අලුත් අවුරුදු කෑම මේසේ අලුත් විදිහට සරසන්න අපි අද ඔයාලට කියල දෙන්නේ රසම රස කෑම වර්ග කිහිපයක් සාදන ආකාරයයි.

ඩෝනට්

වශ්‍ය ද්‍රව්‍ය
බේකින් පවුඩර් 550g
සීනි 50g
ඊස්ට් 10g
ලුණු 10g
කිරිපිටි 25g
බටර් 50g
බිත්තර කහ මද 60g
බිත්තර සුදු මද 75g
සිසිල් වතුර 160ml

සාදා ගන්නා ආකාරය
සියලුම වියලි අමුද්‍රව්‍ය භාජනයකට සෙමින් මිශ්‍ර කරගන්න. බීටරයක් ආධාරයෙන් ( Dough hook ) එයට බිත්තර කහ මද සහ සුදු මද වෙන වෙනම එක්කර මිශ්‍ර කරගන්න. එයට සිතල ජලය ක්‍රමයෙන් එක් කර ගන්න. බටර් එක් කරමින් මිශ්‍රණය සුමට වනතෙක් විනාඩි 5ක් පමණ මිශ්‍ර කරන්න. පිටි ස්වල්පයක් ඇතිරූ මතුපිටක විනාඩි 30ක් පමණ මිශ්‍රණය අතුරා තබන්න. පසුව ඩෝනට් අවශ්‍ය ලෙස කපාගෙන විනාඩි 30ත් 40ත් අතර කාලයක් පිපෙන්නට තබා උණු තෙලේ බැදගන්න.

 

 

 

 

වොෆල්

අවශ්‍ය ද්‍රව්‍ය 
පිටි 500g
ලුණු 5g
බේකින් පවුඩර් 35g
සීනි 175g
කිරිපිටි 200g
උණු වතුර 550ml
උණුකරගත් බටර් 200g
බිත්තර කහ මද 7
බිත්තර සුදු මද 7

සාදා ගන්නා ආකාරය
බිත්තර කහමද සහ සීනි සෙමින් මිශ්‍ර කරගන්නා අතරතුර එයට උණු කරගත් බටර් එක් කරගන්න. එයට පිටි සහ බේකින් පවුඩර් එක් කරගන්න. ඉන්පසු උණු වතුරට මිශ්‍ර කරගත් කිරිපිටි එක් කරගන්න. වියලි භාජනයක දමා බිත්තර සුදු මද සහ සීනි හොඳින් ගසා ගෙන මිශ්‍රණයට එක් කරගන්න.

 

 

ස්වීට් කිරි තේ

අවශ්‍ය ද්‍රව්‍ය
කිරිපිටි තේ හැඳි 3
වතුර කෝප්ප 1 1/2
තේ කොළ තේ හැඳි 1
මී පැණි තේ හැඳි 2-3
අයිස් කැට කිහිපයක්
ඉහත ප්‍රමාණයෙන් එක් තේ කෝප්පයක් සාදා ගැනීමට ප්‍රමාණවත් වේ.

සාදා ගන්නා ආකාරය
පළමුව ඔබගේ රසය පරිදි කිරි තේ එක සාදා ගන්න. ඉන්පසුව කෝප්ප වලට අයිස් කැට දමා ඒ මතු පිටට මී පැණි එක් කරගන්න. පසුව එයට ඔබ සාදා ගත් කිරි තේක එක්කර ගන්න. නැවතත් එයට උඩින් මී පැණි එක් කරගන්න. දැන් ඔබේ සීතලම සීතල ස්වීට් කිරි තේක සුදානම්.

මෙදා අවුරුද්දේ ඔබේ නිවසට පැමිණෙන අමුත්තන්ගේ මහන්සිය අමතක වෙන්න සීතල තේ පැන් සංග්‍රහයක් කරන්න.

 

 

 

මසාලා චායි කිරි තේ

අවශ්‍ය ද්‍රව්‍ය
දිය කරගත් කිරිපිටි කෝප්ප 3/4
වතුර කෝප්ප 1 1/2
තේ කොළ තේ හැඳි 1
කරදමුංගු 3
කරාඹු නැටි 2-3
කුරුඳු අඟල් 1/2 කැබැල්ලක්
කුඩු කරගත් ඉඟුරු තේ හැඳි 1
ඉහත ප්‍රමාණයෙන් එක් තේ කෝප්පයක් සාදා ගැනීමට ප්‍රමාණවත් වේ.

සාදා ගන්නා ආකාරය
මුලින්ම කරදමුංගු පිටි වන තුරු හොඳින් කොටා ගන්න. ඉඟුරු සිහින් කැබලි වලට කපා ගන්න. කුඩා පෑන් එකක් ගෙන එයට තේකට අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා ලිපේ තබා ගන්න. එයට කරදමුංගු, කරාබු නැටි, කුරුඳු සහ ඉඟුරු දමා උණු කරගන්න.

උණු වන විට එයට තේ කොළ එකතු කරගන්න. විනාඩි 2-3 පමණ මඳ ගින්නේ එය නටවා ගන්න. පසුව එයට කිරිපිටි එකතු කර හොඳින් නටවා ගන්න. නැවතත් විනාඩි 2-3 පමණ මඳ ගින්නේ නටවා ගන්න. පසුව එය ලිපෙන් ගෙන තේ කෝප්ප වලට පෙරා වත් කරගන්න.

 

 

 

අලුත් අවුරුදු කෑම මේසයට අලුත් විදිහේ කෑම ටිකක් හදමු

ලිංගික සම්බන්ධතාවයකදී ඇයි මේ ලිංගික ඉන්නන් රෝගය වැළඳෙන්නේ

මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය දින දින සීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතිනවා. ඉතින් අපි පහුගිය ලිපි පෙලින් කතා කළා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයන් නිසා ඇතිවන ලිංගික රෝග...

ස්වයං රැකියා සඳහා අදහස් කිහිපයක්

අපි ඉවතලන බොහෝ දේවල් නැවත නැවතත් අපිට පරිහරණය කරන්න පුළුවන්. එය එක් අතකින් කැලි කසළ ප්‍රයෝජනයට ගත හැකි එක් විසඳුමක්. මේ අපි එදිනෙදා පරිහරණය...

මිය යන්න මොහොතකට පෙර ශ්‍රී දෙවි

පවුලේ මංගල උත්සවයකට සහභාගී වී සිටි අතරතුර මිය යන්න මොහොතකට පෙර ශ්‍රී දේවිගේ ගත් video https://youtu.be/WApVW3fjWyU

චාරිකා – 11 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

අයියාරි

අයියාරි තමයි සිද්ධාර්ත් මල්හෝත්‍රා ඔබට පිරිනමන අවුරුදු තිළිණය, ඔහුගේ අලුත්ම හින්දි චිත්‍රපටය. අයියාරි ඉන්දියානු හමුදා නිලධාරින් දෙදෙනෙකුට වටා ගෙතුණු සත්‍ය කතාවක සිනමා දිගහැරුමක්. ඉන්දියානු...

රේඩ් මාර්තු 16 සිට

මාර්තු 16 තිරගත වීමට නියමිත රේඩ් නවතම චිට්‍රපටයෙහි අජය දේව්ගන් සහ එලෙනා ඩි කෘස් ප්‍රධාන රංගන දායකත්වය දෙයි. මෙහි අධ්‍යක්ෂණය රාජ් කුමාර් ගුපතා, තිර...

හිස කෙස් රැකගන්න මේ විදිහට කරලා බලන්න

අද බොහෝ යුවතියන් අතර තියෙන ගැටළුවක් තමයි වියලි හිසකෙස් එහෙමත් නැත්නම් ඉක්මනින් කැඩී යන හිස කෙස්. ඒ වගේ තත්වයක් ඇති වෙන්නේ අපි කරන සමහර...

Youtube හි වැඩිම පිරිසක් නැරඹු වීඩියෝ හතර

Youtube එකේ මෙතෙක් කල් වැඩිම පිරිසක් නරඹපු වීඩියෝ හතර ( four best videos )ගැනයි අද ඔයාලට කියන්න යන්නේ. අපි හැමෝම වීඩියෝ එකක් බලන්න ලොග් වෙන්නේ...

ශ්‍රී ලංකාවේ දෙමළ පවුල ඕස්ට්‍රේලියාවම කළඹවයි

ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් (ඕස්ට්‍රේලියාවේ උපන් කුඩා දරුවන් දෙදෙනෙකු ද ඇතුළුව) ශ්‍රී ලංකාව බලා පිටත් වූ ගුවන් යානයකින් මෙරටට...