අපි හැමෝම කැමතියි ලස්සන වෙන්න, ඒ වගේම තවත් කෙනෙක් අපිව වර්ණනා කරනවට අපි කැමතියි නේද? අද කාලයේ හැමෝම ලස්සන වෙන්න කියල විවිධ ක්‍රීම් වර්ග භාවිතා කරනවා, විවිධ පෙති වර්ග භාවිතා කරනවා. සමහර වෙලාවට මේවා තමන්ගේ ශරීරයට විෂ වෙලා අතුරු ආබාධ හැදෙන්න පුළුවන්. එකට හේතුව මේ ආලේපනයන් සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. එකෙන් වෙන්නේ තමන් හිටියටත් වඩා අවලක්ෂණ වෙනවා සහ අතේ තියන මුදල් ටිකත් නාස්ති කරගන්න එකයි. හැබැයි https://thewoman.lk අපි නිරන්තරයෙන්ම උත්සහ කරන්නේ ඔබට ඔබේ ලස්සන රඳා පවත්වා ගන්න ආයුර්වේද ප්‍රතිකාරයන් ගැන දැනුවත් කිරීමයි. ඔබ මෙම ආයුර්වේද ප්‍රතිකාර කෙතරම් භාවිතා කලත් එය ඔබේ ශරීරයට හානිකර වන්නේත් නැහැ ඔබේ මුදලත් ඉතුරු වෙනවා.

 

සම සඳහා කල හැකි ආයුර්වේද ප්‍රතිකාර කිහිපයක්

කහ

සම පිරිසිදු කරගත හැකි දෙයක් තමයි කහ කියන්නේ. ඔබේ නිවසේ අමු කහ ඇති ඕනෙතරම්. අමු කහ කැබැල්ලක් අරගෙන එය ගලේ ගාගන්න. එයටම දෙහි බින්දු 2ක් දමා මුහුණේ ගලවන්න. සුළු වෙලාවක් තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. කහ වල තිබෙන සුවපත් කිරීමේ ගුණය සහ විෂබීජ නැසීමේ ගුණය ඔබේ මුහුණේ ඇති කුරුලෑ වලට හොඳ ප්‍රතිකාරයක්. දෙහි මඟින් ඒ ගුණය තවත් වැඩි කරනවා. ඒ වගේම මතක තියාගන්න දෙහි කියන්නේ අම්ලයක් නිසා වැඩි වෙලාවක් මේ ආලේපනය ඔබේ මුහුණේ නොතිබිමටද වග බලා ගන්න.

එළකිරි

සම පිරිසිදු කර ගැනීමට එළකිරි යොදාගන්නත් පුළුවන්. ඔබට කරන්නට තියෙන්නේ නැවුම් එළකිරි ස්වල්පයකට ඔලිව් තෙල් හැන්දක් දමා මුහුණ හොඳින් සම්භාහනය කිරීමයි. මෙමගින් ඔබට දීප්තිමත් සහ සුසිනිදු සමක් ලබාගන්නට පුලුවන්.

කොහොඹ

කොහොඹ කියන්නෙත් හොඳ විෂබීජ නාශකයක්. කොහොඹ කොළ ස්වල්පයක් අරගෙන හොඳින් තලා ගන්න. එහෙමත් නැත්නම් බ්ලෙන්ඩර් කරගත්තත් ප්‍රශ්නයක් නෑ. තලාගත් කොහොඹ කොළ හොදින් ඔබේ සමේ ගලවන්න. මද වෙලාවක් තිබෙන්නට හැර සෝදා හරින්න. මෙය සතියට දෙවතාවක් පමණ සිදු කොට බලන්න. ඔබටම ප්‍රතිපල දැකගන්නට පුළුවන්.

පින්ඩ තෙල්

මහත් වීමේදී හා කෙට්ටු වීමේදී සමේ ඇති වන ඉරි තැලීම් කියන්නේ ඇත්තටම ඔබව අවලස්සන කරන දෙයක්. මේ තත්ත්වය මගහරවා ගැනීම සඳහා රාත්‍රියට මේ ඉරි තැලීම් ඇති ප්‍රදේශ මද උණුසුම් ජලයෙන් පිසදමා පින්ඩ තෙල් ස්වල්පයක් ගෙන තරමක් රත් කොට අදාළ ප්‍රදේශ වල ගල්වා හොඳින් සම්භාහනය කරන්න. මාස 2ක් 3ක් ඇතුලත ඔබට ප්‍රතිපල ලබාගන්නට පුළුවන්.

 

දෙතොල් සඳහා කල හැකි ප්‍රතිකාර

දෙහි

දෙහි බෑයක් අරගෙන එයට සිනි ටිකක් ඉස එයින් ඔබේ දෙතොල් හොඳින් සක්‍රබ් කරන්න. මෙමඟින් ඔබේ තොල් වල මැරුණු සම ඉවත් කර තොල් රෝස පැහැ ගන්වනවා.

මී පැණි

රාත්‍රියට මි පැණි බින්දු කිහිපයක් ගෙන ඔබේ තොල් හොඳින් සම්භාහනය කරන්න.

 

 

දෑත් වලට කල යුතු ආයුර්වේද ප්‍රතිකාර

බිත්තර කහ මඳ සහ එළඟි තෙල්

ආයුර්වේදයේ දෑත් වලට හොඳ ප්‍රතිකාරයක් නම් දෑත් හොඳින් සෝදා බිත්තර කහ මදයකට එළඟි තෙල් මේස හැන්දක් දමා හොඳින් දෑත් වල තවරා සම්භාහනය කරන්න.

 

හිසකෙස් සඳහා

උළුහාල් සහ දෙහි කොළ

හිස්හොරි වලට හොඳ ප්‍රතිකාරයක් තමයි උළුහාල් කියන්නේ. උළුහාල් දෙහි කොලත් සමග තම්බාගන්න. එයින් හිස සෝදා හරින්න. මෙය තුන් වතාවක් කිරීමේදී ඔබට හිස්හොරි නැති හිසක් ලබාගන්නට පුළුවන්.

ළුණු

ළුණු ගෙඩියක් අරගෙන හොඳින් පොඩි කර හිස කෙස් වල ගලවන්න. විනාඩි 15ක් පමණ තබා ෂැම්පු දමා සෝදා හරින්න. මේ ආකාරයටම අර්තාපල අලද භාවිතයට ගන්නට් පුළුවන්. මෙම සත්කාරය මඟින් හිස්හොරි නැතිකරන අතරම ඔබේ හිස කෙස් සිනිදු කරනවා.

නිවිති

හිසකෙස් වලට හොඳම ප්‍රතිකාරයක් තමයි නිවිති කියන්නේ. ඔබේ නිවසේ ඇති නිවිති කොළ ටිකක් අරගෙන් බ්ලෙන්ඩර් කරන්න. මෙය හිසෙහි ගල්වා විනාඩි 15ක් පමණ හොඳින් සම්භාහනය කරන්න. ඉන්පසු ස්නානය කරන්න. නිවිති වල තිබෙන ඛනිජලවන ඔබේ හිස කෙස් ගැලවියාම සහ හිස කෙස් අග පෑලිම නිට්ටාවටම සුව කරලා දෙනවා.

 

 

ලස්සන වෙන්න කැමති ඔයාට ආයුර්වේද ප්‍රතිකාර කිහිපයක්

සුන්දර කෙස් කළඹක රහස

කාර්ය බහුල කාන්තාවන්ට ඉක්මනින් අමතක වෙන දෙයක් තමයි කෙස් කළඹ කියන්නේ. සැලෝන් එකකට ගියත් මුහුණට ක්ලීන් අප් හෝ ෆෙෂල් එකක් කරගෙන එනවා ඇරෙන්න හිස...

සමාජ ජාලා තහනම් කරයි

ලංකා විදුලිබල සංදේශන නියාමක කොමිෂන් සභාව (TRCL) විසින් ජාතික ආරක්ෂාව සඳහා Facebook, Viber, WhatsApp, සහ අනිත් සමාජ ජාලා Apps වලට ඇතුල් වීම නැවත දැනුම්...

නැවුම් පළතුරු යුෂ පානය කිරීමෙන් දැනෙන ප්‍රමෝදජනක හැඟීම විඳගන්න

ඔබ ගන්නා අහාරය ඔබ ගන්නා පානය ඔබේ මනෝභාවයට පමණක් නොව, ඔබේ සිතිවිලි වල පැහැදිලිකමටද බලපාන බව ඔබ දන්නවා ද? ඈත අතීතයේ සිට ප්‍රඥාවන්තයින් සැහැල්ලු...

පුලුවන්නම් තෝරන්න

මේ ගොම්මන් වෙලාවෙ කොහෙද ලමයෝ යන්නේ... අනේ අම්මා මන් පොඩ්ඩක් ඇවිදලා එන්නම්... දෙයියනේ තව ටික වෙලාවකින් අදිරි නිතිය දානවා ලමයෝ යන්නෙපා කොහෙවත්... මොකද්ද අම්ම මේ ජීවිතේනම් මට...

චාරිකා – 05 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

ගොනෝරියා රෝගය ලිංගාශ්‍රිත රෝගයක් ද

පසුගිය ලිපියෙන් ලිංගික රෝග ඇතිවෙන්නේ කොහොමද කියලා අපි ඔබව දැනුවත් කළා. මෙම ලිපියෙන් අපි අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වන්නේ ලිංගික සම්බන්ධයක් නිසා නැත්නම්...

හැකියාවන් ඉදිරියේ සීමාවන් නොතකන ඇය සෙව්වන්දි

ඇය උපන්නේ අම්බලන්තොට ප්‍රදේශයේ මාමඩල නම් සොඳුරු ගම්පියසේයි. නිස්කලංක පරිසරයක ජීවිතේ ගෙවන සෙව්වන්දි දලදාවත්ත නම් ඇය, ව්‍යාපාරික කතක්, චිත්‍ර ශිල්පිනියක්, ලේඛිකාවක්, රංගන ශිල්පිනියක්, කඳු...

ඔබත් මමත් ඇයත් හි සුරූපී මායා

අද බොහෝ පිරිසක් නරඹන ටෙලි නාට්‍යය බවට පත් වී ඇත්තේ ඔබත් මමත් ඇයත් ( obath mamath ayath ) ඉන්දියානු ටෙලි නාට්‍යයි. මායා මල්හෝත්‍රා කියන්නේ...

Diet කරන ඔබ වෙනුවෙන්…

thewoman.lk අපි අද ඔයාලට කියලා දෙන්නේ ඉතාමත් රසවත් සහ ගුණදායක සුප් වර්ග 05ක්. ශරීරයේ තරබාරුව අඩු කිරීමත් නිරෝගී ශරීරයක් පවත්වාගෙන යාමටත් මෙවැනි සැහැල්ලු සහ...