සැලුන් එකට යන්නේ නැතිව ගෙදර ඉඳන්ම සම පැහැපත් කරගන්න ක්‍රමයක් ගැනයි මේ කියල දෙන්න හදන්නේ ඔයාලට. ඕනෑම කෙනෙක් මුලින්ම බලන්නේ අපේ මුහුණ දිහානේ. ලස්සන තරුණ පැහැපත් සමක් තියනවනම් අපි හැමෝම කැමතියිනේ නේද? අපි විවිධ ක්‍රීම් වර්ග ආලේප කරනවා අපේ සම පැහැපත් කරගන්න. ඒ නිසා අපි නොදනිම අපේ සම එල්ලා වැටීමකට වුවද ලක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ යුවතියන් කරන්නේ සැලුන් වලට යන එක. දැන් ඉතින් ඔයාලට සැලුන් පස්සේ දුවන්න ඕනි නැහැ. ගෙදර ඉඳලාම ගෙදරම තියන දේවල් වලින් ලස්සන වෙන්නේ කොහොමද කියලා බලමුද?

ඒ සඳහා අවශ්‍ය වන්නේ බිත්තර සුදුමදයක්, ලෙමන් යුෂ සහ හොඳ මී පැණි පමණයි.

ඒ කාලේ ඉඳන්ම බිත්තර සුදුමදය රූපලාවන්ය කටයුතු වලට භාවිතා කරලා තියෙනවා.ඒ එහි ඇති,ස මෙහි රැ ලිවටීම් අඩු කරලා. සම ශක්තිමත් කරන්න පුළුවන් ගුණය නිසා.

ඒ වගේම ලෙමන් පාවිච්චි කරන්නේ සම මත ඇති අනවශ්ය මේදය ඉවත් කරන්නත්,විෂබීජ නාශකයක් වශයෙනුත්.

මී පැණි පාවිච්චි කරන්නේ හමේ Ph අගය පවත්වාගන්න,වගේම හමේ තෙතමනය රැකගන්න.

ඉතින් මේ ගුණාංග ඔක්කොම එකට මිශ්ර කලහම ඔබේ සමට කොයිතරම් නම් සත්කාරයක් ඔබ කරනවා කියලා හිතා ගන්න පුළුවන් නේද?
ඉස්සෙල්ලම මුහුණ හොඳින් පිරිසිඳු කරගන්න .ඊට පස්සේ, බිත්තර සුදු මද එකක්මි පැණි තේ හැඳි 1ක් සහ ලෙමන් ගෙඩි බාගයක යුෂ එක්ක හොඳින් මිශ්‍ර කරන්න. මේ තුනම හොඳින් කලවම් වුනාට පස්සේ, ඇඟිලි තුඩු අඟින් හරි එහෙමත් නැත්නම් makeup brush එකකින් හරි මුහුණ මත ආලේප කරන්න.හැබැයි ඇස් වටා,තොල් මත ආලේප කරන්න එපා. මේක සමට හොඳින් ඇලෙනකල් විනාඩි 20ක් තියන්න. මේ මිශ්‍රණය සම මත හොඳින් වෙලුනාට පස්සේ,සිතල වතුරින් සෝදලා ඉවත් කරන්න. පස්සේ මුහුණේ තෙත මාත්තු කරලා,මොයිචරයිසර් එකක් ගලවන්න.මේ හදාගත්තු මිශ්රණය ඉතුරු වුනොත් ෆ්රිජ් එකේ තියලා දවස් 2ක් ඇතුලත නැවත භාවිතා කරන්නත් පුළුවන්.

ගෙදර ඉඳන්ම සම පැහැපත් කරගන්න යුවතියන්ට කියාපු පහසුම ප්‍රතිකාරය

මහත වැහෙන්න ඇඳුම් අඳින්නේ මෙහෙමයි

ඔබත් ඔබේ මහත (fat) නිසා පිඩා විඳිනවද? මහත වැඩි ඔයාගේ මහත වහගන්න ක්‍රමයක් ගැනයි අපි අද ඔයාට කියලා දෙන්නේ. අපි මුලින්ම බලමු මහත වහගන්න මොනවගේ...

මද්‍යසාර භාවිතය නිසා ඔබත් ඔබේ පවුලත් අපහසුතාවයට පත් වෙලාද

  ඔබ තාමත් මැල් මැදුරට අවේ නැති ද? ඔහුගේ/අයගේ මත්ද්‍රව්‍ය භාවිතිය ඔබට මහත් අපහසුතාවයක්,වදයක් ගෙන දෙන්නෙක් ද?අපි ඔබට සුමිත්‍රයෙක් වෙන්නම්.අපිට ඔබගේ අපහසුව තුනී කර ගැනීමට උදව්...

Shanudrie එක්ක Photoshoot එකක්

සංකල්පය           : Gayani Batz ඇඳුම් නිර්මාණය  : Gayani Batz හැඩගැන්වීම        : Gayani Batz ජයාරුපකරණය   :Gayani Batz Media Crew / Chamara Jayawardana / MI...

මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකතන

2017 වර්ෂය කියන්නේ ස්මාර්ට් දුරකථන ලොවේ පෙරළිකාර වර්ෂයක්. එයට ප්‍රධානම හේතුව වූයේ මුහුණත පුරාම තිරය සහිත දුරකතන වෙළඳපොළට හඳුන්වා දීමයි. ලොව නම් දැරූ ස්මාර්ට්...

සුන්දර මන්දාරම් නුවර

මන්දාරම් නුවර කියන්නෙ පිදුරුතලාගල කඳු පාමුල පිහිටි ලස්සන ගම්මානයක්. කඳු පන්තියකින් වටවෙලා තියෙන මේ ගම්මානය දවස පුරාම මන්දාරම් ස්වභාවයක් ගන්න නිසයි "මන්දාරම් නුවර" කියල ප්‍රසිද්ධ වෙලා...

Music Fest 2018

කින්ග්ස්වූඩ් විද්‍යාලීය කොළඹ සංසදය විසින් සංවිධානය කරනු ලබන Music Fest 2018, මාර්තු 18 වන දින විහාරමහාදේවි විවෘත රඟහලේදී සවස 7.00 සිට පැවැත්වේ. චිත්‍රාල් ,...

වියලි කාලගුණයෙත් සම රැකගන්න මෙහෙම කරන්න.

මේ කාලයේ අපේ රටේ හැම ප්‍රදේශයකම තියෙන්නේ අධික වියලි කාලගුණයක්. පරිසරයේ පවතින වියලි බවත්,වියලි සුළඟත් නිසා අපේ සම බොහොම ඉක්මනට වියළි බවට පත් වෙනවා....

Google Pixel 2XL

ජංගම දුරකථන ලොවට හඳුන්වාදුන් හොඳම android ජංගම දුරකතනයක් තමයි මේ. මෙහි ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 8ක්. අඟල් 6ක ඩිස්ප්ලේ එකක් සහ ග්‍රෑම් 175ක් බර...

චාරිකා – 01

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ Mobile Phone, WhatsApp, Facebook ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ...