. මෙම ලිපියෙන් අපි අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වන්නේ ලිංගික සම්බන්ධයක් නිසා නැත්නම්...

චාරිකා – 03 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

දරුවා බොරු කියනවනම් මොකද කරන්නේ

දරුවන් ( Kids ) බොරු කියන්නේ දරුවන්ට කතා කරන්න තේරෙන දා සිට. මව්කුස පිළිසිඳ ගත මොහොතේ සිට තම අවශ්‍යතා සපුරා ගැනීමට සෑම දරුවෙක්ම විවිධ ප්‍රතිචාර...