වර්තමාන ලෝකය තුළ ගැහැණු ළමයින්ගේ භූමිකාව සාම්ප්‍රදායික සිමා මායිම් වලින් ඔබ්බට විහිදී පවතින බව රහසක් නොවේ. එමෙන්ම ඔවුන්ගේ භූමිකාව එකම චරිතයකට සිමා වන්නේ නැත. මෙවැනි පසුබිමක් තුල ගැහැණු ළමයින්ට තම සංකීර්ණ ජිවන රටාවන්හිදී මුහුණදීමට සිදුවන එක් ප්‍රධානතම ගැටලුවක් වන්නේ තම කෙස්කළඹ නිසි ආකාරයට හැඩගන්වා ගැනීම සම්බන්ධ ගැටලුවයි. මෙම ගැටලුවට පිලියමක් ලෙස, වසරේ ජනප්‍රියම හිසකෙස් විලාසිතාවන් 16 ක් සමඟින් රුපලාවන්‍ය විශේෂඥ රමණි ප්‍රනාන්දු මහත්මිය සමඟ එක්වී කෙස්කළඹ සමග අත්හදා බැලීම් කිරීමට දිරිගන්වන Sunsilk Hairstory 2018 වැඩසටහන සංවිධානය කිරීමට සන්සිල්ක් කටයුතු කළේය.

” ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයින් තමන්ගේ හිසකෙස් සම්බන්ධයෙන් අත්හදා බැලීම් කරන්නට පසුබට වෙනවා. බොහෝ දෙනෙක් අවස්ථාව කුමක් වුවත් හුදෙක් පොනිටෙල් ක්‍රමයට හිසකෙස් සැකසීමට හෝ නිදහසේ මුදාහැරීමට පෙළඹෙනවා. සන්සිල්ක් මේ උත්සහ කරන්නේ ඒ වෙනුවට ඉතාමත් හොඳ විකල්ප ඇති බව ඔවුන්ට පෙන්වා දෙන්නටයි. Sunsilk Hairstory 2018 තුළින් ඔවුන්ට තම කෙස්කළඹ වටිනා ආභරණයක් කරගන්නා ආකාරය ඉගෙනගැනීමට හැකිවේවි. ” සන්සිල්ක් ශ්‍රී ලංකා හි සන්නාම කළමනාකාරිනී මුනාසා රෆික් මහත්මිය පැවසුවා ය.

වර්තමානයේ එකිනෙකට වෙනස් භූමිකාවන්ට පණපොවන අතරවාරයේ තම කෙස්කළඹ සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදු කිරීමට ගැහැණු ළමයින්ට දිරිය දීම
Sunsilk Hairstory 2018 හි ඉලක්කය වේ. සාර්ථක වෘත්තීය ජිවිත ගත කරන කාන්තාවන්, ක්‍රීඩිකාවන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් සහ සමාජයේ නොයෙක් අයුරින් කැපී පෙනෙන වෙනත් ගැහැණු ළමයින් ඇතුළු සියලු දෙනාටම මේ සඳහා මග පෙන්වීමට Sunsilk Hairstory 2018 සහ රමණි ප්‍රනාන්දු මහත්මිය සුදානමින් සිටි.

” ගැහැණු ළමයින් තමන්ට අවේනික විලාසිතාවන් ගොඩනංවා ගන්නා විවිධ ක්‍රම තිබෙනවා. ඇඳුම් පැළඳුම්, පාවහන්, රුපලාවන්‍ය කටයුතු ඇතුළු මේ සියලුම දේවල් ඒ සඳහා ඔවුනට උපකාරී වෙනවා. Sunsilk Hairstory 2018 සමග අප උත්සහ කරන්නේ ඔවුනට තම අනන්‍යතාවය හඳුනා ගැනීමේදී සහ ප්‍රදර්ශනය කිරීමේදී ප්‍රධාන අංගයක් ලෙස තම කෙස් කළඹ භාවිතා කල හැකි ක්‍රම කියා දීමටයි. ” රමණි ප්‍රනාන්දු මහත්මිය පැවසුවා ය.

ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයින්ට තම කෙස් කළඹ සම්බන්ධයෙන් නව දැක්මක් සමඟින් සැබෑම වෙනසකට මුලපිරීම සඳහා අත්වැල සැපයීමට සන්සිල්ක් කවදත් පෙරමුණ ගෙන කටයුතු කර තිබේ. මෙම උත්සාහයේ තවත් පියවරක් වන Sunsilk Hairstory 2018 සමඟින් ගැහැණු ළමයින්ගේ විවිධාකාරි භූමිකාවන්ට ගැළපෙන පරිදි කෙස්කළඹ සකස් කර ගැනීමට අගනා මග පෙන්වීමට සන්සිල්ක් සමත් වනු ඇත.

 

 

 

 

කෙස්කළඹ සමග අත්හදා බැලීම් කිරීමට දිරිගන්වන Sunsilk Hairstory 2018

කටට රසට අච්චාරු

ඇඹරැල්ල අච්චාරු අවශ්‍ය ද්‍රව්‍ය : පැසුණු ඇඹරැල්ල ගෙඩි 07 අඹරාගත් අබ මේස හැදි 01 විනාකිරි මේස හැඳි 01 අඹරාගත් ගම්බිරිස්, මිරිස් මේස හැඳි 01 සිනි තේ හැඳි 01 ලුණු කුඩු තේ...

මානසික සැහැල්ලුව ගොඩනැගීම ද විනෝදවීම තුළ අඩංගු බව සිහියේ තබා ගන්න

මහන්සියෙන් වැඩ කටයුතු කළ දවසකට පසුව කවිච්චියක දිග ඇදී පැය 3 - 4 ක් රුපවාහිනිය නැරඹීම සඳහා වාඩි වන විට තිබු තෙහෙට්ටුවටද වඩා වැඩි...

දරුවාගේ යෞවනය සකස් කිරීමේ වගකීම ඔබටයි

මේ කථාව එක් අතකින් සමාජ ව්‍යසනයක්. තවත් පැත්තකින් පවුලේ ඛේදවාචකයක්. අපේ රටේ සිදුවන්නේ සමාජ විපර්යාසයක් කියලා ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. අපි මේ ප්‍රශ්ණය මුලින්ම...

අනවශ්‍ය ගැබ්ගැනීමක් වලක්වා ගන්නා ආකාරය

නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති කමින් අද සමාජයේ බොහෝ දෙනා විවිධ කරදර සහ විවිධ ලිංගික රෝග, අනවශ්‍ය ගැබ් ගැනීම් වලට මුහුණ දෙනවා. එයින් ඔවුන්ගේ ජිවිතයේ...

ඔබත් මමත් ඇයත් හි සුරූපී මායා

අද බොහෝ පිරිසක් නරඹන ටෙලි නාට්‍යය බවට පත් වී ඇත්තේ ඔබත් මමත් ඇයත් ( obath mamath ayath ) ඉන්දියානු ටෙලි නාට්‍යයි. මායා මල්හෝත්‍රා කියන්නේ...

ඉවසුවා ඇති වෙනස් කරමු

* හිංසනයක් සිදු වූ විට හුදකලාව විඳ දරා නොගෙන නිවැරදිව ප්‍රතිචාර දැක්වීමට දන්නවා * කාන්තාවක් සේ ඉපදීම හිංසනයට ලක්වීමට කිසිසේත්ම හේතුවක් දැනගෙන කටයුතු කරනවා * හිංසනය...

ප්‍රවීණයන් ආධුනිකයන්ට අත දෙන්නේ නැද්ද? ඩයනා කතා කරයි

රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක්. කලා හැකියාව උපතින්ම රැගෙන පැමි‚යද වෘත්තිමය ගුරුවරියක් ලෙසින්ද...