ලස්සන වෙන්න යුවතියන් නොකරන දෙයක් නැති තරම්. වයිට්නින් ක්‍රීම් සහ සම සුදු කරගන්න කියා විකුණන නොයෙක් ක්‍රීම් පවුඩර් වර්ග සහ ෆේස් වොෂ් වෙළඳපොලේ වැහිවහලා. ඒ නිෂ්පාදන වල නොයෙක් රසායනික ද්‍රව්‍ය අඩංගු බව අපේ යුවතියන් නොදන්නවා නෙවෙයි. නමුත් හැම සුදු කරගන්න ලස්සන වෙන්න තියෙන උවමනාව ඒ දනුවත්භාවයට වඩා ප්‍රභලයි. ඒ නිසා වෙළඳ උපක්‍රම වලට රැවටිලා මේ අහිතකර රසායනික වර්ග ආලේප කරනවා.

 

වාණිජකරණය වූ සමාජයක මිනිසුන්ගේ අවශ්‍යතා මාකට් කල හැකි බව හඳුනාගත් වෙළෙන්දෝ ඔබේ සුදුවීමේ අවශ්‍යතාවයට නොයෙක් ආලේපන වෙළඳපොළට එකතු කරන්නේ ඒ නිසයි. ඒවායින් සිදුවන්නේ සම පිච්චියාම, තාවකාලික පහපත්බවක් ලැබුනත් එයින් ඔබට සිදුවන හානි සමඟ සම සුදු කරගන්න එතරම් විනාශයක් කරගැනීම වටින්නේ නැහැ. අන්න ඒ නිසා ඔබගේ සුන්දරත්වය විනාශ කරගන්නේ නැතිව, සොබාදහමෙන් ලැබුණු දායාදවලින් රුව ඔප් නංවා ගන්නා දේශීය පාරම්පරික ආයුර්වේද ක්‍රම කිහිපයක් දැනගන්න. අත් හදා බලන්න.

 

සැමට තෙතමනය සහ දීප්තිය ලබා ගැනීමට

අවශ්‍ය ද්‍රව්‍ය

පුහුල්

අර්තාපල්

මුදවපු කිරි මේස හැඳි 2

මි පැණි මේස හැඳි 2

පුහුල් හා අර්තාපල් සම ප්‍රමාණයෙන් ගෙන බ්ලෙන්දරයකින් හොඳින් අඹරාගෙන මුදවපු කිරි මේස හැඳි 2ක් සහ මි පැණි මේස හැඳි 2ක් එයට එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න.

මේ මිශ්‍රණය ගැලවීමට පෙර සම හොඳින් පිරිසිදු කරගෙන ඉන්න ඕනෑ. සැමට දීප්තිය ලබා දෙන මේ ආලේපය ගලවා පෙය භාගයක් පමණ සිටිය යුතුයි. ඉන්පසු තරමක් උණුසුම් වතුරෙන් සෝදා හරින්න.

 

මුහුණේ කුරුලෑ කැළැල් නැති කරගැනීමට

අවශ්‍ය ද්‍රව්‍ය

කළු දුරු

කළු තල

එළ අබ

එළකිරි ස්වල්පයක්

( මේවා බෙහෙත් බඩු කඩ වලින් සොයාගත හැක. ) මෙම කළු දුරු, කළු තල, එළ අබ කියන වර්ග තුන සම ප්‍රමාන වලින් ගෙන අඹරා ගන්න. ඉන් පසු එයට එළකිරි ස්වල්පයක් දම හොඳින් කවලම් කරගන්න. මුහුණේ අබ ආලේප කල විට මුහුණ දැවිල්ලක් ඇතිවෙනවා නම්, ඒ අබ ගින්දරෙන් රත් කරගෙන ආලේපයට ගැනීමට සදා ගන්න. මෙය ආලේප කර මද වෙලාවක් තබා සෝදා හරින්න.

 

පාදවල කොරල ඉවත් කරගන්නා ක්‍රමය

අලිගැටපේර මදය ගෙන එයට පොල්තෙල් හැන්දක් දමා හොඳින් මිශ්‍ර කර කොරල සහිත තැන වල ආලේප කරන්න. රාත්‍රියට ඔලිව් තෙල් සහ තල තෙල් ආලේප කිරීමත් කොරල වලට හොඳයි.

 

තෙතමනය සහිත සමකට

කෝමාරිකා මදය, බිත්තර සුදු මදයක් සහ මි පැණි මිශ්‍ර කර ඒ ආලේපය ගලවන්න.

 

මහත මට්ටු කරන්න

මි පැණි බෝතලයකට සුදු ළුණු දමා මාසයක් වසා තබන්න. ඉන්පසුව ඒ සුදු ළුණු ආහාරයට ගන්න. මේ ප්‍රතිකර්මයෙන් සිරුර සිහින් වෙනවා.

 

 

ගෙදර ඉඳගෙන ලස්සන වෙන්න

අසල් වැසියන් එක්ක මිත්‍රකම් බලාගෙනයි

අපි පවුලක් විදිහට සමාජයට මුහුණ දෙනකොට විවිධ සම්බන්ධතා ගොඩ නගා ගන්න වෙනවා. අපිට මුහුණ දෙන්න වෙන අභියෝග ජය ගත හැකිවන්නේ හැක්කේ ඒ වගේ සමාජ...

HIV රෝගීන් සමාජයෙන් කොන් කළ යුතුද

HIV එහෙමත් නැත්නම් AIDS ගැන සමාජ කතිකාවතක් ඇති වූයේ 90 දශකයේදීය. මුල් කාලයේ මේ පිළිබඳව එතරම් දැනුමක් සමාජය තුළ නොවූ අතර රෝග ව්‍යප්තිය සිදුවන...

ඇයි අපි ව්‍යායාම් කල යුත්තේ

පමණට වඩා ආහාර ගැනීම සහ සෞඛ්‍ය තත්වය පිරිහීමට හේතු වන්නේ ස්වභාවික අන්දමේ ව්‍යායාම නොලැබීමයි. තම ශරීර සෞඛ්‍ය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට නම් ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය...

ලේසියෙන් පහසුවෙන් ස්ට්‍රෝබෙරි වලින් රසවත් කෑම බීම හදමු

ස්ට්‍රෝබෙරි කියන්නේ මිලෙන් තරමක් වැඩි උනත් අපි කව්රුත් කෑමට ප්‍රිය කරන පළතුරක්. ඉතින් අද අපි ඔයාලට කියල දෙන්නේ ස්ට්‍රෝබෙරි වලින් පහසුවෙන් හදන්න පුළුවන් රසවත්...

සුරූපී නිළිය ශ්‍රී දෙවි වයස 54දී මිය යයි.

සුරූපී නිළිය වයස 54දී මියගොස් ඇත. ඇය මියගොස් ඇත්තේ සෙනසුරාදා රාත්‍රියේ ඩුබායි හිදී පවුලේ මංගල උත්සවයකට සහභාගී සිටි අතරතුරදී. ඇය ඉපදී ඇත්තේ 1963 අගෝස්තු...

ඉදිරියේදී වාතයෙන් හදපු පෙට්‍රල් පාවිච්චි කරන්න වෙයිද

ටීසිඩ් නම් වන බ්‍රිතාන්‍ය සමගම විසින් 2015 සිට සිදුකරමින් පවතී පර්යේෂණ ගණනාවක ප්‍රතිපල 2018 එලි දැක්වීමට නියමිතයි. ඒ තමයි ජලය සහ වාතය භාවිතා කරමින්...

සොබාදමේ අපූරු නිර්මාණයක් වන දුන්හිඳ ඇල්ල

දුන්හිඳ දිය ඇල්ල (dunhinda falls) ඌව පළාතේ ඇති දර්ශනීය දිය ඇල්ලක් වගේම ශ්‍රි ලංකාවේ ඉතා ජනප්‍රිය දිය ඇල්ලකි. දුන්හිද ඇල්ලේ ආරම්භය ගැන ජනප්‍රවාදයේ විවිධ...

පොලිසිය සහ ලිංගික ක්‍රියාකාරිකයන්

පොලිසියත්, ( sri lanka police) ලිංගික ක්‍රියාකාරිකයනුත් අතර යහපත් සම්බන්ධයක් නැත. පොලිසියට ඒ අය අල්ලා ගැනීමට මාන බලන බව ලිංගික ක්‍රියාකාරිකයින්ගේ අදහසය. එවැනි පොලිස්...

අනුෂා කොඩිතුවක්කු අවසන් පුර්ව වටයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනී

21වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ බොක්සිං කිලෝග්‍රෑම් 48 - 51 බර පංතිය අවසන් පුර්ව වටයෙදී අනුෂා කොඩිතුවක්කු සමඟ මේරි කොම් තරඟ වදින ලදී. එම...