ඒ 1989 වසරයි. ජෙමෙයිකාව ලොව අවම අඩුම වර්ධන වේගයක් සහිත රටක් වන ජෙමයිකාව එවකට පාන් කැබැල්ලක්, බනිස් ගෙඩියක් වෙනුවෙන්, සිඟමන් යදින දරුවෙන් බොහොම සුලබ දර්ශනයක්. අදට උනත් මේ තත්වය ලොකු වෙනසක් නැහැ. ජෙමයිකාවේ මේ දුප්පත් කමට අමතරව තවත් බොහොම සුලබ දර්ශනයක් තිබෙනවා. ඒ තම යි ක්‍රිකට්. කෝටු කැබලි ටිකක් සිටුවලා , ලි කැබැල්ලකින් රබර් බෝලයකට ගසමින් සෙල්ලම් කරන ජෙමයිකා පිරිමි ළමුන් වීදියක් වීදියක් ගානේ සොයා ගන්න පුළුවන්. දිනක් මෙන්න මෙහෙම ළමයින්ට ආධාර දෙන ආයතනයින් පැමිණි නිලධාරින් පිරිසක් කුඩා ළමුන් ටිකක් සෙල්ලම් කරන අයුරු බලාගෙන සිටියා. එතන හිටිය බොහොම දක්ෂ විදිහට පිත්ත හසුරුවන දරුවෙක්. පෙනුමෙන් මදපෝෂණය හැදුන කෙනෙක් වගෙ පෙනුන මේ දරුවා ක්‍රිකට් සෙල්ලම් කරයි කියල හිතන්නවත් බෑ . තම කණ්ඩායම දිනනතෙක් ක්‍රීඩා කල මේ දරුවා තම ඉනිම වෙනුවෙන් ලබා ගත්තේ පාන් කැබැල්ලක්. එයත් කවරෙක දමාගෙන ඔහු ගියා.

අන්න එහෙම පාන් කැබැල්ලක් වෙනුවෙන් සෙල්ලම් කල දරුවෙක් තමා ලෝකපුජිත ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල්. අද ඔහුගේ ක්‍රීඩා විලාශයේ පොහොසත්කම නිසාම ගේල් ගේ බලය,ගේල් කුණාටුව, ලෝක බලවතා,හයේ මැෂිම, ස්පර්ටන්, යන විවිධ අන්වර්ථ නාම වලින් ඔහුව හඳුනවනවා. ඔහුගේ සුන්දර ප්‍රීතිමත් සිනාව පිටුපස, එවන් කතආක් තිබෙවියයි ඔබ සිතුවේ නැහැ නේද?.

ගේල් ඉපදෙන්නේ ජැමෙයිකාවේ. ඔහුගේ පවුලේ සාමාජිකයින් අට දෙනෙක්. පියා පමණක් රැකියාවක් කල මේ නිවසේ තිබුණේම අගහිඟ කම් විතරයි.යන්තම් අවුරුදු 10 වෙනකොට ගේල්ට මන්ද පෝෂණය හැදුනා. සමහර දිනවල ගේල් හාමතේම ගිහින් පාන් කැබැල්ලකට ක්‍රිකට් සෙල්ලම් කරනවා. කන්න දෙයක් සොයා ගත්තේ එහෙමයි. ක්‍රිකට් හැමදාම නැහැ. සමහර දිනවල අහාර සොරාගන්න පවා සිදුවෙලා තිබෙනවා.

මෙහෙම ඉන්න කොට සිම්සන් අන්ද්‍රියස් මහත්මයා තමයි ක්‍රිස් ගේල් ට ක්‍රිකට් සෙල්ලම් කරන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එතැන් පටන් ජැමෙයිකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත්වෙන ගේල් ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු බවට පත්වන්නේ බටහිර කොදෙව් කණ්ඩායමට එක් වීමත් සමගයි. ගේල් ගේ දුප්පත් කම නිසාම ක්‍රිකට් කවුන්සිලයෙන් කොන් කල අවස්ථා අප්‍රමාණ බව ගේල් පවසන්නේ දැඩි සිත් වේදනාවෙන්. ඒ වගේම තම වැටුප නියමිත වෙලාවට ලබා නොදුන් අවස්ථා බොහෝ ඇති බව ගේල් පවසන්නේ දැඩි සිත් වේදනාවෙන්. ජිවිතයේ හැම ගැටළුවකටම සිනහවෙන් පිළිතුරු දුන් ඔහු ඒ සියල්ල තමන් ක්‍රීඩා කරන එක නවත්වන්න කල ඒවා බව දැනගෙන සිටියා. ඔහු අවසානයේ තම සටන ජයගෙන තිබෙනවා .
තමන් ගැන කිසි විටෙක උඩඟු නොවන බව පවසන ගේල් පවසන පරිදි සෑම අපහාසයකටම හොඳම පිළිතුර තමයි උපේක්ෂාව සහ අත් නොහැරිම. ඔහුගේ සාර්ථකත්වයේ රහස එයයි.

පාන් කෑල්ලකට සෙල්ලම් කල පුංචි කොලුවා

මේ මගේ කතාව – 05 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

වාරයක් වැරැද්දක් ගානේ ඉගෙන ගත්තේ පාඩමක්

හ්ම්ම්ම්ම්ම් පැටියෝ අදත් බීවා නේද? අනේ අම්මී පොඩ්ඩක් ගත්තා දන්නැද්ද ඉතින් යාලුවෝ සෙට් උනාම. පෙරේදත් සෙට් උනේ නේද පොඩ්ඩක්.. ඒ පෙරෙදනේ මේ අද.. දවස් දෙකකට පසු.. තාත්තී මේ මොන...

අතේ ගෙනියන්න පුළුවන් ස්කෑනර්

මොනවා හරි වැදගත් දෙයක් පොතක, පත්තරයක තිබුනිත් එක පිටපත් කරගන පුළුවන් හොදම හා ඉක්මන්ම විදිහ තමයි ස්කෑන් කරගැනීම. එකට ඉතින් ෆොටෝකොපි ෂොප් එකකටම යන්න...

Footwear & Leather Fair

පෙබරවාරි 2-4 දක්වා BMICH හිදී ජාත්‍යන්තර පාවහන් හා සම භාණ්ඩ ප්‍රදර්ශනය පැවැත්වේ. උසස් තත්වයේ භාණ්ඩ පහසු මිලට ලබා ගැනීමට මෙහිදී හැකියාව පවතී.

පරිඝනක අපරාධ පනත ගැන ඔබ දැනුවත් ද

" නීතිය " මෙය ප්‍රවේශමෙන් විග්‍රහ කර ගත යුතු වචනයක්. එසේම ලෝකයේ සෑම තැනකම ජිවත්වන අප සියලු දෙනාටම එක ලෙසින් වැදගත් වන මාතෘකාවක්. නිවසේ...

Fuze 2018

විදුර විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කරන “Fuze 2018” ප්‍රසංගය 2018 ජනවාරි 27 වන දින ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ. භාතිය සන්තුෂ්, සනුක, ලහිරු, සහ...

මිනි අයන් ගැජට්

අයන් කරන්නේ නැතුව ඇඳුම් අඳින ගැහැණු ළමයෙක් නැති තරම්. ගැහැණු ළමයි හරි පිළිවෙලයි. ඇඳුම් ගැන නම් හරිම සැලකිලිමත්.පුළුවන් නම් පොඩි අයන් එකක් අත් බැග්...

විවේකි සැන්දෑවක් ගත කරන්න රාවණා යුගයට අයිති කදිම තැනක්

උස්සන්ගොඩ කියන්නේ රාවණා රජු සමය දක්වා අතීතයකින් හෙබි ජනප්‍රවාද බොහොමයක් ඇති අක්කර 412ක් පමණ භූමි ප්‍රමාණයක්. මුහුද දෙසට නෙරා ගිය කොටසේ සිට මුහුදට ඉතා අපුරු...

ආවාට ගියාට ඇඳුම් තෝරන්න එපා

ඇඳුම් පැළදුම් කියන්නේ ඕනිම කෙනෙකුගේ පෞර්ෂයට බලපාන ප්‍රධාන දෙයක්. ඇඳුමෙන් ඔබේ ප්‍රතිරූපය නංවන්නත් විනාශ කරන්නත් පුළුවන්. තමන්ගේ හැඩරුව ඉස්මතු කරන, ප්‍රසන්න හැඟීම් ඇතිවන ඇඳුම්...