1. මුදල් හෝ වෙනත් දෙයක් සඳහා පහත සඳහන් ඕනෑම ක්‍රියාවක් හෝ ක්‍රියා සිදු කරන අයෙක් කුට්ටනය කිරීමේ වරදට වරදකරු වන අතර අවුරුදු 10 දක්වා සිර දඬුවම් ඊට නියම කළ හැක.

* තැනැත්තෙකු මිලදී ගැනීමට හෝ විකිනීමට යම් පුද්ගලයෙකු පෙළඹවීම හෝ ඒ සඳහා පහසුකම් සැලසීම
* බලහත්කාරයෙන් හෝ අනිවාර්යෙන් වැඩ ගැනීම
* සේවය ලබා ගැනීමට, වහල් භාවයේ යෙදවීමට, වෛශ්‍යා වෘත්තියේ යෙදවීමට හෝ වෙනත් ආකාරයක අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම සඳහා මුදල් හෝ වෙනත්     ප්‍රතිෂ්ඨාවක් සැපයීමෙන් තැනැත්තෙකු මිල දී ගැනීම, විකිණීම, එවැනි කාරණයක් සඳහා පෙළඹවීම හෝ ඉඩ සැලසීම.

 

2) කවර හෝ වයසක සිටින ස්ත්‍රියක ඇගේ කැමැත්ත ඇතුව හෝ නැතුව ශ්‍රී ලංකාව තුල හෝ ශ්‍රී ලංකාව පිටතදී ගණිකාවක බවට පත් කිරීමට තැත් කරන අයෙක් –
3) කවර හෝ වයසක සිටින තැනැත්තියක අන්‍ය දේශයක ගණිකා නේවාසිකයෙකු හෝ ගණිකා නිවාසයක ගැවසෙන්නෙකු බවට පත් කිරීමේ චේතනාවෙන් ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ශ්‍රී ලංකාව හැරයාමට කුට්ටනය කරන හෝ කිරීමට තැත් කරන අයෙක් –
4) ශ්‍රී ලංකාව තුලදී හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී කවර ආකාරයකින් හෝ ඉහත ක්‍රියා සඳහා පොළඹවා ගැනීමට ඇවටිලි කරන ඕනෑම තනත්තෙක්ද –

ඉහත වැරදි සඳහා වැරදිකරු වෙයි

 

4) 1841  ගණිකා නිවාස ආඥා පනත යටතේ ගණිකා වෘත්තියේ යෙදෙන්නන් නොව ගණිකා නිවාස පවත්වාගෙන යාම වරදක් කොට තිබේ.

5) අයාල ආඥා පනත ( Vagrance Ordinance ) යටතේ ප්‍රසිද්ධ විදියක හෝ මහාමාර්ගයක හෝ මහජනයා ගැවසෙන ස්ථානයක හෝ අයාලේ ඇවිදින්නා වූ හා අශිලාචාර ලෙස හෝ අශෝභන ලෙස හැසිරෙන්නා වූ සෑම ගණිකාවක් ම මෙම පනත යටතේ නිකරුණේ හා අසංවර ලෙස හැසිරෙන තැනැත්තියක ලෙස සලකයි.

6) 1979 අපරාධ නඩු විධාන සංග්‍රහයේ 30 වන වගන්තිය අනුව – ස්ත්‍රියක සෝදිසි කිරීමට අනවශ්‍ය වන කවර අවස්ථාවකදී වුවද එම සෝදිසිය ඉතනත් විනීතව, ඉතාමත් සැලකිලිමත්ව, වෙනත් ස්ත්‍රියක විසින්ම සිදු කල යුතුබව සඳහන් වේ.

 

මීළඟ ලිපියෙන් : ද්වි විවාහය හෝ බහු විවාහය ( Bigamy or Polygamy ) – දණ්ඩ නීති සංග්‍රහයේ 362 වගන්තිය

 

නීතිඥ සජීවනී අබේකෝන්, LL.B. (කොළඹ විශ්වවිද්‍යාලය )

 

 

කුට්ටනය ( Trafficking ) – දණ්ඩ නීති සංග්‍රහයේ 360 වගන්තිය

මද්‍යසාර භාවිතය නිසා ඔබත් ඔබේ පවුලත් අපහසුතාවයට පත් වෙලාද

  ඔබ තාමත් මැල් මැදුරට අවේ නැති ද? ඔහුගේ/අයගේ මත්ද්‍රව්‍ය භාවිතිය ඔබට මහත් අපහසුතාවයක්,වදයක් ගෙන දෙන්නෙක් ද?අපි ඔබට සුමිත්‍රයෙක් වෙන්නම්.අපිට ඔබගේ අපහසුව තුනී කර ගැනීමට උදව්...

පද්මාවත්

බොලිවුඩ් තිරයේ දිග හැරෙන නවතම චිත්‍රපටය පද්මාවත් දීපිකා පදුකෝන් ප්‍රධාන චරිතය ලෙස රාණි පද්මාවතී නිරූපණය ශාහිද් කපූර් මහරාවල් රතන් සිං, රන්වීර් සිං මෙහි රංගනයෙන්...

සුරූපී නිළි ශ්‍රී දේවිගේ අවසන් රංගනය

මංගල උත්සවයට සහභාගී වූ ශ්‍රී දේවිගේ අවසන් රංගනය... https://youtu.be/-b91RavZOT8

විවාහපත් කාන්තාවනි ඔබ ඇයි මෙතරම් තරබාරු වෙන්නේ

අද සමාජයේ දක්නට ලැබෙන තරබාරු (fat) අය අතුරින් බොහෝ දෙනෙක් කාන්තාවෝ ( married women) වෙති. එයට හේතු වන කරුණු අපට සමාජය තුලින්ම සොයාගැනීම අපහසු නොවේ....

ලස්සන වෙන්න ආයුර්වේද රහස් කිහිපයක්

ඔබ කුමන වයසක වූවත් අපේ කාන්තාවන්, (women) ගැහැණු (girls) ළමයින් නිසි ආයුර්වේද ප්‍රතිකාර කිරීමෙන් ඔබෙන් ගිලිහී ගිය තාරුණ්‍ය යළි ප්‍රතිනිර්මාණය කළ හැකි වීම ඔබේ සතුට...

අද වන විට අපෙන් ගිලිහි යන සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩා

බක් මාසය කියන්නේ ඉතා වාසනාවන්ත නැතහොත් භාග්‍යවන්ත මාසයක් කියලයි හැමෝගෙම පොදු පිළිගැනිම වෙන්නේ. සූර්යා මීන රාශීයේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ මිනිසා පමණක්...

ස්වයං රැකියාවකට අලුත් අදහසක්

ස්වයං රැකියාවකට සිහින මවන කාන්තාවකට පහසුවෙන් නිරත විය හැකි රැකියාවකි මේ. පිසීම සඳහා හෝ කෑමට ගැනීම සඳහා එලවාලු , පලතුරු,කපා සකස් කර වෙළඳපොළට සැපයීම...

ආදරයක වටිනාකම නොදත් ආදරය

සත්‍ය සිදුවිමක් පදනම් කොට මගේ ඇගිලි තුඩු මතින් පාඨක ඔබේ රසවින්දනය උදෙසා වචන වලට පෙරලන තවත් එක් වැයමකි "නම් ගම් මනඃකල්පිතයි" වෙන්නපුව නගරයේ....කටුනේරිය ගමේ ජිවත් උන...