ස්ත්‍රී දුෂණය ( Rape ) – දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය

 

* 1995 අංක 22, 1998 අංක 29, දරන පනත් මඟින් දණ්ඩ නීති සංග්‍රහයට කරන ලද සංශෝධන මඟින් ස්ත්‍රී දුෂණය පිළිඹඳ වරද සහ එයට හිමි දඬුවම් දැඩි කොට ඇත.

* එම සංශෝධනය අනුව පහත සඳහන් එක් අවස්ථාවකට අයත් වන පරිදි පුරුෂයෙක් ස්ත්‍රියක සමඟ ලිංගික සංසර්ගයේ යෙදේ නම් ඔහු ස්ත්‍රී දුෂණය නමැති වරද සිදුකළා සේ සැලකේ.

1) ස්ත්‍රිය තමාගේ භාර්‍යාව වන අවස්ථාවක වුවද ඇය ඔහුගෙන් නීති මාර්ගයෙන් වෙන් වී සිටියදී අගේ කැමැත්ත නොමැතිව.

2) බලහත්කාරය පාවිච්චි කිරීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ තර්ජනය කිරීමෙන් ඇයට මරණ භය හෝ තුවාල සිදුකිරීමේ භය ඇතිකිරීමෙන් හෝ  නිත්‍යානුකූල හෝ නීති විරෝධී ලෙස රඳවාගෙන සිටියදී ඇගේ කැමැත්ත ලබාගෙන ඇති අවස්ථාවක.

3) ඇය සිහි විකල්ව සිටියදී හෝ ඒ පුරුෂයා විසින්, නැතහොත් වෙනත් යම් තැනැත්තෙකු විසින් ඇයට දෙන ලද මධ්‍යසාර හෝ මත්ද්‍රව්‍ය මඟින් ඇති කරන ලද මත් වූ අවස්ථාවක ඇය සිටියදී ඇගේ කැමැත්ත ඇතිව.

4) තමා ඇගේ ස්වාමිපුරුෂයා නොවන බව ඒ පුරුෂයා දැන සිටින නමුත් කාන්තාව ඒ පිළිබඳව නොදැන ඇගේ නිත්‍යානුකුල ස්වාමිපුරුෂයා යයි සිතා ඇගේ කැමැත්ත දී ඇති විට.

5) ස්ත්‍රිය වයස අවුරුදු 16 ට අඩු වන විට ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ( ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණ )

* ස්ත්‍රී දුෂණ වරද සිදුකරන තැනැත්තෙකුට අවුරුදු 07 කට නොඅඩු වුද, අවුරුදු 20 නොඉක්මවන්නා වුද බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීම, දඩයක් නියම කිරීම හා අපරාධයට ලක් වූ තැනැත්තියට වන්දියක් ගෙවීම නියම කළ හැක.

 

ස්ත්‍රී දුෂණ වරද බරපතල වන අවස්ථා

1) රජයේ නිලධාරියෙකු හෝ බලය ඇති තත්වයක් දරන්නකු ව සිටිමින් තමාගේ නිල තත්වය ප්‍රයෝජනයට ගෙන තමාගේ නිල රැකවරණයෙහි සිටින ස්ත්‍රියක්
දුෂණය කළහොත් ( නිලධාරීන් විසින් පොලිස් ස්ථානවල, බන්ධනාගාර වල රඳවා සිටින කාන්තාවන් දුෂණය කිරීම )

2) රක්ෂණ නිවාසයේ හෝ අත්අඩංගුවේ තබාගන්නා වෙනත් ස්ථානයක නැතහොත් කාන්තා හා ළමා ආයතනයක කළමනාකාර පක්ෂයේ හෝ කාර්‍යය
මණ්ඩලයේ සේවයේ නියුතු තැනැත්තකු ව සිටිමින් එම ස්ථාන වල නේවාසික යම් ස්ත්‍රියක දුෂණය කළහොත්.

3) රෝහලක කළමනාකාර පක්ෂයේ හෝ කාර්ය මණ්ඩලයේ හෝ සේවයේ නියුතු තැනැත්තෙකු ව සිටිමින් තම නිල තත්වය ප්‍රයෝජනයට ගෙන එම රෝහලේ
යම් ස්ත්‍රියක දුෂණය කළහොත්

4) යම් ස්ත්‍රියක ගර්භනී බව දැන දැනම ඇය දුෂණය කළහොත්

5) වයස අවුරුදු 18ට අඩු කාන්තාවක දුෂණය කළහොත්.

6) මානසිකව හෝ ශාරීරිකව හෝ ආබධිත ස්ත්‍රියක දුෂණය කළහොත්.

7) රංචු ගැසී දුෂණය කළහොත් ( පුරුෂයන් කිහිප දෙනෙකු එක් ස්ත්‍රියක දුෂණය කිරීම හෝ දුෂණය කිරීමට අනුබල දීම )

 

* ඉහත අවස්ථාවලදී ස්ත්‍රී දුෂණ වරද සිදුකරන තැනැත්තෙකුට අවුරුදු 10කට නොඅඩුව වුද, අවුරුදු 20 නොඉක්මවන්නා වුද බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීම, දඩයක් නියම කිරීම හා අපරාධයකට ලක් වූ තැනැත්තියට වන්දියක් ගෙවීම නියම කළ හැක.

* ස්ත්‍රී දුෂණ වරද සම්බන්ධව කරන පැමිණිල්ල එම වරද සිදු වී මාස 03 ක් තුළ කළ යුතුය. හැකි ඉක්මනින් පැමිණිල්ල කළ විට වඩාත් වාසි සහගත වන අතර, පසුව පැමිණිල්ලක විශ්වසනීයත්වය අඩු වේ.

* එමෙන්ම දුෂණයට ලක්වන අවස්ථාවේදී ඇඳ සිටි ඇඳුම් සහිතව කිසිවක් නොසෝදා සමීප කෙනෙකු සමඟ පොලිස් ස්ථානයකට හැකි ඉක්මනින් යාම සුදුසුය.

 

බරපතල ලිංගික අපයෝජන ( Grave Sexual Abuse )

* 1995/22 , 1998/29 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 365 (අ) වගන්තිය අලුතින් ඉහත වරද හඳුන්වා දීමට ඇතුළත් කොට ඇත.

* ස්ත්‍රී දුෂණයක් නොවන වෙනත් අනිසි ලිංගික ක්‍රියා මඟින් මෙම වරද ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එරෙහිව සිදු විය හැක.

* ලිංගික තෘප්තිය ලබාගැනීම සඳහා ලිංගේන්ද්‍රිය හෝ මිනිස් ශරීරයේ වෙනත් යම් කොටසක් හෝ යම් උපකරණයක්, වෙනත් යම් කෙනෙකුගේ ශරීරයේ යම් කොටසක් සඳහා පාවිච්චි කිරීම මඟින් මෙම වරද සිදු වේ.

 

ලිංගික අතවරය ( Sexual Harassment ) – දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය

* අඩම්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාදී බලහත්කාරය පෑමෙන් යම් තැනැත්තෙකුට ලිංගික අතවර කිරීමයි.

* ක්‍රියාවෙන් පමණක් නොවන වචනයෙන් වචනයෙන් සිදුවන ලිංගික හිරිහැර ද මේ යටතට වටේ.

* මහමගදී, රැකියා ස්ථානයේදී, මගී ප්‍රවාහනයේදී, සෙනග තදබද වන ස්ථානවලදී කාන්තාවන්ට ශාරීරිකව හෝ මානසිකව වන අතවර හෝ හිරිහැර මේ යටතට          වැටේ.

* මෙම වරද සඳහා වරදකරු වූ විට අවුරුදු 05 දක්වා සිර දඬුවම් මෙන්ම දඩයක් හා වන්දි මුදලක්ද නියම කළ හැක.

 

මීළඟ ලිපියෙන් : කුට්ටනය ( Trafficking ) – දණ්ඩ නීති සංග්‍රහයේ 360 වගන්තිය

 

නීතිඥ සජීවනී අබේකෝන්, LL.B. (කොළඹ විශ්වවිද්‍යාලය )

 

 

කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි

64 බාල්දු කරගන්න නං එපා

ගෑනියෙක්ට මායං 64ක් තියෙනවලු. වෙන්නත් ඇති. සමහරවිට ඊට වැඩියෙනුත් ඇති. නරකමත් නෑ නේද? ඇත්තට ම මායං තියෙන එකේ වැරැද්දක් නෑ. මායං දාන එකේ වැරැද්දකුත්...

මාරම්බරි ශත සංවත්සර අභිෂේකය

මාරම්බරි ශත සංවත්සර අභිෂේකය 2018 ජනවාරි 28 වැනි ඉරු දින පස්වරු 6.30 ට නෙළුම් පොකුණ රඟහලේ දී විමසීම් - 072 2463565 / 077 7781525 ප්‍රවේශ පත්‍ර -...

Pocket එකට match වෙන්න shopping කරමු

ඇඳුමක් ගන්න සාප්පු ගානේ යන එක හරිම යුද්ධයක්. සේල් සේල් කියල බෝඩ් ගහල තිබ්බට ඒවගේ ගොඩක් වෙලාවට තියෙන්නේ බාල රෙදි වලින් මහපුවා.. එහෙමත් නැත්නම්...

අපූරු රුපලාවන්‍ය රහස් 15ක්. ඔබත් අත් හදා බලන්න

අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. හැබැයි ඒ ලස්සන පවත්වාගෙන යන්න අපි ස්වභාවික දේ භාවිත කරනවා නම් කොතරම් හොඳ ද? අපි අද ඔයාලට කියල දෙන්නේ...

ඇය දෙවියන් මවන ගැහැනියක්

දෙවියො මිනිස්සුන්ව මැව්වාලු. ඇත්තද කියන්න දන්නෙ නෑ. ඒ වුණත් දෙවියන්ව මවන මිනිස්සුන්ව නම් අපි ඇස් පනාපිට දැකලා තියෙනවා. ගලට, මැටියට, සිමෙන්තියට දේව ගතිගුණ මුහු...

Google Pixel 2XL

ජංගම දුරකථන ලොවට හඳුන්වාදුන් හොඳම android ජංගම දුරකතනයක් තමයි මේ. මෙහි ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 8ක්. අඟල් 6ක ඩිස්ප්ලේ එකක් සහ ග්‍රෑම් 175ක් බර...

ඩොල්ෆින් බලන්න කල්පිටියට යමු

  කොළඹ පුත්තලම මාර්ගයේ 170km පමණ දුරනික් සුන්දර කල්පිටිය වෙරල තිරය පිහිටා තිබෙනවා. පටු වෙරළ තීරයකින් සමන්විත කල්පිටිය කිලෝමීටර් 100ක් පමණ දිගින් යුක්තයි. කලපුවාසී ඩොල්ෆින්...

දවස් දෙකෙන් සුදු වෙන්න කැමති ඔයත් මේ ක්‍රමය අත්හදා බලන්න

සම පැහැපත් කරගන්න කාන්තාවන් හැමෝම කැමතියිනේ. ඉතින් මේ සඳහා ඔවුන් භාවිතා කරන්නේ කෘතීම නිෂ්පාදනයි. ඒවා සමට අහිතකරයි. එයින් ලැබෙන පැහැපත් කම තාවකාලිකයි. හැබැයි අපි...

බ්‍රිතානයේ සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යලි දිවයිනට ගෙන්වයි

මෙරට රජයෙන් කල කැඳවීමක් අනුව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ දහවල් දිවයිනට පැමිණියා. ඔහුව මෙලෙස ලංකාවට කැඳවා ඇත්තේ...