පුංචි පුංචි බිස්නස් වලින් ගොඩ එන්න උත්සහ කරන පුංචි ව්‍යාපාරිකයන්ට සල්ලි නැතිව සල්ලි හොයන ක්‍රම කිහිපයක් ගැනයි අපි ඔබට කියල දෙන්න යන්නේ. ඉතින් අපි මේ කතා කරන්න යන්නේ ආපන ශාලා ගැනයි. සමහර විට ඔබත් ඔබේ නිවසේ හෝ පාරේ හන්දියක පුංචි හෝටලයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් උදේට කොළ කැඳ ටිකක් හවසට ආප්ප ටිකක් පුංචි ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. ඔබ මේ කුමන ව්‍යාපාරයක් කලත් මේ ලිපිය ඔබේ එම ව්‍යාපාරය දියුණු කරගන්න පුංචි පිටුවහලක් වේවි.

 

රසය

හෝටලයකට පාරිභෝගිකයෙක් ගොඩවදින්නේ ඇයි කියලා ඔබෙන් ඇහුවොත් ඔබ සතුව පැහැදිලි උත්තරයක් තියනවද? බඩගින්නට.. පිපාසයට.. කුස පුරවා ගන්නට.. වැනි විවිධ උත්තර ඔබ දෙවි. හැබැයි ඔබ හෝටල් ව්‍යාපාරයක නියම හැඩය හඳුනාගත් අයෙක් නම් ඔබේ පිළිතුර මේ එකක් වත් විය නොහැකියි.
” රසට, පිරිසිදුවට කෑම ටිකක් කන්න.” අන්න ඒක තමයි ඒ ප්‍රශ්නෙට හරිම උත්තරේ. ” රසට පිරිසිදුවට කෑම කන්න. ” ඔබ නොදන්නවා වුනාට ලෝකයේ බොහෝ තරු පන්තියේ හෝටල්වල හිමිකරුවන් වැඩි ප්‍රසිද්ධියක් දෙන්නේ ආහාර වලටවත් එහි ඇති පහසුකම් වලටවත් නෙමෙයි. ඒ ප්‍රධාන කෝකියාට. මොකද හෝටලයක ප්‍රමුඛ වගකීම විය යුත්තේ පාරිභෝගිකයාගේ දිව පිනවීමයි. කොච්චර බඩගිනි තිබුනත්.. කොච්චර පිපාසය තිබුනත්.. කිසිම පාරිභෝගිකයෙක් රස නැති කඩයකින් කෑම ටිකක් කන්නට ගොඩ වෙන්නේ නැහැ නේද? ඒ නිසා ඔබ ඔබේ අවන්හල් ව්‍යාපාරයේදී අන් සියල්ලට වඩා ආහාර වල රසය පිළිබඳව සැලකිලිමත් වීම බොහෝ සෙයින් වටිනවා..

 

ස්වභාවික රස කාරක

රසය ගැන කතා කරද්දී බොහෝ හෝටල් වල හිමිකරුවන් කරන දෙයක් තමයි තමන්ගේ ආහාර රසවත් කරන්නට කෘතීම රස කාරක යොදා ගැනීම. ඉස්සර පාරිභෝගිකයෝ කෘතීම රස කාරක වල රසයට රවටුනාට දැන් අපේ රටේ අලුතින් ගොඩනැගෙන ආහාර සංස්කෘතිය තමයි ” වස විස නැති ආහාර ” සංස්කෘතිය. සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයෙක් වුණාම නිතරම පාරිභෝගික රැල්ල මොකක්ද කියලා අවබෝධ කරගෙන ඉන්නම ඕනි.

 

අවන්හලේ පෙනුම

මිනිසුන් බොහොම කැමතියි නිස්කලංක ස්ථානයක පිහිටා ඇති සුන්දර කුඩා අවන්හල් වලට. එම අවන්හල් වල විශේෂත්වයක් තිබෙනවා. ව්‍යාපාරිකයෙකු වශයෙන් අඩු පිරිවැයකින් වැඩි ආකර්ශනයක් සහිත අවන්හල් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන සෑම පුංචි වයාපාරිකයෙක්ම අවධානය යොමු කළ යුතු ඒ විශේෂත්වය තමයි සරල බව සහ ආකර්ෂණිය නිමාව. ආකර්ෂණිය අවන්හලක් කිවුව ගමන් බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ ටයිල් අල්ලපු.. ඒ සි කරපු..
විදුරු වලින් කොටු කරපු.. තනි වර්ණයක.. වටිනා තිර රෙදි අල්ලපු අවන්හලක්නේ. එත් පුංචි වයාපාරිකයෙක්ට එවැනි සුඛෝපභෝගී අවන්හල් නිර්මාණය කිරීම පහසු නැහැ. අනික පාරිභෝගිකයෙකුගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකි අවන්හලක් නිර්මාණය කිරීම ඔබ හිතන තරම් අපහසුත් නැහැ.

ඔබට පරිසරයේ සුන්දරත්වය හඳුනා ගැනීමට හැකි නම් නිතර සෙවණ දෙන විසල් ගසක් පියස්සක් කරගෙන වුනත් අළුත් සංස්කෘතියේ අවන්හලක් නිර්මාණය කරගන්නට හැකියාව තිබෙනවා. කොහොමත් පරිසර උෂ්ණත්වය එන්න එන්නම ඉහළ යන මේ ලෝකයේ ඇස්බැස්ටෝස් පියස්සක් යට දාඩිය පෙරාගෙන ආහාර ගන්නවාට වඩා තුරු වියනක සිසිලස යට හුළං ටිකක් වැදි වැදී ආහාර ගන්නට පාරිභෝගිකයෝ කැමතියි.

එවැනි තුරු වියනක් නැතත් ස්වභාවික පරිසරයෙන්ම නොමිලේම සොයාගත් අමුද්‍රව්‍ය යොදාගෙන ( උණ, වෙරළු අරටු, පොල් ගස්, පුවක් ගස්, ලී දඬු, මැටි, කබොක් ගල් ආදී ) අලංකාර අවන්හල් නිර්මාණය කිරීමේ හැකියාව ඔබට තිබෙනවා. අවශ්‍ය වන්නේ ඒ ස්වභාවික අමුද්‍රව්‍ය ආකර්ශනියව පෙළගැස්වීමේ නිර්මාණාත්මක ඇසක් විතරයි.

පුංචියට හරි හෝටලයක් පටන් අරගෙන ” වස විස නැති රස ආහාර ” සපයන පුංචි අවන්හලකින් ජීවිතය දිනන්නට සිහින මවන ඔබ වෙනුවෙන් තවත් ලිපි පෙළකින් අපි නැවත හමුවෙමු.

මුදල් නැතිව මුදල් සොයන බිස්නස් කලාව

එදිනෙදා ජීවිතයේදී බර අඩු කර ගැනීමට උපකාර වන tips 12 ක්

තරබාරු කාන්තා ඔබට , සමහර විට ගෙදර දොරේ වැඩ කටයුතු එක්ක බර අඩු කර ගැනීමට ව්‍යායාම කිරීමට පවා කාලය අඩු ඇති . එත් කාලය...

සුපර් මාර්කට් මේනියාව ඔබටත් වැළඳිලාද

සුපර් මාර්කට් ( supermarket ) යන නිත්‍ය පාරිභෝගික පිරිස වන්නේ ඉතා සුළු නාගරික පැලැන්තිය විතරයි. අනෙකුත් සාමාන්‍ය පාර්භෝගිකයින් යන්නේ ඉඳල හිටලා පොඩි පාරිභෝගික ආතල් එකක්...

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය දිවිමඩලෙන් සමුගනී

කලා කීර්ති සුමිත්‍රා පීරිස් යනු ශ්‍රී ලාංකීය ප්‍රථම කාන්තා චිත්‍රපට නිෂ්පාදිකාව වන අතර ඇය සියලු දෙනා විසින් හඳුන්වනු ලබන්නේ “සිංහල සිනමාවේ කිවිඳිය” ලෙසිනි. ඇය...

බැඳලා මාස හතයි. ලිංගිකව එකතුවෙලා නැහැ. දැනගන්න කියවන්න

මම ගයානි. අවුරුදු 27ක් වන මම සම්පත් සමඟ විවාහ වෙලා දැනට මාස 07ක් වෙනවා. ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක් කරන අයෙක්. අපි යෝජිත විවාහයකින් විවාහ...

සිහියෙන්ද  TV  බලන්නේ?

සමාධිගේ ගෙදර කට්ටිය හැමදාම රැට tv  බලනව. ටෙලි නාට්‍ය 5ක් වත් දවසකට බලන එක ඔවුන්ගේ පවුලේ පුරුද්දක් වෙලා දැන්. ඒ හැම එකකම තියෙන්නේ උගුල්...

දරුවන්ගේ දත් රැකගන්න දෙමව්පියන්ගේ දායකත්වය අවශ්‍යයි

පාසල් දරුවන් අතර අද දන්තාබාධ ඉතාම සුලබ රෝග තත්වයක් බවට පත්ව තිබෙනවා. හයක් හතරක් නොතේරෙන වයසේදී දරුවන්ට තමන්ගේ දන්ත සෞඛ්‍යය (Health)  ගැන කිසිම වැටහීමක්...

අත්වැල ගිලිහී – 02 කොටස

මිස් ශානිකා නොහොත් විරූපිකා. මට මේ ලෝකේ පේන්නම බැරි ගෑණු චරිතේ. එයා යටගිය දවස බරණැස් නුවර කාලේ ඉඳන් මගේ තාත්තා ගැන hopes තියන් ඉන්නවා....

තරුණ දිනය දා බයිසිකල් පදින්නයි ඇවිදින්නයි කොළඹට මහ සෙනඟක්

ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් SDG Youth Network of Sri Lanka (SDGYNSL) මඟින් සංවිධානය කළ පාපැදි සවාරිය සහ පා ගමන පසුගිය 14 වැනි දින (2019...

ගොනෝරියා රෝගය ලිංගාශ්‍රිත රෝගයක් ද

පසුගිය ලිපියෙන් ලිංගික රෝග ඇතිවෙන්නේ කොහොමද කියලා අපි ඔබව දැනුවත් කළා. මෙම ලිපියෙන් අපි අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වන්නේ ලිංගික සම්බන්ධයක් නිසා නැත්නම්...