උස්සන්ගොඩ කියන්නේ රාවණා රජු සමය දක්වා අතීතයකින් හෙබි ජනප්‍රවාද බොහොමයක් ඇති අක්කර 412ක් පමණ භූමි ප්‍රමාණයක්. මුහුද දෙසට නෙරා ගිය කොටසේ සිට මුහුදට ඉතා අපුරු දර්ශනයක් ගෙන හැර පායි. එය සැබෑවට අපූරු දර්ශනයක්.
දකුණු ප්‍රදේශයේ අම්බලන්තොට නෝනාගම මුහුදු (sea) තිරයට ආසන්නයේ උස්සන්ගොඩ පිහිටා තිබේ. මුළු භූමිය පුරාම එයටම අවේනික වූ තෘණ විශේෂයකින් සමන්විතය. මුහුදු තිරයට ආසන්නයේ පඳුරු සහිත වෘක්ෂලතා ද දැකිය හැක. ප්‍රදේශවාසින් පවසන්නේ බෙහෙත් පැළෑටි බොහොමයක් එහි ඇති බවයි.
දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයක මෙවැනි භූ ලක්ෂණ දැකිය නොහැක. ජනප්‍රවාද වලට අනුව මේ විෂමතා වලට විවිධ අර්ථකතන එකතු වී ඇත. ඉන් එක කථාවකින් කියවෙන්නේ උල්කාපාතයක් මෙම භූමියට කඩා වැටී ඇති බවයි. එසේම මෙහි පාෂාණ කොටස් දුඹුරු මිශ්‍ර රතු පැහැයක් ගැනීමට හා උණු වී ගිය ස්වභාවයක් පෙන්වීමට හේතුව. උල්කාපාතයක් පිපිරීමේදී ඇතිවන අධික තාපය මගින් පාෂාණ උණු වී යාම යැයි තවත් මතයකින් කියවේ.
එසේම තවත් සුවිශේෂ ජනප්‍රවාදයක් ( legend )වන්නේ රාවණා රජුගේ දඬුමොණර යානය බැස්ස වූ ප්‍රදේශය ලෙසත් හනුමන්තා ප්‍රදේශය ලෙසත් හනුමන්තා ගෙන ආ බෙහෙත් කන්දේ පතිත වූ කුඩා කැබැල්ලක් නිසා උස්සන්ගොඩ නිර්මාණය වූ බවත්ය.