Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

එක එක කෑමට එක එක තෙල් වර්ග

අවුරුදු කලෙත් ළඟ ළඟම එනවා. මේ දවස්වල අපේ ගෘහනියන්ට නම් කුස්සියේ බරටම වැඩ වැඩි වෙන කාලයක්. ඒ වගේම තමයි එක එක වර්ගයේ කෑම ජාති හදන්න වෙන කාලයෙක් තමයි මේ අවුරුදු කාලේ කියන්නේ. ඒවා අතරින් තෙල් කෑම වලට ලැබෙන්නේ ඉහල තැනක්. අද අපි කියල දෙන්නේ විවිධ කෑම වර්ග වලට ගැලපෙන තෙල් වර්ගය මොකක්ද කියලා

පොල්තෙල්
දේශීය ව්‍යංජන වර්ග, කැවිලි වර්ග, දේශීය කෙටි කෑම වර්ග පොල්තෙල් වඩාත් සුදුසුය. පොල්තෙල් වලටම අවේනික විශේෂ සුවඳක්ද ඇත. ඒ නිසා විදේශීය කෑම වර්ග සැදීමට නුසුදුසු වන්නේ පොල්තෙල් සුවඳ හා රසය ලැබීමයි.

එළවලු තෙල්
කෙටි කෑම වර්ග සහ චීන සහ විදේශීය කෑම වර්ග පිසීමේදී සහ බේකරි වර්ග සෑදීමට බහුලව භාවිතා කරයි. මෙම තෙල් වල විශේෂ සුවඳක් නැති නිසා ආහාරයේ නියම රසය ඉස්මතු කරගැනීමට උපකාරී වේ. තෙල් රත්විමේදී තෙල් කලුවිම, මුඩු වීම සිදු නොවේ.

ෆාම් තෙල්
වෙළඳ පොලේ අඩුම මිලක් ඇති තෙල් වර්ගය මෙය වේ. ආපන ශාලා හා චයිනීස් අවන්හල්වල බහුලව භාවිතා කලත් ශාරිරයට හිතකර තෙල් වර්ගයක් නොවේ. මෙම තෙල් වර්ගයත් එළවලු තෙල් මෙන්ම සුවඳක් ඇති තෙල් වර්ගයක් නොවේ. ඕනෑම අහාරයකට භාවිතා කල හැකිය.

ඔලිව් තෙල්

පෝෂණ ගුණයෙන් ඉතා වැඩිය. මිල අධික තෙල් වර්ගනයකි. ඉහල ප්‍රතිපල ලබා ගැනීමට නම් උසස් තත්වයේ ඔලිව් තෙල් භාවිතා කල යුතුය. යුරෝපිය කෑම වර්ග පිසින විට බහුලව භාවිතා කරයි. විශේෂයෙන් සලාද වර්ග සඳහා ඔලිව් තෙල් යොදා ගනී. ඔලිව් තෙල් වලින් පිසූ විට ඉතා ප්‍රනීත රසයක් ආහාර වලට ලැබේ.

තල තෙල්
ඉන්දියානු ආහාර සෑදීමේදී බහුලව භාවිතා කරන මෙහි පෝෂණ ගුණය ඉතා ඉහලය. තෙල් බින්දු කිහිපයකින් අහාරයේ රස ඉස්මතු කිරීමට මෙම තෙල් වර්ගයට හැකියාවක් ඇත. එහෙත් තල තෙල් වැඩිපුර භාවිතා කළහොත් අහාරයෙන් අමිහිරි රසයක් ඉස්මතු වේ.

කෝන් තෙල්
තරමක් මිල අධික තෙල් වර්ගයකි. මෙම තෙල් ද්ශීය හා විදෙශීය කෑම වර්ග පිසීමට කදිමය. ඔලිව් තෙල් නැති අවස්ථා වලදී කෝන් තෙල් සලාද සඳහා භාවිතා කල හැකිය.

සෝයා තෙල්
සෝයා තෙල් වල එයට ආවේනික රසයක් හා සුවඳක් ඇත. දේශීය හා විදේශීය කම සැදීමට උපකාරී වේ. එහෙත් බේකරි කෑම වලට එතරම් සුදුසු නැත.

Popular Articles