වසරක් පාසාම අලුත් අවුරුද්ද උදා වුනත් එදා අපේ ආච්චිලා සීයලා කරපු චාරිත්‍ර වලින් චාරිත්‍ර බොහොමක් අද වනවිට අපෙන් ගිලිහි යමින් පවතිනවා. එකට හේතුව තමයි එදා අපිට තිබුන සම්පත් අද වන විට අපිට නැති නිසා. එත් ඒ වගේ වැදගත් චාරිත්‍ර වලින් ඈත් වුනාම අලුත් අවුරුද්දේ තියන ලස්සන නැතිවෙලා යනවා. අපි ඒ චාරිත්‍ර අපේ දරුවන්ටත් කියලා දෙන්න ඕනි. ඉතින් ඒ චාරිත්‍ර අපේ දරුවන් දැනගන්න නම් අපි ඒවා ඉටු කරගන්න ක්‍රමයක් හොයාගන්න ඕනි. එහෙම වුනොත් විතරයි අපේ අලුත් අවුරුද්දේ සැබෑ ලස්සන තව පරම්පරා ගණනකට රැක ගන්න අපිට පුළුවන් වෙන්නේ. ඉතින් මේ හදන්නේ අපෙන් ගිලිහිලා යන ඒ චාරිත්‍ර කිහිපයක් අදට ගැළපෙන විදිහට කරන්නේ කොහොමද කියලා දන ගන්න.

 

ලිප ගිනි මෙළවීම
නොනගතයේදී නිවා දමන ලිප නැවත දල්වන්න ඕනි මුළු රටම එකම වෙලාවකට එකම දිශාවක් බලාගෙන. එත් දැන් අපි සුභ දිශාව අමතක කරලා නැකතට ලිප තියන තැනම ඒ විදිහටම දල්වනවා. එහෙමත් නැත්නම් දර ලිපක් නැහැ කියලා ඒ චාරිත්‍රය නොකරම ඉන්නවා. එත් අපේ බොහෝ ගෙවල්වල තියෙන ගෑස් ලිප ඕනෑම තැනකට අරන් යන්න පුළුවන්. ඒ නිසා ගෙදර දර ලිපක් නැතත් ගෑස් ලිපෙන් හරි මේ චාරිත්‍රය කරන්න පුළුවන්. පුංචි මහන්සියක් වෙලා සුභ දිශාවට ලිප හරවලා තියාගන්න. සුභ නැකතට සුභ දිශාව බලාගෙන මේ අවුරුද්දේ ලිප ගිනි දල්වන්න. ඔබ අද කරන චාරිත්‍ර ඔබේ පුංචි දරුවෝ අනාගතයේදීත් ඉදිරියට ගෙන යාවි.

 

ලිඳ සමග ගනුදෙනු කිරීම
ඉස්සර අපේ ගෘහණිය මුලින්ම ගනුදෙනු කරන්නේ ලිඳත් එක්ක. මොකද ලිඳ කියන්නේ බොහොම පපුජනීයව සැළකු දෙයක්. ඉතින් අවුරුද්දක් උදා වෙනකොට ලිඳට යන ගෘහණිය ලිඳට සුදු මල් කිහිපයක්, කාසි එක්ක අඟුරු කැබැල්ලක් දාලා වසරක් පුරාවට අපේ ජිවිත වලට කළ උපකාරයට ස්තුති කරලා මේ උදාවෙන වසර වෙනුවෙන් අලුත් වතුර කලයක් අරන් ගෙට ගොඩවෙනවා. එත් දැන් අපේ ගෙවත්තෙන් ලිඳ කියනදේ ඈත් වීමත් එක්ක මේ චරිත්‍රයත් ඈත් වෙමින් යනවා. එත් අපිට මේ චාරිත්‍රය තවම ඉටු කරන්න පුළුවන්. ඒ තමයි අලුත් අවුරුද්ද උදාවෙනකොට නිවසේ මිදුලේ තියන පයිප්පයකින් වතුර කළයක් අරන්, ඒකට සුදු මල් කිහිපයක් හා කාසියක් එක්ක අඟුරු කැබැල්ලක් දාලා එක අරන් ගෙට ගොඩවෙන්න අපිට පුළුවන්. මෙදා අවුරුද්දේ සියලුම අලුත් අවුරුදු චාරිත්‍ර ඒ විදිහටම කරන්න හිතට ගන්න. චාරිත්‍ර අවසානයේ මුළු අවුරුද්දටම ප්‍රබෝධය ගෙනෙන නැවුම් බවක් ඔබේ හිතට දැනේවි.

හිස තෙල් ගෑම
බෙහෙත් ශාක වලින් සාදා ගන්නා තෙල් හිසෙහි ආලේප කර ස්නානය කරන මේ චාරිත්‍රයෙන් වෙන්නේ තමන්ට මේ වසර පුරාම නිරෝගී බව පැතීමයි. ඉස්සර ගමේ පන්සලෙන් හරි ගමේ වෙද මහත්තයා හරි කරපු මේ චාරිත්‍රය දැන් ඉටු වෙනවා හරිම අඩුයි. එත් පවුලේ අයගේ නිරෝගිකම ගැන හිතන ඔබ මේ චාරිත්‍රය ඉවත දමන්න එපා. නැකත් පත්‍රයේ තියෙන ඖෂධ සොයාගෙන කල් තියාම තෙල් ටික සාදා ගන්න ඔබට පුළුවන්. එහෙම නැත්නම් ඔබ සාමාන්‍යයෙන් හිසෙහි ආලේප කරන තෙල්වලට කොහොඹ කොළ, උළුහාල් සහ නෙල්ලි වැනි ඖෂධ එක් කරලා රත් කරගන්න. ඒ තෙල් වලින් අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරන්න. අම්මාගේ අතෙන් ගාන තෙල් ටික ඖෂධ වලින් වගේම ආශීර්වාදයෙනුත් හරිම බලවත්. ඔබේ මුලිකත්වයෙන් ඔබේ ඉදිරි පරම්පරාවටත් මේ වටිනා අවුරුදු චාරිත්‍රය දායාද කරන්න.

 

වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය
අලුත් අවුරුද්දේදී වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා අහාර අනුභවයට යෙදෙන නැකත තමයි වැදගත්ම නැකත් චාරිත්‍රය වෙන්නේ. එත් දැන් අපි මේ චාරිත්‍රය කරන්නේ හරි විදිහටම නෙමෙයි. අපි මේ චාරිත්‍රය ඉටුකරන්නේ හරි විදිහටම නෙමෙයි. පැරැන්නෝ මේ නැකතේදී මුලින්ම කලේ වැඩ ඇල්ලීම. නැකත උදා වෙනකොටම පස්පිඩල්ලක් කපලා වැඩ ඇල්ලීම කළා. මොකද ඔවුන්ගේ රැකියාව වුනේ ගොවිතැන. ඉතින් ඔවුන් පොළොවෙන් වැඩ අල්ලනවා. එත් මේ වෙනකොට අපි මුලින්ම කරන්නේ ආහාර අනුභවය. ඊට පස්සේ ගනුදෙනු කිරීම. වැඩ අල්ලන එක බම කරන්නෙම නැති තරම්. ඉතින් මේ අවුරුද්දේදී මුලින් වැඩ අල්ලන නැකත ඉටු කරන්න. පාසල් යන ළමුන්ට පුළුවන් ඒ නකතෙදීම ඔවුන්ට පාඩම් පොතක් කියවන්න. අනික් අය තමන්ගේ රැකියාවට අදාළ දෙයක් කරලා වැඩ අල්ලලා අනෙක් චාරිත්‍ර වලට සුදානම් වෙන්න. ඒ වගේම අපේ ගෘහණියට පුළුවන් මේ නැකතේදී පුංචි පැලයක් හිටවලා වැඩ අල්ලන්න. අවුරුද්ද පුරාවටම සාර්ථකත්වය ලබාගන්න. හරි නැකතේදී හරිම දේ ඉටු කරන්න.

 

 

 

 

අවුරුදු සිරිත් රැක ගැනීමේ වගකීම කාන්තාවන්ටයි

ශ්‍රී ලංකා කාන්තා ව්‍යවසායකයින් සඳහා කුඩා ව්‍යාපාර අදහස් සහ අවස්ථාවන් කිහිපයක්

අද වන විට ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ නිර්මාණශිලිත්වය ඉතා ඉහල මට්ටමක පවතිනවා. ඔවුන් නව සොයාගැනීම් සහ නව නිපැයුම් කරා ලංවී ඇත. නමුත් ඔවුන් වඩාත් සවර්ධිත...

නිසි තැන ද සම තැන ද අභිෂේකා කථා කරයි

මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා බහ කරන ගීතයක් තමයි නිස්සාර කියන්නේ. ගීතය ගායනා කරන්නේ අභිෂේකා විමලවීර ( Abhisheka Wimalaweera ). ඉතින් අපි ඇයගෙන් සමග...

අද වන විට අපෙන් ගිලිහි යන සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩා

බක් මාසය කියන්නේ ඉතා වාසනාවන්ත නැතහොත් භාග්‍යවන්ත මාසයක් කියලයි හැමෝගෙම පොදු පිළිගැනිම වෙන්නේ. සූර්යා මීන රාශීයේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ මිනිසා පමණක්...

දෙවරක් සිතිය යුතු ඩිස්නි කුමරියෝ

සුරඟන කතා ශතවර්ෂ ගණනාවක් පුරා දරුවන් නින්දට පෙර රසවින්දේ පරම්පරාවෙන් රැගෙන එන්නක් ලෙසය. එම සුරඟන කතාවන් තිරයට රැගෙන එන විටදී අපගේ ළමා විය අවදි...

වාරයක් වැරැද්දක් ගානේ ඉගෙන ගත්තේ පාඩමක්

හ්ම්ම්ම්ම්ම් පැටියෝ අදත් බීවා නේද? අනේ අම්මී පොඩ්ඩක් ගත්තා දන්නැද්ද ඉතින් යාලුවෝ සෙට් උනාම. පෙරේදත් සෙට් උනේ නේද පොඩ්ඩක්.. ඒ පෙරෙදනේ මේ අද.. දවස් දෙකකට පසු.. තාත්තී මේ මොන...

මේ වගේ පොලිසියක් ලංකාවෙත් හිටියනම් ?

ඉන්දියාවේ අග නගරය වන දිල්ලියෙහි හිංසාකාරී ලෙස කාන්තා අතවරයන් සිදුවීම අද වන විට විශාල වශයෙන් කතාබහට ලක් වන මාතෘකාවකි. වෛද්‍ය ශිෂ්‍යාවක් බස් රථය තුල...

නිවස ජය ගන්නා දෝනි – 2

බාධක ජයගෙන ආදරේ කරන්න නම්, අපි හැමෝම ආදරයන කරන්න පටන් ගන්නේ ඒ ආදරේ විවාහයෙන් තවත් ශක්තිමත් වෙලා ජිවත් වන තුරුම පවත්වාගෙන යන්නයි.එත් සමහර ආදර කතා...

ගීයක පද බැඳුන හැටි

ඉඟි බිඟි කරනා තරු නෙතු වලට හොරා .. සැගව සිනාසෙමු අපි ලොව හිදින තුරා ...   ගිවිසා ගත්තෙමු වෙන්න නොයන සේ අප දෙදෙනා හැරදා ඔබට කලින්...

මිනි අයන් ගැජට්

අයන් කරන්නේ නැතුව ඇඳුම් අඳින ගැහැණු ළමයෙක් නැති තරම්. ගැහැණු ළමයි හරි පිළිවෙලයි. ඇඳුම් ගැන නම් හරිම සැලකිලිමත්.පුළුවන් නම් පොඩි අයන් එකක් අත් බැග්...