සම පැහැපත් කරගන්න කාන්තාවන් හැමෝම කැමතියිනේ. ඉතින් මේ සඳහා ඔවුන් භාවිතා කරන්නේ කෘතීම නිෂ්පාදනයි. ඒවා සමට අහිතකරයි. එයින් ලැබෙන පැහැපත් කම තාවකාලිකයි. හැබැයි අපි ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කර සම පැහැපත් කරගන්නවා නම් 100% අපිට ඒ පැහැපත්කම රඳා පවත්වාගන්න පුළුවන්.

ඉතින් https://thewoman.lk අපි අද ඔබට කියලා දෙන්නේ ඔබේ සමේ ස්වභාවය අනුව ඔබට ගැලපෙන face pack එකක් නිවසේදීම සාදා ගන්නා ආකාරයයි.

 

සාමාන්‍ය සමකට

කඩල පිටි, මුං පිටි , රතු පරිප්පු පිටි, සුදු හාල් පිටි, කුරක්කන් පිටි, කස්තුරි කහ කුඩු ආදිය සම ප්‍රමාණයෙන් ගෙන එළකිරි, මි පැණි, යෝගට්, දෙහි බිංදු කිහිපයක් සහ අයිස් වතුර ස්වල්පයක් දමා මිශ්‍රණය සාදා ගන්න.

වියළි සමකට

කඩල පිටි, මුං පිටි, රතු පරිප්පු කුඩු කර, රතු හාල් පිටි සමව ගෙන, කෝමාරිකා යුෂ, යෝගට් එක්කොට මිශ්‍ර කරගන්න.

තෙල් සහිත සමකට

කඩල පිටි, මුං පිටි, රතු හාල් පිටි සමාන ප්‍රමාණයෙන් ගෙන එයට කිරිපිටි මේස හැඳි එකක් සහ දෙහි බිංදු කිහිපයක් දමා මිශ්‍ර කරගන්න.

 

face pack එක දමා ගන්නා ආකාරය

ඔබේ සමට ගැලපෙන සේ ඔබ සාදා ගත් ෆේස් පැක් එක මුහුණේ උඩු අතට ඝනව සිටින සේ බුරුසුවකින් මුහුණේ ආලේප කරන්න. අලේප කරගත් ෆේස් පැක් එක විනාඩි 20ක් පමණ වියලෙන්නට හරින්න. ඉන් පසුව එයට එළකිරි හෝ පිටිකිරි ස්වල්පයක් දියකර බුරුසුවක ආධාරයෙන් මුහුණේ ආලේප කර ඇති පැක් එක මත තවරන්න.

නැවත විනාඩි 15ක් හෝ 20 ක් පමණ වියලෙන්නට හැර අයිස් වතුර පෙඟ වූ ස්පොන්ජ් කැබැල්ලකින් මුහුණ තෙත් කරන්න. ගැල්වූ ආලේපය අයිස් වතුරෙන් හොඳින් පෙඟුණ පසුව එම ස්පොන්ජ් කබල්ලෙන්ම එය ඉවත් කරගන්න.

ටිෂු කැබැල්ලක ආධාරයෙන් හොඳින් තෙත මාත්තු කරගන්න. ඉන් පසුව අපි කල යුත්තේ ස්වාභාවික ටෝනර් වර්ගයක් පුළුන් කැබැල්ලකින් මුහුණේ ආලේප කර ගන්න.

 

ස්වභාවික විදිහට ටෝනර් වර්ග සාදා ගන්නා ආකාරය

  • රතු රෝස පෙති පිරිසිදු වතුරට දමා රාත්‍රියේ වසා තබන්න. පසු දා උදැසන පෙරා එය භාවිතය ගන්න.
  • පිපිඤ්ඤා බ්ලෙන්ඩ් කර පෙරා ඉස්ම ගන්න.
  • සමන් පිච්ච මල්, සේපාලිකා මල්, පිරිසිදු වතුර වීදුරුවකට දමා රැයක් පෙගේන්නට දමා පසු දා උදැසන පෙරා ගන්න.

 

මේ සියල්ල ශීතකරණයක දමා දින 05ක් පමණ යනතුරු කල් තබා ගත හැක. එසේ කිරීමට අපහසු නම් ඔබට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගෙන ටෝනර් සාදා ගන්න.

මෙම සත්කාරය කිරීමෙන් පසුව හිරු රශ්මියට නිරාවරණය විම හැකිතාක් අවම කර ගන්න. එසේ නොමැති නම් හිරු කිරණෙන් සම ආරක්ෂා කරන ආලේපනයක් භාවිතා කරන්න. මෙම ප්‍රතිකාරය උදැසන 7 -11 සහ සවස 2 – 5 අතර කාලය තුල කරන්න. එසේත් නොමැති නම් මේ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ රාත්‍රී කාලයයි. මේ සත්කාරය කිරීමෙන් පසුව එදින රාත්‍රියේ සහ පසුදා උදැසන සබන් නොයොදා අයිස් වතුරෙන් පමණක් මුහුණ සෝදන්න. සෙම බහුල අයෙක් නම් මඳ රස්නය ඇති ජලය පමණක් භාවිතා කරන්න.

පසු දින සවස් වරුවේ සිට ඔබ සුපුරුදු ලෙස මුහුණ සේදීම කල යුතුය. මෙම ස්වභාවික සත්කාරය කිරීමෙන් පසුව නැවත සති 2ක් යන තෙක් ස්ක්‍රබ් කිරීම හෝ ෆෙෂල් කිරීම එතරම් යෝග්‍ය නැහැ.

මෙහි ප්‍රතිඵල හොඳින්ම දැක ගත හැක්කේ දවස් දෙකක් පමණ ගිය පසුය. එසේනම් ඔබත් දිදුළන රන්වන් පැහැපත් සමක් ලබා ගැනීමය කැමති යුවතියක් නම් මෙම ක්‍රමය අත් හදා බලන්න.

 

දවස් දෙකෙන් සුදු වෙන්න කැමති ඔයත් මේ ක්‍රමය අත්හදා බලන්න

තම හොඳම මිතුරන් සමඟ විවාහ වූ බොලිවුඩ් තරු

ශ්‍රී ලංකාවේ අපි සිනමා රසිකයින් විදියට ඉන්දියාවේ බොලිවුඩ් තාරකාවන් ගැන තිබෙන්නේ නිරන්තර අවධානයක්.මේ සිනමා තාරකාවන්ගේ ආදර කතාත් ඒ තරම්ම අපේ කුතුහලය අවුස්සන සුළුයි.මෑතකදී ඉන්දියාවේ...

මේ මගේ කතාවයි -07 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

මහනුවරට යලිත් ඇඳිරිනීතිය

පෙරේදා රාත්‍රියේ ( 05-03-2018 ) තෙල්දෙණියේ සහ දිගන ඇති වූ කලහකාරී සිදුවීම් අද උදෑසන ( 07-03-2018 ) වන විට ආරක්ෂක අංශයන් විසින් මුළුමනින්ම පාලනය...

ඔබ මෙහෙමද?  එහෙනම් ඔබ තවමත් කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය ඉවසන කෙනෙකි

හිංසනයක් සිදු වූ විට අඑත් බිය නිසා නිහඬව දරාගෙන සගවා සිටිනවා, කිසිවෙකු සමග බෙදා ගන්නේ නැහැ., හුදකලාව විද  දරාගත යුතු යයි සිතනවා. හිංසනයක් සිදුවීම  තමන්ගේ...

පවුල් සැලසුම් ක්‍රම නිසි ආකාරව භාවිතා කරන ආකාරය

පහුගිය සතියේ පවුල් සැලසුම් ක්‍රම ගැන අපි ඔබව දැනුවත් කළා. ඉතින් අපි මෙවර ඔබව ගැඹුරින් කථා කරන්න යන්නේ එම පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරන...

නිරෝගිමත් සිරුරකට චොක්ලට් කදිමයි

බොහෝ දෙනා හිතන්නේ චොක්ලට් (chocolate) කියන්නේ ඉතාමත් රසවත් ප්‍රණීත ආහාරයක් ( food ) පමණයි කියලා. එක ඇත්ත. නමුත් ඔබ දන්නවාද චොක්ලට් ඉතාමත් පෝෂ්‍යදායි (...

කාර්යාලයට යන යුවතියන්ට ගැලපෙන්නේ මෙන්න මේ විදිහටයි

රැකියාවක් කරන කාන්තාවන් ගොඩක් වෙලාවට අපහසුතාවයට පත්වෙන්නේ රැකියාවට ගැලපෙන්න ඇඳුමක් තෝරන්න ගියාම තමයි. වෘත්තිමය පෙනුමයි විලාසිතාවයි අතර එහෙට මෙහෙට කැරකෙන වෙලාවල් අපිට ඕනි තරම්...

ආහාර පිසීමේදී මේ ගැනත් හිතන්න

අපි ගොඩක් නොදන්නා කාරනාවල් කිහිපයක් ගැනයි අද අපි ඔයාලව දැනුවත් කරන්න යන්නේ. ආහාර පිසීමේදී මේ දේවල් අනුගමනය කිරිමව වඩාත් වැදගත් වෙනවා 1) කරවල, මස්, මාළු...

හරියට fashion කරන්න කැමති ඔයාට

හරියට fashion කරන්න කැමති ඔයාලව දැනුවත් කරන්න මේ ලිපි පෙලින් අපිත් එක්ක එකතු වෙන්නේ කනිෂ්ක සගබෝ ඩයස් මොස්තර නිර්මාණ ශිල්පියෙක් විදිහට ඉතාමත් කෙටි කලකින් ක්ෂේත්‍රයේ...