Saturday, April 20, 2024

Top 5 This Week

Related Posts

ස්වයං රැකියා සඳහා අදහස් කිහිපයක්

අපි ඉවතලන බොහෝ දේවල් නැවත නැවතත් අපිට පරිහරණය කරන්න පුළුවන්. එය එක් අතකින් කැලි කසළ ප්‍රයෝජනයට ගත හැකි එක් විසඳුමක්. මේ අපි එදිනෙදා පරිහරණය කරන දේවල් අතරින් කරගත් නිර්මාණ කිහිපයක්.

පත්තර කොළ වලින් බාස්කට් එකක්

පත්තර කොළ කුඩා තීරු පටි වන සේ නමාගෙන එම පටි වලින් වියාගත් බඳුනකි. පැදුරු, පන් මළු වියන ආකාරයට මේ බඳුන සකසා ගත හැකි දැයි බලන්න.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ප්ලාස්ටික් හැඳි වලින් ලාම්පු ආවරණ / බකට්ස් 

නිවෙසට රැගෙන එන යෝගට්, කිරි පිටි ආදී ආහාර සමඟ විවිධ හැඩයේ ප්ලාස්ටික් හැඳි ද නිවෙස් තුල එක් රැස් වේ. එම හැඳි එකතු කර හිස් වතුර කෑනයක් වටා අලවා ගත්තොත් මේ විදිහට ලාම්පු ආවරණයක් තනා ගත හැකිය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

මේස ලාම්පුවක්

ඉවතලන ප්ලාස්ටික් මෙගා බෝතල් කිහිපය අඩිය කපා තනා ගත ගෝලාකාර ලාම්පු ආවරණයකි. මේ වැනි නිෂ්පාදනයකට ඔබේ නිර්මානශිලිත්වයද එක කර ගත හැකි බැවින් එහි අගය වැඩි කර ගත හැක.

 

තිර රෙද්දක්

ප්ලාස්ටික් මෙගා බෝතල් වල අඩිය කපා ගැනීමෙන් සකසා ගන්නා ලද තිර රෙද්දකි. මෙමගින් ඔබේ නිවසට අලංකාර බවක් එක්කර ගත හැකිය.

 

බිඳුණු ජායාරුප රාමුවේ ආභරණ රඳවනයක්

බිඳුණු ජායාරුප රාමුවේ හරස් අතට කම්බි ගැට ගසා ගෙන මේ ආකාරයේ ආභරණ රඳවනයක් සකසා ගන්නට හැකියි.

 

අයිස් ක්‍රීම් කොටුවෙන් බුක් මාක්

අයිස් ක්‍රීම් කොටුවෙන් බුක් මාකයක් සදා ගැනීමට ඔබේ දරුවන් යොමු කළ හැකියි.

 

Popular Articles