අතේ නියපොතු වවාගෙන ලස්සනට නෙල් පොලිෂ් ( nail polish , nail art ) ටිකක් ගාලා හැඩට වැඩට ඉන්න අපි හැමෝම කැමතියි නේද? හැබැයි කොයි තරම් උත්සහ කලත් සමහර අයට නම් නියපොතු ලස්සනට දිගට වවාගන්නම බැහැ. එහෙම නිතර නිතර නියපොතු කඩෙනවට මේ සත්කාරය කරලා එහි වෙනස ඔයාටම අත් විඳින්න පුළුවන්.

 

විටමින් ඊ තෙල් ( Vitamin E Oil )

විටමින් ඊ තෙල් සොයාගෙන දහස් ගණන් වියදම් කරන්න වුවමනා නැහැ. ගන්න කුඩා බෝතලයකට සුදු පොල් තෙල් ටිකක්. ඊට විටමින් ඊ කරල් 2 – 3ක් කඩා දමන්න. පොල්තෙල් 50ml කරල් දෙකකට හොඳටම ප්‍රමාණවත්. මේ තෙල් නියපොතු සහිත සම මත ආලේප කර ඒවා සමට උරා ගන්නා තෙක් හොඳින් පිරි මදින්න. දිනකට දෙවතාවක් බැගින් සති 3ක් කර බලන්න.

 

විනාකිරි

මීට හොඳම පැහැදිළි විනාකිරියි. සුදු පැහැති ( කිරි පැහැ ) විනාකිරි නෙවෙයි. මෙම විනාකිරි වලට එකට එකක් ජලය මිශ්‍ර කරන්න. එනම් විනාකිරි මිලි ලීටර 5කට ජලය ද එම ප්‍රමාණයම එක් කරන්න. එහි නියපොතු විනාඩි පහක් පමණ බහා සිටින්න. සෙමින් නියපොතු සම්බාහනය කරන්න. දිනකට වරක් බැගින් සති 3ක් කිරීම ප්‍රමාණවත්.

 

මේස ලුණු (salt)

මඳ උණුසුම් ජලයට ලුණු මේස හැඳි 2ක් සුදු පොල් තෙල් මේස හැන්දක් සහ දෙහි යුෂ බිංදු කිහිපයක් එක් කරන්න. මෙම මිශ්‍රණය ඔබේ නිය පෙළේ විනාඩි 15ක් පමණ බහා සිටින්න. පසුව මඳ උණුසුම් ජලයෙන්ම සෝදා හැර සුදුසු තෙතමනකාරකයක් ගලවන්න. සතියට දෙවතාවක් කිරීම ප්‍රමාණවත්.

 

තක්කාලි (tomato)

විටමින් c වගේම තක්කාලි වල බයෝටින් ද අඩංගුයි. මේ නිසා තක්කාලි නිය පෙළට ලොකු පෝෂණයක් ලබා දෙනවා. තක්කාලි පල්පයක් සාදාගෙන ඊට සුදු පොල්ත්ල් මේස හැන්දක් එක් කරන්න. මෙහි ඔබේ නිය බහා සිටින්න. විනාඩි 15කට පසු සෝදා හැර සුදුසු ආලේපනයක් ගලවන්න. මෙම සත්කාරය දිනපතා වුවද කල හැකියි.

 

ජෙලටින් (gelatin)

ජෙලටින් උණු ජලයේ දියකොට ගන්න. ඉන්පසු මඳ උණුසුම් ජලයට හිස ගල්වන ෂැම්පු බින්දු 2-3ක් සහ මේස ලුණු තේ හැන්දක් සමඟ ජෙලටින් මිශ්‍රණය එක් කරන්න. මෙම ද්‍රවණය ඔබේ නිය බහා තබන්න. විනාඩි 10කට පසු සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න. සතියට දෙවතාවක් කිරීම ප්‍රමාණවත්.

 

මිට අමතරව,

ඉවත දමන දෙහි ලෙලි (lime) වලින් නිය දිනපතා පිරිසිදු කරන්න.

විටමින් සපිරි ආහාර වේලක් ලබා ගන්න.

අධි රසායන ද්‍රව්‍ය වලට නියපොතු නිරාවරණය වීමෙන් වලක්වා ගන්න. ප්‍රමිතිගත නිය ආලේපන විතරක් භාවිතා කරන්න.

නිය ආලේපන භාවිතයේදී සතියක්වත් නිය නිදහසේ තබන්න.

මෙම සත්කාරයන් දෑතේ මෙන්ම දෙපයේ නියපොතු වලටද කල හැක.

කැඩෙන නියපොතු වලට මේ සත්කාරය කරලා බලන්න

සිහියෙන්ද  TV  බලන්නේ?

සමාධිගේ ගෙදර කට්ටිය හැමදාම රැට tv  බලනව. ටෙලි නාට්‍ය 5ක් වත් දවසකට බලන එක ඔවුන්ගේ පවුලේ පුරුද්දක් වෙලා දැන්. ඒ හැම එකකම තියෙන්නේ උගුල්...

මහනුවරට ඇඳිරි නීතිය

අද දින (05) මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් මත හෙට (06) පෙ.ව. 6.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන ප්‍රදේශයට ඇඳිරි...

සොබාදමේ අපූරු නිර්මාණයක් වන දුන්හිඳ ඇල්ල

දුන්හිඳ දිය ඇල්ල (dunhinda falls) ඌව පළාතේ ඇති දර්ශනීය දිය ඇල්ලක් වගේම ශ්‍රි ලංකාවේ ඉතා ජනප්‍රිය දිය ඇල්ලකි. දුන්හිද ඇල්ලේ ආරම්භය ගැන ජනප්‍රවාදයේ විවිධ...

චාරිකා – 06 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

ඔබත් එන්න අපිත් එක්ක බයිසිකල් පදින්න

ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංසදය ( sri lanka united nationalities friendship organisation) සංවිධානය කරන බයිසිකල් සවාරිය මේ මස 14...

ප්‍රදීපා ආරියවංශගේ අභිනය නර්තන ප්‍රසංගය

ප්‍රදීපා ආරියවංශ නර්තන ආචාර්යවරිය විසින් 07 වරටත් ඉදිරිපත් කරන                              "අභිනය නර්තන"...

ගැහැණු ළමයෙකුගේ Makeup පෙට්ටියේ තිබිය යුතු දේවල්

මල් වගේ ගැහැණු ළමයින්ට ගමනක් යන්න ගියාම හැඩවැඩ වෙන්න තරමක වෙලාවක් ගතවෙනවා. පොඩි Makeup එකක් කරලා එලියට බැස්සට මුකුත් වරදක් කියන්න බැහැ. ඒ නිසාම...

ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික ක්‍රියාකාරීන් ඇති වන්නේ ඇයි – 1 කොටස

ලිංගික ක්‍රියාකාරීන් ( ගණිකාවන් ) රැසක් ඇතිවන්නේ මොන මොන හේතුන් නිසාද? සමාජයක් ලිංගික ක්‍රියාකාරකම් වලට නතු වන්නේ මොන විදිහට ද? මේ ප්‍රශ්න වලට උත්තර...

කොපි වලින් හැඩ වෙන්න ඔයත් කැමති ද

කෝපි (coffee) කියන්නේ අපේ රටේ හුගාක් දෙනා කැමති පානයක් (drink). අපේ රටේ විතරක්ම නෙමෙයි ලෝකෙම ගත්තත් කොපි(coffee) ජනප්‍රිය පානයක්. මහන්සි වෙච්ච වෙලාවක කොපි (coffee)...