සිංහල හා දමිළ අලුත් අවුරුද්දට තව ඇත්තේ දින කිහිපයක් පමණයි. මේ අලුත් අවුරුද්දෙදිත් හදිස්සියේ කඩයකට ගොඩවෙලා, අවුරුදු කැවිලි පෙවිලි ගන්න වෙහෙසෙනවට වඩා, ‍දුවා දරුවනුත් එක්ක අවුරුදු කෑම ටික ගෙදරදීම හදා ගත්තොත් කොපමණ අගේද? ඉතින් අපි අද ඔබට කියල දෙන්නේ අවුරුදු කැවිලි වර්ග කිහිපයක් සාදා ගන්නා ආකාරයයි.

 

මුං කැවුම්

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

මුං පිටි (බැද කුඩු කරගත්) ග්රෑම් 250
හාල් පිටි ග්රෑම් 250
සීනි ග්රෑම් 400
බටර් මේස හැඳි 1
පාන් පිටි (දවටනය සඳහා)
පොල් කිරි කෝප්ප 1/2
පිටි ග්රෑම් 150
කහ කුඩු තේ හැඳි 1/2
ලුණු ස්‌වල්පයක්‌

සාදන ක්‍රමය

සීනි භාජනයකට දමා වතුර කෝප්පයක්‌ එකතු කර ලිපේ තබා උණු කරගන්න. ඉන් පසු මුං පිටි හාල් පිටි මිශ්‍ර කරන්න. එම මිශ්‍රණය ඝන වනවිට බටර් ටිකක්‌ එකතු කර හොඳින් කලවම් කරගන්න. එම මිශ්‍රණය සෑදීමට ගත් භාජනයට වතුර කෝප්ප 2 ක්‌ දමා එහි වටේ විසිරී ඇති පිටි දියකර නටවා කැඳක්‌ සාදා ගන්න. එම මිශ්‍රණය සෑදීමට ගත් භාජනයට වතුර කෝප්ප 2 ක්‌ දමා එහි වටේ විසිරි ඇති පිටි දියකර නටවා කැඳක්‌ සාදා ගන්න. එය නිවුණු පසු මුං පිටි මිශ්‍රණයට දමා මොළොක්‌ වන ලෙස කලවම් කරගන්න. ඉන්පසු තෙල් අතුරා ගත් භාජනයක තුනී කර කපා ගන්න. පිටි දවටනය සෑදීමට පොල්කිරිවලට පිටි ස්‌වල්පයක්‌ දමා හොඳින් ඝන නූලට බේරෙන මිශ්‍රණයක්‌ වන සේ කලවම් කරගන්න. ඉන්පසු ලුණු සහ කහ ද එක්‌ කරන්න. කපා ගත් කැවුම් පිටි මිශ්‍රණයට දමා හොඳින් බේරා ගැඹුරු තෙලේ බැදගන්න.

 

පැණි වළලූ

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

උඳු පිටි ග්රෑම් 750
හාල් පිටි ග්රෑම් 500
ලුණු කැපූ තේ හැඳි 2
සීනි කිලෝග්රෑම් 1 1/2
අඟල් 1/4 ක පමණ සිදුරක්‌ සැදූ ලේන්සුවක්‌ හෝ මිරිකා ගත හැකි එවැනි ඝන රෙදි කැබැල්ලක්‌ ගන්න.

සාදන ක්‍රමය

හාල් පිටි සහ උඳු පිටි, ලුණු, උකු මිටිකිරි දමා මිශ්‍ර කර අතේ නොගෑවෙන ලෙස පදමට සකසා ගන්න. එලෙස සාදාගත් මිශ්‍රණය පැය 3 1/2 ක්‌ පමණ තබන්න. එම සාදා ගත් මිශ්‍රණය ඝන ගතිය වැඩි නම් නැවත වාරයක්‌ කිරි ටිකක්‌ එකතු කර ගන්න. ඉහත සඳහන් කරන ලද අඟල් 1/4 ක සිදුරක්‌ සාදා ගත් ලේන්සුව හෝ රෙදි කැබැල්ල ගෙන එම මිශ්‍රණය එයට දමන්න. ඉන්පසු තෙල් තාච්චිය ලිප තබා තෙල් රත්වන විට ලේන්සුවේ හෝ රෙදි කැබැල්ලේ ඇති මිශ්‍රණය රත් වු තෙලට වත්කරන්න.එය වළලු ආකාරයට දමා ගත යුතුය. ඉන්පසු භාජනයක්‌ ගෙන සීනි ග්රෑම් 500 ක්‌ සුළු වේලාවක්‌ උණු කරගන්න. එලෙස උණු කරගත් සීනි පැණි වූ විට බැදගත් වළලු දමා හොඳින් පැණි මිශ්‍ර කර මැටි භාජනයක හොඳින් අසුරා තබන්න. ඉන්පසු ආහාරයට ගන්නා විට උඳු වළලු නොකැඩෙන ලෙස ඉවතට ගන්න.

කොකිස්‌

 

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු කැකුළු හාල් ග්රෑම් 300
පොල් කිරි අඬු කෝප්ප 2 (මිටි කිරි)
බිත්තර 1
ලුණු ස්‌වල්පයක්‌
කහ ස්‌වල්පයක්‌
කොකිස්‌ අච්චුවක්‌

සාදන ක්‍රමය
හාල් පැයක්‌ පමණ පෙඟෙන්නට තියා කොටාගන්න. හලා ගත් පිටි පොල් කිරි සමඟ කලවම් කරන්න. කහ, බිත්තරයක්‌ සහ ලුණු මිශ්‍රණයට කලවම් කරන්න.විනාඩි 30 ක්‌ පමණ තියා භාජනයකට තෙල් දමා තෙල් රත් වූ පසු කොකිස්‌ අච්චුව රත්කර පිටි මිශ්‍රණයට දමා බැදගන්න. අච්චුවෙන් ගලවා විනාඩි 1 1/2 ක්‌ පමණ බැදගන්න.

කොණ්‌ඩ කැවුම්

 

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් පිටි ග්රෑම් 300
තිරිඟු පිටි ග්රෑම් 150
කිතුල් පැණි කෝප්ප 1
ලුණු තේ හැඳි 1/2
පොල් තෙල් බෝතල් 1
මාදුරු තේ හැඳි 1
සීනි කෝප්ප 1/2

 

සාදන ක්‍රමය

පාන් පිටි සහ හාල් පිටි එකට කලවම් කර සිහින් පෙනේරයකින් හලා ගන්න. සීනි සහ පැණි පිටිවලට එකතු කර ලුණු හා මාදුරු ඉතා ස්‌වල්පයක්‌ එක්‌ කර ඝන මිශ්‍රණයක්‌ සාදාගන්න. මිශ්‍රණය පැය 1 ක්‌ පමණ තබා තාච්චියට තෙල් දමා රත් වූ පසු පිටි මිශ්‍රණය (කොණ්‌ඩ කැවුම් 1 කට අවශ්‍ය ප්‍රමාණයට) එයට දමා ඉරටුවක්‌ ආධාරයෙන් මදක්‌ තැම්බුණු කැවුමේ මැදට තියා හැන්දකින් කැවුමට තෙල් දමා ඉරටුව සෙමින් කරකවන්න. ඉරටුව වටේ ගැටයක්‌ මෙන් කැවුම උඩට නෙර එයි. එවිට ඉරටුව ඉවතට ගෙන කැවුම බැද තෙලෙන් බා ගන්න.

 

 

කිරි ටොෆි

 

අවශ්‍ය ද්‍රව්‍ය

ටින් කිරි ග්රෑම් 325
සීනි ග්රෑම් 500
වතුර කෝප්ප 1
කජු මද (සිහිනව කපාගත්) ග්රෑම් 50
වැනිලා තේ හැඳි 1/2

සාදන ක්‍රමය

කිරි, සීනි හා වතුර හොඳින් කලවම් කරගන්න. සීනි දිය වූ පසු ලිපේ තබා හොඳින් හැඳි ගාන්න. (මෙය නොකඩවා කළ යුතුය.) මද ගින්දරෙහි තබා පදම එනවිට සිහින්ව කපා ගත් කජු මද සහ වැනිලා එක්‌ කරගන්න. ඝන වූ මිශ්‍රණය භාජනයේ නොඇලෙන පදමට එනවිට ලිපෙන් බා පිරිසිදු කරගත් තැටියක්‌ ගෙන තෙල් අතුරා අඟලක ප්‍රමාණයකට තුනී කර නිවෙන්නට පෙර කැබලිවලට කපා ගන්න.

අවුරුදු කෑම මේසය රස කරන්න නිවසේදීම කැවිලි හදමු

කපුවෙක් ඇල්පිටියේ දී සිව් හැවිරිදි දැරියක බිල්ලට ගනී

රත්නපුර ප්‍රදේශයේ දෙදරු පියෙකු විසින් අසල්වැසි දැරියක බිල්ලටගෙන ඇතිබව, ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. ඇල්පිටිය , ඌරගස්මංහන්දිය නගරයට ආසන්න ග්‍රාමීය ප්‍රදේශයකදී වයස අවුරුදු හතරක ළදැරියකට බරපතළ...

The Sound Of Music

2018 පෙබරවාරි 14 සිට 18 දක්වා නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේදී

ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද

ද්වි විවාහය හෝ බහු විවාහය - දණ්ඩ නීති සංග්‍රහයේ 362 වගන්තිය වරක් විවාහ වී ඇති පුරුෂයකු හෝ කාන්තාවක තම විවාහය වලංගුව පවතිද්දී සහ තම නිත්‍යානුකුල...

මුදල් නැතිව මුදල් සොයන බිස්නස් කලාව

පුංචි පුංචි බිස්නස් වලින් ගොඩ එන්න උත්සහ කරන පුංචි ව්‍යාපාරිකයන්ට සල්ලි නැතිව සල්ලි හොයන ක්‍රම කිහිපයක් ගැනයි අපි ඔබට කියල දෙන්න යන්නේ. ඉතින් අපි...

අලුත් අවුරුදු කෑම මේසයේ අමුත්තන්ට පිළිගන්වන්න අලුත් විදිහේ කෑම ටිකක් හදමු

මේ ළඟ ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න අපි අලුත් විදිහේ කෑම වර්ග ටිකක් හදමු.   බනානා බ්‍රෙඩ් අවුරුදු කාලයේදී සෑම ගෙදරකම පිරිලා...

ශ්‍රී දේවිගේ මරණය අභිරහසක් වෙයි

ශ්‍රී දේවිගේ මරණය හෘර්දයාබධයක් නිසා සිදු වුවක් බවට ඊයේ දිනයේ එරට මාධ්‍යන් ඔස්සේ වාර්තා කරනු ලැබුවා. එත් අද වන විට ඩුබායි සෞඛය අමාත්යංශය මඟින්...

ගමේ පදමට අඹ ව්‍යංජනයක් හදමු

අඹ ව්‍යංජනය කියන කොටම කටට කෙල උනනවා නේද? එහෙම එකේ වැඩි කතා මොකට ද ? අපි රසම රසට ගමේ පදමට අඹ ව්‍යංජනයක් හදමුකෝ. මේ සඳහා...

ලංකාවේ නිර්මාණය වන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය – “ගජමෑන්”

හැත්තෑව දශකයේ අතිශය ජනප‍්‍රිය හා ප‍්‍රබල කාටූන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ”ගජමෑන්” ඇතුළු එම නිර්මාණවේදියා විසින් මෙරට පාඨකයින් හමුවේ තබන ලද තවත් අතිශය ආකර්ශනීය...

අලුත් තාලේ මඟුල් ගෙයක්

අධික වියදම් දරලා රැල්ලට විවාහ උත්සවය ගන්න කාලයක කෙරුන අපූරු විවාහ උත්සවයක් ගැන දැනගන්නට ලැබුනා. පුංචිවට ගත්ත මේ උත්සවයේ මනමාළයා විසින් අපූරු ක්‍රියාවක් කරලා...