පෝලිමේ සිට සාප්පු තුන හතරකට පයින්ම ගොස් කේවල් කොට බඩු ගත්ත කාලයට තිතක් වැටුනේ මේ online සාප්පු සවාරි නිසයි. කිසිම තදබදයක්, රස්තියාදුවක්, මහන්සියක් නැතුව වුවමනා කරන දේ නිවසටම ගෙන්වා ගත හැකි මෙම ක්‍රමය දැන් තාක්ෂණයේ පිහිටෙන් ලෝකමය ආක්‍රමණය කොට ඇත. මේ online සාප්පු සවාරි ගැනයි.

අන්තර්ජාල පහසුකම තියෙන ඕනිම යන්ත්‍රයක් උපයෝගී කර ඔන්ලයින් සාප්පු සවාරි යන්න පුළුවන්. ඩෙක්ස්ටොප් පරිගණක, ටැබ්ලට් පරිගණක, ජංගම දුරකථන, වැනි ඕනිම උපකරණයකින් ඔන්ලයින් සාප්පු සවාරි යන්න පුළුවන්. ඒවාට ෂොපින් සර්ච් එන්ජින් නමින් සෙවුම් යාන්ත්‍රණ සකසා තිබෙනවා. ඒවායේ එක එක අලෙවිකරුවන්ගේ සහ නිෂ්පාදකයින්ගේ වෙළඳ භාණ්ඩ මිල සමඟ ඉදිරිපත් කොට ඇති අතර එක එක සෙවුම් යන්ත්‍ර වල මෙම මිල වෙනස් විය හැකිය. එවිට ඒවායේ මිල සසඳා අඩුම මිල යතේ ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරා ගත හැකිය.

ඔබට මිලදී ගැනීමට අවශ්‍ය උපකරණයේ නම සෙවුම් යන්ත්‍රයේ ටයිප් කොට සොයා බැලීම කල හැකියි. නමුත් මේ ක්‍රමය වඩාත් සුදුසු වන්නේ යාන්ත්‍රණයක වට්ටම් ලබන පාරිභෝගිකයෙකු නම් පමණයි. එසේ නොවේ නම් ගුගල් වැනි සාමාන්‍ය සෙවුම් යන්ත්‍රයක ඔබට අවශ්‍ය දේ සොයා බැලිය යුතුයි. මෙහිදී ඔබ සොයන වපසරිය දැක්වීම ඉතා සුදුසුයි. උදාහරණයකට “TV prices in Sri Lanka”

භාණ්ඩ වල ප්‍රමිතිය පිලිබඳ වගකීම තිබෙන්නේ ඔබේ අතේයි. අදාළ භාණ්ඩ මිලට ගැනීමේදී එහි දී ඇති විස්තරය හොඳින් කියවන්න. සවිස්තරව අදාල භාණ්ඩයේ විතර වෙබ් පිටුවේ පල නොවේ නම් අදාළ ඔන්ලයින් සාප්පුවේ ඇති පාර්භෝගික සේවා අංකයට කතා කොට විස්තර දැනගත හැකිය. එසේත් නොමැතිව විස්තරයක් පල නොකොට පාරිභෝගික සේවා ලබා ගත නොහැකි නම් එම භාණ්ඩ මිලදී ගැනීම ඉතා අනතුරුදායකයි.

ඔන්ලයින් සාප්පු වල මුදල් ගෙවිය හැකි ක්‍රම දෙකක් තිබෙනවා. ඒ භාණ්ඩය වෙන් කල විගස ගෙවීම් කිරීම හෝ භාණ්ඩය ලැබුන පසු ගෙවීම් කිරීමයි. මින් ආරක්‍ෂිත ක්‍රමය වන්නේ භාණ්ඩ ලැබුන පසු ගෙවීම් කිරීමයි. එවිට භාණ්ඩයේ තත්වය සොයා බලා ගෙවීම් සිදු කල හැකියි.

ඔබ ලංකාවේ නොවන ඔන්ලයින් සාප්පුවකින් භාණ්ඩ මිලදී ගතහොත් අන්තර්ජාතික මුදල් ඒකක පිලිබඳ දැනුම ඔබට තිබිය යුතුය. විවිධ යාන්ත්‍රණ ඒ ඒ රටේ මුදල් ඒකක භාවිතා කරනු ලබයි. ඔන්ලයින් සාප්පුවකින් ඔබ මිලට ගන්න භාණ්ඩ ඔබ වෙත සැපයෙන දින ගණන එම සාප්පු වෙබ් පිටුවේ සඳහන් කර තිබේ. එමෙන්ම භාණ්ඩ බෙදා හැරීම සඳහා ඔවුන් අය කරන ගාස්තුවද ඔබ භාණ්ඩය වෙනකල වහාම දැනුම්දෙනු ලැබේ. ඒ පිලිබඳ සැලකිලිමත් වී භාණ්ඩ මිලදී ගැනීමට ඔබ උනන්දු විය යුතුය.

online සාප්පු සවාරියක් යමු

දිනපතාම අමුත්තෙකුට කාරුණික වන්න

මරණාසන්නව වැතිර සිටින ඇල්ඩොස් හක්ස්ලි සිය මුළු ජීවිතය පුරාම උගත් දේවල් සියල්ල ගැන මෙනෙහි කර එය සරල වචන 10කට සාරාංශ කළේය. " අපි එකිනෙකා...

මේ මගේ කතාවයි – 06 කොටස

my story මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක්...

විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු, පිරිමි බේදයකින් තොරව කියවන්න

විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු,පිරිමි බේදයකින් තොරව කියවන්න... ඉස්සෙල්ලාම කියන්නම් මෙච්චර සමාජෙ ගැන ලිපි කවි ලියන මම අද මොනවත් කිවෙ නැත්තම් වැඩක් නෑ.....

පියයුරු පිළිකා වලක්වන්න කදිම විසදුමක්

කාන්තාවන්ට වැළදෙන රෝග වලින් වඩාත් භයානක රෝගයක් තමයි පියයුරු පිළිකා කියන්නේ. ස්ත්‍රී රුපය ඔප් නංවන්නට හේතු වන සුන්දර පියයුරු යුගල රැක ගන්නට උපකාරී වන...

විවාහක කාන්තාවන්ගේ දේපල අයිතිය සහ ගිවිසුම් අයිතිය

1879 වෛවාහක අයිතිවාසිකම් සහ උරුමය පිළිබඳ ආඥා පනත සහ 1923 වෛවහකගත ස්ත්‍රීන්ගේ දේපල ආඥා පනත මගින් දේපල සහ ගිවිසුම් සම්බන්දයෙන් විවාහක කාන්තාව මත පනවා තිබු...

හිස කෙස් රැකගන්න මේ විදිහට කරලා බලන්න

අද බොහෝ යුවතියන් අතර තියෙන ගැටළුවක් තමයි වියලි හිසකෙස් එහෙමත් නැත්නම් ඉක්මනින් කැඩී යන හිස කෙස්. ඒ වගේ තත්වයක් ඇති වෙන්නේ අපි කරන සමහර...

බිහිසුණු දින 49ක්

ග්‍රහ ලොව යක්ෂයා වූ රුධිර කාරක කුජ ග්‍රහ තාරකාව ජනවාරි මස 17 වන දින පාන්දර 5.11 ට වෘශ්චික රාශියට පිවිසෙයි. ඒ අනුව ඉතා බලවත්...

අනුෂා කොඩිතුවක්කු අවසන් පුර්ව වටයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනී

21වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ බොක්සිං කිලෝග්‍රෑම් 48 - 51 බර පංතිය අවසන් පුර්ව වටයෙදී අනුෂා කොඩිතුවක්කු සමඟ මේරි කොම් තරඟ වදින ලදී. එම...

ඇත්ත කියන්න තරම් හයියක් තිබ්බේ නෑ. එත් මම ගත්ත තිරනේ වැරදිත් නෑ

සත්‍ය සිදුවිමක් පදනම් කරගෙන ගොතන ලද්දකි..... "කැපකිරිම" "නොසිතු මොහොතක ක්ලාන්තය දලා ගෙදරදි ඇදගෙන වැටුන මම ගෙදරින් රොහල් ගත කරපු මාව දවස් දෙකකින් ටිකට් කැපුවත්....ගෙදර මිනිස්සු හැසිරුනේ...