Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ආදරයක වටිනාකම නොදත් ආදරය

සත්‍ය සිදුවිමක් පදනම් කොට මගේ ඇගිලි තුඩු මතින් පාඨක ඔබේ රසවින්දනය උදෙසා වචන වලට පෙරලන තවත් එක් වැයමකි

“නම් ගම් මනඃකල්පිතයි”

වෙන්නපුව නගරයේ….කටුනේරිය ගමේ ජිවත් උන පොත පතේ දැනුමෙන් අති දක්ෂ උනු “හංසිගේ” පැරදුනු ආදරයේ පාපොච්චාරණයයී…

අපොස සාමාන්‍ය පෙල හදාරන
;…පාසලේ ගුරුවරුන්ගේ ලමුන්ගේ කැපි පෙනෙන චරිතයක් උනේ ඉගෙනිමට තියන අති දක්ෂකම නිසා.. සැම විෂය ධාරාවකටම ඉහලින්ම ලකුණු අරගෙන හැම වාරයකම පන්තියේ ප්‍රථමයා වගේම සා.පෙල පන්ති සියල්ලෙම ප්‍රතමයාට උරුම කම් කියන ඇය අති දක්ෂයෙක් විය…පාසලේ විනය අතින්ද ඉතා ඉහල තැනක හිටිය හංසිට පාසලේ හැමොම ගොඩක් ආදරය කලා…

ඒ කලයේදි හංසි ඇයගේ කුළුඳුල් ප්‍රථම ආදරයකටත් උරුම කම් කියමින් සමබරව ඉගෙනිමයි ආදරයයි කරගෙන යන ඇය ප්‍රථම ආදර එයාව දලා යනවා….

“සුදු මහත්තයෝ මට මේ දවස් ටිකෙම ස්කුල් එකේ හවස පන්ති දලා තියෙන්නේ..ඒ නිසා ඔයාව හම්බෙන්න බැරි වෙනවට මට සමාවෙන්න”

හංසිගේ ප්‍රථම ආදරයේ උරුමක්කාරයා වූ… “සමිත” ගේ ආදර කතා ගොන්නක එක් හිමිකාරියක් පමණක් වු හංසි…

“ඔයාට හැමදාම පන්ති ගෙදර ගියාම පඩම් කරන්නයි පොතේම ඇලිලා ඉන්න හංසි ඉගෙනගෙන කාටද හරි ගියේ හරි ඔනේ නෑ මං හම්බෙන”

අසහනකාරි හැගිම් පොදිබැදගත් සමිත හංසිගෙන් උගේ සිතිවිලි ඉශ්ඨ කරගන්න බැරි වෙද්දි… හංසිගේ ප්‍රතම ආදරයට නැවතිමේ තිත තියමින් සමිත හංසිව දලා යනවා.

ඒ වියෝව දාරගන්න බැරිව ගොඩාක් දුක් විදින හංසි ඉගෙනිම අතපසු නොකර ඇය ඇගේ ගමන ඉදිරියටම යනවා..

ඔහොම කාලය ගෙවිලා යද්දී හංසිට මුහුණු පොතෙන් මැසෙජ් එකක් එනවා හංසිගේ සහොදර පාසලේ ඉන්න නුවන්ගෙන්.. හංසිගේ ගෙවල් හතර පහකට එහයින් නුවන් හිටියත් වැඩි ඇසුරක් තිබිලා නෑ අම්මලා තාත්තලා කතාබහා කලාට හංසි කාතවට ගිහින් නෑ…

” හායි හංසි කොහොමද ඉතින්….”

“හායි හායි හොදින් ඉන්නවා කොහොමද අයියා”

ඔහොම කාලයත් ගෙවිගෙන යද්දී..මේ දෙන්නා ආදරය කරන්න පටනගන්නවා…කොල් කරන්න තරම් ගෙදර වාතාවරණයක් තිබ්බේ නැති නිසා මැසෙජ් වලට පමනක් සිමා කරගෙන මේ දෙන්නා මේ දෙන්නට ගොඩාක් ආදරය කලා…පාසල් ඉවර වෙලා යද්දි මේ දෙන්නා හැමදාම මුණගැහුනා.. එත් මේ ආදරේ ලොකයාට හොර රහසේ මේ දෙන්නා කරගෙන ගියා….මොකද හංසිගේ ගෙදරින් දැනගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒ නිසා..

ඔහොම කාලයක් යද්දි මේ ආදරේට මේ දෙන්නා ගොඩාක් ආදරය කලා… ඒ වගේම හංසිගේ ඉගෙනිම් කටයුතු වලට ගොඩක් උදවු කලා නුවන්… ඒ උදවු හංසිට තදින්ම දැනුනා ඉගෙනිමට ආදරය කල හංසි එයාගේ ඉගෙනිම නුවන් කැපවෙන කැපවිම නිසාම හංසි නුවන්ට ආදරය කලා පණ වගේ… “සමිතගේන් නොලැබුනු ඒ කැප කිරිම, ආදරය නුවන්ගෙන් හංසි බලාපොරොත්තුවෙන් හිටිය අවධියක නුවන්ගෙන් ඒ බලාපොරොත්තු සියල්ලටම හරියාකාර වටිනාකමක් ලැබුන නිසා…. ප්‍රථම ආදරයෙන් පැරදුනු හංසිගේ හිතේ කොනක තිබුණු පසුතැවිල්ල නැත්තටම නැති වුනේ නුවන්ගේන් ලැබුනු දොරේ ඟලා යන ආදර හැගිම් පොදි බැද ගෙනය…..

නුවන් ජිවිතේට එන ප්‍රශ්න වලට ගොඩක් භය චරිතයක් වූවද… නුවන්ගේ ජිවිතෙට එන ප්‍රශ්ණ වලට හංසි අම්මෙක් වගේ ලගින් ඉදන් විසඳුම් දිලා නුවන්ව දිරිමත් කරන්නේ මේ පුංචී කෙල්ල… නුවන් ඉගෙනිම ඉදා දුර්වල වුවද විටෙක ආදර කිරිමට දක්ෂයෙකි… පාසලේ කිර්තිය දිනාගැනිමට නොහැකි වුනු නුවන්…. පාසලේ ඉගෙන නොගන්නා පිරිසට උරුමකම් කියන්නේ ගුරුවරුන්ගේ අපකීර්තිය මදිවය… මේ සියල්ල දැන ඒ දෙවල් කිසිම දෙයක් හංසි හංසීගේ ආදරයට බාධාවක් කරගත්තේ නෑ… ඒ වගේම හංසිගේ ඉගෙනිමේ කටයුතු කිසිම මොහොතක් පාඩු කරගත්තේ නෑ…

“හදිස්සියෙම හංසිගේ දුරකථන කැඩෙනවා… එක රැයක් පුරාවට නුවන්ට මැසෙජ් කරන්න නොහැකි වෙන හංසි කනස්සල්ලෙන් ලියුමක් ලියනවා නුවන්ට ස්කුල් ඉවර වෙල යද්දී නුවන්ව හම්බෙලා දෙන්න..

හංසිගේ වචනයේන්…✍ ????

“සීතල පාලු රැයක”
“පාලුවෙන් පිරුනු කාමරේ ආදරණිය පොත් මෙසේ හිඳ…”
2015-6-18

ආදරණිය නුවන් අයියේ…

අනේ phone එකට මොකදෝ වෙලා අයියේ වැඩ කරන්නේ නෑ….එකයි මට online එන්න බැරි උනේ ඔයත් එක්ක chat නොකර මට පිස්සූ වගේ… අනේ මම මේක ඉක්මනට හදාගන්නම් මාව දාලා යන්න එපා මම ඔයාට ගොඩක් ආදරෙයි… ඔයාගෙන් තොර ලොකයක් නෑ මට… මම හොදට පාඩම් කලා පැට්ටෝ ඔයා කියලා තියන විදිහටම එවා අතපසු කරගත්තේ නෑ… අයියේ අපි යාළු වෙලා අදට මාස තුනක් වෙනවා… ඔයට මතකයි නේද? මට ඔලේවල් එක්සැම් එකටත් තව මාස 3යි අයියේ A9 යක් ගන්නවමයි මම ඔයාගේ බලාපොරොත්තු ඉටු කරනවමයි අයියේ….මේ ලියුමට මටත් ලියුමක් ඔනේමයී මගේ අයියේ..මම නවතිනවා මම තව පාඩම් කරලා ඉවර නෑ අයියේ මම එහෙනම් පාඩම් කරනවා බුදු සරණයි මගේ අයියාට ගොඩාක් ආදරේයි මේ නංගී ඔයාට…. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…

“ඔයාට ගොඩාක් ආදරේ කරන ඔයාගේ පණ හංසි”

ලියුම සුවදගහන්න සෙන්ට් ටිකකුත් ගහලා ලස්සනට නමලා බැග් එකට දාගෙන පාඩ්ම් කරන්න ගන්න හංසී…පොත් මෙසෙම නින්ද ගිහින් උදේ ඇහැරෙනවා…ඉක්මනට ඉක්මනට ඇදගෙන ස්කුල් එකට යන හංසිගේ ලියුම ශිෂ්‍ය නායිකාවකට අහුවෙන්නේ හංසිගේ බලාපොරොත්තූ සුනු විසුනු කරගෙනය…

“ආ…..හංසි නංගී මොකක්ද මේ.. කාට ලියපු ලියුමක්ද… ආ..

“අනේ අක්කී ඔක මට දෙන්න අනේ ප්ලීස් ඔක මැඩම්ට දෙන්න එපා අනේ වැඳලා කියන්නම් අක්කී”

කඳුළු වගුරවමින් ඉකි ගස ගස අඬමින් බැගැපැත් ලෙද නිහතමානි ඉල්ලිමක් කරන හංසී… ඉල්ලිම ප්‍රතික්ෂේප කර හංසිව පන්තියට එලවන්නේ හංසිගේ විලාප හඳත් සමගය….

පාසල ආරම්භ වී දෙවනී කාලපරිච්චයේදී විනය භාර මැඩම් හංසිගේ පන්තියට පැමින හංසිව කාර්‍යලයට එක්කන් යන්නේ හංසිගේ හිතේ තිබුනු බිය දෙගුන දෙගුන කරගෙනය…

කාර්‍යලයට ගිය හංසිව ගුරුවරුන් පස් හයදෙක් වට කරගෙන…හංසිගේ ලියුම හංසිටම කියවන්න දුන්නේ හංසිගේ බිය ලබකොලය තව තවත් වැඩි කරමින් ය.

නැවතිමේ තිතේ පාසා ලියුම ගුරුවරුන් ඉදිරියේ කියවලා අවසන් කරද්දි හංසි දුටුවේ ගුරුවරුන් ටික කම්බුලේ අතගහගෙන හංසිගේ මුහුණ දිහා අප්‍රසන්නව බලන අයුරුය…

“හංසි..තමුසෙට මොකක්ද මේ එක පාරට ගහපු පිස්සුව…  මේ නුවන් කියන්නේ අර රස්සියාදු කාරයා නෙද එහා ස්කෝලේ ඉන්න… අපි කවුරුත් මේ වගේ දෙයක් ඔයාගෙන් බලාපොරොත්තූ උනේ නෑ… කොච්චර හොඳට ඉගෙන ගන්න ලමයෙක්ද හංසි ඔයා……”

“මැඩම් අපි මෙක හංසිගේ දෙමාපියන්ව ගෙන්නලා කියමු.. මේ සම්බන්දේ නවත්තලා දාන්න ඔනේ මේ ලමයා විනාස වෙයි නැත්තම්… ඔව් ඔව් සුනේත්‍රා මැඩම් ඒක ඇත්ත… මේ ලමයාගේ ගෙදරින් ගෙන්නමු…

හංසිට මර බිය ඇති උනා ගෙදරින් දැනගත්තහම මොනවා වෙයිද කියලත් හිතාගන්න බැරි උනා.. එත් හංසී දැඩිව අධිශ්ඨාන කරගත්තා මොන දේ උනත් මේ. සම්බන්දෙ නතරකරන්නේ නෑ කියලා…

හංසිගේ ගෙදරට අකුරක් නැර මැඩ්ම් කියලා හංසිව ගෙදරට බාර දුන්නා… අම්මයි තාත්තයි එක්ක ගෙදර ගිය හංසී අම්මගෙනුයි තාත්තාගෙනුයි නොසැහෙන්න බැනුම් අහලා ගුටි කාලා කාමරේ ඇද උඩ අඩ අඩ නුවන්ට විස්තරේ කියන්න විදිහක් කල්පනා කරත් කිසිම දෙයක් ඔළුවට අවේ නෑ…

හංසිට ස්කෝලේ එපා උනා…. ඉගෙනීමට තිබ්බ උනන්දුව නැති උනා…. නොකා නොබි කාමරේට වෙලා කල්පනා කරන හංසි මානසිකව ඇද වැටුනා…(හංසිගේ ආදරේ තරම පාඨක ඔබේ අවධානයට)…

මානසිකව ලෙඩ උනු හංසිව… ගෙදරින් ලංකාවේ හතරවටේ ඉන්න ඩොක්ටස්ලා ලගට එක්කන් ගියා හැම් තැනින්ම කිවේ

“ලොකු දෙයක් හිතට වැදිලා තියනවා ලොකු දුකක් දුක දාරගන්න බැරිව මානසිකව තනි වෙලා ඉන්නේ”

හංසීගේ ගෙදර අය ඉස්සර වගේ නැවත ආදරය කරන්න ගත්තා හංසිට හංසිව හිටපු තත්වෙට ගන්න…. හංසිගේ ගුරු වරු හැමොම ගොඩක් දුක් උනා මොකද? A9 යක් ගන්න හිටපු එකම ලමයා පාසලේ හංසී උන නිසා ඒ නිසාමත් නොවේ හංසී ගුරුවරුන්ට තිබුනු ලෙන්ගතු කමට ගුරුවරු හංසිට ආදරය කලා…

හංසී , හංසිගේ පාසල් ගමන සහමුලින්ම නැවැත්තුවා පන්ති ගමන් නැවැත්තුවා… සා.පෙල කරන්නේ නෑ කියලා තීරණය කරලා ගෙදරට තනි වුන හංසී… හංසිගේ යහලුවෙක් අතේ නුවන් අයියාට පණිවිඩයක් යවනවා

” නතාශා ඔයා හොඳ වෙලාවට අවේ…මට ලොකු උදවුවක් ඕනේ ”

“කියන්න හංසී මොකක්ද?”

“නුවන් අයියාට මම මේ කියන දේ ගිහින් කිහන්න…පුලුවන් නෙද නතාශා අනේ වැදලා කියන්නම් මට මේ උදවුව කරලා දෙන්න”

“හරි මම ගිහින් කියන්නම්”

“මට ලොකු ප්‍රශ්ණ ගොඩක් උනා කියන්න…ස්කුල් යන්නේත් නෑ අයේ පන්ති යන්නේත් නෑ… හම්බෙන්න බැරි වෙයි ටික දවසකට…මාව දාල යන්නවත් අමතක කරන්නවත් එපා කිහන්න එයාගෙන් තොර ජිවිතයක් තවත් නෑ කියන්න මට”

මේ විදිහට මේ පණිවිඩේ අරන් නුවන්ගේ ගෙදරට යන නතාශා… නුවගේ අම්මාගෙන් නුවන් අයියා ඉන්නවද අහපු ඇසිල්ලෙන් නුවන්ගෙ අම්මා කියනවා…

“අනේ දුවේ පුතා රට ගියානේ… ඇයි ඔයාලට කියලා නෙමෙයිද ගියේ”

මුළු ජිවිතයක් කැප කර පණ මෙන් ආදරය කරපු හංසි… දෙවනි වරටත් ආදරෙන් පැරදුනා… එත් කවදාවත් හංසි වෛර කලේ නෑ… කිසිම තොරතුරක් ලැබුනෙත් නෑ නුවන් ගැන සතියක් විතර කඳුලු වගුරවමින් ජිවිතේ ගතකරපු ඈ…. ජිවිතේ අයේ පටන්ගන්න ගත්තා…. ඒ පටන්ගැනිම තවත් ආදරයකින් නෙමේ ප්‍රේමයට සදහටම සමු දී…. සති තුනකින් පටන්ගන්න අපොස සා.පෙල විභාගය අත හැර දැමු තීරණය වෙනස් කර කාවත් පුදුම කරමින් විභාගයට පෙනී සිටින්න තිරනය කරලා… සා.පෙලට පෙනිසිට් ඈ කාගෙත් හිත් පුදුමයට පත් කර පුත්තලම දිස්ත්‍රික් ප්‍රථමයා බවට පත් වුනේ…. ආදරයට අභියෝගයක් එල්ල කරමිනි…

“නුවන් අයියාට ඒ දුන් ආදරය මගේ මරණ මංචකය එන තෙක් ඒ පිවිතුරු ආදරය ඒසෙමය… කිසි දිනක තවත් කෙනෙකුගෙන් ආදරයක් බලාපොරොත්තු නොවෙන මම පටන්ගත්ත ගමනේ ඉදිරියටම ප්‍රේමයෙන් තොරව බාදක මග හැර ඉදිරියටම යන මම…. අවසානේදි එක දෙයක් කියනවා… ආදරයෙක් පරාජය වෙයි.. නොසැලි ඔයගේ ගමන ඔයා ගන්න… ඔයාගේ ටාර්ගට් එකට යන්න එතනට ගියහම ඔයාට හරියන ගැලපෙන ආදරේ ඔයාට හමුවේවී….”

දාලඳා සමිදු පිහිටයී!

කතෘ:- අසංක මුදුන්කොටුව

Popular Articles