අවුරුදු කාලේ ලං වෙනවා කියන්නේ ගෙදර වැඩ වැඩි වෙන කාලයක්. විශේෂයෙන් කාන්තාවන්ට මේ කාලය කියන්නේ ඉතාම කාර්ය බහුලයි. පාසැල් නිවාඩු කාලයත් ළඟ ලඟම එනවා. ඉතින් මේ නිවාඩු කලේ ගෙදර වැඩට පොඩිත්තනුත් උදව් කරගෙන ගෙදර තියෙන කාර්ය බහුල කම ටිකක් අඩු කරගන්නේ කොහොමද කියල අපි අද කතා කරනවා. මේ ක්‍රමය පුරුදු වුනොත් අවුරුදු මාසෙට විතරක් නෙමෙයි අනිත් කාල වලටත් අදාළ කරගන්න පුළුවන්.

අපි කවුරුත් කැමති අපේ නිවාස ඉතා පිරිසිදුවට තිබෙනකොට. හැබැයි නිවසේ වැඩ තනිව කරනවා කියන එක ලේසි කාර්යක් නෙමෙයි. ඉතින් නිවාඩු මාසේ ගෙදර ඉන්න දරුවන් ටිකත් මේ වැඩේට එකතු කරගන්න පුළුවන් නම් වැඩ ටිකක් ලේසි කරගන්න පුළුවන්. නිවසේ එදිනෙදා වැඩ වලින් එකක් හෝ දෙකක් ඔබේ දරුවන් අතරත් බෙදා දෙන්න. ඔබේ දරුවන් ලවා ඒ වැඩ කරගන්නේ කෙසේද හා ඔවුන් ඒවා කිරීමට මැලි කමක් දක්වන විට ඔබට කල හැකි දේවල් මේ ලිපියේ ඉදිරිපත් කරනවා.

පාවිච්චි කරන දේවල් පිරිසිසු කල යුතුයි.
ඔබට මේ විදිහට ඔවුන්ට එම කාර්ය භාරදිය හැකියි. උදාහරණයක් විදිහට ගත්තොත්
“ගෙදර නාන කාමරය අපි හැමෝම පාවිච්චි කරනවා. ඒ නිසා නාන කාමරය පිරිසිදු කරන්න එක අපි හැමෝම කරන්න ඕනි.” මේ විදිහට ඒ කාර්යන් ඔවුන් කල යුත්තේ ඇයිද යන්න ඔවුනට පැහැදිලි කල යුතුය.

ඔවුන්ගේ වගකීම්

ඔවුන්ට අයිති , ඔවුන්ගේ භාවිත කරන දේවල් ඔවුන්ටම පිරිසිදු කරගන්න කියලා දෙනවා නම් තමා වැඩ හොඳ . ඒ වගේම ඒවා නඩත්තු කිරීමත් ඔවුන්ගේ වගකීමක් බව දරුවන්ට කියා දිය යුතුයි. උදාහරණෙකට සපත්තු පිරිසිදු කිරීම ගමු. තමන් පාසලට දාන සපත්තු කුට්ටම පිරිසිදු කරලා තියෙන එක දරුවන්ට කරගන්න පුළුවන් පහසු දෙයක්.
ඒ වගේම ඔවුන්ගේ ඇඳුම් ඔවුන්ටම සෝදා ගන්න ඉඩ දිය යුතුයි. අතේ රෙදි හෝදනවා වගේම වොෂින් මැෂින් එක භාවිතා කරන ආකාරයත් ඔවුන්ට කියා දිය හැකියි. ඇඳුම් අඳිනවා වගේම ඇඳුම් පිරිසිදු කරන එකත් ඔවුන්ගේ වගකීමක් බව වටහල දෙන්න ඕනි.
“අපි එක පවුලක්. හැමෝම එකිනෙකාට සහාය දැක්විය යුතුයි”.
එකිනෙකාට උපකාර කිරීමේ ඇති වටිනාකම පැහැදිලි කිරීමක් තමයි මෙහිදී සිදුවෙන්නේ. නිවසේ යම් කාර්යක් කිරිම මඟින් නිවසේ සිටින තවත් කෙනෙකුට පහසුවක් ඇති වෙනවා නම් ඔබ එය කලයුතුයි. එවිට අනෙකුත් සාමාජිකයිනුත් ඔබ වෙනුවෙන් දෙයක් කරන බව ඔවුනට දරුවන්ට හැකියි. ඔබේ පවුලේ තරමක් වැඩිමහල් දියණියක් හෝ පුතෙක් සිටිනවා නම් ඔබට ඔහුගෙන් හෝ ඇයගෙන් නිවසේ වැඩ ප්‍රමාණයක් කරවගන්න පුළුවන්. නිවසේ තවත් බාල දරුවන් සිටිනවා නම් , ඔවුන්ගේ වැඩ කිහිපයක් වැඩිමල් දරුවන්ට භාර දෙන්න. හැබැයි ඒ වෙනුවෙන් ඔවුන්ගේ යම් කාර්ය කරදීමට ඔබ විසින් කරදී ඔහුට හෝ ඇයට උපකාර කරන්න ඔබට පුළුවන්.

ප්‍රතික්ෂේප කලොත්

අපි මුලින් කතා කරපු දේවල් දරුවන් ලවා කරන්න යාමේදී යම් යම් ගැටළු ඇති වෙන්න පුළුවන්. ඔවුන්ගෙන් මේ වගේ ප්‍රතිචාර හම්බෙන්න් පුළුවන්.
“අම්මේ, මට බෑ ”
” ටිකකින් කරන්නම්”
“අද මට වැඩක් තියෙනවා”
“මම කරන්නම ඕනිද?”
“පස්සේ බලන්නම්”
මෙවැනි පිළිතරු ලැබුනොත් ඔබ මුලින්ම කරන්න ඕනි තරහා ගන්නේ නැතුව ඉන්න එකයි. තරහින් මේ දේවල් කරවා ගන්න ගියොත් ඔබේ මානසික ආතතිය වැඩිවෙන එකයි වෙන්නේ. ඔබ කල යුත්තේ ඔහු හෝ ඇය සංවේදිතාවයට පත්වෙන ලෙස කතා කිරීමයි. ඔබේ දරුවාට කියන්න,
“පුතා ඔයාගේ රෙදි ටික හෝදගන්න. නැත්නම් හෙට ඔයාට අදින්න වෙන්න කිළුටු වෙච්ච ඇඳුමමයි .”
ඔබේ දරුවා ඔබ සමඟ වාදයට පැටලුනොත් ටිකක් තදින් මෙලෙස පවසන්න පුළුවන්.’
“පුතා, කරුණාකරලා ඔයාගේ ඇඳුම් ටික හෝදගන්න”
හැබැයි කිසිම විටෙකත් තරහින් කතා කරන්න එපා.

ඒ වගේම මතක තබා ගන්න දරුවන් වැඩ කරනකොට ඔවුන්ගේ ආරක්ෂාව ගැන ඔබ ඉතා අවහානයෙන් ඉන්න ඔනිමයි.
ඉතින් මේ අලුත් අවුරුද්දේ අලුත් විදිහට හිතන්න ගෙදර හැමෝම එක්ක කතා වෙලා වැඩ ටික කරොත් වැඩි මහන්සියක් නැතුව සතුටින් වැඩ ටික කරන්න ඔයාටත් පුළුං වෙයි.

ගෙදර දොර වැඩටත් දරුවන් පුරුදු කරගන්නේ මෙහෙමයි.

ස්වයං රැකියාවකට අලුත් අදහසක්

ස්වයං රැකියාවකට සිහින මවන කාන්තාවකට පහසුවෙන් නිරත විය හැකි රැකියාවකි මේ. පිසීම සඳහා හෝ කෑමට ගැනීම සඳහා එලවාලු , පලතුරු,කපා සකස් කර වෙළඳපොළට සැපයීම...

රුව රැක ගන්න ඔලිව් තෙල් වලින් සත්කාර

එදිනෙදා හදන කෑම-බීම වලට පාවිච්චි කරන දෙයක් විදියට දැන් ඔලිව් තෙල් ( Olive Oil ) වලටත් ඔබගේ මුළුතැන්ගෙයි තියෙන්නේ විශේෂිත තැනක් නේද? ඒ කෑම-බීම...

Diet කරන ඔබ වෙනුවෙන්…

thewoman.lk අපි අද ඔයාලට කියලා දෙන්නේ ඉතාමත් රසවත් සහ ගුණදායක සුප් වර්ග 05ක්. ශරීරයේ තරබාරුව අඩු කිරීමත් නිරෝගී ශරීරයක් පවත්වාගෙන යාමටත් මෙවැනි සැහැල්ලු සහ...

බැඳලා මාස හතයි. ලිංගිකව එකතුවෙලා නැහැ. දැනගන්න කියවන්න

මම ගයානි. අවුරුදු 27ක් වන මම සම්පත් සමඟ විවාහ වෙලා දැනට මාස 07ක් වෙනවා. ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක් කරන අයෙක්. අපි යෝජිත විවාහයකින් විවාහ...

වෙනස්ම රසයකට ගස් ලබු කෑම

පැපොල් එහෙමත් නැතිනම් ගස්ලබු කියන්නේ ලංකාවේ ඕනෑම ප්‍රදේශයකදී දකින්නට ලැබෙන පළතුරක්. නිතර දකින්න ලැබෙනවා වගේ තමයි ඕනෑම දේශගුණික තත්වයකදී වුවද පහසුවෙන් විය හැකි ශාකයක්....

ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් අනාගත පරපුරට ගොඩනගමු

ස්වීඩනයේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක් සම්මත වීමෙන් 1972 වර්ෂයේදී " ලෝක පරිසර දිනය " ආරම්භ විය. මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ...

මාරම්බරි ශත සංවත්සර අභිෂේකය

මාරම්බරි ශත සංවත්සර අභිෂේකය 2018 ජනවාරි 28 වැනි ඉරු දින පස්වරු 6.30 ට නෙළුම් පොකුණ රඟහලේ දී විමසීම් - 072 2463565 / 077 7781525 ප්‍රවේශ පත්‍ර -...

ඔබෙත් මානව හිමිකම් කඩ වෙලාද

"මානව අයිතිවාසිකම් කඩවෙලා, මගේ මානව හිමිකම් උල්ලංඝනය කරලා" වගේ දේවල් සමාජයේ කොතෙකුත් ඔබ අසා ඇති, මෙවැනි අවස්ථාවක ඒ පිලිබදව මානව හිම්කම් කාර්යාලයට ගොස් පැමිණිලි...

ශ්‍රී දේවිගේ සැමියාගෙනුත් ප්‍රශ්න කරයි. හෝටල් කාර්ය මණ්ඩල සේවකයන්ගේ හා ඇගේ ජංගම දුරකථන පරික්ෂාවට

ශ්‍රී දේවිගේ මරණය ගැන ප්‍රශ්න කිරීම මේ වන විට ආරම්භ වී ඇත.ඒ අතර ශ්‍රී දෙවි නැවතී සිටි Jumeirah emirates tower හෝටලයේ කාර්ය මණ්ඩලය සහ...