මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.
හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්. ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි. 
කොච්චර බස් ආවත් SCHOOL BUS එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා. එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි.
මම මෙහෙම කියන්නම්,
“සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…”
මම ධරණි චාරිකා

චාරිකා – 02 කොටස

“අන්න බස් එක එනවා….” තේජා උඩ පැන්නා.

“නටන්නැතුව හිටහන්. ඕකේ සීට් ගෙදරින් අරන් එන එවුන් නැඟලා සීට් හයි කරන් වාඩි වුණාම අපි නඟිමු. දැන්ම නැඟලා වැඩක් නෑ….”

සාමාන්යයෙන් school bus වල එහෙම අයිතිකාරයෝ ඉන්නවනේ. බස් එකේ සීට්, පොලු, දොරවල් දෙක ඒව ගෙදරින් අරන් ඇවිත් බස් එකේ යන එන එවුන්.

තේජා මාවත් ඇදගෙන බස් එකට නැඟලා සීට් එකක ඉඳගත්තා.

“අයියෝ… අද අපේ සීට් එක නෑ… ටවුන් එකේ ඉන්න ලොකුයි කියලා හිතන් ඉන්න ඉස්කෝලෙක නැටිච්චියෝ දෙන්නේක් අපි ඉඳගත්ත සීට් එක ළඟට ඇවිත් කනු කුණු ගානවා.

තේජයි මමයි වෙන කතාවක් දාන් හිටියට උන් දෙන්නගේ චුරු චුරුව ඇහෙනවා.

“මොන මඟුලක්ද යකෝ මේක. ඇයි උන් සීට් එක අරන් ඇවිත්ද ගෙදරින්….?” තේජා දෙන්නට අමතන්නයි ලෑස්තිය.

“එපා බන්… උඹත් නිකන් කොකු පණුවා වගේ වලියටමනේ සෙට් වෙන්නේ…” මම තේජගේ අත අල්ලගත්තා.

“දෙන්න හිතයි ඉස්කෝලෙට උණ ගැනෙන්න…” තේජා දත්මිටි කනවා. මට බයත් හිතුනා මේකි දත් මිටි කාලා බඩේ අප්සට් එකක්වත් වෙයිද කියලා.

කෙල්ලෝ දෙන්නා දාහක් දේ කියවනවා. අපි දෙන්නා සත පහකට ගණන් ගත්තේ නෑ. මැඩම්ලටයි, පන්තියේ රැළෙයි ගුණ වයමින් දෙන්නා ගියා.

“ධරා… කවුද බන් අර…?” තේජා ලස්සන කොළු පැංචෙක් පෙන්නුවා. පෙනුමෙන් නම් පොඩි බට්ටෙක් වගේ. හැබැයි හරි decent look එකක් තිබුණා. අර දඟර පණුවා වගේ නම් නෙමේ.

“අළුත් හඳක් පායලා වගේ බස් එකට….” කොළු පැටියා උගේ පාඩුවේ ජනේලෙන් එළිය බලන් යනවා. පෙනුමෙන් නම් එහෙමයි. ඒ වුණාට ඔය කොළු ජාතිය හතර අතටම ඇන්ටනාව කරකන ගමන් යන්නේ. අපි දන්නේ නැද්ද ඔය සනුහරේ ගැන.

ඒ වුණාට ඉතිං නෙහ්… ජීවයේ මම කියන්නේ අපි වගේ වංශිකයන්ගේ රඳා පැවැත්මට ස්ත්‍රී පුරුෂ සංයෝජනය අවශ්‍යයි කියලා උදේ හවස Bio වලට ඉගෙන ගන්න එකේ… කොල්ලෙක් දිහා නොබැලුවොත් ඒකේ පොඩි අවුලකුත් තියෙනවනේ. මං අනිමිස ලෝචන පූජාව පටන් ගත්තා.

කොල්ලව වැඩිය analyze කරන්න විදියක් නෑ. කඳෙන් භාගයයි පේන්නේ. පේන ටික අනුව නම් කොල්ලා උසට හරියන මහතක් තියෙන කොල්ලෙක්. අන්න කොල්ලෝ. මගේ ඇස්වල තරංග උන්දැගේ මූණේ හැප්පිලා වෙන්න ඇති මිනිහා බැලුවා මං දිහා. මං ඉතිං මට දාන්න පුළුවන් උපරිම අහිංසක ළාමක ටිං ටිං හිනාව දැම්මා එයාට. හම්මේ…. ඊට වඩා හපන් ළාමක හිනාවක් කොළු පැංචගේ මූණේ මතුවුණා. ඒ හිනාව නම්… මේ තාක් කාලෙකට මම කොල්ලෙක්ගේ දැකපු ලස්සනම හිනාව. මට සෙනඟ පීරන් ගිහින් කොල්ලව ඉඹින්න හිතුනා. හිතන්නකෝ ඉතිං… ඒ හිනාව කොහොම වෙන්න ඇද්ද කියලා. අන්න එහෙමයි පළවෙනි වතාවට කෙල්ලෙක් දිහා බලලා හිනා වෙන්න ඕනේ.

එහෙම නැතුව කට දෙපැත්තෙන් පැණි බේරන හැලපයින්ට කෙල්ලෝ කොහොමත් කැමති නෑ.

“හම්මේ උගේ ටිංකිරි හිනාව….” තේජා ඔක්කොම බලන් ඉදලා.

“කොහොමද කොල්ලා… එළ කිරි වගේ නේ…?” මං කොල්ලා දිහා ආයෙත් හොරෙන් බලන ගමන් කිව්වා.

මිනිහත් ඒ පාර මං දිහා බලනවා. ඔන්න ඒවා නම් ඔට්ටු නෑ. මං බැලුවට එයා බලන්න ඔට්ටු නෑ. ලස්සන දෙයක් නිදහසේ රස විඳින්නම බෑනේ මේ කොල්ලෝ එක්ක. එක පාරක් බැලුවම උන් මෙලෝ වග විභාගයක් නැතුව බලන්න පටන් ගන්නවනේ.

“ධරෝ… මේ… ඔය කොළු හුටපට නම් පටලෝගන්න එපා හරිද. Exam කට උඩ….” මූද හත් ගව්වක් තියෙද්දි තේජා ඉතිං swimming kit අඳිනවා.

“කොල්ලෙක් දිහා බැලුවා කියලා exam fail කරන්නේ නෑ යකෝ…” මම නිදහසේ කොල්ලගේ සුන්දරත්වය විඳින්න පටන් ගත්තා.

කොල්ලා කොහෙන් බහිනවද මම දන්නේ නෑ. එයාට කලින් මමයි තේජයි බැස්සා. අර කුචු කුචු මළු දෙක සීට් එක අතෑරියෙම නෑ. අපි දෙන්නා නැඟිට්ටා විතරයි උන් දෙන්නාගෙ දණිස් කැඩිලා වගේ කඩන් වැටුණා සීට් එකට. නොදෝමකින් මෙහෙමත් ජීවිත.

තේජයි මමයි එකම හෝල්ට් එකේ බැස්සට ඉන්නේ පැති දෙකක. ඉතිං ඩබල වෙන් වෙලා ගෙවල් වලට ගියා.

ගෙදර යද්දි නංඟි හූ තිය තිය අඬනවා. මගේ බඩ පපුව පිච්චිලා ගියා. මම අඩියට දෙකට ගෙට පැන්නා.

“මොකෝ වුණේ….” අම්මා නංඟිගේ දණිස් වලට බෙහෙත් දානවා.

“හපන්කම් තමයි. අර රෙද්දක් පටලන් මොකක්ද එකක් කරන්න ගිහින් බැම්මෙන් වැටිලා….” අම්මා තරහෙන් පුපුර බෙහෙත් දානවා. එයාට පේන්න බැරි දෙයක් තමයි අපි දෙන්නා තුවාල කරගන්න එක.

නංඟි වහලේ ගැලවෙන්න අඬනවා. දණිස් දෙකට සෑහෙන්න තුවාල වෙලා. ඒ මදිවට තොලත් පුපුරලා. කෙල්ලගේ පෙනුම නම් සෑහෙන්න සවුත්තු වෙලා.

ගෙදර එද්දි හන්දියේ කඩෙන් රුපියල් පහේ චොක්ලට් එකක් මං අරන් එනවමයි නංඟිට. ඉතිං මම ටක් ගාලා චොක්ලට් එක කෙල්ල අතේ තිබ්බා. කොල්ලට වඩා ලස්සන හිනාවක් කෙල්ලගේ මූණේ ඇඳුනා.

“රිදෙනවද චූටියෝ….?” කියලා අහන් මම නංඟිව ඔඩොක්කුවට ගත්තා.

කෙල්ල ඔළුව වැනුවා.

“සුදු ගවුමේ ලේ ගෑවෙයි ලොකූ…” මම ලොකූ වුණේ නංඟි ආවට පස්සේ. එතකන් මං පුතා වෙලා හිටියේ.

“ඒකට කමක් නෑ. මම සෝදන්නම්….” මං නංඟිව පපුවට හේත්තු කරගත්තා. කෙල්ලගේ ඇඬිල්ල ඉවරයි.

අම්මා නිවී සැනසිල්ලේ බෙහෙත් දැම්මා.

“අනේ ඔයාගේ සේදිල්ල. ඔන්න ඔහේ තියන්න. භාගෙට හෝදලා දාන්නේ නැතුව….” අම්මා මටත් චීන පටස් එකක් දැම්මා.

ඒක නම් හරි අවුල් වැඩේ. අම්මා මගේ රෙදි සෝදන එක. මං කොච්චර සේදුවත් එයා වගේ ඒ වැඩේ වෙන්නේ නෑ. ඉතිං අම්මා බැන බැන හෝදනවා.

චූටි මම එනකල් බත් කන්නේ නෑ. ක්ලාස් යන දවස් වලට ඇරෙන්න අනික් හැමදවසෙම එයාට කවන්න ඕනේ. අම්මා දෙන්නටම හරියන්න බත් එකක් බෙදලා දෙනවා. දෙන්නා ඒක කාලා සැපට නිදාගන්නවා.

“හරි ෂෝක් අක්කයි නංඟියි…. හා හා… නැඟිටලා බුදු පහන තියන්න. චූටි… ගිහින් මල් කඩන් එන්න….” අම්මා හය වෙද්දි දෙන්නව ඇහැරවනවා.

ගුණ ධර්ම මොනා පුරුදු කළත් මම කරන අමන වැඩ නම් කොහෙන් පුරුදු වුණාද මංදා.

“ලොකූ… මම විභහගේ fail වුණොත් මට ඔයාගේ ඉස්කෝලෙට එන්න බැරි වෙයි නේද…” චූටි මල් කඩන් ගමන් ඇහුවා.

“ඇයි ඔයා බයවෙලාද ඉන්නේ…?”

“හැමෝම class යනවා ලොකූ. මං යන්නේ ඉස්කෝලේ class එකට විතරනේ…”

ඇත්ත. අම්මටයි තාත්තටයි කෙල්ලව class යවලා මහන්සි කරවන්න ඕනේ වුණේ නෑ. ඒ නැතත් චූටි හොඳට ඉගෙන ගන්නවා. ඉතිං අම්මලා එයාව class යැව්වේ නෑ.

“අනේ චූටි… ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්නේ. වැඩ බැරි ළමයි class යන්නේ….?” මම කෙල්ලගේ හිත හදන්න try කළා.

“ඉතිං ඔයත් class යන්නේ… ඔයාටත් වැඩ බෑද….?” චූටි කට උල් කරන් ඇහුවා. දීපංකෝ උත්තර.

“ඔව් මං හිතන්නේ….” මට ඇත්තටම දෙන්න උත්තරයක් ඔළුවට ආවේ නෑ.

“ඔය බොරු. ඔයා doctor කෙනෙක් වෙනවාමයි…..” මම Term test එක ලියන්නෙත් බොහොම අමාරුවෙන්. මෙයා මාව doctor කෙනෙක් කරන්න ලෑස්තිය.

“අපි බලමුකෝ චූටි. ඔයා බය නැතුව විභහගේ ලියන්නකෝ….” මම චූටිගේ කොණ්ඩේ මලක් ගහන ගමන් කිව්වා.

මතු සම්බන්ධයි.

©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල

චාරිකා – 02 කොටස

හැරී කුමරුගේ මංගල කේක් ගෙඩිය තෝරයි .

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ හා ඇමෙරිකානු ජාතික මේගන් මාකෙල්ගේ රාජකීය මංගල උත්සවය ලබන මැයි 19 වනදා පවැත්වීමට නියමිතය. ඒ සඳහා වන මංගල කේක් ගෙඩිය තේරීම...

මොකක්ද මේ පුරවැසි මාධ්‍යකරණය

පුරවැසි මාධ්‍යකරණය යනු වෘත්තීය ජනමාධ්‍යවේදීන් පුහුණු නොවූ පුද්ගලයන් විසින් ප්‍රවෘත්ති සහ තොරතුරු එකතු කිරීමත්, ලිවීමත්, සංස්කරණය කිරීමත්, නිෂ්පාදනය කිරීමත් හා බෙදාහරිමත් ලෙස සලකණු ලබයි. පුරවැසි...

සුපර් බ්ලූ බ්ලඞ් මූන් විවිධ රටවලට දිස් වූනේ මෙහෙමයි.

වසර 152කට පසු දිස් වූ සුපර් බ්ලූ බ්ලඞ් මූන් හෙවත් සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණය විවිධ රටවලට දිස් වූනේ මෙහෙමයි. චනද්‍රග්‍රහණය...

මේ මගේ කතාවයි -09 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

සාර්ථක වෙන්න කැමති අයට Steve Jobs ගෙන් උපදෙස්

මාවතේ ඉදිරියට යන්න හිතන ඔබ ඇත්තටම සාර්ථක වෙන්න කැමති නම්, ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ලෝකයේ සාර්ථකත්වයට පත් වූ පුද්ගලයන්ගේ චරිතාපදාන...

කාන්තාවන් සහ පිරිමින් එකසේ දක්ෂයි – මාතන් ජස්ටින් අන්නම්මා

35 හැවිරිදි මතන් ජස්ටින් අන්නම්මා කිරි නිෂ්පාදන නිෂ්පාදනය කරන අතර ඇයගේ පවුලේ පෝෂණය කරන්නා වේ. ඇය ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ...

මහනුවර පරිපාලන දිස්ත්‍රිකයේ සියලුම රජයේ පාසල් සඳුදා සිට විවෘත වේ

මහනුවර ඇති වූ කලහකාරී සිදුවීම නිසා තාවකාලිකව වසා තැබූ රජයේ සියලුම පාසල් සඳුදා සිට විවෘත කරන බවට මධ්‍යම පළාත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා

ඔයත් කැමතිද ස්වභාවිකව කොන්ඩෙ Straight කරන්න?

කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන කතා කරන කොට හිස කෙස් වලට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. හැමෝම කැමතියි තමන්ගේ කොණ්ඩය ලස්සනට තියාගන්න. ඉතින් අද අපි කියල දෙන්නේ පැයක්...

නිළියක් වගේ ලස්සන වෙන්න හාල් සෝදන වතුරෙන් කරන ඉන්දියානු රහස් බෙහෙත් වට්ටෝරුවක්

ඉන්දියානු කාන්තාවන් ලස්සන වෙන්න බොහෝ ඖෂධ වට්ටෝරු භාවිතා කරනවා. මෙහි විශේෂත්වය වන්නේ ස්වභාවික ඖෂධ ද්‍රව්‍ය භාවිතා කිරීමයි. ඔබත් නිළියක් වගේ ලස්සන වෙන්න නම් මේ...