මේ ළඟ ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න අපි අලුත් විදිහේ කෑම වර්ග ටිකක් හදමු.

 

බනානා බ්‍රෙඩ්

අවුරුදු කාලයේදී සෑම ගෙදරකම පිරිලා තියෙන පළතුරක් තමයි කෙසෙල් කියන්නේ. එත් වැඩි කාලයක් තියාගන්න බැරි නිසා සමහර වෙලාවට ගොඩාක් කෙසෙල් අපතේ යනවා. ඉතින් මේ අවුරුද්දේ එහෙම වෙන්න දෙන්නේ නැතුව රසම රස බනානා බ්‍රෙඩ් එකක් හදා ගමු.

 

 

අවශ්‍ය ද්‍රව්‍ය
ලෙලි ඉවත් කරගත් කෙසෙල් 500g
සීනි 500g
පිටි 500g
බිත්තර 06
බේකින් පවුඩර් 12.5g
බේකින් සෝඩා 15g
දියකර ගත් කිරිපිටි 110ml (මේස හැඳි 3)
කෝර්න් ඔයිල් 110ml
පොඩි කරගත් කජු ( සරසා ගැනීමට )

සාදා ගන්නා ආකාරය
පළමුව කෙසෙල් සහ සීනි එක භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඒ අතරතුර වරින් වර බිත්තරය බැගින් එකතු කරගන්න. ඉන්පසුව පිටි වලට බේකින් පවුඩර් සහ බේකින් සෝඩා එකතු කර පෙනේරයකින් හලාගන්න.පසුව ඒ පිටි ටික කෙසෙල් මිශ්‍රණයට එක් කර හොඳින් කවලම් කරගන්න. දැන් මෙම මිශ්‍රණය බේක් කරගන්නා බඳුනට දමා එයට උඩින් විසිරන සේ කජු දමා ගන්න. දැන් එය මිනිත්තු 45 – 55 ත් අතර කාලයක් 180 °C උෂ්ණත්වයකින් බේක් කරගන්න.

 

 

පළතුරු කේක්

 

අවුරුදු කාලේ කියන්නේ පවුලේ හැමෝම එකට ඉන්න කාලයක්. ඒ වගේම වෙනදාට වඩා ගොඩක් අය නිවසට එනවා. ඉතින් ඒ හැමෝටම පිළිගන්වන්න වගේම අවුරුදු මේසයට තියන්න අතුරුපසක් විදිහටත් රසම රස පළතුරු කේක් එකක් හදා ගන්න ඔබටත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය
බටර් 600g
අයිසින් සීනි 500g
කිරිපිටි තේ හැඳි 4
බිත්තර 5
පිටි 600g
බේකින් පවුඩර් 10g
රේසින්ස් 300g
කැබලි කරගත් වියළි පළතුරු
කැබලි කරගත් ඉඟුරු 10g

සාදා ගන්නා ආකාරය
බටර්, අයිසින්, සීනි කිරිපිටි සහ ඉඟුරු එකට දමා හොඳින් බීට් කරගන්න. එයට බිත්තර එක කරන්න. පසුව ඔබ ගන්නා පළතුරු, පිටි 50g සමඟ වෙනම භාජනයක මිශ්‍ර කරගන්න. පසුව ඉතුරු පිටි වලට බේකින් පවුඩර් එක් කර පෙනේරයකින් හලා ගන්න. ඒ පිටි ටික ටික බටර් මිශ්‍රණයට එකතු කරමින් අතට නොදැනෙන සේ කේක් හැන්දකින් සෙමින් කවලම් කරන්න. අවසානයට එයට පළතුරු එක්කර කවලම් කරගන්න. දැන් කේක් මිශ්‍රණය බේක් කරගන්නා බඳුනට හෝ බඳුන් වලට දමා ගන්න. මිනිත්තු 60ක් පමණ 180 °C  උෂ්ණත්වයකින් බේක් කරගන්න.

 

 

රයිස් පුඩින්

 

 

අපි සහල් වලින් විවිධ කෑම වර්ග හදනවා. ඉතින් මෙදා අලුත් අවුරුද්දේ ඔබට සහල් වලින් සාදා ගන්න පුළුවන් තවත් වෙනස් විදිහේ අතුරුපසක් තමයි රයිස් පුඩින් කියන්නේ. දැන් අපි බලමු රයිස් පුඩින් එකක් සාදා ගන්නේ කොහොමද කියලා.

වශ්‍ය ද්‍රව්‍ය
දියකරගත් කිරිපිටි 500ml ( මේස හැඳි 10 )
බාස්මති සහල් 75g
වැනිලා එසන්ස් 5ml
මී පැණි 40g
ඔරේන්ජ් සෙස්ට් 2g ( දොඩම් ගෙඩියක සිහින්ව කැපූ පිට පොත්ත )
ෆ්‍රෙෂ් ක්‍රීම් 125g

සාදා ගන්නා ආකාරය
මුලින්ම මුට්ටියක් සේ ඇති භාජනයක් ( ගැඹුරු පතුලක් සහිත ) ගන්න. එයට මී පැණි වැනිලා, එසන්ස් සහ ඔරේන්ජ් සෙස්ට් එකතු කර උණු කර ගන්න. දැන් එයට සහල් එකතු කරගන්න ගින්දර අඩු කරගන්න. දැන් එය පියනකින් වසා විනාඩි 30ක් පමණ හොඳින් තම්බා ගන්න. බත සෑදුණු පසු එය ලිපෙන් බා නිවීමට හරින්න. එය නිවුණු පසු එයට ෆ්‍රෙෂ් ක්‍රීම් එකතු කරන්න. අවශ්‍ය නම් එය මතට වියළි මිදී හෝ කජු කැබලි කිහිපයක් දමා සරසා ගන්න.

 

 

 

 

 

අලුත් අවුරුදු කෑම මේසයේ අමුත්තන්ට පිළිගන්වන්න අලුත් විදිහේ කෑම ටිකක් හදමු

නිස්සාර

ගීතය - නිස්සාර ගායනය - අභිෂේකා විමලවීර පද රචනය - අභිෂේකා විමලවීර සංගීතය - දිලුම් තේජන https://youtu.be/ii-Wgr6Qt_c

ආහාර පිසීමේදී මේ ගැනත් හිතන්න

අපි ගොඩක් නොදන්නා කාරනාවල් කිහිපයක් ගැනයි අද අපි ඔයාලව දැනුවත් කරන්න යන්නේ. ආහාර පිසීමේදී මේ දේවල් අනුගමනය කිරිමව වඩාත් වැදගත් වෙනවා 1) කරවල, මස්, මාළු...

ඔබ ඔබේ හඬ සොයාගන්න

මම වැඩෙමින් සිටි කාලෙයේ මගේ තාත්තා කියපු දෙයක් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. " පුතා ඔයා ඉපදුන මොහොතේ හැමෝම සතුටු වුන වෙලාවේ ඔයා ගොඩාක්...

සයිබර් අවකාශීය ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා

මොකක්ද මේ සයිබර් ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා කියන්නේ? මින් අදහස් වන්නේ කාමුක දර්ශන ළමයි ඇතුලත් අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම දීර්ඝ කාලයක් මුළුල්ලේ අන්තර්ජාලය හරහා කරන...

ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික ක්‍රියාකාරීන් ඇති වන්නේ ඇයි – 2 කොටස

සම්භාහන ආයතන වල ගැහැණු ළමයින් ඉන්නේ වෙනත් හේතු සාධක නිසාය. ඔවුන්ගෙන් බොහෝ අය ගම්බද සිංහල හෝ දෙමළ පවුල් වලට අයත් අය වේ. කවදාවත් මේ...

දඬුවම ලැබිය යුත්තේ ගැහැණිය ද

එදාට වඩා අද සමාජය වෙනස් ය. එය හොඳ හෝ නරක කෙසේ වුවද වෙනසක් ඇති බව ඔබට ද වැටහෙනු ඇත. තරුණ වියේ දී විවාහ වීම...

ලිංගික රෝග වළක්වා ගන්න කොන්ඩමයක් භාවිතා කරන්න

වර්ථමාන සමාජයේ බොහෝ දෙනාට ලිංගික ගැටළු පවතිනවා. යම් පුද්ගලයෙක් එක්කෙනෙකුට වඩා බොහෝ දෙනෙක් සමඟ ලිංගික කාර්‍යයන්හි යෙදී සිටී නම් ඔහුට / ඇයට HIV සහ...

චාරිකා – 06 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

පාන් කෑල්ලකට සෙල්ලම් කල පුංචි කොලුවා

ඒ 1989 වසරයි. ජෙමෙයිකාව ලොව අවම අඩුම වර්ධන වේගයක් සහිත රටක් වන ජෙමයිකාව එවකට පාන් කැබැල්ලක්, බනිස් ගෙඩියක් වෙනුවෙන්, සිඟමන් යදින දරුවෙන් බොහොම සුලබ...