වර්තමාන ලෝකය තුළ ගැහැණු ළමයින්ගේ භූමිකාව සාම්ප්‍රදායික සිමා මායිම් වලින් ඔබ්බට විහිදී පවතින බව රහසක් නොවේ. එමෙන්ම ඔවුන්ගේ භූමිකාව එකම චරිතයකට සිමා වන්නේ නැත. මෙවැනි පසුබිමක් තුල ගැහැණු ළමයින්ට තම සංකීර්ණ ජිවන රටාවන්හිදී මුහුණදීමට සිදුවන එක් ප්‍රධානතම ගැටලුවක් වන්නේ තම කෙස්කළඹ නිසි ආකාරයට හැඩගන්වා ගැනීම සම්බන්ධ ගැටලුවයි. මෙම ගැටලුවට පිලියමක් ලෙස, වසරේ ජනප්‍රියම හිසකෙස් විලාසිතාවන් 16 ක් සමඟින් රුපලාවන්‍ය විශේෂඥ රමණි ප්‍රනාන්දු මහත්මිය සමඟ එක්වී කෙස්කළඹ සමග අත්හදා බැලීම් කිරීමට දිරිගන්වන Sunsilk Hairstory 2018 වැඩසටහන සංවිධානය කිරීමට සන්සිල්ක් කටයුතු කළේය.

” ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයින් තමන්ගේ හිසකෙස් සම්බන්ධයෙන් අත්හදා බැලීම් කරන්නට පසුබට වෙනවා. බොහෝ දෙනෙක් අවස්ථාව කුමක් වුවත් හුදෙක් පොනිටෙල් ක්‍රමයට හිසකෙස් සැකසීමට හෝ නිදහසේ මුදාහැරීමට පෙළඹෙනවා. සන්සිල්ක් මේ උත්සහ කරන්නේ ඒ වෙනුවට ඉතාමත් හොඳ විකල්ප ඇති බව ඔවුන්ට පෙන්වා දෙන්නටයි. Sunsilk Hairstory 2018 තුළින් ඔවුන්ට තම කෙස්කළඹ වටිනා ආභරණයක් කරගන්නා ආකාරය ඉගෙනගැනීමට හැකිවේවි. ” සන්සිල්ක් ශ්‍රී ලංකා හි සන්නාම කළමනාකාරිනී මුනාසා රෆික් මහත්මිය පැවසුවා ය.

වර්තමානයේ එකිනෙකට වෙනස් භූමිකාවන්ට පණපොවන අතරවාරයේ තම කෙස්කළඹ සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදු කිරීමට ගැහැණු ළමයින්ට දිරිය දීම
Sunsilk Hairstory 2018 හි ඉලක්කය වේ. සාර්ථක වෘත්තීය ජිවිත ගත කරන කාන්තාවන්, ක්‍රීඩිකාවන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් සහ සමාජයේ නොයෙක් අයුරින් කැපී පෙනෙන වෙනත් ගැහැණු ළමයින් ඇතුළු සියලු දෙනාටම මේ සඳහා මග පෙන්වීමට Sunsilk Hairstory 2018 සහ රමණි ප්‍රනාන්දු මහත්මිය සුදානමින් සිටි.

” ගැහැණු ළමයින් තමන්ට අවේනික විලාසිතාවන් ගොඩනංවා ගන්නා විවිධ ක්‍රම තිබෙනවා. ඇඳුම් පැළඳුම්, පාවහන්, රුපලාවන්‍ය කටයුතු ඇතුළු මේ සියලුම දේවල් ඒ සඳහා ඔවුනට උපකාරී වෙනවා. Sunsilk Hairstory 2018 සමග අප උත්සහ කරන්නේ ඔවුනට තම අනන්‍යතාවය හඳුනා ගැනීමේදී සහ ප්‍රදර්ශනය කිරීමේදී ප්‍රධාන අංගයක් ලෙස තම කෙස් කළඹ භාවිතා කල හැකි ක්‍රම කියා දීමටයි. ” රමණි ප්‍රනාන්දු මහත්මිය පැවසුවා ය.

ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයින්ට තම කෙස් කළඹ සම්බන්ධයෙන් නව දැක්මක් සමඟින් සැබෑම වෙනසකට මුලපිරීම සඳහා අත්වැල සැපයීමට සන්සිල්ක් කවදත් පෙරමුණ ගෙන කටයුතු කර තිබේ. මෙම උත්සාහයේ තවත් පියවරක් වන Sunsilk Hairstory 2018 සමඟින් ගැහැණු ළමයින්ගේ විවිධාකාරි භූමිකාවන්ට ගැළපෙන පරිදි කෙස්කළඹ සකස් කර ගැනීමට අගනා මග පෙන්වීමට සන්සිල්ක් සමත් වනු ඇත.

 

 

 

 

කෙස්කළඹ සමග අත්හදා බැලීම් කිරීමට දිරිගන්වන Sunsilk Hairstory 2018

ජනාධිපති නිල නිවසේ දී විපක්ෂ නායක සහ ජනාධිපති අතර හමුවක්

විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් සඳහා විපක්ෂ නායකවරයා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසවෙත ගොස් තිබෙනවා....

කුල ගෙදරට යන යුවතිපතින්ට

හෙළ කුමරෙකු කුමරියෙකු විවාපත් වන අවස්ථාවක විවාහ මංගල්‍ය උත්සවයකදී පෝරුවට හිමිවන්නේ සුවිසේෂි ස්ථානයක්. මංගල පෝරුවක්‌ මත නැගීමට ජීවිතයේම ලැඛෙන්නේ එකම අවස්‌ථාවයි. දෙවැනි විවාහයකදී ඔබට...

මේ උදා වෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න කේක් වර්ග කිහිපයක් සාදා ගන්නා ආකාරයයි අපි ඔබට කියලා දෙන්නේ.       මාවා කේක් අවශ්‍ය ද්‍රව්‍ය පිටි කෝප්ප...

හිස කෙස් රැකගන්න මේ විදිහට කරලා බලන්න

අද බොහෝ යුවතියන් අතර තියෙන ගැටළුවක් තමයි වියලි හිසකෙස් එහෙමත් නැත්නම් ඉක්මනින් කැඩී යන හිස කෙස්. ඒ වගේ තත්වයක් ඇති වෙන්නේ අපි කරන සමහර...

නිවාඩුවට හුන්නස්ගිරිය නගිමු

මහනුවර සිට කටුගස්තොට හරහා වත්තේගම උප නගරයට පැමිණ ඇල්කඩුව මාර්ගය දිගේ යන විට හුන්නස්ගිරිය වත්ත හමුවෙනවා. මේ හුන්නස්ගිරි වත්ත මුදුන තමයි හුන්න්සගිරි කඳු මුදුන...

ඇඳුමට වෙන් වූ රහස් මෙන්න

ඇඳුම් පැළඳුම් තෝරා ගන්න, විවිධ විලාසිතාවන් හැඩවෙන්න යුවතියන්ගේ කැමැත්ත ඉතා ඉහලයි. ඇය තෝරාගන්නා විවිධ විලාසිතා අනුව ඇයගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වෙනවා. ඒ නිසා...

වඩාත් හොඳ මවක් සහ පියකු වන්න සෑම විටම

ඔබ ඔබේ දරුවන් ඇතිදැඩි කරන ආකාරයෙන් පැහැදිලි වන්නේ ඔබ ඔබේ අනාගත පරපුර ගොඩනගන ආකාරයයි. දෙමවුපියන් ලෙස කටයුතු කිරීමේ කලාව පිලිබඳ විදිමත් පුහුණුවක් අප බොහෝ...

වතුරින් මතුවූ කිඳුරු දෙවඟන

Model - Trilby Solomonsz Photography - Moorthi U Senewirathna Makeup - Sandya Bandara (Salon Dandy)  Costume - Kanishka Sangabo Dias  ...

සුන්දර කෙස් කළඹක රහස

කාර්ය බහුල කාන්තාවන්ට ඉක්මනින් අමතක වෙන දෙයක් තමයි කෙස් කළඹ කියන්නේ. සැලෝන් එකකට ගියත් මුහුණට ක්ලීන් අප් හෝ ෆෙෂල් එකක් කරගෙන එනවා ඇරෙන්න හිස...