කාන්තාවන් ගොඩාක් කැමතියි විවිධ වර්ගයේ විලාසිතා කරන්න. හැබැයි කොතරම් මිල ගණන් දීලා ඇඳුමක් ගෙනාවත් සමහර වෙලාවට පිරිමි පාර්ශවය නම් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් මිල දී ගන්න ඇඳුම් නැවත නැවතත් මාරු කරන්න ගියාම කාලය කා දැමීමක් තමයි වෙන්නේ. මේ ගැටළුව හැමෝටම තියන දෙයක්. ඉතින් අපි මේ ඔයාලව දැනුවත් කරන්න හදන්නේ ඇඳුමක් ගන්න කලින් සලකලා බලන්න වටිනා කාරණා කිහිපයක්.

1 සිරුරේ හැඩය

සිරුරේ මේදය තැන්පත් වන මූලික තැනක් තමයි උදරය සහ ඒ ආශිත ප්‍රදේශය. එසේ මේදය උදරය සහ ඊට උඩ කොටස්හි තැන්පත් වී ඇති ඉගටියෙන් ඉහල අර්ධයේ උරහිස්, ළැම ආදී ස්ථාන වඩාත් කැපිපෙනෙන අයුරින් ඇති කාන්තාවන් ඇපල් හැඩයේ සහ වී හැඩයේ කාන්තා සිරුරු ඇති අය ලෙස හදුන්වනවා. උකුළ සහ කලවාහි මේද තැන්පත්වන පුළුලුකුල සහිත කාන්තාවන් පෙයාස් හැඩයේ සහ හැදි හැඩයේ කාන්තාවන් ලෙස දැක්වෙනවා. මුලු සිරුරම වක්‍රතාවයන් ගෙන් එතරම්ම ගහන නොවූ සාමාන්‍ය සිහින් සිරුර ඇති අය රූලර් හැඩයේ කාන්තාවන් ලෙසත් හඳුන්වනවා.

2 සමේ වර්ණය සහ ආභරණ
ඇදුම් තෝරාගැනීමේදී ආභරණ ආදිය ගැනත් සැලකිලිමත් වීම වැදගත්. ඒ වගේම ඇදුම් රෝස පැහැති බෝනික්කන්ට රෙදි සාප්පුවේ ආලෝකය තුලදී ඉතාම කදිමෙට ගැලපුනත් මදක් ඉන් වෙනස් ඡවි වර්ණයක් සහිත සම ඇති යුවතියන්ට ඒ තරමටම ඒ ඇදුම් ගැන්මක් නැතිවන්නටත් හැකියාව තිබෙනවා.

3 ඇදුම පළදින, යෙදෙන අවස්ථාව
මාදිලිය අනුව වඩාත් ආකර්ශණිය ඇදුම් පැළදුම් මිලදි ගත්තත් අපිට ඒවා අදින්නට පලදින්නට තැනක් යෙදෙන්නේම නැති තරම් නම් ඒ ඇදුම් සහ ඒ වෙනුවෙන් යෙදූ මුදල් අපතේ යනවා. ඇදුමක් මිලදි ගන්නා විට එය ඇදීමට ඇති සමාජ වටපිටාවට යම් අනුකූලතාවයක් දැක්වීමත් හොද තීරණයක්. ක්‍රීඩා කටයුතු, නර්ථන හා සෝෂල් ඩාන්ස් වැනි දේ ඇතුලත් අවස්ථාවලදී ඒවාට ගැලපෙන ඇදුමක් තොරාගැනිමත් කල යුතු දෙයක්.

4 මිමි සහ විශ්වාසය
කොටට ඇදන් යන කාන්තාවන් සිය කකුල් වසාගැනීමටත් පුළුල් කර සහිත ඇදුම් ඇදන් යන විට කාන්තාවන් ළය මඩල වසාගැන්මටත් උත්සාහ කරන ආකාරයක් අප සමාජයේ කාන්තාවන් අතර නිතර දකින්ට ලැබෙනවා. ඇතැම් විට වැරදි මිමි වලට ඇදුම් ගත්තාදෝ සිතෙන තරමට ඇතැම් අය කලිසම ඩෙනිම හෝ සාය ඔසවන වාර ගණන වැඩියි. ඔබ මදකට මෙරටට පැමිණෙන යුරෝපිය යුවතියක දෙස බලා සිටියහොත් ඔවුන් ඇතැම් විට ඉතාම කොට කලිසම් සහ ළය පෙනෙන ඇදුම් ඇද සිටියත් ඔවුන් ඒ ගැන විශාල තැකිමක් නම් කරන බවක් පේන්නේ නෑ.

එක් අතකින් නිතරම ඇදුම හදාගන්නට යොමුවීම කාන්තාවගේ පෞරුෂයටත් එක් කරන පහරක්, ඒ නිසා ඇදුම නියම පරිමාණයට ආත්ම විශ්වාසයෙන් යුතුව ඇදුමක් තෝරාගැනීමත් ඇදුම් තොරාගැනීමේදි කල හැකි දෙයක්.

5 රෙදි සහ නූල්
උත්සව අවස්ථාවන්හිදී වෙළඳපොලේ සේල් පැවැත්වෙනවා. පැරනි ඇදුම්ද ඉතාම අඩු මිල ගනන් වලට ලබාගන්නට හැකියාව මෙහිදි ලැබෙනවා. මහරගම පමුණුව වැනි ඇදුම් සේල් වලටම ජනප්‍රිය පලාත්ද ලංකාවේ තිබෙන අතර මුදල් අග හිග කම නිසා පිරිස විශාල ලෙස මේවාට ඇදෙනවා.

හොඳ ශක්තිමත් රෙදි වලින් නිමකල සාර්ථක මැසුම් සහිත ඇදුමක් බොහෝ කලක් අඳින්නට පුලුවන් කම ලැබෙනවා. දිරූ නූල් සහ පැරනි බාල රෙදි වර්ග වලින් තැනූ ඇදුම් එක් වරක් පමනක් පෙනීසිටින උත්සව ආදියට සුදුසු වුවත් දීර්ඝකාලින පරිහරණයට නම් ඒ තරම්ම සුදුසු නෑ.

6 රිලැක්ස් ඇන් රිලැක්ස්
ශරීරයේ ඇතැම් කොටස් අධික ලෙස තෙරපීමට ලක් කරමින් සාමාන්‍ය ලෙස චලන කටයුතු කරන්නට අපහසු ඇදුම් ආයිත්තම් ආදියද කාන්තාවන් විසින් අදිනු ලබනවා. වැඩකරන ස්ථානයේ නම් පැය 8-10ක් ඇදුමක් අපහසුවෙන් ඇද සිටීම නියම කල දඩුවමක් විඳිනවා හා සමාන කාර්යයක්.

ඇතැම් මංගල උත්සව අවස්ථාවලදී අපට ඇතැම් නිරූපිකාවන් දෙස බැලූවිට ඒ ඇදුම් ඔවුන්ට බලෙන් අන්දවාලාදෝ කියලාත් හිතෙන වෙලාවල් තිබෙනවා. ඇදුමක් කියන්නේ මාංචු කූට්ටම දැම්මා වගේ සාමාන්‍ය ජීවිතේ රාජකාරි වලට බාධා කරන එකක් වන එක ඇගට වගේම හිතටත් වදයක්. ඒ නිසා ඇදුමක් තෝරාගැනිමේදි එය සැහැල්ලුවෙන් ඇඳ සිටින්නට හැකිද යන්න විමසා බැලිමත් වැදගත්.

මුලින්ම දිස්වන කාන්තාවගේ බාහිර ස්වරූපය තුලින් අනෙකා ඇය ගැන තීරන ගන්නට පෙළඹෙනවා. තැනට ගැලපෙන සිරුරට අනුව නිමවූ ඇදුම් ඇදගත් ලියක් කොතැනදීත් අවට අයගේ අවධානය මැනවින් දිනාගන්නට සමත් වෙනවා.

ඉතින් ඔබට හෝ ඔබගේ ආදරවන්තියට ඥාතියාට, මිතුරියට ඇදුමක් තෝරා ගන්නට මෙම කරුණු 6 ඔබට වැදගත් වන්නට ඇති කියා අපි හිතනවා. මෙයින් ඔබේ දැනුමට යමක් එකතු වෙන්නට ඇති කියලා අපි හිතනවා.

 

 

 

විලාසිතා කරන්න කැමති යුවතියන්ට වැදගත් කරුණු 6 ක්

දිය ලුනු වලින් ලස්සන වෙමුද

01.මැරුණු සම ඉවත් කර ගැනීමට සිහින්ව අඔරාගත් ලුනුකුදු සමග ඔලිව් තෙල් ස්වල්පයක් මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණය මුහුණේ ආලේප කර ඇඟිලි තුඩු වලින් රවුම් ආකාරයට මෘදුව...

ශ්‍රී ලංකා කාන්තා ව්‍යවසායකයින් සඳහා කුඩා ව්‍යාපාර අදහස් සහ අවස්ථාවන් කිහිපයක්

අද වන විට ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ නිර්මාණශිලිත්වය ඉතා ඉහල මට්ටමක පවතිනවා. ඔවුන් නව සොයාගැනීම් සහ නව නිපැයුම් කරා ලංවී ඇත. නමුත් ඔවුන් වඩාත් සවර්ධිත...

මිනි අයන් ගැජට්

අයන් කරන්නේ නැතුව ඇඳුම් අඳින ගැහැණු ළමයෙක් නැති තරම්. ගැහැණු ළමයි හරි පිළිවෙලයි. ඇඳුම් ගැන නම් හරිම සැලකිලිමත්.පුළුවන් නම් පොඩි අයන් එකක් අත් බැග්...

වාරයක් වැරැද්දක් ගානේ ඉගෙන ගත්තේ පාඩමක්

හ්ම්ම්ම්ම්ම් පැටියෝ අදත් බීවා නේද? අනේ අම්මී පොඩ්ඩක් ගත්තා දන්නැද්ද ඉතින් යාලුවෝ සෙට් උනාම. පෙරේදත් සෙට් උනේ නේද පොඩ්ඩක්.. ඒ පෙරෙදනේ මේ අද.. දවස් දෙකකට පසු.. තාත්තී මේ මොන...

විවාහක කාන්තාවන්ගේ දේපල අයිතිය සහ ගිවිසුම් අයිතිය

1879 වෛවාහක අයිතිවාසිකම් සහ උරුමය පිළිබඳ ආඥා පනත සහ 1923 වෛවහකගත ස්ත්‍රීන්ගේ දේපල ආඥා පනත මගින් දේපල සහ ගිවිසුම් සම්බන්දයෙන් විවාහක කාන්තාව මත පනවා තිබු...

Bra එකෙන් පියයුරු පිළිකා ඇති වෙනවද

ඔබ දන්නවා කාන්තාවක් වුණා ම තමන්ගෙ ශරීරයේ හැඩය වගේ ම සුන්දරත්වය ගැන පුදුමාකාර උනන්දුවක් දක්වනවා. ඒ නිසා ම ඒ අය ඇඳුම්පැළඳුම් පවා තෝරාගන්නේ විශේෂ...

පුංචි බබාලා ඉන්න අම්මලාට

පුංචි දරුවන් ඉන්න ඕනිම අම්ම කෙනෙක් හරිම කාර්ය බහුලයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එත් බරහිර රවල කට්ටිය නම් කාර්ය බහුල කම අතරේ...

විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු, පිරිමි බේදයකින් තොරව කියවන්න

විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු,පිරිමි බේදයකින් තොරව කියවන්න... ඉස්සෙල්ලාම කියන්නම් මෙච්චර සමාජෙ ගැන ලිපි කවි ලියන මම අද මොනවත් කිවෙ නැත්තම් වැඩක් නෑ.....

චාරිකා – 01

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ Mobile Phone, WhatsApp, Facebook ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ...