Wednesday, April 24, 2024

Top 5 This Week

Related Posts

මම ගණිකාවක් වුනේ මගේ වරදින් නෙමෙයි

සත්‍ය කතාවක් පදනම් කර ගොතන ලද්දකි.

නම් ගම් සියල්ල මනඃකල්පිතයි

මිට සති දෙකකට පෙර මට එන දුරකථන ඇමතුමකට සවන්දුන්න මම..

“මල්ලී…”

“අහා කවුද මේ?”

“ඔයා නම් මාව දන්නේ නෑ…ඔයාගේ කතා මම කියවනවා කතා අරණේ මම එවා දැකලා ගොඩාල් හිතලා මම මේ ඔයාට කතාකලේ..මට ඔයගෙන් උදවුවක් ඔනේ”

“ඔව් කියන්න අක්කේ මොකක්ද?”

“මට මගෙ ජිවිත කතාව ලියාගන්න ඔනේ ඔයාගෙ අතින් එකට සුදුසුම කෙනා ඔයා”

“හරි අක්කී ඔයා මට msg එකක් දාන්න කතාව මගේ අතින් ලියලා මම දාන්නම්”

“මගේ ජිවිත කතාව දලා මට උන දේ තවත් කෙල්ලෙක්ට කවදාවත් ඇති නොවෙන්න ඔනේ එකයි මම දාන්න කියන්නේ මොකද ඔයා හිතටම කා වද්දවනවා ඔනම කතාවක් එකයි මම ඔයාව ට්ජොර ගත්තේ”

“හරි අක්කේ මම ලියනම් අනිවාර්‍යයෙන් ඔයා එවන්න ”

“හරි මල්ලා මම තියනවා බුදු සරණයි කවුශී නංගත් එක්ක හැමදාමත් ආදරෙන් ඉන්න මම ඔය දෙන්නගේ ආදරේ දැකලා ගොඩක් සතුටු වෙනවා”

“ඔයා මගේ කවුශිව අදුරනවද? අනේ කලින් කියන්න තිබ්බනේ”

“අනේ නෑ මල්ලී මම කතා අරණෙන් දැක්කේ ඔය දෙන්නව ”

“අහා හලී හලී අක්කී මම තිබ්බා එහෙනම් ඔයා එවන්න කතාව”

“හරි මල්ලී ඔයාට ගොඩක් පින්”

ෆෝන් එක විසන්ධිකරලා නිදාගත්ත මම උදේන්ම ඇහැරෙද්දි මැසෙජ් 23යි…මම කියවන්න ගත්තා…පිරිමියෙක් වෙලා ඉපදුන මම පිරිමි ගැනම දැඩි කලකිරිමක් තරහක් හිතට අවේ

ඇයගේ දුක් අදොනාව මගේ ඇගිලි තුඩු මතින් පාඨක ඔබට….

“”නැවතිමේ තිතේ සිට ඇයගේ පෞද්ගලිකත්වය සුරකිමී””

“අමාවක ජීවිත ගමන”

වයස අවුරුදු 15ක් කියන්නේ ගැනු ලමයෙක්ගේ පරිණතයේ ආරම්භක අවධිය…ඔය කාලයක අම්මගේ ආදරයට එහා අමුතු ආදරයක් බලපොරොත්තු වෙන කෙලි ලොල් ජිවිතය නොතෙරුම් කමට ගන්නා තින්දු තිරණ ජිවිතේ හැරවුම් ලක්ෂයකට ගෙන යන ඉඩ කඩ වැඩිය…

දහය පන්තියේ ඉගෙනුම ලබන මට පාසල් හංදියේ ත්‍රීවීල් එකක් පදින අයියා කෙනෙක් ආදර යොජනාවක් කරනවා…ආදරේ කියන්නේවත් කියලා හරියට නොදන්න මම ඒ යොජනාවට දින දෙක තුනකින් කැමැත්ත දිලා..මගේ ජිවිතේ කුළුඳුල් ප්‍රථම ප්‍රේමයට පණ දෙනවා..

පුංචි කෙල්ලෙක්ට ආදරේ කිව්වාම එකි උඹව මුලු ලොකේම කරගන්නවා..

උඹ රුම් යන්න කථා කරනකොට බෑ කියනවා..එතකොට උඹ ආදරය ගැන ලොකු වදන් දෙනවා අනුකම්පාව ගන්න බර ලොකු ටොක් දෙනවා..

කෙල්ලට උඹේ ශිල්ප වලින් පෙන්නනවා ආදරය කියන කුලකයේ රාගයත් නිරැවතත් තවත් උප කුලක බව.. අවසානයේ ඒ කෙල්ල උඹට තියන අවංක ආදරයට උඹව සතුටු කරන්න උඹව දස දහස් වාරයක් විශ්වාස කරලා උඹ එක්ක රූම් එකට එනවා..

“ඒ එක්කන් ඇවිත් මට ගොඩාක් ආදර කතා මට කියනවා මම ඒ කතා වලට පිස්සු වැටිලා අහන් ඉන්නේ මට දැනුනා මට අයියා ගොඩක් ආදරෙයි කියලා මම ඒ කාතා වලට හිත ඇතුලෙන් පණ දිලා අපේ කසාද ජිවීතය ගැන මනෝ ලොකේක තනි වෙලා ඉන්නවා…ඒ කාතවට එයාගේ මගේ හිත් ඇද බැද ගත්තා….පැය බාගයක් විතර කාතා කියලා මගේ ඔලුව අතගලා…තමා එයා වැඩ පටන් ගන්නේ”

කෙල්ලව තුරුලු කරන් යට ඇදුම් ගලවන්න තවත් ආදර වදන් ගොඩාක් උඹ දෙනවා පුතේ..

කෙල්ල කියනවා දිව්රන්න මාව දලා යන්නේ නැහැ කියලා..

ඒ දිව්රන්නේ තමන්ගේ අම්මා තාත්තා ජීවිතේ පන මෙන් ආරක්ෂා කරන්න කිව්ව පතිවත උඹට පූජා කරන්න හිත හදාගෙන.. මතක තියාගනින් ඒ කෙල්ල ඒ ගින්දරට පනින්නේ උඹේ ආදර මිහිර ඊට වඩා සිසලක් නිසා..

පුතේ උඹ දිව්රනවා..මොකද නැත්නම් උඹට කෙල්ලගේ යට ඇදුමට වැහිලා තියෙන උඹේ කාම පිපාසය නිවාගන්න බැරි වෙන නිසා..

ආශාවන් සියල්ල ඉශ්ට වෙනවා..

“මගේ පැටියෝ ඔයත් එක්ක මෙහෙම ඉදලා මට ගෙදර ගිහින් ඉන්නේ කොහොම ඔහොම ඉද්දි මම ෆෝටො ටිකක් ගහගන්නම් අනේ නැත්තම් මම මැරිලා යයි ඔයාව මත්ක් වෙලා….ෆෝටො එකක් හරි බල බල ඉන්න පුලුවන්නේ ඒ නිසා අනේ ප්ලීස් නංගී පැටීයෝ”

“අනේ අයියේ ඔයා මට එච්චර ආදරෙයිද එත් ඔවා කවුරු හරි දැක්කොත් අනේ එපා”

“ඔයා හිතුවද මම එක එකාට මගේ ජිවිතේ පෙන්නයි කියලා අනික මම එවා පෙන්න තියාගන්නේ නෑ ඔයා අකමැතිනම් එපා හෙට හංදියේ සුදු කොඩි දාලා තියෙද්දි හිතෙයි ඔයාට අනේ මට ෆෝටො ගහන්න දෙන්න තිබ්බේ මගේ අයියාට කියලා ඔයා විලාප දෙයී”

“අනේ මොනවද දෙයියෝ මේ කියන්නේ මාව අඩවන්න එපා ඇති වෙනකන් ගන්න මට ඔයාව මට මටත් වඩා විස්වාසයී”

කෙල්ලගේ නිරුවත් පින්තුර ටිකතුත් ගන්නවා.. හොරෙන්ම විඩියෝත් කරනවා..

රාගය පමනක් පස්සේ හබා ගිය කොල්ලා මේ කෙල්ලගේ අවංක ආදර කතාවේ කාලය ගෙවිගෙන යනවා.

කාලය ගෙවිගෙන යද්දී කෙල්ලට ටික ටික තෙරෙනවා කොල්ලගේ පොඩි පොඩි වෙනස් කම්

කෑවාට පස්සේ එකෙ රහ දන්න නිසා අර කෙල්ලගේ වටිනාකම උඹට ටික ටික අඩුවෙනවා..කෙල්ල පිස්සියක් වගේ උඹ පස්සේ එනවා…..ආදරය ගන්න උඹේ. උඹ මොකද කරන්නේ ගෙනියනවා රුම්..රස විදිනවා රස නහරට පිලිකුල් වෙනකන් ඒ කෙල්ලව…

එකිත් උඹට ආදරේ නිසා එනවා.. උඹේ වචනේට පිටුපාන්නේ නැත්තේ උඹට අවංක ආදරේ නිසා..
අවසනයේ උඹේ වෙනස කෙල්ලට හොදට තෙරෙනවා.. ඔන්න රණ්ඩු පටන් ගන්නවා දෙන්නා අතර..

කාලයත් සමග උඹේ අයියට උඹව වේසියෙක් වෙනවා….කෙල්ල මෙච්චර කාලයක් උබේ කටින් ඇහුවේ සුදු මැනික, සුදුහාමිනේ,වස්තුව කියලා..ඒ කටින් වේසි කියනකොට අර පුංචි කෙල්ලගේ පපුව හොස් ගලා පිච්චෙනවා..

අනෙ අයියේ ඇයි මේ….කෙල්ල අසරණයි..
මට උබ එපා…උඹ තව කීයක් එක්ක රූම් යන්නැද්ද?උඹ බඩුවක්..

කෙල්ලට බොරු චෝදනා කරනවා… කෙල්ලගේ මුලු ඇගම වෙවුලනවා..පුංචි ඇස් කදුලින් පිරෙනවා..උඹේ කරනවා කිසිම විදිහකින් කෙල්ලට කොල්ලා ගැන තොරතුරක් හොයාගන්න බැරි වෙනවා

අර කෙල්ල එදා ඉදන් ගිනිගොඩක ජීවන ගමන පටන් ගන්නවා..කාලයක් ගිහින් උඹ අයේ දකිනවා එකිව..
තව පාරක් කන්න ආස හිතෙනවා..උඹ යනවා පස්සෙන්..එකී බෑ කියනවා..

“උඹ එතකොට මට කැමති නෑ දැන් ඒ කියන්නේ ඇයි උඹට දැන් කවුද සැප දෙන්නේ”

“අනේ මට කවුරුත් නෑ අයියේ මම කොහොමත් සැප පස්සේ යන්නේ නෑ තවමත් ආදරේ ඔයාට විතරයි මට බයේ ඔයා ලගට ආයේ එන්න ඔයා අයේ දාලා ගියාම මට ඒ විඳපු මේ විඳින දුක අයේ විඳින්න බෑ අයියේ”

“අහා උඹ එහෙමනේ උඹේ හොද හොද ෆොටෝ විඩියෝ මන් ළඟ තියනවා කියලා අමතක උනාද එවා ඉන්ටනෙට් එකේ දානවට උඹ කැමතිද?…”

ඒ වෙනකොටත් ඒ සියල්ල සමාජ ජාල ගත වෙලා හමාරය

..අනේ අර අහිංසක කෙල්ල බයට උඹ එක්ක එනවා.. උඹේ යාළුවන්ටත් ඒ කෙල්ලව දෙනවා බය කර කර..

අවසනයේ කෙල්ල බඩුවක් වෙනවා….
උඹලා දන්නේ නැහැ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දුවෙක් හදන්න විදින වෙදනාව..පුංචි දෝනි ටික ටික උස්මහත් වෙනකොට ඒ අම්ම තාත්තා පුදුම සතුටක් ලබන්නේ..කරදඩු උස් වුන තමන්ගේ දුව තාත්තාගේ මුලු ලොකේම,
පුංචි කෙල්ල තමයි අම්මාගේ තාත්තගේ හුස්ම ටික.

ඇයගේ දුක් අන්දොනාවකින් දොම්කාර දෙන ඇය මුන දෙන ජිවිත කතාව මෙතැන් සිට…අමාවකයේ ආරම්බය මෙතැන් සිට…

ඔව් උඹලා කියන විදිහට මම ගණිකාවක්. බඩුවක්. එක එකාගේ ආසාවන් පිරිමහගන්න ආපුවහම කකුල් පලල් කරන වේසියක්. ඒ උනාට මම ඉපදුනේ වේසියක් වෙලා නෙමෙයි.

මමත් වැදගත් දෙමව්පියන්ට ඉපදුනු දරුවෙක්. සමහරු කියනවා මගේ ජාතකේ වැරැද්දලු. මේක මගේ ජාතකේ වැරැද්ද නෙමෙයි. මේක මගේ වැරැද්ද. මගේ අම්මා පතිදම් රැකපු ගැණියෙක්. මගේ තාත්තා වෙන ගැහැණියෙක් දිහා වැරදි ඇහැකින් කවදාවත් බැලුවෙ නෑ. මාව හැදුවේ මලක් වගේ. මාව රැක්කේ හැමදාම පුංචි දරුවෙක් වගේ.

ඒත් මම මොනවද කලේ පුංචි කාලෙම ආදරය කියන පිලිකුලට මුලා වුනා මගේ අවංකත්වය නිසා.අම්මල කියපු දේවල් ඇහුවෙ නෑ..

මට ඒ නිසාම යන්න ඕන මඟ වැරදුනා. අන්තිමට මම ආදරේ කරපු එකා මාව මගෙන් ගන්න ඕනෙ සාරය උරා බීලා…. වවුල්ලු බීපු කජු පුහුලමක් උරලා උරලා වගේ විසික් කලා.

එතකොටයි මට මගේ දෙමව්පියන්ගේ අගේ තේරුණේ.
දෙමව්පියෝ කැමති නෑ කවදාවත් දරුවන්ට වරදිනවට. එයාලා හැමදාම ප්‍රාර්ථනා කරන්නේ දරුවන්ගේ යහපත. අපිට ඒක ඒ කාලේ කරදරයක් වුනා. වදයක් වුනා. අම්මාගේ තාත්තාගේ ආදරේ මදි උනා

ඒත් අද… අද මේ ඇස් වලින් වැටෙන කඳුලු මටම දඬුවමක් වෙලා. මම කවදාවත් මගේ ලඟට එන මිනිස්සුන්ට වැරැද්ද කියන්නෙ නෑ. මොකද? මම මගේ දරුවව ජීවත් කරවන්නේ උන්ගෙන් හම්බෙන සල්ලි වලින්…..දරුවගේ අම්මා මම උනාට තාත්තා කවුද කියලා මම වත් දන්නේ නෑ…

දන්නවද සමහර දවස් වලට මගේ ලඟට එන පිරිමි හැසිරෙන්නෙ තිරිසන්නු වගේ. උන්ගෙ නොහොබිනාකම් නිසා වේදනා විදින මගේ කය සනසන්නෙ කව්ද?

මේ එන එකෙක්වත් ආදරයට මගේ ලඟට එන වුන් නෙමෙයි. ඒක්කෝ ගෑණි බඩ වෙලා. එක්කෝ ගෑණි මැරිලා. එක්කෝ ගැනිගෙන් හම්බෙන සාප මදි වෙලා….සමහරුන්ට ගෑණිගෙන් මේවා ලැබෙන්නෑලු. මේව කාගෙ වැරදිද කියලා හිතන්න මට කාලයක් නෑ.

මම ආසාවෙන් උන් එක්ක බුදියන්නෙ නෑ. එක එක දවසට මගේ ලඟට එන එවුන්ට මගේ ඇස් යට තියෙන කඳුලු කවදාවත් පෙන්නෙ නෑ. සමහර දවසට මගේ තාත්තා තරම් වයස උන් එනවා. සමහර දාට මගේ මල්ලිගෙ වයසෙ එවුනුත් එනවා. ඒ වෙලාවට මට මාවම එපා වෙනවා. අප්පිරියා වෙනවා. දරුවාව ජීවත් කරන්න ඔනේනේ කියලා මතක් වෙද්දී ඇඳිවත ගැලවෙනවා.

මගේ තන් දෙකේ මගේ කිරිසප්පයට දෙන්න කිරි ටික නැතිවෙන වෙලාවල් එනවා. එක්කෝ එකෙක් එක්ක ඉද්දි මගෙ කොල්ල නැඟිටලා අඬනවා. එහෙව් වෙලාවට මට සතපහක් නොදී මැණිකෙ මැණිකෙ කියපු උන් බැල්ලි කියලයි අන්තිමට පිට වෙන්නෙ. මම හොදාකාරවම දන්නවා මම වැරදි. කවමදාවත් මම හරි කියන්නෙ නෑ. මට තිබ්බා රස්සාවක් හොයා ගන්න. මේ දෙත් කුඩු වලට ඇබ්බැහි උන කුඩු කාරයෙක්ගේ සික් එක වගේ….මේක මගේ කරුමෙ.

සල්ලි වලට ලෝබ වෙලා ඇඟ විකුණන් කන මං වගේ උන්ට බැල්ලියෝ කියන්නැතුව වෙන මොනා කියන්නද එක අතකට.
මාව අනාථ කරපු එදා මගේ ආදර ලොකේ මහා බෘන්ගරාජයා අද ලස්සනට පවුල් කනවා. උගේ අතින් අනාථ වෙච්ච මම ලෝකයා ඉස්සරහා පතිවත පුදනවා..

නෑදෑයෝ නෑ යාලුවො නෑ. අම්මා තාත්තා මාව පවුලෙන් අයින් කරලා. කවදාවත් මං එයාලට වෛර කරන්නෙ නෑ. මාව අනාථ කරපු එකාටවත් මම වෛර කරන්නෙ නෑ. එදා මං කට ඇරලා ඌ එක්ක කාමර අස්සෙ රිංගන්න බෑ කිව්වනම් මැරෙනවා කියපු වෙලේ මැරියන් කිවනම් මම අද මෙතන නෙමෙයි.

එහෙනම් මාත් නම්බුකාර බිරිඳක්. හොඳ අම්ම කෙනෙක්. ඒත් මම තෝර ගත්තෙ වැරදි පාර. දෙනෝදාහක් අත අල්ල ගත්තත් අද මට ස්වාමිපුරුෂයෙක් නෑ. මගේ දරුවට තාත්තෙක් නෑ. මට රැකවරණයක් නෑ.

දැන් පසුතැවිලා වැඩක් නෑ. මම විසින්ම මගේ නරකාදියට පාර හදාගත්තා. ගැණියෙක් කියන්නෙ මිනිස්සු ඉස්සරහා සෙල්ලම් බඩුවක් වෙන්න ඕන කෙනෙක් නෙමෙයි. නරුමයෙක්ට පුංචි කාලෙදිම ආදරය කරන්න ගිහාම මම වගේ කාලකණ්නි වෙනවා ඕනම කෙනෙක්.

මගේ කිරි සප්පයට තේරෙන්නෙ නෑ මම නරක එකියක් කියලා. අසමජ්ජාතියො තොල තියපු මගේ තන්පුඩු වලින් මගේ රන්කඳ කිරි බිබී උණුහුම හොයද්දි මට මගේ පපුව පැලෙන්න තරම් වේදනයි. හිත ඇතුලෙන් මම අඩන වාර නම් අනන්තයි අප්‍රමාණයී..

” මගේ පුතේ උඹ් අම්මා කවදාවත් මගෙ පණව ලොකු මහත්තයෙක් කරන්න යන්නෙ නෑ . මම වේසකම් කරලා හරි උඹව ජීවත් කරවනවා. උඹව හොඳ මහත්තයෙක් කරනවා. ලෝකෙට මම ගණිකාවක් උනාට උඹට මම අම්මා. මට ආත්මයක් නැති උනත් උඹට මම ගැණුන්ට ගරු කරන්න උගන්නනවා. ගැහැණියෙක් කියන චරිතේ වටිනාකම මම උබට උගන්නනවා….දවසක මගේ අතීතය ගැන දැනන් උඹ මාව උබේ අම්මාව අතඅරි මට වෛර කරයි. ඒ වෛරයම උඹව සමාජේ හොඳ තැනකට ගෙනෙයි මගේ රත්තරන් පුතේ. මට දස දහස් වාරයක් සමාවෙයන් මගේ රත්තරං පුතේ”

කතෘ මගේ කලකිරිමෙන් මෙලෙස…

මිනිසුන් යන කොට්ඨාශයේ පිරිමි යන කුලකයේ සිටින පිරිමි වෙස් බැද සිටින මහා පුරුෂ ශක්තියක් ඇති යැයි සිතන….. ජිවිතත් එක්ක සෙල්ලම් කරන පොන්න පුරුෂශක්තියෙන් කාමුක ආසාවෙන් ලොල් වුනු කාලකණ්නින්ට…පිරිමි කුලකයේ සිටින ගැහැනිය කියන චරිතයට දෙවත්වයෙන් වැදුම් පිදුම් කරන කතෘ වන මගෙන් තොපි නොදකින යතාර්ථය….මෙලෙස

උබේ අම්මාද කාලෙකදී පුංචි කෙල්ලෙක් වෙලා හිටිය බව මතක තියාගනින්… විනාශ කරන්නේ කෙල්ලෙක්ගෙ ජිවිතයක්…කෙල්ලෙක් දවසක අම්මෙක් වෙනවා…උබ කෙල්ලෙක් එක්ක ඒ ජිවිතෙත් එක්ක සෙල්ලම් කරද්දී මතක් කරගනින් දවසක උබේ අම්මවත් උබ වගෙම එකෙක් අතින් සෙල්ලමක් උනානම් උබට අද ඔය අම්මා උබේ වෙනවද කියලා…. විනාශ කරන්නේ කෙල්ලෙක්ගෙ ජිවිතයක් විතරක් නෙමෙ උබ උබේ අම්මගේ ජිවිතේ එක තමා ඇත්ත…. ඔය පව් උබට ආත්ම හතකටවත් ගෙවලා ඉවර කරන්න බෑ පුතේ..

පිරිමිකම ද බන් ඕක… හැගිම් වලට වහල් වෙන්න එපා බං උබට ඔය තරම්ම අසහනේ නම් කසාදයක් බැදගනින් එතකොට උබේ ගැනිනේ උබ උබේ ගැනිත් එක්ක උබේ කාමුක ආශාවන් ගනින්….

තව අතකින් කෙල්ලෙක්ගේ ජීවිතයක් විනාශ කරන්න කලින් හිතපන්, උඹේ නංගිට අක්කට මේ දේ උණානම්, දවසක උඹේම දියණියට මෙහෙම දෙයක් උණානම් උඹ කොච්චර පිච්චෙයිද කියලා, උබට එහෙම දැණුනොත් උඹ කවදාවත් කෙල්ලෙක්ගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්නේ නෑ බං කෙල්ලෙක් පාරක තොටදී කරදරයක් වෙලා ඉන්නවා දැක්කත් උබේම නංගියෙක් උබේම අක්කේක් වගේ උබ ඒ කෙල්ලව ගෙදරටම ගිහින් දෙමාපියන්ට එයාගේ බාරදෙයි අතකින්වත් නොඅල්ලා…

හැබැයි මතක තියාගනින් උඹත් කවදා හරි කෙල්ලෙක්ට මේ ගින්දර දෙනවා නම්, දවසක ඒ වේදනාව උඹව විදවන්න වෙනවාමයී ආත්මයක් ආත්මයක් ගානේ….විදවන්නෙත් උබේම දියණියට ඒ තත්වේ වුදා උනහම…බුදු දහම සත්‍ය නම් ඒකාන්තයෙන්ම ඒ දේ වෙන එක නොයෙනුමානයී පුතේ….

වචනයක් වචනයක් පසා ජීවිතෙට ගන්න දෙවල් තියෙන්නේ අරගනින් ජීවිතේට ලස්සනට ජිවත් වෙයක්…ගැහැනිය කියන චරිතෙට ගරු කරපන්…දෙවැනි බුදුන් යනුවෙන් නම් පට බැදි අම්මාත් ගැහැනියෙක් බව අමතක නොකරන්න….හැම කෙල්ලෙක් දිහාම දැකපන් උබේම අක්කා නංගී අම්මා වගේ උබට ජය නියතයි…තිස් තුන් කොටීයක් දෙවී පිහිටයි..නිමී…

කතෘ අයිතිය සුරකින්න

කතෘ:- අසංක උමයන්ග මුදුන්කොටුව
Asanka Mudunkotuwa

Popular Articles