වසර පන්දහසකටත් පෙර ඈත අතීතයේ මිනිසුන් පාද කියවීමේ ශාස්ත්‍රය දැඩි ලෙස විශ්වාස කරන ලදී. විශේෂයෙන්ම චීන සහ ඉන්දියානු ජාතිකයන් මෙය දැඩි ලෙස විශ්වාස කරන අතර යම් පුද්ගයෙකුගේ පාදය බලා එම පුද්ගලයාගේ මුළු ජිවිතයම කැඩපතකින් දකින ආකාරයට පැවසිය හැකිය යන්නයි ඔවුන්ගේ විශ්වාසය. එමෙන්ම පාද බාහිරව දැක ගත හැකි නොයෙක් ලක්ෂණ අධ්‍යනය කරමින් සිරුර අභ්‍යන්තරයේ පවතින යම් යම් රෝගී තත්වයන් පිළිබඳවද පැවසිය හැකිබව ඔවුන්ගේ මතයයි.

මේ ශාස්ත්‍රයෙන් කියවෙන ඔබේ ගති ලක්ෂණ ඔබට කෙතරම් ගැලපේද බලමු….

පාදයේ i වෙනි ඇඟිල්ල දිගින් වැඩි (මහපටැඟිල්ල)
පාදයේ පළමු ඇඟිල්ල දිගින් වැඩිනම් ඒ අය නිර්මාණශීලි පුද්ගලයන් වේ. ඕනිම ප්‍රශ්නයකට විසඳුම් පහසුවෙන් සොයාගැනීමට දක්ෂයන්ය. එක දෙයක් දෙස විවිද පැතිකඩ වලින් බැලීමට දක්ෂ නමුදු අවධානයෙන් එක අරමුණක පිහිටුවා කටයුතු කිරීමට දක්ෂ නොවේ. නිතර අවධානය බිඳෙන සුළුයි.

කුඩා මහපටැඟිල්ල
පාදයේ මහපටැඟිල්ල ප්‍රමාණයෙන් කුඩා පුද්ගලයන් එකවර කාර්යයන් කිහිපයක් කිරීමට දක්ෂයෝ වෙති. අන් අයට තම අදහස් සන්නිවේදනයේ දක්ෂයන් වන මොවුන් කාර්යක්ෂම පුද්ගලයෝ වෙයි.

පාදයේ ii ඇඟිල්ල දිගින් වැඩිනම්
පාදයේ දෙවැනි ඇඟිල්ල දිගින් වැඩි ය අන් අයව බොහෝ විට පාලනය කිරීමේ දක්ෂතාවය ඇති පුද්ගයන් වෙති. එමෙන්ම දක්ෂ නායකත්වය ද උසුලයි. ධනවාදී ආකල්ප ඇති පුද්ගලයන්ය.

ii ඇඟිල්ල කුඩාවට පිහිටීම
දෙවෙනි ඇඟිල්ල කුඩාවට පිහිටීම නොන්ජල් ගති ලක්ෂණයක් නොවේ. ඔවුන් තමුන්ගේ පාඩුවේ පැත්තකට වී සිටින්නට වැඩි කැමැත්තක් දක්වයි.

iii ඇඟිල්ල දිගින් වැඩි
පාදයේ තුන්වන ඇඟිල්ල දිගින් වැඩි අය ක්‍රියාශීලි පුද්ගලයන් වේ. අලුත් අලුත් අදහස් වලින් යුක්ත වේ. රාජකාරි කටයුතු වල පවා අන් අය අභිබවා කටයුතු කරයි. තමන් කරන රාජකාරිය අකුරටම ඉටු කරයි. සියලු වැඩ බදාගෙන කිරීමට යාම නිසා තම පවුලේ ය සමග සතුටින් විනෝදයෙන් කල්ගත කිරීමට ඇති කාලය මග හැරේ.

iii ඇඟිල්ල කුඩා අය
මෙම අය ජීවිතය සිත්සේ විඳීමෙන් සැහැල්ලුවෙන් ජිවත් වෙයි.

iv වන ඇඟිල්ල සෘජුව පිහිටා ඇත්නම්
පාදයේ හතරවන ඇඟිල්ල සෘජුව පිහිටා ඇති අය සියලුදේට වඩා තම පවුල වැදගත් සහ ප්‍රමුඛ කොට සලකයි.

iv වන ඇඟිල්ල නැමුණු හෝ වක් ගැසුණු ස්වභාවයක් පැවතීම
මෙවැනි පුද්ගලයන් සෑම කෙනා සමඟම යහපත් සබඳතාවයක් ඇති කරගැනීමට සමත් වේ. අන් අයගේ ප්‍රශ්න තමන්ගේ කරගනිමින් පිටස්තර අයගේ හිත හදන්නට උත්සහ ගැනීමේදී තමන්ගේ පවුල් අවුල් වී තිබිය හැක. මෙම පුද්ගලයන් ඉතා හොඳ ඇහුම්කන් දෙන්නන් වුවද ඔවුන් ඉතා ප්‍රමුඛ ස්ථානයක් තම පවුලට දීමට අමතක නොකළ යුතුය.

iv ඇඟිල්ල කුඩා නම්
පාදයේ හතරවන ඇඟිල්ල කුඩාවට පිහිටි පුද්ගලයන් හට පවුල එතරම් වැදගත් නොවේ.

v වන ඇඟිල්ල ඉතා කුඩාවට පිහිටීම
මෙබඳු පුදගලයන්ගේ ගති ස්වභාවය පුංචි දරුවන්ගේ වැනිය. කරන්නට පටන් ගත කාර්යය ඉක්මනින් නතර කරයි. විනෝදජනක දෙයහි නියැලෙන්නට වඩා කැමතිය. පාදයේ කුඩා ඇඟිල්ල එහා මෙහා කිරීමේ හැකියාව ඇති පුද්ගලයන් ත්‍රාසජනක ක්‍රියා කිරීමට කැමති ඉතා සිත් ගන්න සුළු පුද්ගලයන් වේ.

i සිට v දක්වා උසේ පිළිවෙලට ඇඟිලි පිහිටීම
මහපට ඇඟිල්ලේ සිට කුඩා ඇඟිල්ල දක්වා දක්වා උසේ සිට පිළිවෙලකට ඇඟිලි පිහිටා ඇති අය ක්‍රමානුකුල වැඩ කරන පටන් ගත් කාර්යය හොඳින් නිමා කරන පුද්ගලයන් වේ.

 

 

අන්තර්ජාලය ඇසුරෙන්

 

 

 

 

 

 

 

 

 

 

පාදයේ ඇඟිලි වලින් හෙළිවන ඔබේ රහස්

ලිංගික රෝග පිළිබඳව ඔබ දැනුවත් ද

පසුගිය ලිපි පෙළින් අපි ඔබව දැනුවත් කළා අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වන්නේ කෙසේද කියලා. සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට ලිංගික රෝග වැළඳීමේ අවධානම තිබෙනවා. ඉතින් thewoman.lk අපි...

කෝමාරිකා සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්

පවුලේ අනාගතය හැඩගැස්වීමට සුවිසල් දායකත්වයක් ලබා දෙන ඔබේ දෑත්වලට උපහාර පුද කරන කෝමාරිකා ( Aloe vera ) සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්..   ඔබේ දෑත ඔබේ...

වයිෆ් දැන් කැමති නෑ, මොකක්ද විසඳුම

විවාහය (marraige) කියන්නේ සෙල්ලමක් නෙවෙයි. අපි ඒ ගැන කථා කරමු මම පුංචි කතාවක් කියන්නද...? මේක මගේ යාළුවෙකුට වුණ සිදුවීමක්. මගේ යෙහෙළිය විවාහක (marriage) කෙනෙක් නෙමෙයි.  ඉතින් ඒ...

The Wedding Show 2018

2018 පෙබරවාරි 16 17 18 BMICH හිදී වැඩි විස්තර සඳහා විමසන්න - 0114345985 / 0112682 682

ඔබත් සරුංගලය බැඳී නූල වන්න – පවුලේ ගෘහ මුලිකයා කවුද

පවුල (family) තුල ඇතිවන යුද්ධයක් වන පවුලේ තීරණ ගැනීම් හා ඒ තීරණ ක්‍රියාත්මක කරන්නේ කවුද? කෙසේද? යන්න සමඟ ඇතිවන ප්‍රශ්න ගැන අද අපි පොඩ්ඩක්...

ගමේ පදමට අඹ ව්‍යංජනයක් හදමු

අඹ ව්‍යංජනය කියන කොටම කටට කෙල උනනවා නේද? එහෙම එකේ වැඩි කතා මොකට ද ? අපි රසම රසට ගමේ පදමට අඹ ව්‍යංජනයක් හදමුකෝ. මේ සඳහා...

මානසික සැහැල්ලුව ගොඩනැගීම ද විනෝදවීම තුළ අඩංගු බව සිහියේ තබා ගන්න

මහන්සියෙන් වැඩ කටයුතු කළ දවසකට පසුව කවිච්චියක දිග ඇදී පැය 3 - 4 ක් රුපවාහිනිය නැරඹීම සඳහා වාඩි වන විට තිබු තෙහෙට්ටුවටද වඩා වැඩි...

ජාතින් අතර අසමගිකම් ඇතිවන අයුරින් ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කල පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජාතින් අතර අසමගිකම් ඇතිවන අයුරින් සමාජ ජාලා වල ප්‍රකාශයන් ප්‍රචාරය කල වයස අවුරුදු 17 - 18 පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...

ආදරයට ආදරය කරන්න

ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. ආදරය ලෝකයේ තියෙන වටිනාම හැඟීමයි. හැබැයි ඒ ආදරය විඳින දනවන විදිහ එකිනෙකාට වෙනස්. එවැනි විවිධත්වයක් ආදරයට නොතිබුනා නම් මේ...