දැල්ලන් කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඒවගේම තමයි තරමක් උෂ්ණාධික කෑමක් විදිහටත් දැල්ලන් හදුන්වන්න පුළුවන්. බොහෝ වෙලාවට උත්සව අවස්ථාවන්වලදී කුකුළු මස් කාරී එහෙමත් නැත්නම් මලු ඇඹුල්තියල් හදන්න තමයි ගොඩක් ගෘහනියන් පෙලෙබෙන්නේ. නමුත් වෙනසකටත් එක්ක දැල්ලන් කාරී එකක් හදන්න පුළුවන් නම් සාමාන්‍ය උත්සව මෙනු එකට විශේෂත්වයක් එකතු කරන්න පුළුවන් වේවි. ඉතින් අද අපි කියල දෙන්නේ දැල්ලන් විවිධ රසවත් ක්‍රම 5කට උයන්න පුළුවන් ආකාරයි.

දැල්ලන් කළු පොල් ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

ශුද්ධ කර සෝදාගත් දැල්ලන් කිලෝ 1
සිහින්ව කපාගත් ලොකු ළුනු ගෙඩි 2
ලියාගත් සුදුළුණු බික් 6
කපාගත් අමු මිරිස් කරල් 6
කරපින්චා ඉති 2
තුනපහ මේස හැඳි 2
මිරිස් කුඩු මේස හැඳි 1
කහ තේ හැඳි 1/2
රම්පෙ , සේර
රස අනුව ලුණු
කුරුඳු පොතු කැබැල්ලක්
බැඳ අඹරගත් කැකුළු හාල් , පොල් මේස හැඳි 4ක්
තෙල් මේස හැඳි 2
ගොරක කැබලි 2ක්
ගම්මිරිස් ස්වල්පයක්

දැල්ලන් තරමක කැබලි වලට කපා ගන්න. බඳුනක් ලිප තබා තෙල් දමා රත් වූ පසු සුදුළුණු, රම්පෙ , කරපින්චා, කුරුඳු පොතු , අමු මිරිස්, දමා විඳි කිහිපයක් තෙම්පරාදු කරන්න. එයට දැල්ලන් කැබලි එකතු කර විනාඩි 5ක් පමණ මන්ද ගින්දරේ තෙම්පරාදු කරන්න. දැන් එයට මිරිස් කුඩු, තුනපහ, කහ , ගම්මිරිස්, බැඳ අඹරගත් කැකුළු හාල් , පොල් , ගොරක, ලොකු ළුනු දමා වතුර කෝප්ප 1/2 ක් පමණ දමා මදගින්නේ විනාඩි 45ක් පමණ පිස ගන්න. රස අනුව ලුණු එකතු කරගන්න.

දැල්ලන් පුරවා ඉවීම

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 6ක් පමණ දිග දැල්ලන් 10
බැඳ පියලි කරගත් මුං පියලි 50g
සිහින්ව කපාගත් රතු ළුනු ගෙඩි 6ක්
අමු මිරිස් කරල් 10
උලුහාල් ස්වල්පයක්
මිරිස් කුඩු තේ හැඳි 2
ලුණු
පොල්තෙල්
කරපිංචා ඉති 2
පොල් කිරි කෝප්ප 1
කහ, තුනපහ අවශ්‍ය පමණ
දෙහි ගෙඩියක ඇඹුල්

දැල්ලන් ඔලු ඉවත් කර සිවිය ගලවා හොඳින් සෝදා ගන්න. රතු ළුනු, අමු මිරිස්, කරපිංචා, දෙහි හා ලුණු එකට කවලම් කර තෙල් ටිකක් ලිප තබා හොඳින් තෙම්පරාදු කරන්න. බැඳ පියලි කරගත් මුං පියලි තෙම්පරාදු කරගන්න ලද මිශ්‍රණය සමඟ කවලම් කොට මිශ්‍රණයක් සාදාගන්න. දැන් එම මිශ්‍රණය දැල්ලන් ඇතුලට පුරවා නුලකින් ගැට ගසා වළදකට දමාගන්න. එයට මිරිස් කුඩු,කහ, තුනපහ, එකතු කර පොල් කිරි දමා හොඳින් පිස ගන්න.

දැල්ලන් බැදීම

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 6ක් පමණ දිග දැල්ලන් 10
ගම්මිරිස් හා කහ කුඩු තේ හැඳි 1
විනාකිරි
ලුණු
දෙහි
පොල්තෙල්

දැල්ලන් ඔලු ඉවත් කර සිවිය ගලවා හොඳින් සෝදා කැලි කපා ගන්න. එයට ගම්මිරිස්, කහ කුඩු, විනාකිරි,ලුණු , දෙහි, එකතු කර හොඳින් අනා ටික වෙලාවක් තබන්න. ඉන්පසු තාච්චියක් ලිප තබා තෙල් දමා රත් වූ පසු දැල්ලන් දමා බැඳ ගන්න.

දැල්ලන් මිරිසට තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 6ක් පමණ දිග දැල්ලන් 10
සිහින්ව කපාගත් රතු ළුනු ගෙඩි 6ක්
සුදු ලුණු බික් 3ක්
අමු මිරිස් කරල් 5
උලුහාල් ස්වල්පයක්
මිරිස් කුඩු තේ හැඳි 2
ලුණු
කරපිංචා ඉති 2
කහ, තුනපහ අවශ්‍ය පමණ
දෙහි ගෙඩියක ඇඹුල්

දැල්ලන් කපා හොඳ හැටි ශුද්ධ කොට අඟල් 2ක පමණ කැබලි වලට කපා ගන්න. එය බඳුනකට දමා ඉතුරු ද්‍රව්‍ය සියන්න එයට දමා වතුර කෝප්පයක් දමා ලිප තබන්න. මාලුව ඉදුණ පසු තෙම්පරාදු කර තුනපහ කුඩු ඉසගන්න.

දැල්ලන් කිරට ඉවීම

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 6ක් පමණ දිග දැල්ලන් 10
සිහින්ව කපාගත් රතු ළුනු ගෙඩි 6ක්
සුදු ලුණු බික් 3ක්
අමු මිරිස් කරල් 5
උලුහාල් ස්වල්පයක්
මිරිස් කුඩු තේ හැඳි 2
ලුණු
කරපිංචා ඉති 2
කහ, තුනපහ අවශ්‍ය පමණ
දෙහි ගෙඩියක ඇඹුල්
පොල් කිරි කෝප්ප 1ක්
මුරුංගා කොළ අහුරක්

දැල්ලන් කපා හොඳ හැටි ශුද්ධ කොට අඟල් 2ක පමණ කැබලි වලට කපා ගන්න. එය බඳුනකට දමා ඉතුරු ද්‍රව්‍ය සියන්න එයට දමා වතුර කෝප්ප 1/2ක් දමා ලිප තබන්න. එය හොඳින් තම්බුන පසු පොල් කිරි එකතු කර හොඳින් පිස ගන්න. එයටම මුරුංගා කොළ ටිකත් එකතු කරගන්න.

උත්සව අවස්ථාවකට දැල්ලන් කරියක්

සුරත් සුවය

ඔබට මේ සටහන කියවන්න යැයි මම ඇරයුම් කරමි. මේ මෑත කාලයේදී අන්තර් ජාලයෙහි ඉහළම ස්ථානයක් ලබා ගත් ගීතයකි. මේ ඒ පිළිබඳව කියවීමකි.. නිල් වරළ පුරා...

නිස්සාර

ගීතය - නිස්සාර ගායනය - අභිෂේකා විමලවීර පද රචනය - අභිෂේකා විමලවීර සංගීතය - දිලුම් තේජන https://youtu.be/ii-Wgr6Qt_c

මේ උදා වෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න කේක් වර්ග කිහිපයක් සාදා ගන්නා ආකාරයයි අපි ඔබට කියලා දෙන්නේ.       මාවා කේක් අවශ්‍ය ද්‍රව්‍ය පිටි කෝප්ප...

ලේසියෙන් පහසුවෙන් ස්ට්‍රෝබෙරි වලින් රසවත් කෑම බීම හදමු

ස්ට්‍රෝබෙරි කියන්නේ මිලෙන් තරමක් වැඩි උනත් අපි කව්රුත් කෑමට ප්‍රිය කරන පළතුරක්. ඉතින් අද අපි ඔයාලට කියල දෙන්නේ ස්ට්‍රෝබෙරි වලින් පහසුවෙන් හදන්න පුළුවන් රසවත්...

ලොව අංක එකේ ගායිකාව

අද ලොව අංක එකේ ගායිකාව කවුද කියලා ඇහුවොත් වැඩි දෙනෙක් දෙන උත්තරේ තමයි ටේලර් ස්විෆ්ට් . 28 හැවිරිදි වියේ පසුවන මේ සුපිරි තරුව මේ...

සුන්දර මන්දාරම් නුවර

මන්දාරම් නුවර කියන්නෙ පිදුරුතලාගල කඳු පාමුල පිහිටි ලස්සන ගම්මානයක්. කඳු පන්තියකින් වටවෙලා තියෙන මේ ගම්මානය දවස පුරාම මන්දාරම් ස්වභාවයක් ගන්න නිසයි "මන්දාරම් නුවර" කියල ප්‍රසිද්ධ වෙලා...

ප්‍රදීපා ආරියවංශගේ අභිනය නර්තන ප්‍රසංගය

ප්‍රදීපා ආරියවංශ නර්තන ආචාර්යවරිය විසින් 07 වරටත් ඉදිරිපත් කරන                              "අභිනය නර්තන"...

යශෝධා විමලධර්මට හැඬවුණු මංගල සීනුව

Modal :Yashodha Wimaladharma Photography : Champika Rathnayaka Bridal Dresser : Chami Perera Chami Perera Bridal Salon Branch : Colombo & Bandarawela Contact :...

ඩොල්ෆින් බලන්න කල්පිටියට යමු

  කොළඹ පුත්තලම මාර්ගයේ 170km පමණ දුරනික් සුන්දර කල්පිටිය වෙරල තිරය පිහිටා තිබෙනවා. පටු වෙරළ තීරයකින් සමන්විත කල්පිටිය කිලෝමීටර් 100ක් පමණ දිගින් යුක්තයි. කලපුවාසී ඩොල්ෆින්...