දික්කසාද වීම වල පවුල් තුල ආරවුල් ඇතිවීමේ වර්ධනයක් දක්කන්ට ලැබේ. මේ සඳහා ගොඩක්ම බලපාන්නේ ලිංගික අතෘප්තිකර බවයි. ඒ කියන්නේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තමාගෙන් තෘප්තිමත් නොවීමයි. මෙහි දක්වා ඇති විවිධ කරුණු ඔබේ කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ පිහිටීම අනුව යම් යම් වෙනස්කම් ඇතිවිය හැකියි.

මේෂ ලග්නය
ජීවයේ ආරම්භය සඳහා හේතු වූ කාම රාග බවට අධිපති වන්නා වූ සිකුරුට මේෂ ජන්මයාගේ කේන්ද්‍රයේ හත්වැනි භාවය හිමිවේ. රාශි චක්‍රයේ හත්වැන්නට තුලා රාශියද සම්බන්ධ වීම නිසා කාමොද්ධිපන ශක්තිය හොඳින් පැවතීමට හේතු වී තිබේ. මේෂ ජන්මියාගේ කාම රාග බව ප්‍රතිලිංගිකයාගේ ප්‍රමෝදය සහ සැපවත් බව නියමාකාරයෙන් මෙහෙයවීමට හේතු වෙයි. ඔබේ කේන්ද්‍රයේ හත් වැන්නේ සිකුරු යෙදීම අන්‍යයන් ඔබ වෙත පහසුවෙන් ඇද ගැනීමට අවශ්‍ය බලයයි. මේ සිකුරුට කුජ හෝ පවිත්‍ර දෘෂ්ටි ඇති වූ කල මේ තත්වය වඩාත් දියුණු කරයි.

වෘෂභ ලග්නය
බලසම්පන්න උද්යෝගජනක කාමෝද්ධිපන ශක්තියක් ඇති වෘෂභ ජන්මියා තමාගේ රූ සපුව සහ දේහ විලාශය විසින් මෙහෙයවනු ලබන තත්වයක් මඟින් ප්‍රතිලිංගිකයන්ගේ ප්‍රභල ලෙස නොසන්සුන් බවට පමුණුවන්නේය. වෘෂභ ජන්මින් කාම සම්පත් මනා කොට ලැබීමට හේතු වාසනා ලද පුද්ගලයන් වේ. මොවුහු ලිංගික කටයුතු වලදී ඉතා දක්ෂ ලෙස ප්‍රතිලිංගිකයා වසඟ කර ගනී.

මිථුන ලග්නය
යුවතිපති දෙදෙනාගේ සංඛේතයකින් මිථුන රාශිය හදුන්වා තිබීමෙන්ම කාම රාග බවට ඉහල ආශා ඇති අය බව පැහැදිලි වේ. මිථුන රාශියෙන් උපන් අය කාම රාග බවින් උච්චස්ථානය ලැබුවෝය. කලා රසික බව සෘන්ගාර රසික බව මොවුන්ගේ ස්වභාවය වෙයි. මොවුන් ස්වකිය සම්භෝග සැපය අපේක්ෂා කරන්නේ දීර්ඝ කාලින සුවයක් සඳහා බැවින් තමන්ගේ සහකාරත්වය තියුණු චෛතසික ස්පර්ශයකින් වැළඳගනු ලබයි. මොහු විසින් තරුණ සාමය ගෙවනු ලබන්නේ ස්වකිය අභ්‍යන්තර වේගයන් සමඟ සිය චේතනාවෙන් ආලිංගනය කරනු කරනු ලැබීමයි. ප්‍රේම රසය මොවුන්ගේ මධුර ආහාරය වේ. මිථුන ජන්මියෝ නිරන්තර රාගික බැවින් සමන්විත වේ. මොහු එකම රසයෙන් සැමවිටම සතුටු නොවේ. මෙවන් තැනැත්තෙකු සමඟ විවාහ වී සිටින තැනැත්තා ඒ පිළිබඳව දැනගෙන සිටිය යුතුයි.

කටක ලග්නය
කටක ජන්මියෝ ස්වකිය කාම රාග බව කලාත්මක ස්වරූපයකින් භුක්ති විඳින්නෝ නොවෙති. සාමාන්‍ය ලෝකස්වාද රතිය කෙරෙහි ගරු කරන මේ අය රස මවන්නෝ ද නොවෙති. තමන්ගේ රස ලෝලත්වය අන්‍යන් කෙරෙහි දක්වනු ලබන්නේ ඉඟියෙනි. හැකි හැම අවධියකම අන්‍යන්ට නොතේරෙන අයුරින් තමන්ගේ අදහස් ක්‍රියාවේ නැංවීමට උත්සහ කරයි. සමාජය හමුවේ මෙවැනි අය සිටින්නේ මනා සුචරිත වාදීන් ලෙසය. මොවුන් බොහෝවිට අදහස් සඟවාගෙන කටයුතු කරන්නෝ වෙති.

සිංහ ලග්නය
සිංහ ලග්න හිමියාගේ කාම රාග ජීවිතය බෙහෙවින්ම ගෞරවාන්විතය. කොතෙකුත් අඩුපාඩුකම් තිබුනත් නීච ක්‍රියාවන්වලට පෙළඹෙන්නෝ නොවෙති. ස්වකීය කාම රාග බව උදාර අන්දමින් භුක්ති විඳීමට මොවුන් තුල අපේක්ෂාව ඇත. මොවුන්ගේ කාම ජීවිතය නිසා අනෙකුත් බොහෝ කරුණු අවුල් වීමට ඉඩ ඇත. සිංහ ජන්මියාගේ කේන්ද්‍රයේ සිකුරු හත්වැනි භාවයේ සිටිනම් ප්‍රිය රූප ස්වභාවක් ඇතිකිරීමට මෙන්ම අන් අය තමා වෙත නංවා ගැනීමට බලයකි. මේ අය උසස් බුද්ධියක් හා උසස් සමාජ පසුබිමක් අත්තෝහ. වාසනාවන්ත කාර්යක්ෂම අයකු සමඟ විවාහ ජීවිතය ගත කිරීමට මේ අයට වාසනාව ලැබේ.

කන්‍යා ලග්නය
මෙම ලග්න ජන්මියාගේ ස්වභාවය නම් කාම රාග බව සුචරිතවත් පරිදි දිවිහිමියෙන් රැකීමයි. කාම රාග ජීවිතය ගැන මේ අයගේ පවත්නා අරපරිස්සම පුදුම සහගතය. මොවුන් ස්වකිය කාම රාග බව කෙලෙසා ගත හොත් එය ඉතා කලාතුරකිනි. තරුණ වියට පා තබන කන්‍යා ජන්මියෝ මනා වූ ජිවිත හැඩගැස්මකට භාජනය වන්නෝය. බ්‍රහස්පතී දහයේ සිටියේ නම් මෙම ජන්මියාගේ විවාහ ජීවිතය නිසාම දියුණුවට පත් කරවයි.

තුලා ලග්නය
තුලා ලග්නයට අධිපතිත් සිකුරුය. එසේම අටවන ස්ථානයේත් සිකුරුට අධිපති වේ. මෙම ස්ථාන දෙකම සිකුරුට අයත් වීම නිසා තුලා ජන්මියාට සිකුරුගේ බලපෑමෙන් බෙහෙවින්ම අනුවණ කම් කිරීමට ඉවහල්වන තත්වයක් දැකිය හැකිය. තුලා ජන්මියාට හොඳ කාම ජිවිතයක් ලැබී තිබේ. කුජ සිකුරු හත්වැනි භාවයේ යෝගය තුලා ජන්මියාගේ කාම රාග බව මැනවින් ප්‍රකාශ කරයි. මොවුන් කාම ජීවිතය අනිත් හැම අංශයකටම වඩා උසස් බව සලකයි. රුපයෙන් හා තරුණ කමින් ලෙල දෙන මොවුන්ගේ දේහ විලාශය ප්‍රති ලිංගිකයන් නොයිවසුම්දෙන තත්වයකට පත් කරයි. එහෙත් මම යෝගය සෙනසුරු විසින් දකින ලද්දේ නම් මෙම යෝගියාගේ කාම ජිවිතය තරුණ වියේ දීම තමාගේම අනුවන කම් නිසා අවුල් කර ගැනීමට ඉඩ තිබේ.

වෘශ්චික ලග්නය
සැඟවුන අදහස් ඇති බවක් පෙන්නුම් කරයි. තම හැම අවශ්‍යතාවයක් සඳහාම අනෙකා වසඟයට ගැනීමට උත්සහ කරන මොවුහු අනෙකා වසඟයට ගැනීමේ උපක්‍රමයක් ලෙස තම ශරීර අංග චලනය කිරීම මෙම ජන්මියාගේ විශේෂත්වයයි.මෙම ලග්නයෙන් උපන් කාන්තාවන් තුල මෙම තත්වය බෙහෙවින් දැකිය හැකිය. තම අපේක්ෂාවන්ට විරුද්ධවන ප්‍රතිලිංගිකයෝ තමා වෙත කෙසේ හෝ තමා වෙත වසඟ කරගනු ලබයි. මෙම යෝගයේ උපන් ස්ත්‍රීන් මයාකාරී ක්‍රියාවන්හි අති දක්ෂයෝ වෙති.

ධනු ලග්නය
මොවුන් කාම රාග බව අභීත ස්වභාවයකින් යුතුව භුක්ති විඳින්නෝය. සැඟවුණු චිත්තාවේග මේ අයට නැත.පවිත්‍රව කෙලින්ම පිළිතුරු දෙන ගතිය මේ අය කෙරෙහි ප්‍රකාශව පෙනෙන ලක්ෂණය වේ. හැමවිටම ප්‍රතිලිංගිකයන් ආශ්‍රය කරනු ලබන්නේ අදහස් සඟවාගෙන නොවේ. මෙවැනි අය සමඟ ස්ථිර සම්බන්දතා ගොඩනගා ගැනීමට අපහසු වන්නේද මේ අය විනිශ්චය ලබාගැනීමට කල් ගත වන බැවිනි.

මකර ලග්නය
මකර ජන්මියා කාම රාග කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන්නේ නැතත් විශේෂ බලපෑම් කෙරෙන් එවැනි අවස්ථාවන්ට යොමු වෙන මොවුන් අන් කිසිම අයෙකුට වඩා ප්‍රබල ලෙස තම අවශ්‍යතාවය ඉටුකර ගනී.

කුම්භ ලග්නය
කුම්භ ලග්න ලාභියාගේ කාම ජීවිතය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත්ය. සැපවත් ය. රූ සපුව විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නේය. කාම ආශාවන් වැට කඩුළු බිඳීමට තරම් ප්‍රභල වුවද සිතුවිල්ලෙන් සියල්ල පාලනය කර ගත හැකි අරුම පුදුම හැකියාවක් මෙම ලග්න ලාභියන් සතු වීම සුවිශේෂිය. ලිංගික කටයුතු වලදී ඉතාමත් ආකර්ෂණිය ලෙස ප්‍රතිවිරුද්ධ ලිංගිකයා වශී කර කර ගැනීමේ හැකියාවක් මොවුන් සතුය.

මින ලග්නය
යටපත් වූ කාම ආශා ඇත්තෙකි. මොවුන්ගේ රාගික බව කිසිම අවධියක අවිස්සුනහොත් අන්‍ය හැම කෙනෙකුටම වඩා වේගවත්ව ක්‍රියාවට නැගෙනු ඇත. කලබලකාරී බවකින් තොරව කටයුතු කරන ලබන මොවුන්ගේ අභ්‍යන්තරය කිසිවෙකුටත් තේරුම්ගත නොහැක. ජිවිතයේ වැඩි කොටසක් මොවුන් ගත කරන්නේ ඇඟ බේරාගෙනය. සමාජයේ කැපී පෙනෙන්නට කටයුතු නොකරන මොවුන්ගේ තම අවශ්‍යතාවන් සපුරාගන්නේ හෙළිදරවු කිරීමෙන් තොරවය.

 

 

උපුටා ගැනීමකි

 

 

 

 

 

ඔබේ ලග්නයෙන් කියවෙන ලිංගික ආශාවල්

සුන්දර බිරිඳක් වෙන්න නම්

සුන්දරත්වය කියන්නේ අපි හදාගන්න ඕනි දෙයක්. ඒ වගේම කැපවීමෙන් පවත්වාගෙන යන්න ඕනි දෙයක්. සුන්දර වෙනවා කියන්නේ බොළඳ වීම් හෝ අසරණ වීම නොවේ. මගේ ජීවිතය ගැන...

ඔබ නිදන ඉරියව්වෙන් කියවෙන ලිංගික රහස්

නිදාගැනීමේදී කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම විවිධ ඉරියව් භාවිතා කරනවා. ඉතින් මේ ඉරියව් මඟින් ලිංගිකත්වය පිලිබඳ අනාවැකි කියවෙන බව ඔබ දන්නවාද?   මෙහිදී ඔබ යම්කිසි ආකාරයකට ඔබගේ...

ආදරය අහිමි වූ පසු දුක් විඳින්නේ නැතුව ජිවිතයට මුහුණ දෙන්න

අත හැරීම කියන්නේ ජීවිතය තුල අප මුහුණපාන ඉතාම අසීරු මොහොතක්. දෙදෙනෙකු අතර ඇති වූ සම්බන්ධතාවයක් බිඳ වැටීමකදී ඔබ බොහෝ ආදරය කල අයෙකු අත හැරීමේ...

කටට රසට කෑම හදන්න නම් මේ ටිකත් දැනගෙනම ඉන්න ඕනි.

ගෘහණියක් වෙනවා කියන්නේ හරිම වගකීමක්. ඒ වගේම තමයි කරන්න තියෙන වැඩ වල ඉවරයක් නැහැ.පවුලේ අයගේ කෑම වේල සකස් කරනවා කියන්නේ ගෘහණියකගේ ප්‍රධාන කාර්යක්. ඇත්තටම...

සයිබර් අවකාශීය ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා

මොකක්ද මේ සයිබර් ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා කියන්නේ? මින් අදහස් වන්නේ කාමුක දර්ශන ළමයි ඇතුලත් අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම දීර්ඝ කාලයක් මුළුල්ලේ අන්තර්ජාලය හරහා කරන...

ඔබත් එන්න අපිත් එක්ක බයිසිකල් පදින්න

ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංසදය ( sri lanka united nationalities friendship organisation) සංවිධානය කරන බයිසිකල් සවාරිය මේ මස 14...

මේ මගේ කතාවයි – 02 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

බොරුව ගැන හිත හිතා ලෙඩ වෙනවාද?

අපේ ජීවිතේ යම් යම් දේවල් අවිනිශ්චිත වෙනවා. ජීවිතේ කොයි දේත් නිශ්චිත කරගෙන කරන්න බැහැ එහෙම කරන්න අපහසුයි. පවක් වුනාද? නැත්ද? අනාගතය සාර්ථක වේද? නැත්ද?මම...

උසින් අඩුනම් වඩාත් දිගට ඇඳුම් අඳින්න එපා

උසින් අඩු කාන්තාවන් තමන්ගේ උස වැඩිකර පෙන්වීමට බොහෝවිට කරන්නේ වඩා උසින් යුතු පාවහන් පැළදීමයි. එහෙත් උසින් වැඩි පාවහන් නිතර පැළඳීම ශරිර්යට හිතකර නැති බවයි...