මේ උදා වෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න කේක් වර්ග කිහිපයක් සාදා ගන්නා ආකාරයයි අපි ඔබට කියලා දෙන්නේ.

 

 

 

මාවා කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි කෝප්ප 1 1/2
කිරිපිටි කෝප්ප 1/2
සීනි කෝප්ප 3/4
බටර් 60g
බිත්තර 03
බේකින් පවුඩර් තේ හැඳි 01
කරදමුංගු කුඩු තේ හැඳි 1/2
කිරි මේස හැඳි 02
කජු පළු 25

 

සාදන ක්‍රමය

භාජනයකට සීනි, බටර් සහ කිරිපිටි එකතු කර ක්‍රීම් වනතුරු හොඳින් ගසන්න. එයට බිත්තරය බැගින් එකතු කරමින් ගසන්න. පිටිවලට බේකින් පවුඩර් සහ කරදමුංගු කුඩු එකතු කරමින් තුන්පාරක් හලන්න. දැන් පළමුව සදා ගත් මිශ්‍රණයට පිටි ටික ටික මිශ්‍ර කරන්න. අඟල් 9×9 තැටියක් ගෙන එයට බටර් ස්වල්පයක් තවරා තෙල් කඩදාසියක් දමා මිශ්‍රණය දමා කජු පළු උඩින් අතුරා අවන් එකේ තැටිය තබා 180°C උෂ්ණත්වයට විනාඩි 30 – 45 අතර කාලයක් බේක් කරගන්න.

 

 

 

මින්ට් චොක්ලට් යුරෝ කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි 275g
සීනි 500g
ඩෙසිකෙටඩ් පොල් 75g
බේකින් පවුඩර් තේ හැඳි 1
කොකෝවා කුඩු 75g ආප්ප සෝඩා තේ හැඳි 2
එළවළු තෙල් 120ml
බිත්තර 4
වැනිලා තේ හැඳි 1
බටර් මිල්ක් 240ml
ෆ්‍රේෂ් කිරිවලට ලෙමන් යුෂ මේස හැඳි 1ක් දමා මිනිත්තු 5ක් තබන්න. එය බටර් මිලක් ය.
ක්ෂණික කොපි වලින් තේ හැඳි 2කින් සාදා ගත් කොපි කෝප්ප 1

 

සාදන ක්‍රමය

පිටි. කොකෝවා පවුඩර්; ආප්ප සොඩා බේකින් පවුඩර් එකතු කර තුන් පාරක් හලන්න. වෙනත් බඳුනක් ගෙන එයට බටර් මිල්ක් එළවළු තෙල්, සීනි , බිත්තර, වැනිලා දමා මඳ වේගයකින් විනාඩි 5ක් ගසන්න. පිටි මිශ්‍ර කර 180°C උෂ්ණත්වයට විනාඩි 35 – 40 ක් බේක් කරන්න.මෙය හොඳින් නිවුණු පසු බත් කොලයක ඔතා පැය 2ක් ශීතකරණයේ තබන්න.

 

.

 

ජින්ජර් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

සිනි 250g
බටර් 250g
පිටි 250g
බිත්තර 04
ගසා ගත් විප්ඩ් ක්‍රීම් මේස හැඳි 02
සීනි සිරප් වල දමා පදම් කරගත් ඉඟුරු 25g
වැනිලා තේ හැඳි 02
බේකින් පවුඩර් තේ හැඳි 02

 

බටර්, සීනි, බඳුනකට දමා ගසන්න. එයට බිත්තරය බැගින් එකතු කරමින් ගසන්න. එයට ඉඟුරු වලින් 1/2ක් කුඩාවට කපා දමා මිශ්‍ර කර තැටියට තෙල් කඩදාසියක් දමා බටර් ආලේප කර මිශ්‍රණය දමන්න. මෙය 180°C උෂ්ණත්වයට විනාඩි 30 – 40 අතර කාලයක් බේක් කරගන්න. මෙය බේක් වූ පසු තැටියෙන් ඉවතට ගෙන ජින්ජර් ක්‍රීම් වලින් සරසන්න.

ජින්ජර් ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය

ජින්ජර් 25g
විප්ඩ් ක්‍රීම් තේ හැඳි 02
අයිසින් සීනි 150g
බටර් 75g

සාදන ක්‍රමය

පළමුව ජින්ජර් බ්ලෙන්ඩරයට දමා කුඩු කරන්න. බටර් සහ අයිසින් සීනි හොඳින් ගසන්න. එයට ජින්ජර් මිශ්‍රණය දමා මිශ්‍ර කරන්න. විප්ඩ් ක්‍රීම් ද දමා අනිත් පළුවෙන් වසා නැවතත් ජින්ජර් අයිසින් වලින් වසන්න

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අනෝමා ජනාදරීගේ “ප්‍රේම ජවනිකා”

මෙවර අපි Hardtalk තුලින් කථා කරන්නේ අපේ රටේ සම්මානනීය ජනප්‍රිය නිලියක් වන අනෝමා ජනාදරී සමඟයි. මෑතක දී ඇය බොහෝ දෙනා අතර කථා බහට ලක් වුන චරිතයක්. ඉතින්...

කටට රසට අච්චාරු

ඇඹරැල්ල අච්චාරු අවශ්‍ය ද්‍රව්‍ය : පැසුණු ඇඹරැල්ල ගෙඩි 07 අඹරාගත් අබ මේස හැදි 01 විනාකිරි මේස හැඳි 01 අඹරාගත් ගම්බිරිස්, මිරිස් මේස හැඳි 01 සිනි තේ හැඳි 01 ලුණු කුඩු තේ...

විරාග රාගය

කාලෙකට පස්සේ අහන්න ලැබුන අලුත්ම විදිහේ duet song එකක් තමයි "විරාග රාග " කියන්නේ. එයිනුත් වඩාත් විශේෂම දේ තමයි පිරිමි ගායකයින් දෙදෙනෙකු ගායනයේ යෙදීම...

චාරිකා – 02 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

පළමු රන්දෝළි පෙරහර අද

මහනුවර ශ‍්‍රී දළඳා මාලිගාවේ 2019 ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙන බව මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප‍්‍රදීප්...

සීත මිලානෝවේ සිහින කුමිරිය

Model -   Mihiri Anadewa Photography - Moorthi U Senewirathna

ජාතික වනෝද්‍යානය නරඹා අතේ ඇති මුදලට සතුටු වෙන්න එන්න උඩවලව Happy elephant resort

දෙස් විදෙස් සංචාරකයන් වසර පුරාම දැක ගත හැකි සංචාරක ප්‍රදේශයන් අතුරින් උඩවලව ප්‍රදේශයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. උඩවලව ජාතික උද්‍යානය, ඇත් අතුරු සෙවණ, රිදීගම...

දරුවන්ගේ කෑම පෙටිටියට අලූත් යමක්

දරුවන් ( children ) වෙනුවෙන් උදේ පාන්දර පටන් පිලියෙළ කරන දිවා ආහාරය ඔවුන් අතවත් නොතබා නැවත ඒ විදිහටම නිවසට රැගෙන ආ විට අම්මා ආවේශ...

මහත වැහෙන්න ඇඳුම් අඳින්නේ මෙහෙමයි

ඔබත් ඔබේ මහත (fat) නිසා පිඩා විඳිනවද? මහත වැඩි ඔයාගේ මහත වහගන්න ක්‍රමයක් ගැනයි අපි අද ඔයාට කියලා දෙන්නේ. අපි මුලින්ම බලමු මහත වහගන්න මොනවගේ...