මේ කථාව එක් අතකින් සමාජ ව්‍යසනයක්. තවත් පැත්තකින් පවුලේ ඛේදවාචකයක්. අපේ රටේ සිදුවන්නේ සමාජ විපර්යාසයක් කියලා ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. අපි මේ ප්‍රශ්ණය මුලින්ම හොදට තේරුම් ගන්න ඕනි. ඊට පස්සේ එකෙන් ගැලවෙන්න ක්‍රියාත්මක වෙන්න ඕනි.

ප්‍රශ්ණය බොහොම සංකීර්ණයි. දරුවා නව යොවුන් වියට පිවිසෙනවා. කායික, මානසික වෙනස්කම් ඇතිවෙන්න පටන් ගන්නවා. වෙසෙසින්ම සිතේ ඇතිවෙන පිබිදීම, සිතේ ඇතිවන උත්තේජනය මේ දරුවාට ඔරොත්තු දෙන්නේ නැහැ. ගංගාවක් ගලනවා වගේ සිත ඇතුලේ සිතුවිලි ගලාගෙන එන්න පටන් ගන්නවා. බොහෝ දේවල් සිතන්න පටන් ගන්නවා. ගහක මලක් පිපුණත්, කුරුල්ලෙකු නාදයක් නැගුවත් ඒ තුලින් පවා හැඟීම් ඇති වෙන්න පටන් ගන්නවා. ඉර පායන බහින එක, හඳ පායන බහින එක පවා දකින්නේ අමුතු විදිහට. එතෙක් තමා විරුද්ධ ලිංගිකයන්ගේ නොදුටු සුන්දරත්වයක්, ආකර්ෂණයක් දකින්න, දැනෙන්න පටන් ගන්නවා.

මේ ඔක්කොම එකතු කළාම එකට තමයි යෞවනය කියන්නේ. එක තමයි වැඩිහිටිවියට පා නගන පාලම. එත් දරුවා මේක දන්නේ නැහැ. දරුවා පාලම උද පිම්මේ දුවන්න පටන් ගන්නවා. අතක් පයක් බැරි වුනොත් වැටෙන්නේ මහා ප්‍රපාතයකට. ඒ විදිහට කොයි තරම් නම් මේ දරුවා ප්‍රපාතයට වැටෙනවාද? එතකොට තමයි අම්මලා තාත්තලා කම්පා වෙන්නේ. හඬා වැලපෙන්නේ.

දරුවන්ගේ මේ හැම වෙනස්කමක්ම සිද්දවන්නේ එක් පැත්තකින් මොළය ක්‍රමයෙන් පරිණත වෙන නිසා. අනිත් පැත්තෙන් සිරුර තුලට ශ්‍රාවය වන හෝමෝන කියන රසායන ද්‍රව්‍යක් නිසා. අපගේ සිරුර පාලනය වන්නේ මොළයේ තියෙන ස්නායු වලින් සහ හෝමෝන කියන රසායන ද්‍රව්‍යයන්ගෙන්. ඉතින් යෞවනත්වය අත්පත් කර දෙන්නත් මේ දෙන්නම තමයි.

හැම සතෙකුගේම ජීවිතය ගලාගෙන යන්න සලස් වන්නේ මේ ස්නායු සහ හෝමෝන කියන කොටස් දෙකයි. ඒවාට අවනත වෙනවා හැරෙන්න සතුන්ට වෙන කළහැකි දෙයක් නැහැ. එහෙත් මිනිස්සු වන අපේ වෙනසක් තියනවා. අපට ” උසස් මධ්‍යස්ථාන ” කියලා කොටසක් මොළයේ තියෙනවා. එමඟින් අපේ සිතුවිලි පාලනය කිරීමේ හැකියාව අපට ලැබෙනවා. හොඳ නරක පිලිබඳ අවබෝධය, ශිෂ්ඨසම්පන්න ලෙස ජිවත් වීමේ හැකියාව, ලිංගිකත්වය සහ අනිත් අයට වඩා ඉහලින් සිටීමේ මුලික ආශාවන් පාලනය කිරීමේ හැකියාව අපට තිබෙනවා.

ඒ වුනත් අපට මේ හැකියාවන් ඉබේ ලැබෙන්නේ නැහැ. ඒ සඳහා සමාජ වටපිටාව, අන් අයගේ ආදර්ශය, හොඳ දේ අගය කිරීම වැනි බොහෝ දේ වැදගත් වෙනවා. ඒ නිසා ඔබේ දරුවා සමඟ නිතරම කතා කරන්න. ආදරයෙන් කතා කරන්න. මෙම ලිපිය වැනි මෙම විෂයට අදාළ දේ කියවන්න දෙන්න. දරුවාට තම සිරුරේ ඇතිවන වෙනස්කම් පිළිබඳව අවබෝධ කර දෙන්න.

ඒ සමඟම සමාජ වෙබ් අඩවිවල ඇතිදේ පිළිබඳව අවබෝධ කරවන්න. විවිධ විකෘති මනස ඇති සම වයසේ අය මෙන්ම වැඩිහිටියන් ඒවාට තොරතුරු ඇතුළු කරනබව කියා දෙන්න. එමෙන්ම ඔබද එම තාක්ෂණයම භාවිතා කරමින් ඔබ හරි යැයි විශ්වාස කරන දේ දිගටම දරුවාගේ හිතට නැවත නැවතත් ඇතුළු කරන්න. ඔබගේ එම වෑයම ඉතා ප්‍රවේශමෙන් දිගටම සිදු කල විට දරුවාගේ සිත වෙනස් වීමට පටන් ගනීවි. කිසිම විටෙකත් ඔබ පරාජය භාරගන්න එපා. ” මට නම් දැන් ඇතිවෙලා. මට බැහැ මේ වදේ තවත් විඳින්න. ඔන්න ඔහේ ඕන එකක් කර ගත්ත දෙන්….. ” කියා මොහොතකවත් හිතන්න එපා.

සැබවින්ම කිවහොත් යෞවනය සකස් කිරීමේ, යෞවනය නිසිමඟට ගැනීමේ විශාල කාර්යභාරයක් මවුපියන්ටත් තියනවා. එය වගකීමෙන් යුතුව ඉටු කරන්න. එවිට ඔබට ජයගත හැක. ඔබේ දරුවා සමාජයට වැඩදායි පුද්ගලයෙකු කළ හැකියි.

උපුටා ගැනීමකි

දරුවාගේ යෞවනය සකස් කිරීමේ වගකීම ඔබටයි

හිස කෙස් රකින ස්වභාවික සත්කාර

ඔබටත් හිස කෙස් පැසීම/ ගැලවී යාම/ හිස කෙස් තුනී වීම/හිස් හොරි ආදී ප්‍රශ්න තියෙනවද? කොතරම් ප්‍රතිකාර කලත් මේ සඳහා විසඳුමක් නැ කියන ඔයාලට අද...

ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික ක්‍රියාකාරීන් ඇති වන්නේ ඇයි – 1 කොටස

ලිංගික ක්‍රියාකාරීන් ( ගණිකාවන් ) රැසක් ඇතිවන්නේ මොන මොන හේතුන් නිසාද? සමාජයක් ලිංගික ක්‍රියාකාරකම් වලට නතු වන්නේ මොන විදිහට ද? මේ ප්‍රශ්න වලට උත්තර...

අදත් මහනුවරට ඇඳිරිනීතිය

නුවර නගර සභා සීමාවට හැර මහනුවර දිස්ත්‍රිකයේම රාත්‍රී 8.00 සිට හෙට අළුයම 5.00 දක්වා නැවතත් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කරයි.

ඔබ නිදන ඉරියව්වෙන් කියවෙන ලිංගික රහස්

නිදාගැනීමේදී කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම විවිධ ඉරියව් භාවිතා කරනවා. ඉතින් මේ ඉරියව් මඟින් ලිංගිකත්වය පිලිබඳ අනාවැකි කියවෙන බව ඔබ දන්නවාද?   මෙහිදී ඔබ යම්කිසි ආකාරයකට ඔබගේ...

Fuze 2018

විදුර විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කරන “Fuze 2018” ප්‍රසංගය 2018 ජනවාරි 27 වන දින ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ. භාතිය සන්තුෂ්, සනුක, ලහිරු, සහ...

හිරු එලියට නිරාවරණය වීමෙන් ඔබේ ශරීරයට ලැබෙන වාසි

හිරු එළිය යනු මිනිසුන් සහ සතුන් සියල්ලන්ටම ස්වභාවධර්මය මඟින් ලැබුණු අපුරු දායාදයකි. ශාකයන් හි පැවැත්ම සඳහා හිරු එළිය ඉතාම වැදගත් වේ. එලෙසින්ම මිනිසාට ද...

වේගවත් ව පරිගණකය හසුරුවන අලුත් තාක්ෂණය -ලීප් මෝෂන් (Leap motion)

ලීප් මෝෂන් කියන්නේ සාමාන්‍ය මවුස් එකක් හෝ කී බෝඩ් (key board) එකකටත් වඩා පහසුවෙන් touch screen එකකටත් වඩා වේගයෙන් computer එක හා සම්බන්ධ විය හැකි තාක්ෂණයක්,...

ඔබ ඔබේ හඬ සොයාගන්න

මම වැඩෙමින් සිටි කාලෙයේ මගේ තාත්තා කියපු දෙයක් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. " පුතා ඔයා ඉපදුන මොහොතේ හැමෝම සතුටු වුන වෙලාවේ ඔයා ගොඩාක්...