යෝග යනු පැරණි ඉන්දියාවේ නැණවතුන් විසින් සියවස් ගණනකට පෙර සොයා වැඩි දියුණු කරගෙන ප්‍රයෝජනයට ගත් ශරීර සනීපය වඩවන පැරණි කලාවකි.

යෝග යනු ආගමක්වත්, ජීවයේ පැවැත්ම පිළිබඳව සිද්ධාන්තයක් වත්, දර්ශනයක් වත්, මායා බලයක් වත්, අභිරහස් ධර්මයක්වත් නොවේ.

යෝග ක්‍රම අතුරෙන් වඩාත් ජනප්‍රිය එමෙන්ම පුළුල් ලෙස පැතිර ගොස් ඇත්තේ ” හත යෝග ” යන ක්‍රමයයි. මෙය ප්‍රගුණ කිරීම නිසා සිරුරේ සම්පුර්ණ පාලනය අත්පත් කර ගැනීමට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම සමත් වී ඇත. හත යෝග ක්‍රමයේ වඩාත් වැදගත් ලක්ෂණය නම් කෙනෙකුට පුරුදු පුහුණු කිරීමට ඇති ආසන හා ඉරියව්වද වේ. හත යෝගයට අයත් මුලික ඉරියව් 84ක් ඇතත් ඒවායින් වැඩි ගණනක් අප බොහෝ දෙනෙකුට පුහුණු කිරීම මුළුමනින්ම කළ නොහැක.

මුළුමනින්ම සිරුරේ උත්තේජනය සිදු කළ හැකි වැදගත් ඉරියව් අටක් පමණ තෝරා ගත හොත් ප්‍රමාණවත්ය.

ආසන මුද්‍රා මෙන්ම කය ලිහිල් කරන විධි ද යෝග ක්‍රමයන් තුල ඇතුලත්ය. රිද්මයානුකුල ගැඹුරු හුස්මගැනීම මෙම අභයාසයන්හි අත්‍යාවශ්‍ය අංගයකි. ගැඹුරු හුස්ම ස්නායු සනසමින් ඒවායේ ආතතිය අඩු කරන අතර කල්පනා ශක්තිය වැඩි දියුණු කරයි.

ආසන, මුද්‍රා මෙන්ම කය ලිහිල් කරන විධි ද යෝග ක්‍රමයන්හි ඇතුලත් වේ. රිද්මානුකූල ගැඹුරු හුස්ම ගැනීම් මෙම අභ්‍යයාසයන්හි අත්‍යාවශ්‍ය අංගයකි. ගැඹුරු හුස්ම ස්නායු සනසමින් ඒවායේ ආතතිය අඩු කරන අතර කල්පනා ශක්තිය වැඩිදියුණු කරයි.

ආසන සහ මුද්‍රා සමඟ ගැඹුරින් හුස්ම ගැනීම සම්බන්ධ කිරීමේ ඒකායන අභිප්‍රාය නම් සිරුර පිරිසිදු කර සිරුරේ විනය පවත්වන අතර මනස පාලනය කිරීමයි.

 

යෝග අභ්‍යාස කිරීමෙන් ඔබට ඇතිවන යහපත කුමක්ද?

තම තාරුණ්‍යයේ ප්‍රසන්න බව, උද්යෝගය සහ ශරීර සනීපය නැවත ලබා ගැනීමට ද වැඩිහිටි වියේදී පැහැදිලිව සිතීමට ද ඉතා හොඳ ශාරීරික තත්වයක් ද, තරුණ වියේ සිට පමණට සනිපය සහ අනෙකුත් හැකියාවන් වර්ධනය කර ගැනීමට සහ සුබ සෙත සලසා ගැනීමට ද ඉන්දියාවේ යෝගීහු මේ මුලධර්ම උපයෝගී කරගන්නා ලදී.

යෝග ක්‍රම අනුගමය කිරීම නිසා ඔබේ මුහුණේ සහ සිරුරේ පෙනුම අවුරුදු ගණනාවකින්ම තරුණ වන අතර ජිවිතයට අවුරුදු ගණනාවක්ම එක් කරයි. සිරුරේ යාන්ත්‍රණය සුමටව සහ කාර්යක්ෂමව තබා ගනිමින් පෝෂණමය වටිනාකමක් ඇති අන්තිම පරමාණුව දක්වා සිරුරට උරා ගැනීමට යෝග ක්‍රම උදවු වෙයි. හොඳට නින්ද යාමටත් නැවුම් සහ උද්යෝගිමත් බවින් අවදි වීමටත් එයින් හැකිවෙයි.

රෝගයන්ට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය වඩවාලමින් ශාරීරික මානසික සහ ස්නායුගත රෝග සුව කරලයි. සුළු කැක්කුම් සහ වේදනාවන්ද යෝග නිසා සමනය වෙයි. යෝග ව්‍යායාමය ඔබේ සිරුර ලිහිල් කර, ස්නායු සනසා සිත තැන්පත් කරන අතර ඔබට ශාන්තභාවයත් ශරීර ශක්තිය හා ඕනෑම තත්වයකට ඔරොත්තු දීමේ අභ්‍යන්තර ශක්තියත් වර්ධනය කරයි.

ඔබගේ කෑම රුචිය පාලනය කර, දෑස් වල දීප්තිය නැවත ලඟා කර දී එල්ලා වැටෙන මස්පිඬු සවිමත් කර තෘප්තිකර හැඟීමක් ඔබ තුළ ජනිත කරයි.

ඔබ නින්ද නොයෑමේ අපහසුතාවයෙන් පෙලෙන්නේද, සිතෙහි අසහනකාරී බවක් දැනෙන්නේද, වැඩියෙන් දුම් බොන්නේද, සවස් වන විට අධික වෙහෙස නිසා හෙම්බත් වන්නේද එදිනෙදා ජීවිතය සම්පුර්ණයෙන් තෘප්තිමත්ව සහ ජීවයෙන් යුතුව ගත කිරීමට අපහසු බවක් දැනේ ද?

පහසු ප්‍රයෝගික අභ්‍යාසයක විනාඩි කිහිපයක් යෙදවීමෙන් ඔබෙන් ගිලිහි ගිය යෞවනය මෙන්ම සනීපය සහ ප්‍රීතිය නැවත අත් කරගන්නේ කෙසේද යන්න ඔබට උගන්වනු ඇත.

මතු සම්බන්ධයි

ඔබට නව පණක් දෙන අරුම පුදුම යෝගී කලාව

කොපි වලින් හැඩ වෙන්න ඔයත් කැමති ද

කෝපි (coffee) කියන්නේ අපේ රටේ හුගාක් දෙනා කැමති පානයක් (drink). අපේ රටේ විතරක්ම නෙමෙයි ලෝකෙම ගත්තත් කොපි(coffee) ජනප්‍රිය පානයක්. මහන්සි වෙච්ච වෙලාවක කොපි (coffee)...

ලිංගික සම්බන්ධතාවයකදී ඇයි මේ ලිංගික ඉන්නන් රෝගය වැළඳෙන්නේ

මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය දින දින සීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතිනවා. ඉතින් අපි පහුගිය ලිපි පෙලින් කතා කළා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයන් නිසා ඇතිවන ලිංගික රෝග...

ඔබෙත් මානව හිමිකම් කඩ වෙලාද

"මානව අයිතිවාසිකම් කඩවෙලා, මගේ මානව හිමිකම් උල්ලංඝනය කරලා" වගේ දේවල් සමාජයේ කොතෙකුත් ඔබ අසා ඇති, මෙවැනි අවස්ථාවක ඒ පිලිබදව මානව හිම්කම් කාර්යාලයට ගොස් පැමිණිලි...

කටට රසට කෑම හදන්න නම් මේ ටිකත් දැනගෙනම ඉන්න ඕනි.

ගෘහණියක් වෙනවා කියන්නේ හරිම වගකීමක්. ඒ වගේම තමයි කරන්න තියෙන වැඩ වල ඉවරයක් නැහැ.පවුලේ අයගේ කෑම වේල සකස් කරනවා කියන්නේ ගෘහණියකගේ ප්‍රධාන කාර්යක්. ඇත්තටම...

තරුණ පෙනුම දීර්ඝ කාලයක් රැකගැනීමේ රහස්

මොන තරම් වයසට ගියත් අපි හැමෝම කැමතියි අපේ තරුණ රූසපුව (beauty) සදාකාලිකව රැක ගන්න. තරුණ පෙනුම රැකගන්නට බොහෝ දෙනා රූපලාවණ්‍ය (beauty culture) කටයුතු වෙනුවෙන්...

මම ශම්සියා හස්සානි ..

පසුගිය ඉරිදා මම මගේ දේශණ වලට සහභාගි විම සදහා විශ්වවිද්‍යාලයේ දේශණ ශාලාවට යමින් සිටින අතර සිසුවියන් පිරිසක් කාන්තා නේවාසිකාගාරයේ සිට පිටතට දුවන්නට විය.මම ඔහුන්ගෙන්...

එදිනෙදා ජීවිතයේදී බර අඩු කර ගැනීමට උපකාර වන tips 12 ක්

තරබාරු කාන්තා ඔබට , සමහර විට ගෙදර දොරේ වැඩ කටයුතු එක්ක බර අඩු කර ගැනීමට ව්‍යායාම කිරීමට පවා කාලය අඩු ඇති . එත් කාලය...

නිස්සාර

ගීතය - නිස්සාර ගායනය - අභිෂේකා විමලවීර පද රචනය - අභිෂේකා විමලවීර සංගීතය - දිලුම් තේජන https://youtu.be/ii-Wgr6Qt_c