කාර්ය බහුල කාන්තාවන්ට ඉක්මනින් අමතක වෙන දෙයක් තමයි කෙස් කළඹ කියන්නේ. සැලෝන් එකකට ගියත් මුහුණට ක්ලීන් අප් හෝ ෆෙෂල් එකක් කරගෙන එනවා ඇරෙන්න හිස කෙස් ගෙන නම් මතක් වෙන්නේ නෑ . ඒ නිසා අද අපි මේ ලිපියෙන් කියල දෙන්නේ නිවසේ සිටම පහසුවෙන් හිස කෙස් වලට කරගත හැකි සත්කාර කිහිපයක් ගැනයි.

අතීතයේ කාන්තාවන්ට නම් කිතුල් රෑනක් වගේ කෙස් කළඹක් තිබුනා .ඒ ඔවුන් කොණ්ඩය නිරෝගිව , දිගුව තබාගන්න අවශ්‍ය පෝෂණීය සත්කාර හොඳින් කල නිසයි. අතීතයේ හිස කෙස් වලට කරපු සත්කාරත් වර්තමානයේ නවීන තාක්ෂණයෙන් නිපදවුණු දේවලුත් එකතු කරලා නිවාඩු පුළුවන් දේවල් ටිකක් ගැනයි මේ සටහන. මේ ප්‍රතිකාර අඩුම තරමින් සතියකට දෙවතාවක්වත් කරන්න පුළුවන් නම් ඉතාම සුදුසුයි.

උණුසුම් තෙල් සත්කාරයක්
හිසකෙස් නිරෝගිව පවත්වා ගන්න නම් හිසට තෙල් දීම අත්‍යාවශ්‍යයි. එත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ නිවැරදිව හිසට තෙල් දාන්නේ කොහොමද කියලා. තෙල් සත්කාරයට සුදුසු තෙල් වර්ග කිහිපයක් තියෙනවා. පිරිසිදු පොල්තෙල්, තල තෙල්, එඬරු තෙල්, ඔලිව් තෙල් සම ප්‍රමාණයට අරගෙන බෝතලයකට දමා ගන්න. තෙල් සත්කාරය කරන මේ මිශ්‍රණයෙන් අවශ්‍ය ප්‍රමාණය විදුරු කප් එකකට ගෙන ගෙන උණුසුම් වතුර භාජනයක වතුර ඇතුලට නොයන සේ ගිල්ලවා තබන්න. ටික වෙලාවකින් තෙල් රත් වී ඇති බව දැනගන්න පුළුවන්. පසුව එයට විටමින් E කරලක් දමා දිය කරගන්න. මේ මිශ්‍රණය හිසට දමා මිනිත්තු 25ක් පමණ හොඳින් සම්බාහනය කරන්න. ඉන්පසු උනිපතුරින් පොඟවා මිරිකා ගත් තුවායක් හිස වටා ඔතාගන්න. මෙසේ සිටීමෙන් තෙල් හොඳින් හිසට උරාගනී. මිනිත්තු 10කට පමණ පසු තුවාය ඉවත් කර තවත් මිනිත්තු 45ක පමණ වෙලාවක් සිට සෝදා හරින්න.මෙම සත්කාරය සතියකට දෙවතාවක්වත් කරන්න පුළුවන් නම් වඩාත් හොඳ ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන්.

නිවැරදිව ෂැම්පු හා කන්ඩිෂනර් භාවිතය
ෂැම්පු හා කන්ඩිෂනර් නිවැරදිව භාවිතා කිරීම හිසකෙස් නිරෝගිව තබා ගැනීමට වැදගත් වේ.හොඳ ෂැම්පු හා කන්ඩිෂනර් තෝරාගැනීමේදී ඔබට ඔබගේ හිසකෙස් පිලිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුය. උදාහරණයක් ලෙස ඔබට ඇත්තේ කලර් කල හිස කෙස් නම් සාමාන්‍ය ෂැම්පු හා කන්ඩිෂනර් භාවිතය සුදුසු නැහැ. එයටම ගැලපෙන ෂැම්පු හා කන්ඩිෂනර් තොගත යුතුයි. එසේම ඔබට ඇත්තේ ඉතා වියලි හිසකෙස් නම් එයට ගැලපෙන ෂැම්පු හා කන්ඩිෂනර් තොරාගතයුතුයි. තම හිසකෙස් ගැන නිවැරදි අවබෝධයක් නැතුව ෂැම්පු හා කන්ඩිෂනර් භාවිතා කලොත් සිදු වන්නේ කෙස් කළඹ වියලි හනොකර තත්වයට පත් වීමයි.
ෂැම්පු දීමෙන් පසු අනිවාර්යෙන් කන්ඩිෂනර් භාවිතා කල යුතුයි. නැතිනම් සිදු වන්නේ කියුටිකල් විවෘත වී කෙස් ගසට හානි වීමයි. ෂැම්පු භාවිතය සතියකට දින තුනට සිමා කරන්න. කන්ඩිෂනර් නම් දිනපතා භාවිතා කරාට හානියක් නැහැ.

හිසකෙස් පෝෂණ සත්කාර

හිසකෙස් සඳහා අමතර පෝෂණ සත්කාර රැසක් තිබෙනවා.මේ ඒ අතරින් කිහිපයක්

1. අලිගැට පේර ස්වල්පයක් සමඟ බිත්තර සුදු මදය මිශ්‍ර කර තලපයක් ආකාරයට සදා ගන්න. මෙය හිසේ ගලවා මිනිත්තු 30 -45 පමණ තබා සෝදා හරින්න.
2. යෝගට් හිසේ සහ හිස් කෙස්වල ගලවා විනාඩි 10ක් පමණ හොඳින් සම්බාහනය කරන්න. අනතුරුව විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න
3. කෝමාරිකා මදය සමඟ අලිගැට පේර මිශ්‍ර කර හිසේ ගලවා මද වෙලාවක් සම්බාහනය කරන්න. මිනිත්තු 10කට පසු සෝදා හරින්න.

සුන්දර කෙස් කළඹක රහස

මේ වගේ පොලිසියක් ලංකාවෙත් හිටියනම් ?

ඉන්දියාවේ අග නගරය වන දිල්ලියෙහි හිංසාකාරී ලෙස කාන්තා අතවරයන් සිදුවීම අද වන විට විශාල වශයෙන් කතාබහට ලක් වන මාතෘකාවකි. වෛද්‍ය ශිෂ්‍යාවක් බස් රථය තුල...

කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන් කෙරෙහි බලපාන නීති

අපේ රටේ වර්තමාන සමස්ත ජනගහණයෙන් කාන්තා ප්‍රතිශතය 50% ද ඉක්මවයි. කාන්තා අධ්‍යාපනය සහ ශ්‍රම දායකත්වය ද සැලකිය යුතු මට්ටමකින් වැඩි දියුණු වී ඇත. නමුත්...

දිය ලුනු වලින් ලස්සන වෙමුද

01.මැරුණු සම ඉවත් කර ගැනීමට සිහින්ව අඔරාගත් ලුනුකුදු සමග ඔලිව් තෙල් ස්වල්පයක් මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණය මුහුණේ ආලේප කර ඇඟිලි තුඩු වලින් රවුම් ආකාරයට මෘදුව...

දරුවාගේ යෞවනය සකස් කිරීමේ වගකීම ඔබටයි

මේ කථාව එක් අතකින් සමාජ ව්‍යසනයක්. තවත් පැත්තකින් පවුලේ ඛේදවාචකයක්. අපේ රටේ සිදුවන්නේ සමාජ විපර්යාසයක් කියලා ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. අපි මේ ප්‍රශ්ණය මුලින්ම...

චාරිකා – 12 කොටස

මේ කතාව අතීත කතාවක් ( story ). මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි....

සිත් වසඟයට ගත් වගීෂා

Actress - Wageesha Ishanthi Costume design by - Priyan Bridal House Hair & Makeup - Priyan Bridal House Photography - Dilip Tharanga Retouched - Lasitha Nalisha Editing, reproducing...

කොල්ලන්ට රිදෙන කෙල්ලන්ට ඇඬෙන ඇත්තම කතාව

කෙල්ලෙක් අවුරුදු දහයක් දොළහක් වෙනකොට ලොකු ළමයෙක් වෙනවා. ඊට මාස ගානක් ගතවෙනකොට හෝමෝනවල බලපෑම නිසා උඹේ ඇඟ හැදිලා හමේ පාට වෙනස් වෙලා තැඹිලි ගෙඩිය...

ඇයි මේ රුපලාවන්‍ය ක්ෂේත්‍රයට කළු පැල්ලමක්

පහුගිය දිනවල රුපලාවන්‍ය ශිපියෙකු ලෙස නමක් දිනා සිටි කෙනෙකු විසින් පැවැත්වූ උපන්දින සාදයක් නිසා රුපලාවන්‍ය ක්ෂේත්‍රය ගැන බොහෝ දෙනෙකු අතර කතා බහට ලක් වුනා....

නිම්නාවි

නිම්නාවි.... "සිරීපාදේ වන්දවන්න හිස ඔළියල් බැඳලා... සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා... කිරි ආහාර පූජාවට අළුත් සහල් පුදලා...සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා..." ගෑණු...