ඔබ ඔබේ දරුවන් ඇතිදැඩි කරන ආකාරයෙන් පැහැදිලි වන්නේ ඔබ ඔබේ අනාගත පරපුර ගොඩනගන ආකාරයයි. දෙමවුපියන් ලෙස කටයුතු කිරීමේ කලාව පිලිබඳ විදිමත් පුහුණුවක් අප බොහෝ දෙනෙකුට නැහැ. එහෙත් අපේ දෙමවුපියන් අපට සැළකු ආකාරයට අපිත් අපේ දරුවන්ට සැලකීම සාමාන්‍ය ක්‍රමය නේද? අපි ඒ පිළිබඳව වෙනත් මාර්ගයක් දන්නේ නැහැ.

මවක් හෝ පියෙක් වීම ලෝකේ තියන ලොකුම සතුටයි. එය මහත් වගකීමක් සහිත වරප්‍රසාදයක්. මම මගේ දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සුදානම් නමුත්, එය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. විශිෂ්ට දෙමවුපියන් වශයෙන් කටයුතු කිරීමේ කුසලතා ද අප වර්ධනය කර ගත යුතුය. අප දරුවන් ඇති දැඩි කරමින් තිබෙන ආකාරය නිවැරදි යැයි සිතමින්, ඔවුන් ඒ මඟ ගොස් බුද්ධිමත්, අනුන් ගැන සැලකිලිමත් වන සහ තාර්කික අය බවට පත් වනු ඇතැයි ප්‍රර්ථනා කරමින් සැහීමකට පත්ව සිටිය නොහැකිය.

දෙමවුපියන්ගේ හැකියාවන් දියුණු කිරීමට ඉවහල් වන සම්මන්ත්‍රණ වලට සහභාගී වීමද, මේ ක්ෂේත්‍රයට අදාළ පොත් පත් කියවීමද, ප්‍රමුඛ චින්තකයන්ගේ අදහස් රැගත් CD පට වලට සවන් දීම ද අපට පහසුවෙන කල හැකි දෙයක් සහ එය කිරීම අප කල යුතුයි. ඉන් පසුව අප ජිවිත කාලය නැමති පර්යේෂණාගාරය තුලදී අප උගත් දේ පිරිපහදු කර ඒවා අපේ පවුල් වලට වඩාත්ම හොඳින් ගළපා ගත හැකි උපක්‍රම පෙන්වීමට ද අප නිර්භීත විය යුතුය.

ඔබ බොහෝ කාර්යබහුල බවත් ඉතා කෙටි කලක් තුල කිරීමට බොහෝ දේ ඔබට ඇති බවත් අප දන්නවා. එහෙත් ඔබේ පුතුන්ගේ සහ දියණිවරුන්ගේ ළමා වියේ ඒ ආශ්චර්යමත් ඒ දවස් කවදාවත් උදා නොවනු ඇත. හොඳම දෙමව්පියන් බවට පත් වීමට ඔබට හැකි උපරිම මට්ටමින් කාලය සහ ශක්තිය ඔබ නොයෙදුවහොත් ඒ අහිමි වූ අවස්ථා ගැන යම් දිනයකදී ඔබට තදින් දුක් වීමට සිදුවනු ඇත.

 

උපුටා ගැනීමකි

වඩාත් හොඳ මවක් සහ පියකු වන්න සෑම විටම

කරපු වැරදි ගැන කවදාවත් පසුතැවෙන්නේ නෑ ඒ දෙවල් ඉදිරි ගමනට පන්නරය කරගත් කථාවක්

සත්‍ය සිදුවිමකී...නම් ගම් සියල්ලක් පසා සත්‍ය සිදුවිමේ චරිතයන්මය නැවතිමේ තිතේ ඉදන් සත්‍ය ලෙසම සිදු වූ සිදුවිම් මගේ ඇගිලි තුඩු මතින් ගොණු කර පාඨක ඔබට.... කිසිම දිනක...

ඔබ මෙහෙමද?  එහෙනම් ඔබ තවමත් කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය ඉවසන කෙනෙකි

හිංසනයක් සිදු වූ විට අඑත් බිය නිසා නිහඬව දරාගෙන සගවා සිටිනවා, කිසිවෙකු සමග බෙදා ගන්නේ නැහැ., හුදකලාව විද  දරාගත යුතු යයි සිතනවා. හිංසනයක් සිදුවීම  තමන්ගේ...

ගැහැණු ළමයි ෆොටො ගන්නේ බලාගෙනයි

කන්නාඩියක් ඉදිරියේ නිරුවතින් සිටගන්නා තරුණියක් ඇයගේ smart phone එකෙන් photo එකක් ගන්නට පෙළඹෙන්නේ ඇයි ? ඒ photo එක ලැබෙන ඇගේ පෙම්වතා whatsApp හෝ වෙනත්...

ලෝක කුසලාන පාපන්දු කුසලානය ශ්‍රී ලංකාවට

ලොව ජනප්‍රියම ක්‍රීඩාව ලෙස හඳුන්වන පාපන්දු ක්‍රීඩාවේ උත්කර්ෂවත් තරඟාවලිය වන්නේ ලෝක කුසලාන පාපන්දු තරඟවලියයි. 2018 වර්ෂයේදී ලෝක කිසලන පාපන්දු තරඟාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ රුසියාවේදිය. මෙම...

ශ්‍රී ලංකාවේ දෙමළ පවුල ඕස්ට්‍රේලියාවම කළඹවයි

ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් (ඕස්ට්‍රේලියාවේ උපන් කුඩා දරුවන් දෙදෙනෙකු ද ඇතුළුව) ශ්‍රී ලංකාව බලා පිටත් වූ ගුවන් යානයකින් මෙරටට...

අයුක්තියට එරෙහිව නැගී සිටි රූමතියගේ කඳුළු කතාව

බොහෝ තරුණියන් ජීවිතය අත් හරින තැනකදී චමල්කා තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කළා. ඒ විඳපු දුක තම නැවත ජීවිතය ගොඩ නගන්න චමල්කාට හයියක් වුණේ. කාන්තාවන්ගේ...

රෙක්සාගෙන් අලුත් වැඩක්

දැනට ලොව සිටින හොඳම ගායන තරු අතර බේබි රෙක්සා ඉදිරියෙන්ම සිටිනවා. ඇයගේ ඩාන්ස් ගීතයෙන් පසුව මෙන්ට් ටු බි ගීතය නැවතත් දර්ශක අතර හිනිපෙත්තට ඇය...

සම්බාහනයෙන් ඔබත් ඔබේ රුව රැකගන්න

අපේ බොහෝ කාන්තාවන් (women) ගැහැණු ළමයින් (girls) කැමතියි පවතින රූපය තව තවත් ලස්සන (beauty) කර ගන්න. ඒ නිසාම ඔවුන් ඉක්මනින් ලස්සන වෙන්න ගිහින් විහින් අවලක්ෂණ...

මිනි අයන් ගැජට්

අයන් කරන්නේ නැතුව ඇඳුම් අඳින ගැහැණු ළමයෙක් නැති තරම්. ගැහැණු ළමයි හරි පිළිවෙලයි. ඇඳුම් ගැන නම් හරිම සැලකිලිමත්.පුළුවන් නම් පොඩි අයන් එකක් අත් බැග්...