Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

ශ්‍රී ලංකා බංග්ලාදේශය තරගය ගැන ICC යෙන් පූර්ණ පරීක්ෂණයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (17) පැවති පන්දුවාර 20 තරගයේ ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. පිටිය මැදදී ක්‍රීඩකයන් අතර සිදුවූ බහින්බස් වීම් වලට අමතරව බංග්ලාදේශ ක්‍රීඩකයන් විසින් ක්‍රීඩාගාරයේ (Dressing Room ) දොරට හානි කිරීම පිළිබදවද විමර්ශනය කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් ප්‍රකාශ කර සිටියේ. පොදු දේපලට හානි කිරීමේ චෝදනා මත කලහකාරීව හැසිරුණු බංග්ලාදේශ ක්‍රීඩකයන් පිරිස  මෙරට පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ නඩු පැවරිය හැකි බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා

තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් ටද මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති අතර ඒ අනුව ඔහු ආහාර සැපයුම් භාරව සිටි සේවකයන් කිහිපදෙනෙකුගෙන්ද මේ පිලිබඳ කරුණු විමසා ඇති අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් සක කටයුතු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ නම්ද තරංග තීරක වරයාට ලබා දී තිබෙනවා. මිට අමතරව සිදුවූ අලාභය නැවත ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එකගතාව පළකර ඇති බවයික්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ.

Popular Articles