උස්සන්ගොඩ කියන්නේ රාවණා රජු සමය දක්වා අතීතයකින් හෙබි ජනප්‍රවාද බොහොමයක් ඇති අක්කර 412ක් පමණ භූමි ප්‍රමාණයක්. මුහුද දෙසට නෙරා ගිය කොටසේ සිට මුහුදට ඉතා අපුරු දර්ශනයක් ගෙන හැර පායි. එය සැබෑවට අපූරු දර්ශනයක්.

දකුණු ප්‍රදේශයේ අම්බලන්තොට නෝනාගම මුහුදු (sea) තිරයට ආසන්නයේ උස්සන්ගොඩ පිහිටා තිබේ. මුළු භූමිය පුරාම එයටම අවේනික වූ තෘණ විශේෂයකින් සමන්විතය. මුහුදු තිරයට ආසන්නයේ පඳුරු සහිත වෘක්ෂලතා ද දැකිය හැක. ප්‍රදේශවාසින් පවසන්නේ බෙහෙත් පැළෑටි බොහොමයක් එහි ඇති බවයි.

දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයක මෙවැනි භූ ලක්ෂණ දැකිය නොහැක. ජනප්‍රවාද වලට අනුව මේ විෂමතා වලට විවිධ අර්ථකතන එකතු වී ඇත. ඉන් එක කථාවකින් කියවෙන්නේ උල්කාපාතයක් මෙම භූමියට කඩා වැටී ඇති බවයි. එසේම මෙහි පාෂාණ කොටස් දුඹුරු මිශ්‍ර රතු පැහැයක් ගැනීමට හා උණු වී ගිය ස්වභාවයක් පෙන්වීමට හේතුව. උල්කාපාතයක් පිපිරීමේදී ඇතිවන අධික තාපය මගින් පාෂාණ උණු වී යාම යැයි තවත් මතයකින් කියවේ.

එසේම තවත් සුවිශේෂ ජනප්‍රවාදයක් ( legend )වන්නේ රාවණා රජුගේ දඬුමොණර යානය බැස්ස වූ ප්‍රදේශය ලෙසත් හනුමන්තා ප්‍රදේශය ලෙසත් හනුමන්තා ගෙන ආ බෙහෙත් කන්දේ පතිත වූ කුඩා කැබැල්ලක් නිසා උස්සන්ගොඩ නිර්මාණය වූ බවත්ය.

 

 

 

 

 

 

 

විවේකි සැන්දෑවක් ගත කරන්න රාවණා යුගයට අයිති කදිම තැනක්

ශ්‍රී ලංකා බංග්ලාදේශය තරගය ගැන ICC යෙන් පූර්ණ පරීක්ෂණයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (17) පැවති පන්දුවාර 20 තරගයේ ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා....

කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන් කෙරෙහි බලපාන නීති

අපේ රටේ වර්තමාන සමස්ත ජනගහණයෙන් කාන්තා ප්‍රතිශතය 50% ද ඉක්මවයි. කාන්තා අධ්‍යාපනය සහ ශ්‍රම දායකත්වය ද සැලකිය යුතු මට්ටමකින් වැඩි දියුණු වී ඇත. නමුත්...

උයන පිහන මේ රහස් ටික දන්නවනම් ඔයාටත් පුළුවන් හොඳම ගෘහණිය වෙන්න

ඔබට ඔබේ කෑම වල රසය සහ ගුණය වැඩි කර ගන්න පුලුවන්නම් රසකාරක නොයොදන එක ඔබේ ශරීර සෞඛ්‍යටද ඉතාමත් හිතකරයි. අද අපි ඔබට කියලා දෙන්නේ...

ඉවසීම රඳවා ගන්න

" ඕනෑම අයෙකුට කෝප විය හැකිය. එය පහසුය, එහෙත් නියම පුද්ගලයා සමඟ නියමිත ප්‍රමාණයට, නිවැරදි වෙලාවට, නිවැරදි අරමුණක් උදෙසා, නියම ආකාරයට කෝප වීම නම්...

කටට රසට කෑම හදන්න නම් මේ ටිකත් දැනගෙනම ඉන්න ඕනි.

ගෘහණියක් වෙනවා කියන්නේ හරිම වගකීමක්. ඒ වගේම තමයි කරන්න තියෙන වැඩ වල ඉවරයක් නැහැ.පවුලේ අයගේ කෑම වේල සකස් කරනවා කියන්නේ ගෘහණියකගේ ප්‍රධාන කාර්යක්. ඇත්තටම...

ප්‍රදීපා ආරියවංශගේ අභිනය නර්තන ප්‍රසංගය

ප්‍රදීපා ආරියවංශ නර්තන ආචාර්යවරිය විසින් 07 වරටත් ඉදිරිපත් කරන                              "අභිනය නර්තන"...

සිංහල සිරිත් විරිත්

මෙම ලිපි පෙලින් හදුන්වා දෙන්න උත්සාහ කරන්නේ සිංහල සිරිත් විරිත් හා සම්බන්ධ තොරතුරුයි. "සිරිත් විරිත් " යන පද දෙක "චාරිත්‍ර වාරිත්‍ර " යන පද...

ආසියාවේ හොඳම සූපවේදිනිය “මැයි චව්”

ජාත්‍යන්තරයේදී සුවිශේ්ෂීත්වයට පත් චරිත මුල් කර ගෙන ඔවුන්ගේ අතීතාවර්ජනය පිලිබඳව අපි කථා බහ කලොත් එයින් බොහෝ දේ ඉගෙන ගැනීමට පුළුවන්. ඒ වගේම ඔවුන් තුළ...

චාරිකා – 12 කොටස

මේ කතාව අතීත කතාවක් ( story ). මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි....