මම ගයානි. අවුරුදු 27ක් වන මම සම්පත් සමඟ විවාහ වෙලා දැනට මාස 07ක් වෙනවා. ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක් කරන අයෙක්. අපි යෝජිත විවාහයකින් විවාහ වුනේ. විවාහ වුවත් මාස 07ක් යන තුරු අපි ලිංගිකව එකතු වුනේ නැහැ. සම්පත් මගේ ළඟට එනකොට මට පුදුමාකාර බයක් දැනෙන්නේ. ඔහු මාත් එක්ක ලිංගිකව එකතු වෙන්න උත්සහ කරනකොට මට බයක් සහ රිදීමක් ඇති වෙනවා. ඉතින් මම හැමවිටම ඔහුව ප්‍රතික්ෂේප කරනවා. මගේ මේ බිය සහ රිදෙන සුළු බව නිසා සම්පත් මට ලිංගිකව එකතු වෙන්න කියා කවදාවත් බල කලේ නැහැ. මාස 07ක් යනතුරුත් අපි අතර කිසිම ලිංගික එක්වීමක් නොවුන නිසා මම සම්පත් සමග මේ පිලිබඳ කථා කර ශ්‍රී ලංකා පවුල් සංවිධානයේ ” ආලෝකය ” උපදේශන මධ්‍යස්ථානය වෙත යොමු වුනා.

 

මම සම්පත්. පෞද්ගලික අංශයේ රැකියාවක් කරන මම වයස 32 දී යෝජිත විවාහයකින් ගයනි සමඟ අතිනත ගත්තා. අපි විවාහ වෙලා මේ 07 වෙනි මාසේ. එත් අපි තවම ලිංගිකව එතකු වී නැහැ. මම ඇය අසලට යන හැමවෙලේම ගයානි මාව ප්‍රතික්ෂේප කළා. මම කැමති වුනේ නැහැ ගයනිගේ අකමැත්තෙන් කිසිදෙයක් ලබාගන්න. මේ නිසාම ගයනි මට යෝජනා කළා ශ්‍රී ලංකා පවුල් සංවිධානයේ ” ආලෝකය ” උපදේශන මධ්‍යස්ථානය වෙත යන්න.

 

මම ශ්‍රී ලංකා පවුල් සංවිධානයේ මනෝ උපදේශකවරිය ලෙස මොවුන් දෙපලගේ කතාවට හොඳින් සවන් දුන්නා. දෙදෙනාම එකටත් වෙන් වෙන් වශයෙනුත් ඔවුන්ගේ අදහස් හුවමාරු කරගත්තා. මට හැඟී ගියේ මෙම කාන්තාව ලිංගිකව එකතුවීමට ඇති බයක් ඇති බවයි. නැවත නැවතත් අදහස් හුවමාරු කරගැනීමේදී ඇය පවසා සිටියේ කුඩා කාලයේ ඇයගේ ඥාතියෙකු ඇයව අතවර කිරීමට තැත් කල බවයි. ඒ නිසා ඇයගේ අතීතයේ ඇයට සිදු වූ දෙයක් නිසා ඇයට මේ ලිංගිකව එක් වීමේ බය Vaginisnus යන තත්ත්වයෙන් පෙළුණා.

ඇයට ලිංගිකව එකතු වීමට ඇති බය නිසා ඇගේ යෝනි මාංශ පේශි හැකිලීමකට ලක් වෙනවා වේදනාව නිසා එවිට ඇය ස්වාමියා සමඟ එකතුවීමට උත්සහ කරන්නේ නැහැ. ඇගේ යටි මනසේ ඇය හිත ඇතුලට දාගන්න දේ තමයි මට රිදෙනවා, මට අමාරුයි, මට අපහසුයි කියලා. එසේ සිදුවීමෙන් අගේ යටි බඩේ පේශි තද කරගැනීමත්, කකුල් අතපය තද කරගැනීමත් සහ ඇය නොසන්සුන්තාවයකට පත්වෙනවා. ඇය මනස සහ ශරීරයේ සියළුම පේශීන් තද කර ගන්නවා. Mind එකත් තද කරගන්නවා Reject කරනවා. ඒ වගේම Body එකේ පේශීන් අතපය ශරීරය සියල්ලක්ම තද කරගන්නවා.

ඉතින් මෙහිදී අපි මුලින්ම කරන්නේ ඇයට ලිංගික අධ්‍යාපනයක් ලබා දෙනවා. ලිංගික එකතු වීමක් කියන්නේ රිදෙන දෙයක් නෙමෙයි, හැබැයි මේ සඳහා ඇය මානසිකව සැහැල්ලුව සන්සුන්ව මේ අභ්‍යාසයට තල්ලුවක් දුන්නොත් ඇයට මෙම අභ්‍යාසය කරගෙන යෑමේ පහසුවක් ඇතිවෙනවා වගේම ලිංගික ක්‍රියාදාමයට තල්ලුවක් වෙනවා. මනස සුදානම් කිරීම තුලින් ඇගේ ශරීරය සුදානම් කිරීමට පුළුවන්. ඊට අමතරව ලිංගික ප්‍රතිකාර ( Sex Theropy ) හැටියට ලිංගිකව එකතු කිරීමට පහසු අභ්‍යාස කියලා දෙනවා. ඉන් Viginisnus තත්වයෙන් මිදීමට හැකියාව ලැබුනා.

මේ සියලුම අභ්‍යාසයන් සාර්ථකව ඇය නිමකර අපට ස්තුති කර ඔවුන් දෙදෙනා අප ” ආලෝකය “ උපදේශන මධ්‍යස්ථානයෙන් පිටත් වුණා.

 

සත්‍ය සිදුවීමක්

නම් ගම් මනංකල්පිතයි

 

බද්‍රා උඩවත්ත
මනෝ උපදේශිකා
සහකාර අධ්‍යක්ෂක
“ආලෝකය” උපදේශන මධ්‍යස්ථානය 
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය 

 

බැඳලා මාස හතයි. ලිංගිකව එකතුවෙලා නැහැ. දැනගන්න කියවන්න

වයිෆ් දැන් කැමති නෑ, මොකක්ද විසඳුම

විවාහය (marraige) කියන්නේ සෙල්ලමක් නෙවෙයි. අපි ඒ ගැන කථා කරමු මම පුංචි කතාවක් කියන්නද...? මේක මගේ යාළුවෙකුට වුණ සිදුවීමක්. මගේ යෙහෙළිය විවාහක (marriage) කෙනෙක් නෙමෙයි.  ඉතින් ඒ...

ඔබටත් ප්‍රබෝධමත් කාර්‍යාලයක්

උදසනින්ම පැමිණ කාර්‍යලයේ වැඩ පටන් ගන්න නම් ප්‍රබෝධමත් බවක් තිබිය යුතුමයි. ඒ ප්‍රබෝධමත් බවට කාර්‍යලයේ මෙන්ම ඔබ සිටින ස්ථානයේ පිළිවෙලක් අත්‍යවශ්‍යම කරුණක්. ප්‍රබෝධමත්ව කාර්‍යලයේ...

සුපර් බ්ලූ බ්ලඞ් මූන් විවිධ රටවලට දිස් වූනේ මෙහෙමයි.

වසර 152කට පසු දිස් වූ සුපර් බ්ලූ බ්ලඞ් මූන් හෙවත් සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණය විවිධ රටවලට දිස් වූනේ මෙහෙමයි. චනද්‍රග්‍රහණය...

වෙන වෙනම කෑවම ගුණ එකට කෑවම අගුණ කෑම

ආහාර (food) ජලය නොමැතිව කිසිවෙකුටත් නොහැකි බව අප සැවොම දන්නා කරුණකි. මිනිස් ජිවිතයේ පැවැත්මට ආහාර (food) අත්‍යාවශ්‍ය වේ. එහෙත් ඒ අහාර (food) නිසාම රෝගිවෙන,...

මේ මගේ කතාවයි -07 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

ගොනෝරියා රෝගය ලිංගාශ්‍රිත රෝගයක් ද

පසුගිය ලිපියෙන් ලිංගික රෝග ඇතිවෙන්නේ කොහොමද කියලා අපි ඔබව දැනුවත් කළා. මෙම ලිපියෙන් අපි අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වන්නේ ලිංගික සම්බන්ධයක් නිසා නැත්නම්...

අද ඔබේ ආදරය තව තවත් විඳින්නට

valentine දවසට විතරක් නෙමෙයි හැම දවසක්ම valentine දවසක් විදිහට දකින සුන්දර කාන්තාවන්ට....     https://youtu.be/840NbiFF1zM