Top 5 This Week

Related Posts

ගණිකාවකී ඈ

වෙලාව රාත්‍රි දහය ලෙස ඔරලෝසුවේ සදහන් විය. මම දිව්‍යා හේශානී. තාම අවුරුදු 21යි. ගමේ හැදුන මට ලස්සන දිග කොන්ඩයක් තිබ්බා. ලස්සන සිරුරකට හිමිකම් කියන මම උපතින්ම කලුයි. ඒත් කොළඹට ආවට පස්සේ මං කලුවට හිටියද කියලවත් හොයන්න බැරි තරමට ඇඟේ පාට වෙනස් උනා.

කලින් හිටිය දිව්‍යා නෙමෙයි දකින ඕන කෙනෙක් කියයි. මම කොළඹට ආවේ ගාමන්ට් එකේ රැකියාවකට. ඒත් මගේ ඉරණමේ ලියවිලා තිබිලා තියෙන්නේ ඊට වඩා වෙනස් ගාමන්ට් රැකියාවට වඩා වෙනස් පඩියක් ලැබෙන සමාජය පිළිකුලට ලක්වෙන රැකියාවක්.

“කෙල්ලේ යමන්”

මගේ කල්පනාව බිඳුනේ මිකීගේ හඩට. මිකී කිවුවට ඒකි මිහිරී. අද මං මේ තත්වෙ ඉන්නේ මිහිරි නිසයි

“හ්ම්ම්ම්..යමු”

මේ යන්නේ මගේ රැකියාවට. සල්ලිකාර මිනිස්සුන්ගේ කාම ආශාව සපුරන්න යන ගමනක් මේ. ඔව් මගේ වෘතිය ගණිකා වෘතිය. දුප්පත්කම නිසා වැටුන ගොඩ එන්න බැරි වලක ජීවත් වෙන අහිංසක ජීවිතයක් මං ගෙවන්නේ..

“අදත් ඇවිල්ලා ඉන්නේ ඊයේ ආපු කොල්ලමනේ බන්…ඌ මොකද උඹවම හොයන් එන්නේ?”

මිහිරිට ප්‍රශ්නයක් හසරැල්ගේ පැමිණීම.

“මං කරන්නෙ මට කරන්න තියෙන දේ බන්. ඌටත් මං සලකන්නේ අනිත් උන්ට වගේ තමා. උඹ උඹේ කස්ටම ගාවට පලයන් දැන්..”

මං එහෙම කියලා හසරැල් ගාවට ආවා. මටත් ප්‍රශ්නයක් ඊයේ රෑ මෙයා මගෙන් කිසි දෙයක් අර ගත්තෙත් නෑ. ඒත් ඇයි අදත් ඇවිල්ලා.. මං හිතින් හිතුවා…

“යමු…”

එපමනයි. හසරැල්ගේ කාර් එක ගියේ අපි වෙනදා යන හෝටලේ දෙසට නෙමෙයි. ඒත් මේ කොහෙද?

“සර් අපි යන්න ඕනා ඔය පැත්තට නෙමෙයිනේ”

“ෂ්..කටවහන් ඉන්නවා මං තමුසෙගේ වෙලාවට ගෙවනවා සද්ද නැතුව ඉන්නවා”

යකෝ මේක මර වැඩක්නේ. ඔව් මේ වෙලාව ඔහුටයි අයිති මාව. අතින් අතට යන අපි වගේ අය සල්ලි නිසා එයාල ඉස්සරහා පඹයෝ ගානට වැටිලා.

ලස්සන මුහුදු වෙරලක් ගාව කාර් එක නතර කරා.

“බහින්න.”

හසරැල් කාර් එකෙන් බැහැලා මුහුදු වෙරල පැත්තට යනවා. ගොඩක් ලස්සන කොල්ලෙක් නෙමෙයි හසරැල්. ඒත් පිං පාට ලස්සනක් ඔහුට තිබ්බා. ඒත් ඇයි මේ වගේ පොඩි කොල්ලෙක් අපි වගේ අය ලඟට එන්නේ. සල්ලිකාර මිනිස්සුනේ..

මං හිත හිතම ඔහු පස්සෙන් ගියා. බෙන්ච් එකක් ළඟ නතර උන හසරැල් මට ඇස් වලින් බෙන්ච් එක පෙන්නලා වාඩි වෙන්න කිවුවා. අපි අතර කිසි කතාවක් නෑ.එයා මුහුද දිහා බලන්..

“ස..ර්”

“හ්ම්ම්..ඔයා බලනවා නේද? ඇයි මම ඔයාව මෙහෙට ගෙනාවේ කියලා”

හසරැල්ගේ කතාව දිහා මං බලන් ඉදියේ ප්‍රශ්නාර්ථයක් හිතේ මවාගෙන..

“හසිත අබේසූරියව දන්නවද?”

මං මොහොතක් කල්පනා කරා. ඔව් ඒ මං ලඟට එන කස්ටම කෙනෙක්. මම ඔව් කියලා හිස වැනුවා..

“දන්නවද ඒ කවුද කියල මගේ”

මූ අහන්නේ මාර ඒවා.මං කොහොමද ඒවා දන්නේ.

“නැහෑ”

මං මුහුද දිහා බලන් කිවුවා..

“ඒ මගේ අයියා….”

අහ්හ්…. මං හසිත දිහා බැලුවා.ඒත් ඔහු මුහුද දිහා බලාගෙන.

“අයියයි මට ඔයා ගාවට එන්න කිවුවේ”

ඔහු දෙස මං බැලුවේ පුදුමයෙන්. අයියා කෙනෙක්ට පුලුවන්ද තමන්ගේ සහෝදරයට අපි වගේ කෙනෙක් ලඟට යන්න කියන්න. මේ සමාජේ ගැන මට දැනුනේ කලකීරිමක්.

“මං ඔයාව හොයන් ආව දවසේ මගේ හිතේ ඔයා ගැන හැගීමක් ආවා නංගී. එකයි මං උබ එක්ක බුදියන්නේ නැතුව උබට සල්ලි දිලා ආයේ ආවේ….මං දන්නවා උබ ගොඩක් දෙනෙක්ගේ අතට ගියා කියලා. මට එහෙම උනේ ඇයි කියලා දැන ගන්න ඕනේ නෑ…මාව බදින්න කැමතිද නංගී”

මගේ ඉහමොළ රත් වෙලා ගියා. දෙයියනේ බදින්න? මං වගේ කෙනෙක්. මං හසරැල්ගේ ඇස් දිහා බැලුවේ ඇස්වල කඳුළු පුරවන්..

“අ.යියේ.. ඒ.ත් මං වගේ කෙනෙක්?”

එච්චරයි කියන්න ලැබුනේ හසරැල් මාව තුරුල් කරගෙන නලල සිප ගත්තා. මේ කාලේ පුරාවට මට ලැබුන ආදරණීයම හාදුව ඒ. මාව ඒ පපුවට තුරුල් කරන් මුහුද දිහා බලන් හසරැල් හිනා වෙනවා…

“යමු…අද ඉදන් ඔයා ඉන්නේ මගේ ගෙදර….මායි ඔයයි”

සත්තයි මගේ හිතට ආව සතුට කියල නිම කරන්න්ද් බෑ. ආදරයක්? හීනෙකින්වත් නොහිතපු දෙයක් අද උනේ….

අවුරුදු තුනකට පසු………..

“හරි ශෝක් තාත්තයි පුතයි…කෝ අලි බබා නැගිටිනවා..”

මම හසරැල්ට පාරක් ගැහුවේ රිදෙන තරමට..

“ඇයි සුදු මැණිකේ බෙරිහන් දෙන්නේ”

“මොකක්ද අර කරලා තියෙන්නේ ? ඇදුම් ඔක්කොම තෙම්මලා”

මම බොරු තරහක් මවාගෙන දෙන්නටම බැන්නා. කොල්ලට හිනා. අවුරුදු දෙකහා මාරක චූටි පුතෙක් අපිට ඉන්නවා දැන්…හේශාන් මිහිරංග .මගෙයි හසරැල්ගෙයි ලෝකේ ඒ..

“මෙන්න මෙහේ එනවා හලෝ”

හසරැල් මාව ඇදලා ගත්තේ එයා ගාවට.

“තමුසෙට ගොඩක් පිං නංගී මාව මෙහෙම සතුටින් තියනවට”

හැමදාම හසරැල් කියන්නේ ඔය ටික. මට එයාට කෙල්ලෙක්ගෙ පිරිසිදුකම දෙන්න බැරි උනා තමයි. ඒත් මට එයාට හොද බිරිඳක් වෙන්න පුළුවන් උනා…..

අද මට හසරැල් හම්බුනේ නැත්තන් අදටත් මං අතින් අතට යන ගණිකාවක් වෙන්න ඉඩ තිබුනා….

 

දසුන් රවිහංස දේශප්‍රිය

Popular Articles