Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

අද කාලේ කොල්ලෙක් කෙල්ලෙක් යාළු උනාට පස්සේ මොකද කරන්නේ

සාමාන්‍යයෙන් ඕනම පිරිමි සහ ගෑණු අයගේ තියෙන ගතියක් තමා තමාගේ විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශණය වීම… ලිංගික හැගීම් පහල වීම… ඕක මහ අමුතු දෙයක් නෙවෙයි… වයසින් මෝරගෙන එද්දී ඕනම ගැහැණියක හෝ පුරුෂයකුටම විරුද්ධ ලිංගිකයින් ගැන හැගීමක්..ආකර්ෂණයක් ඇති වෙනවා.. එහෙම නොවෙනවානම් ඒ හෝමෝන ක්‍රියාකාරීත්වයේ මොනවා නමුත් අවුලක් තියෙනවනං විතරයි…

එහෙම හෝමෝන අවුලක් නැති හැම එකාටම හැගීම් දැනීම් කියලා දෙයක් තියෙනවා…

ඔය උත්තරීතර ප්‍රේමය… ප්‍රේමය නම් රාගයෙන් තොර අහවල් එකකි කියන අය ගැන මං දන්නේ නැහැ..හැබැයි කොල්ලෙක් උනානං ඔය කාලෙදි තමුන්ගේ ලිංගික අවයව ප්‍රාණවත් වීමත්… ලිංගික සබඳතා ගැන කැමැත්තක් ඇතිවීමත් සාමාන්‍ය දෙයක්…

කාන්තා පාර්ශවය ගැන කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා… ඒත් අපේ සමාජය විසින් කාන්තා පාර්ශවයේ අයට දීලා තියෙන අනතුරු ඇඟවීම් රාශියක් හින්දා ඒ අය පිරිමි අපිට වඩා ටිකක් ඔය සම්බන්ධව බියක් දක්වනවා.. ඒක අසාධාරනයි කියලා කියන්න බැහැ… මොකද පිරිමියෙකුට ගෑණියෙක් එක්ක ලිංගිකව එකතු වීමෙන් පසුව මානසිකව ඇති වන අවුලක් මිස ශාරීරිකව කිසිම අවුලක් නොවන නිසාත්..ගැහැණීයකට මානසික අවුලකට එහා ගිය ශාරීරික අවුල් රාශියකට මුහුණ දෙන්න වෙන නිසාත්… එයින් පළමු දේ තමා කන්‍යාභාවය…

අපි කවුරුත් කියන ජපන් කොඩිය හෙවත් පළමු ලිංගික එකතුවීමෙදී ගැහැණිය විසින් සිය යෝනි මාර්ගයෙන් රුධිරය වැගිර විය යුතුය කියන කාරණය තමා ගැහැණියකට ඇති කන්‍යා භාවය ඔප්පු කල හැකි පිළිගතම හැකි ක්‍රමය වෙන්නේ…(අපේ උන් බඳින්න කලින් වෛද්‍ය පරීක්ෂණයකට නොයන නිසා) එහෙම කරගන්න බැරි උනානං ඇය කන්‍යාවියක හෙවත් මේ වන තෙක් ලිංගික එක්වීමක් සිදු නොකල පිරිසිදු එකියක නොවන බවට තීරණය වෙනවා… ඒ නිසා ස්ත්‍රියකට පිරිමි අයකුට වඩා ලිංගික හැසිරීමකට යොමු වීම ගැටළුවක් වෙලා තියෙනවා.. අනිත් කාරණය තමා ගැබ් ගැනීම…

පිරිමියකුට කිසිම ආකාරයකින් ප්‍රශ්නයක් නොවන..එහෙත් ස්ත්‍රියකට බොහෝ විට විය හැකි නරකම දේ තමා ගැබ් ගැනීම…

එහෙම බැළුවම පිරිමි අපිට ලිංගික එකතු වීමකදී හිතන්න ඕන ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන ඇර‍ වෙන ඇති දෙයක් නැහැ. ඒත් ගැහැණියකට ලිංගික රෝග හැරුනු කල සිය කන්‍යාභාවය මෙන්ම ගැබ්ගැනීමට ඇති හැකියාව කියන කාරණා දෙක ගැනම අවධානය යොමු කිරීමට සිදු වෙනවා…

කවුද කියන්නේ ලෝකේ සාධාරණයි කියලා..? මේක මහ අසාධාරණ ලෝකයක්.. ඒත් මේ කතාව ඒ ගැන නෙවෙයි…

මේ කතා කරන්න යන්නේ ගබ්සාව ගැන..

සාමාන්‍යයෙන් අද කාලයේ පිරිමියෙකුත් ගැහැණියෙකුත් ආදර සම්බන්ධතාවයක් ඇති කරගත්තාට පසුව ඒ දෙදෙනා අතර විවාහයට පෙර සිදු වන ලිංගික සබඳතා ඇති වීමට ඇති හැකියාව වැඩියි… ඒකට හේතු තියෙනවා…

එකක් තමා ආදී කාලයට වඩා අද වෙන කොට විවාහය කියන කාරණාව අපේ අය බොහෝම භයානක දෙයක් හැටියට සැලකීම… විවාහයක් වන්නට පෙර සපුරාගත යුතුය කියා සලකනු ලබන ලයිස්තුව කරුණු රාශීයකින් සමන්විත වීම…

ස්ථීර ආදායම් මාර්ගයක්… ඉඩම් කඩම් වල නිත්‍ය හිමිකම.. නිවාසයක අයිතිය… රථ වාහන.. ආදී භෞතික සම්පත්හී හිමිකම් නැතිව විවාහයක් වීම නුසුදුසු දෙයක්ය..හා එම නිසා එම අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගෙන අවසානයෙහි විවාහ වන තෙක් සිය කායික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට මගක් නොවීම නිසා එතෙක් කලක් බලා සිටීමට නොහැකි අය තමන්ට හැකි මට්ටමින් ලිංගිකව එකතුවන මාර්ගයන්ට යොමු වෙන එක වලක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි.

ඒත් එහෙම කටයුතු කරන අයට තමන් කරන දේ ගැන නිසි අධ්‍යාපනයක්..අවබෝධයක් නැතිනම්..?

අන්න එතනයි ගැටළුව තියෙන්නේ…

සාමාන්‍ය මනුෂ්‍යයින් වශයෙන් ලිංගික අවශ්‍යතා ඇති උනත්.. ඒ ගැන හරි අවබෝධයක් නැති අය නිසා මේ කාරණාව අවසන් වෙන්නේ තවත් කෙල්ලෙක්..ස්ත්‍රියක් අසරණ වීමෙන්… ඇතැම් විට කන්‍යාභාවය අහිමි වීමෙන්..එසේත් නැතිනම් ගැබ් ගැනීමෙන්…

කන්‍යා භාවය කියන කාරණය ගැන කතා කරන එක ඇත්ත වශයෙන්ම විහිළුවක්… පළමු එක්වීමෙදී යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වන/නොවන කියන කාරණය මත ස්ත්‍රියකගේ ලිංගික පාරිශුද්ධිය මැනීම මෝඩයින්ට හොඳ ක්‍රමයක් මිස වෙන එකක් නෙවෙයි කියන එකයි මගේ මතය… උපතින්ම කන්‍යාපටලයක් පිහිටා නැති අය සිටිනවා මෙන්ම ක්‍රිඩා ආදියෙහි යෙදීමේදීත්..ළමා අවධියේදී නොදැනුවත්කම නිසා ලිංග මාර්ගවලට ඇතුළු වන යම් යම් බාහිර දේ නිසාත් ආදී වශයෙන් කන්‍යාපටලය නැති හෝ හානි වූ අය සිටීමට හැකියාව තිබීයදී කන්‍යා පටලයෙන් ස්ත්‍රියකගේ පිරිසිදු කම මැනීම කොතරම් දුරකට සාධාරණද..?

ඒ විතරක්ද… ඇයි ස්වයං වින්දනය… පිරිමියකුට හැකියාව තියෙනවනම් ඔය අරක මේක පෙන්නන්නේ නැතිව සිය කැමැත්ත මත නිදහසේ ස්වයං වින්දනයෙහි යෙදීමට..ඇයි ගැහැණියට ඒකට තහනමක්… ඇයටත් ඒ සඳහා අවස්ථාව තිබිය යුතුයි.. ඒ වෙනුවෙන් යම් දෙයක් සිය කැමැත්තෙන්ම සිය යෝනි මාර්ගයට ඇතුළු කර ගැනීමට ඇයට ඇති අයිතියට බාධක දාන්න අපිට ඇති අයිතිය මොකක්ද..?

කන්‍යා පටලයට හානි වීම.. ස්වයං වින්දනයට ඇති අයිතිය උදුරා ගැනීම මෙන්ම එයිටත් වඩා විය හැකි භයානකම කරුණ තමා ගැබ් ගැනීම…

විවාහ නොවී තිබියදී ස්ත්‍රියක ගැබ් ගැනීම පවතින සමාජයේ හැටියට බලවත් කරුමයක්… අපි කොයි තරං දියුණුයි කිවුවත්… ලොකු ලොකු දේවල් ගැන කතා කලත්… කොහේ හරි කෙල්ලෙක් බඳින්න කලින් බඩ උනොත් ඒක ගැන පට්ට ගගහා කතා කරන්න අපේ සමාජේ පොරවල් පස්ස ගහන්නේ නැහැ. හරියට මේ වෙනකල් ලෝකයේ කවදාවත්ම සිද්ධ නොවුන අමුතුම දෙයක් විදියට සලකලා අමුතුම සතෙක් දිහා බලන විදියට අර ගැබ් ගත්ත ස්ත්‍රියව දකින්න අපේ අය පුදුම කැමතියි… ලොකුම ‍විහිළුව තමා පිරිමිනං කමක් නැහැ කියමු… ගෑණුත් මෙතනදී එක ගොඩට වැටෙන එකයි… හරියට උන් කවදාවත් පිරිමියෙක් එක්ක බුදිය ගත්තේ නැති… ඇගට ගොඩ වෙන එකාට කකුල් දෙක පළල් කරලා ඉඩ නොදුන්න එවුන් ගානට තමා එවෙලෙට ගෑණුත් අර බඩ වෙච්ච එකීව පට්ට ගහන්නේ…

ඉතිං එහෙම සමාජයක වාවාහයට පෙර ගැබ් ගත් ගෑණියෙකු කරන්නේ මොනවද..?

සිය දිවි නසා ගැනීම… 

දරුවා හදා ගැනීම…

දරුවා නැති කිරීම හෙවත් ගබ්සාව… 

සමහර විට කට්ටිය කියන්න පුළුවන් ඔය පට්ටපල් බොරුනේ..එහෙම වෙන්නේ නැහැ කියලා.. ඒත් මං දන්න දේ හරහා කියන්න තියෙන දේ තමා සියයට අනූවක් හොර ගබ්සා මධ්‍යස්ථාන වලදී ඔය දේ වෙනවා කියන එක…

මං මෙයිට කලින් වැඩ කරපු තැන හිටිය බඩු කාපර් කෙනෙක් තමයි සරා කියන්නේ… සරා අවුරුදු දෙකක් ඇතුලත වැඩ කරපු තැනත් ගෑණු කිහිප දෙනෙක්ම මං දැනුවත්ව උස්සපු එකෙක්.. හැබැයි ඒ දේවල් උනේ ආයතනයෙන් පිටදී සහ රාජකාරීයට ඒ දේවල් වලින් බාධාවක් නොවුන නිසා මට ඒ ගැන යමක් කල යුතු උනේ නැහැ…

කාලයක් තිස්සේ අදාල කාරණයට හුරු උන සරාට ගබ්සාව ගැන ‍හොඳ අත්දැකීම් තිබුනා වගේම ඒ සම්බන්ධ බොහෝ දෙනාව ඇසුරු නිසුරු කරලා තිබුනා… (මෙතනදී කිව යුතු ප්‍රධාන දෙයක් නම් සරා කයිවාරු කාරයෙක් නොවන බවයි… පොර කරපු දේවලුත් මට අහු උනාට පස්සේ විස්තරේ කිවුවා මිස පොරගේ වැඩ කාටවත් තේරෙන්න කරපුවා නෙවෙයි…)

සරාට අනුව සහ මෑතකදී මට හමු උන ඔය සම්බන්ධ අත්දැකීම් ඇති කිහිප දෙනෙක්ට අනුව ඇත්තටම මං ලින්ක් එකක් දුන්න ලිපියට අදාල දේ සියයට අනූවක් අනවසර ගබ්සා මධ්‍යස්ථාන වල සිද්ධ වෙනවා…

මෙලෝ රහක් නැති.. දැක්කම අමුතු ආසාවක් ඇති නොවන ගෑණු හැරුනු කල ඇහැට කනට පේන..විශේෂයෙන්ම අඩු වයස්වලින් ගැබ්බර ‍වීම හරහා ගබ්සාවන්ට යොමුවන ගැහැණු ළමුන් වැඩි දෙනෙකුට මේ දේට මූණ පාන්න සිද්ධ වෙනවා…

ඒත් එහෙම කරන්නේ කොහොමද..? ඒ වගේ තැන්වල ගෑණු කෙනෙකුත් ඉන්නවනේ නමට හරි නර්ස් කෙනෙක් කියලා..?

හිතලා බලන්න අමු අමුවේ මිනී මරන්න උදව් දෙන නර්ස් කෙනෙක් ගැන.. එකම දේ තමුන්ට ඒ මිනි මැරුම්වලට හවුල් වීමට හොඳට ගෙවන නිසා ඒ දේට අත් උදව් දෙන ගෑනියෙක් තව කීයක් හරි වැඩි පුර දුන්නම ගබ්සාවක් කර ගන්න එන ගෑණු ළමයට දොස්තර කෙලින එකට විරුද්ධ වෙන්න තරං මනුස්ස කමක් හෝ වෘත්තීය සදාචාරයක් තියේවිද..? සල්ලි හම්බ වෙනවනං උන් තමන්ගේ දුවව උනත් ගෙනත් දොස්තරට දෙයි ‍ආ කෙලපං කියලා… එහෙවු එකේ එහෙම තැන්වල ඉන්න නාමික හෙදියන්ගෙන් ඇති ‍පලක් නැහැ. උනුත් නිකං අර ගණීකා මඩංවල ඉන්න මැඩම්ලා වගේ මිස එයින් එහා එවුන් නෙවෙයි… අනික තමුන්ගේ රස්සාව රැකෙන්නේ දොස්තරගේ රැකියාව හා තෘප්තිය මත කියන දේ දැන ගත්තට පස්සේ උන්ම තමා එතනට එන ගෑණු ළමයින්ව දොස්තරට ඕන විදිවයට සයිස් කරලා දෙන්නෙත්… සමර විට දොස්තර තමුන්ගේ කාරණාව කර ගන්නකල් කෙල්ලගේ අතපය අල්ලගෙන ඉන්න වගේම කට මිරිකං ඉන්න හෙදියනුත් නැතිව නෙවෙයි…

මේ දේවල් ඇත්තටම අදටත් මේ සමාජයේ සිද්ධ වෙන..හෙටටත් සිද්ධ වෙන දේවල්… හැබැයි අහන කොට අපිට ටිකක් අමාරු තමා.. ඒත් ඇත්ත සැම විටම තිත්තයි කියන්නේ නිකං නෙවෙයි…

මේ අහල පහලක හිටිය එඩරු වෙඳා කියන හාදයා ගැන බොහෝම විස්තර දන්න උදවිය මට හම්බ වෙලා තියෙනවා… (එඬරු පිත්ත උදව් කරගෙන ගබ්සාවන් කරන්න යොමු උන හින්දයි ඔහුට එඬරු වෙදා කියන නම ලැබුනේ… එම ක්‍රමය බ්ලොගය තුල ලිවීම සුදුසු නැති හෙයින් නොලියමි… දන්න අය සමහර විට ඉන්න පුළුවන්… ඒත් ඒ ගැන සඳහන් නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි…) ඒ විස්තර වලට අනුව එඬරු වෙදා ගබ්සාව වගේම දරුවන් නැති අයට දරුපල ලබා දීමත් සිද්ධ කරපු කෙනෙක්.. හිතා ගතෑකිනේ… එඬරු වෙදා වගේම තවත් හොර වෙද්දු රටේ ඕන තරං ඉන්නවා… ඒ හුඟාක් තැන්වලදී සිද්ධ වෙන්නේ තව තවත් කාන්තාවන් දූෂණයට ලක් වීම මිස වෙන දෙයක් නොවන බවත් කියන්න ඕන…

ඇත්තටම ගබ්සාව හොඳ උත්තරයක්ද..?

කිසිසේත්ම නැත… ගබ්සාවකින් ස්ත්‍රියකට අයහපතක් විනා කිසිදු යහපතක් නැත…

ගබ්සාවේදී සිය ජීවිතයද අවදානමට ලක්වීමට වැඩි අවස්ථාවක් තිබීම…

අවිධිමත් ක්‍රමයන් මගින් සිදුවන ගබ්සාවකින් පසුව නැවත පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව නැතිව යාමට වැඩි ඉඩක් තිබීම…

ගබ්සාවෙන් පසුව ගැබ් ගැනීමට හේතු වූ පිරිමියා තමන්ව අතහැර දැමීම…

මේ දේවල් සිද්ධ වෙන්න ඇති හැකියාව ඉතාමත් ඉහලයි…

අවිධිමත් ක්‍රම භාවිතය නිසා හා නිසි ලෙස ජීවානුහරනය නොකල උපකරණ භාවිතය නිසාත්… ගබ්සාවෙන් පසුව ඇතිවන සංකූලතාවයන් වලට නිසි පිළියම් නොයෙදීම වැනි දේ නිසාත් ගබ්සාවට ලක්වන තැනැත්තියගේ ජීවිත අවදානම ඉතා ඉහලයි… ඒ වගේම අවිධිමත් ක්‍රම බාවිතය නිසා හා..ගබ්සාවෙන් පසුව නිසි ලෙසින් ගර්භාෂය පිරිසිදු නොකිරීම වැනි කාරණා මත නැවත පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව අහිමි වීම වගේම පිළිකා හා වෙනත් රෝගාබාධයන්ට මුහුණ දීමට සිදු වීමත් විය හැකියි…

ඔය ඔක්කෝමත් අතරේ තමන් ගැබ් ගැනීමට හේතු උන එකා තමන් අතැර යාමේ හැකියාවත් අතිෂයින්ම ඉහලයි.. ඇයි එහෙම වෙන්නේ… ඒකට කාරණා කිහිපයක් තියෙනවා… තමුන්ට දාව උපදින්න ඉන්න එකාව මරන්න පුළුවන් එකාට ඒ මරපු එකාගේ අම්මව දාලා යන එක මහ කජ්ජක් නෙවෙයි… ඒ විතරක්ද.. බොහෝ විට ගබ්සා මධ්‍යස්ථාන වලදී ගබ්සාව කරන එකා කෙල්ලට කෙලිනවා කියන කාරණාව ඒවට කෙල්ලව එක්ක යන උන් හොඳින්ම දන්නවා… මොකද තමන්ට ඒ තැන අල්ලලා දෙන උන්ම ඇතැම් විට ඇත්ත කියන හින්දා… ඉතිං ගබ්සාව කරන්න ගිය තැන දොස්තරත් කෙලිය එකීව බාර ගන්න කැමතිද අරූ..? ඌට කෙලින් පුළුවන් උනාට සහ ළමයා මරන්න එක්ක යන්න පුළුවන් උනාට අනුන් කෙලිය හෝ..අනුන්ගේ අතක් ගෑවුන යෝනී මාර්ගයක් හිමි එකියක්ව බඳින්න අපේ උන් කැමති නැහැ… ඒකයි ඇත්ත.. අනිත් දේ තමා නිසරුභාවය.. දැන් ළමයා නැති කරන්න තීන්දුව ගත්තට ගබ්සාව කල නිසා අනාගතයේදී කෙල්ලට දරුවන් ලැබීමේ හැකියාව අඩු විය හැකි බව දන්නා නිසා නිසරු ලදක්ව බැඳ ගන්නත් ඔය උදවිය කැමති නැහැ…

ආන්න ඒ කාරණා හින්දා අවධාරණයෙන් කියන්න තියෙන දේ නම් ගබ්සාව යනු කල හැකි හොඳම දේ නොවන බවයි.. විශේෂයෙන්ම ගැණූ ළමයි මේකට කැමති වෙන්නේ කොල්ලා තමන්ව දාලා යයි කියලා බයට… ඒ හින්දා ළමයා නැති කරං හරි කොල්ලා තියා ගන්න හිතුවට අන්තිමට සිද්ධ වෙන්නේ ළමයයි කොල්ලයි දෙන්නම නැති වෙලා… මැරෙන්න පොටකුත් හදාගෙන.. වඳ ගෑනියෙක් හැටියට ජීවත් වෙන්නයි…

ආන්න ඒ හින්දා ස්ත්‍රී පාර්ශවය ගබ්සාවට විරුද්ධ වෙන්න වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් ප්‍රවේසම් වෙන්න වග බලා ගත යුතුයි… ‍රටේ උන් කොහොම බණ කිව්වත් අන්තිමට කුණ කන්න වෙන්නේ තමුන්ට කියන දේ අමතක කරන්න එපා…

හරි.. ඒ කියන්නේ උඹලා බඳිනකල් මොනවත්ම නොකර සංවරව හිටපල්ලා කියන එකද..?

අපොයි නැත… එහෙම කරන්න පුළුවන්නං හොඳයි.. ඒත් මං මුලින්ම කිව්වනේ..අපි ඉටිපන්දං හඳුන්කූරු කන උන් නෙවෙයි කියලා… ඒ හින්දා ඔය කියන තරං සදාචාරය ආරක්සාකරගෙන ඉන්න පුළුවන්කමක් නැහැ…

ඒ හින්දා කොයි දේ කලත් සිහි කල්පනාවෙන්.. හොයලා බලලා ආරක්ෂිතව කරන්න මතක තියා ගත්තොත් හොඳයි… හැබැයි ඉතිං අපේ දැනට තියෙන අධ්‍යාපන ක්‍රමය යටතේ තව ශත වර්ෂයකටවත් ආරක්ෂිතව බාහිර ලිංගික ක්‍රියාවන් සිදු කරන්නේ කෙසේද යන මාතෘකාව පාසල් පෙළ පොත්වලටනං එන එකක් නැහැ…

අන්න එතනයි ගැටළුව තියෙන්නේ…

නමුත් කවුරුන් හෝ ක්‍රියාත්මක වී වහාම ඒ දේවල් ගැන දුවා දරුවන් දැනුවත් කිරීම ඉතාමත් ඉක්මනින් විය යුතු බවයි මගේ හැගීම… සදාචාරේ සදාචාරේ කිය කිය ඒ ගැන කතා නොකරන එක දවසක් ගානේ රටේ කොහේ හෝ කෙනෙක් දුකට පත්වෙන එක විතරයි සිද්ධ වෙන්නේ…

ඒ නිසා හැකි ඉක්මනින්

ස්වයං වින්දනය යනු කුමක්ද..? එය සිදු කරන ආකාරයන් මොනවාද.. එහිදී ඇති විය හැකි අහිතකර දේ මොනවාද..? එම අහිතකර තත්වයන් මග හරවාගන්නේ කෙසේද..?

බාහිර ලිංගික ක්‍රියාකාරකම් යනු කුමක්ද..? ආරක්ෂිතව එවැනි දේ කරන්නේ කෙසේද..? ඇතිවිය හැකි ගැටළු මොනවාද..? එයින් අත මිදෙන්නේ කෙසේද..?

 

උපුටා ගැනීමකි

Popular Articles