Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

විවාහකයි නම් මොහොතක් නැවතිලා කියවලා යන්න

ගෑණු ලමයෙක් කවදා හරි මව් පදවිය ලබනවා.මව් පදවිය ලැබුවට පස්සේ අර කෙළිදෙලෙන් ගත කරපු කාලය එතනින් ඉවරයක් වෙන්වා. දැන් මවක් විදියට ඉන්න ඔනේ, ළමයි ගැන හොයන්න බලන්න කන්න බොන්න දෙන්න, ඒ අස්සේ කරන ජොබ් එකෙ වැඩ, නැන්දම්මගේ මාමණ්ඩිගෙන් වැඩ, දුර ඉන්න අම්ම තාත්තා බලන්න යන්න ඕනේ, සැමියා ගැන බලන්න ඕනේ වැඩ කෝටියයි.ඇත්තටම කිව්වොත් මානසික අතින් ගැහැනිය මවක් උනාම කාර්‍යබහුලයි. ඉවසීමත් හොදට තියෙන්න ඔනේ..ඒ හැමදේම වෙන්නේ කෙලිදෙලෙන් රවුම් ගහ ගහ පෙම්සුව විදිමින් හුරතල් වෙමින් ගතකරපු කාලය කනපිට පෙරලනවා වගේ..මේ වැඩ අස්සේ නිකමටවත් කන්නාඩිය දිහා බැලුවොත් ඒත් තරහ යන්වා ගොඩ කාලෙකින් කිලීනප් එකක් කරගන්න බැරි උනා වෙලාවක් නෑනේ ඒකයි.එක කෙස් ගහක් ඉදිලත් එක්ක වැඩ ඇරිලා ඇවිල්ලා රෑට නාලා..පේනව නේද කෙලිකාලේ වගෙ නෙවෙයි බිරිදක් මවක් උනාම හත්පසින්ම ජීවිතෙ වෙනස් වෙන්වා…..
මේ කාර්‍යබහුල ජීවිතෙ අස්සේ තව දෙයක් වෙනවා ඒ තමා දරුවන්ට හොද නරක කියා දීල හොදට උගන්වන එක..පුංචි මල් කැකුලූ වගේ ලමා ජීවිත හරිම පරිස්සමින් බලා ගන්න ඔනේ…අද සමාජෙට මූන දෙන්න පුලුවන් විදිය්ට ලමයව හදන්න ඔනේ..ලමයි දෙතුන් දෙනෙක්ම හදපුවාම අලුත උපන් බබාට ආදරෙ කරද්දී අනිත් බබාලට දුක හිතෙන්නේ නැති විදියට ආදරේ කරන්නත් ඕනේ.

අපි උදාහරණක් ගමු.
ලොකු ලමයට වයස 5 යි.අලුත උපන් බබාට වයස 3යි.අම්මා කාමරෙට වෙලා බබාව නලවනවා ලගට අරන් හාද්දක් දීලා කියන්වා මගේ මුලූ ලෝකෙම ඔයා..මගේ පන.මන් ඔයාට තමා ගොඩාක්ම ආදරේ මගෙ පැටියෝ.ඕක අහන් ඉන්නවා ලොකු ලමයා ඒ ලමයට මොනවා හිතෙන්වා ඇද්දා එහෙම අම්මගෙ කටින් කියන්වා ඇහෙද්දී.ඒ ලමයා මානසිකව වැටෙන්වා නේද…ඒ නිසා දරුවෝ ඉන්න අම්මලා දරුවෝ හදන්න ඉන්න අම්මලා මේ ගැන හොදාට මතක තියා ගන්න…මේ චූටී මල් කැකුලූ වගේ පැටවුන්ගේ මුලු ලෝකෙම ඔයා අම්මේ..ඒ දරුවන්ට එක වගේ ආදරේ කරන්න ඔයා දන්නවා ඒත් අලුත උපන් දරුවව රකින්න ඕනේ ඔයා ඒ වගෙම එයා මේ ලෝකෙය අලුත් නිසා හරිම ආදරෙයි…ඒත් ඒ දරුවට වචනෙන් ආදරෙ කිව්වා කියලා එක දැනෙනේ නෑ නේද අම්මේ..ඒත් ලොකු දරුවට දැන් බාශාව තේරෙන්වා එයට ඒ ගැන හොදාට මතක තියා ගන්න අම්මේ….ඒ අතින් බලද්දී වැඩ නිසා කර්‍ය බහුල උනා ගැහැනිය ලමයිගේ මානසිකත්වය ගැනත් හිතන්නා ඕනේ .

මේ හැමදේම ගැහැනිය අතින් වෙන්න ඕන දේවල් ඒක ඒ විදියට උනේ නැත්නම් පවුල් අවුල් වෙන්නත් පුලුවත්.හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න එක්කෙනෙක්ව අමතක උනා නේද…කොහොමද ඔයාට පවුලක් ලැබුනේ කොහොමද ඔයට දරුවන් ලැබුනේ.කොහොමද ඔයාට මේ වැඩ කපවෙලා කරලා අනිත් අයවත් සතුටින් තියලා තමන්න්නිසා අනිත් අය සතුටු වෙනවා බලලා හැමෝටම නැතුවම බැරි චරිතයක් උනේ කොහොමද ඔයා..ඒ ඔයාගේ සැමියා නිසා නේද..කෝ සැමියා කියලා දරුවන් ඉන්න බිරිදකගෙන් අහන්වා..අහ් වැඩ ඇරිලා ආව මගෙ හිතේ.එක්කො ඔන්න ඔහෙ පත්තරයක් බලබල ඇති…එක්කෝ බනී මම නැහෙන නැහිල්ලට එයා ගැන හොයන්න මට වෙලාවක් නෑ…ඉස්සර පන කෙන්ද අනේ මාව දාල යන්නෙපා ඔයා මගෙ මුලු ලෝකේ..ඒත් දැන් ඒයි තේ බොනවන්ම්ම් බොන්න .කන්වන්ම් කන්න.එච්චරයි නේද…කෝ අර ආදරේ මැරනකන් අපි එකට ඉමු.මන් මගෙ පනවා වයසට ගිහිල්ලත් කිස්ස් කරන්වා මෙන්න මෙහෙම.කෝ ඒ කතා දැන් හරියට යල් පැනපු බඩුවක් වගේ නේද ඔයාට දැන් ඔයාගේ සැමියා.හිතන්න ඇයි එහෙම වෙන්නේ… කාගෙන් හරි ඇහුවොත් කියයි මට වැඩ ගෙදර වැඩ ලමයිගේ වැඩ අම්මලගේ වැඩ ඔෆිස් එකේ වැඩ නාකි හුරතල් බලන්න මට වෙලාවක් නෑ….ඒත් ඒ වැඩ අපි අපෙ අතින්ම කරන්නත් ඔනේ..ඒ අස්සේ අපිට ටිවි බලන්න පත්තර කියවන්න මල්කඩල පහන තියන්න එහ ගෙදරට ගිහිල්ල ඕපාදූප කියවන්න වෙලාවක් එන්නෙම නැද්ද ඇත්තටම.එහෙම වෙලාවලුත් තියෙන්වා නෙද එහෙනම් ඇයි තමන්ගෙ සැමිය ගැන හොයල බලන්න වෙලාවක් නැත්තේ??

මොහොතක් හිතන්න අපිට මැරනකන්ම ආදරෙ ඕනේ..අරමුනු පාස්සේ මිනිස්සූ දුවන්නේ ඒත් ඒ අරමුනු ගොඩ නැගුනේ ආදරේ නිසා..එහෙනම් ඇයී ඒ අරමුනු වලට යද්දී ආදරේ ඕන වෙන්නෙ නැත්තේ…අනිවාරෙන්ම වයසට ගියත් අපිට ආදරේ ඕනේ.එහෙනම් ඇයි පිරිමි ගැහැනු අනියම් සම්බන්දකම් පවත්වන්නේ ඇයි ගනිකාවන් හොයාගන්නේ.ඇයි එෆ්බී එකෙන් චැට් කරන්නේ නාබර කෙල්ලන්ට,කොල්ලන්ට.කාලෙකට පස්සේ ම්ගෙ රන්කද වගේ වචනයක් ඒ මනුසෙයාට ඉඩෝරෙකට වැහිපින්දුවක් වගේ වටින නිසා නෙවෙයිද….ඒ ගෑහැනියට ආදරෙන් ඔලුව අතගාලා මූන ඉබලා ආදරයක් ගන්න ඕන නිසා නෙවෙයිද එහෙම කරන්නේ…කවුරු හරි කියයි පිට යන එක කොහොම ආදරෙ කලත් යනවමයි කියලා..අයේ කියයී හැමදාම දකින කරමල සුදුයිනේ කියලා..ඔව්ව් එහෙම වෙන්න පුලුවන් .පිට යන එකා පිට යනේ හිත පතුලේ කාලේකින් නොලැබුනු නැවුම් ආදරේක අඩුවක් තියෙන නිසා වෙන්න බැරිකමක් නෑ නේද…වැඩක් නැති වෙලාවට ඕපදුප හොයන්න යනවෙලේ මොකද අලුත් ඇදුමක් දෙකක් ගන්න ගිහිල්ල සැමිය වැඩ ඇරිල එද්දී හැඩට ඇදගෙන දොරකඩට වෙලා බලන් ඉදලා ලමයි දකින්න කලින් හරි ලමයි ඉද්දී හරි ලමය වඩාගෙන හරි ගිහින් කිස් එකක් දුන්නිත්.ඇයි ලැජ්ජද බයද.සැමියා නාකී කෝලම් කියලා ලස්සනට ඇදන් ඉන්න ඔයාව තල්ලූ කරල දායිදා .නෑ පිරිමී ආසයි එව්වට.කොච්චර ඉවසන් හන්ගන් ඉන්න හැදුවත් පිරිමි ආසයි එව්වට.එව්වට අකමැති මනුසෙයෙක් හිටිය කියමුකො…ගැහැනුන්ට හැට හතර මායම් කියල දෙයක් තියෙන්ව කියල පට බැදිලා තියෙන්නෙ කට කහන්වට නෙවෙයිනේ නේද ..

කාර්‍යබහුලා ගැහැනියත් ආසයි නිවාඩු දවසට එලියට ගිහිල්ල කෑම එලියෙන් ගන්න එහෙම .ඉතින් ඇයි එහෙම නොකරන්නේ .හැමොගෙම වැඩ කරන ඔයාට හෑමෝගෙම මානසිකත්වයේ යහපතට බලපාම ඔයාට බැරිද මේ වෙනස කරන්න …ඔයාටම විතරයි පුලුවන් මේ දේ…බලෙන් ජීවිතේ ආපයක් කරගන්නෙපා..සැමිය හම්බුනම අම්ම තාත්තව අමතක කරනෙප පලවෙනි දරුව හම්බුනම සැමියව අමතක කරනෙප.දෙවෙනි දරුව හබුනාම පලවෙනි දරුව අමතක කරන්නෙපා..මේ හැමදේම හිතන්න ඕනේ ගැහැනියම විතරද නෑ..ඔයා මේකට මුල පුරන්න කියලයි කියන්නේ.මොකද හෑමොම දන්නවා ඔයගෙ වටිනාකම…
අලුත් කෑම හදන්න.හස්බන් වැඩ ඇරිල එද්දී ලස්සනට ඇදල ඉන්න.ලමයි හම්බුන කියලා හස්බන්ට පැටිඔ කියන එක නවත්තනෙපා..එලියෙනුත් කන්න මාසෙ පඩිය දවසටවත්..ඒක ඔයාටත් ලොකු සැනසීමක්

නේද..පොඩ්ඩක් එලියටත් යන්න ඇවිදින්න ලමයි එක්කම. වෙනසකට යාලුවෙක්ගෙ ගෙදර යන්නත් පුලුවන් පවුලේ හැමොටම…. ගේ හැමදාම එකම
විදියට තියා ගන්නෙපා මසෙකට සැරයක්වත් ගේ බඩු තියෙන තැන් මාරු කරන්න ඒක මෙච්චර මහන්සී වෙන ඔයාගෙත් හිතට සැනසීමක්…ලමයි ඉන්නකොට ලැජ්ජයිනම් ලමයි අහල පහල නැති වෙලාවක හරි හස්බන්ව පොඩ්ඩක් අවුස්සල රැවුලෙන් ඇදල පොඩ්ඩක් හුරතල් වෙන්න ඒක ඔයාටත් හිතට සහනයක් නෙවෙයිද.කාර්‍යබහුල ගැහැනිය,හැමෝගෙම

මානසිකත්වය ගැන හිතන්න ඕන ගෑහැනිය, නිකන්ම සැහැල්ලූ ආදරබර කෙනෙක් වෙලා නේද…හිතට සැනසීමයි නේද ආදරෙ පෙන්නන්න හෑමෝටම කවදාවත් දරුවෝ නොමග යන්නෙත් නෑ සැමිය නොමග යන්නෙත් නෑ ඔයා නොමගයන්නෙත් නෑ..හිතන්න..

සයුරි විජේරත්න

Popular Articles