කරාබු ගැහැණු ළමයින්ට නැතිවම බැරි දෙයක් වෙලා ඒ නිසා සිරිතක් විදිහට අලුත ඉපැදුණු දුවකුට කන විදලා කරාබු දාන එක පුරුද්දක්. නමුත් මේ කරාබු වල ඉතිහාසය පීරලා බැලුවම කරාබු කියන්නේ ගැහැණු ළමයින්ගේ ආභරණයක් ම නෙමෙයි. මේ කරාබු පැළඳීම පිරිමි පාර්ශවයත් අතීතයේ සිටම කරලා තිබෙනවා . කරාබු පැළඳීම කලාවක් බවට පත් වෙලා තියෙන්නේ ඒ නිසයි.

විවිධාකාර හැඩතල, අමුද්‍රව්‍යවලින් නිපදවන කරාබු ගල් ඔබ්බවා, ලී , ලෝහ ( රත්රන්, රිදී, ප්ලැටිනම් ) ආදී අමුද්‍රව්‍ය වලින් නිපදවනු ලබනවා. ඒ වගේම කුඩා බෝතලයක් මෙන් හැඩයෙන් යුතු කරාබු ගැහැණු, පිරිමින් දෙපාර්ශවය අතරම ප්‍රචලිත වුණත් අද කතා කරන්න හිතුවේ නානාප්‍රකාර හැඩවලින් යුතු ගැහැණු ළමුන්ගේ කරාබු ගැනයි.

එකම මෝස්තරයේ කරාබු යුගලයකින් සෑහීමකට පත්වෙන්න බැරි යුවතියන්ටයි මේ……

ඉයර් කෆ්ස් ( ear cuffs )

සාමාන්‍යයෙන් කාන්තාවන් කරාබු එකකට වඩා පැළඳීමට කැමැත්තක් දක්වනවා. නමුත් දෙතුන් පාර කන විදින්න කැමති නැහැ. බටහිර රටවල අතිශය ජනප්‍රිය මේ විලාසිතාව ඒ සඳහා හොඳම පිළිතුරක්. තරමක රොක් පෙනුමක් ඉන් ඔබට ලැබේවි.

 

 

දීප්තිමත් වර්ණ සහිත කරාබු ( earrings with bright colours )

ඔබ අඳින ඇඳුමේ පැහැයන් ගෙන් යුක්තව මේ කරාබු පළදින්නට පුළුවන්. වර්ණ කිහිපයක් ගළපලා නිර්මාණය කර තිබෙන නිසා ඉන් ඔබට ලැබෙන්නේ වෙනස්ම පෙනුමක්.

 

 

 

පිහාටු සහිත කරාබු ( feather earrings )

විවිධ විලාසිතාවන්ට කරාබු පළදින්න කැමති ඔබට මේ විලාසිතාවත් අපුරුයි. දිගු බෙල්ලක් සහිත යුවතියන්ට මේ විලාසිතාව අපුරුවට ගැළපෙනවා. එයින් ඔබේ පෙනුමට අපුරු මෙන්ම දීප්තිමත් බවක් එක් කරනවා.

 

 

ලෝහමය චෙන් කරාබු ( metallic chain earrings )

යකඩ වගේ ඉන්න කැමති යුවතියන්ට මේ කරාබු හොඳින් ගැළපෙනවා. විවිධාකාර හැඩ වලින් යුක්ත නිසා ඔබේ මුහුණට ගැලපෙන කරාබුව තෝරාගන්න එක ඔබට බාරයි.

 

මුතු සහිත ස්ටඩ්ස් ( studs with pearls )

අතීතයේ ඉඳන් බොහෝ කතුන් පළදින්නට කැමති කරාබු වර්ගයක් තමයි මේ. මින් පෙනුමට වැදගත් බවක් එක් කරනවා.

 

 

ඩබල් ස්ටඩ් කරාබු ( double stud )

මේ කාල වකවානුවේ වඩාත්ම ජනප්‍රිය කරාබු විලාසිතාවක්. මෙහි විශේෂත්වය වන්නේ ඉදිරිපස කොටසට වඩා කරාබුවේ පිටුපස කොටස තරමක් විශාල වීමයි.

 

 

ෆිලිග්‍රී කරාබු ( filigree earrings )

මෙය රනින් හෝ රිදියෙන් අපුරු කැටයම් කල කරාබුයි. ඔබ උත්සවයකට සහභාගී වනවා නම් මේ කරාබු විලාසිතාව කදිමයි. මෙය පැළඳීමෙන් ගෙලට ආභරණ අවශ්‍ය වන්නේ නැති තරම්.

 

 

 

චැන්ඩලියර් කරාබු ( chandelier earrings )

මේ කරාබු විලාසිතාවන් උත්සව අවස්ථාවන්ට වඩාත් සුදුසුයි. මින් වඩාත් උසස් බවක් හා සිත් ඇඳගන්නා සුළු පෙනුමක් ලබා දෙනවා.

 

 

 

ජුම්කාස් ( jhumkas )

මින් ඔබට සුරතල් බෝනික්කෙකුගේ පෙනුමක් වගේම සාම්ප්‍රදායික බවක් එක් කරනවා. කුර්තා විලාසිතා, ලේගින් සමඟ මෙය පැළඳුවොත් ප්‍රභාමත් පෙනුමක් ඔබට ලබාදේවි.

 

 

හුප්ස් ( the hoops )

වඩාත් ප්‍රචලිත විලාසිතාවක් වන මින් ඔබේ පෙනුම සහ පෞර්ෂය නගා සිටුවනවා. ගවුම් විලාසිතාවන්ට වඩාත් සුදුසුයි.

 

 

 

 

Youth එකට කරාබු

සුදු රෙද්දේ රතු පැල්ලම් හොයන ඇත්තන්ටයි මේ

රන්පෝරු මස්තකයේ අතැඟිලි බැඳලා අෂ්ඨක එහෙමත් කියලා තියෙන තරමක් නැකැත් ඔක්කෝමත් අකුරට ඉෂ්ටසිද්ද කරලා විවාහය කියන රන්හුයෙන් දෙහදක් ආදරෙන් බැඳෙන්නෙ අලුත් ජීවිතයක් ගැන බලාපොරොත්තු...

ඔබත් සරුංගලය බැඳී නූල වන්න – පවුලේ ගෘහ මුලිකයා කවුද

පවුල (family) තුල ඇතිවන යුද්ධයක් වන පවුලේ තීරණ ගැනීම් හා ඒ තීරණ ක්‍රියාත්මක කරන්නේ කවුද? කෙසේද? යන්න සමඟ ඇතිවන ප්‍රශ්න ගැන අද අපි පොඩ්ඩක්...

තමන්ට ගැලපෙනම මංගල සාරිය තෝරන්න දන්නවද

විවාහය කියන්නේ තරුණියකගේ ජිවිතේ වැදගත්ම අංගයක්. එදාට ලස්සනට හැඩ වෙන එක තරුණියකගේ හීනයක්. අවට ගියාට මංගල ඇඳුම් තෝරාගන්නේ නැතුව අතේ ඇති මුදලට වඩාත්ම සුදුසු...

විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු, පිරිමි බේදයකින් තොරව කියවන්න

විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු,පිරිමි බේදයකින් තොරව කියවන්න... ඉස්සෙල්ලාම කියන්නම් මෙච්චර සමාජෙ ගැන ලිපි කවි ලියන මම අද මොනවත් කිවෙ නැත්තම් වැඩක් නෑ.....

දරුවන්ගේ දත් රැකගන්න දෙමව්පියන්ගේ දායකත්වය අවශ්‍යයි

පාසල් දරුවන් අතර අද දන්තාබාධ ඉතාම සුලබ රෝග තත්වයක් බවට පත්ව තිබෙනවා. හයක් හතරක් නොතේරෙන වයසේදී දරුවන්ට තමන්ගේ දන්ත සෞඛ්‍යය (Health)  ගැන කිසිම වැටහීමක්...

ලිංගිකත්වය මනස සමග පොරබැඳි සත්‍ය කතාවක්

මම හිමාලි.මගේ වයස අවුරුදු 28ක්.මම වෘත්තියෙන් විධායක නිලධාරිනියක්.මගේ සැමියා කමල්.එයාට වයස අවුරුදු 32ක්.එයා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්.අපිට බබාලා හිටියේ නෑ.ඒ නිසා අපි හරිම සිත් තැවුලෙන් හිටියේ.ගෙවල්...

සාම්ප්‍රදායික ඔසරි විලාසිතාව වෙනස් කරන්න එපා

විලාසිතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. වයස, අත්දැකීම්, පාරම්පරික උරුමය, අනුව ව්දිහිටි හා යොවුන් පරපුර විලාසිත කරන අකාරය වෙනස් වේ. නමුත් සංස්කෘතික වටිනාකමක් ඇති ඇඳුම්...

කරපු වැරදි ගැන කවදාවත් පසුතැවෙන්නේ නෑ ඒ දෙවල් ඉදිරි ගමනට පන්නරය කරගත් කථාවක්

සත්‍ය සිදුවිමකී...නම් ගම් සියල්ලක් පසා සත්‍ය සිදුවිමේ චරිතයන්මය නැවතිමේ තිතේ ඉදන් සත්‍ය ලෙසම සිදු වූ සිදුවිම් මගේ ඇගිලි තුඩු මතින් ගොණු කර පාඨක ඔබට.... කිසිම දිනක...

අත්වැල ගිලිහී – 02 කොටස

මිස් ශානිකා නොහොත් විරූපිකා. මට මේ ලෝකේ පේන්නම බැරි ගෑණු චරිතේ. එයා යටගිය දවස බරණැස් නුවර කාලේ ඉඳන් මගේ තාත්තා ගැන hopes තියන් ඉන්නවා....