උදසනින්ම පැමිණ කාර්‍යලයේ වැඩ පටන් ගන්න නම් ප්‍රබෝධමත් බවක් තිබිය යුතුමයි. ඒ ප්‍රබෝධමත් බවට කාර්‍යලයේ මෙන්ම ඔබ සිටින ස්ථානයේ පිළිවෙලක් අත්‍යවශ්‍යම කරුණක්. ප්‍රබෝධමත්ව කාර්‍යලයේ වැඩ පටන් ගන්න කාර්‍යාල මේසය පිළිවෙලට සකස් කර ගන්න. එය ඔබට මෙන්ම කාර්‍යලයේ අනෙක් පුද්ගලයන්ටත් ක්‍රියාශීලි දවසක් ඇති කරන්නට සමත් වේවි.

 

පෞද්ගලිකත්වය ඈත් කරන්න

ඔබේ කාර්යාල මේසයේ පෞද්ගලික දේවල් තියාගන්න එක නම් කොහෙත්ම සුදුසු නැහැ. එයින් සිදුවන්නේ ඔබේ ප්‍රධාන වැඩක් මඟ හැරෙන එකයි. වයිෆ්ගේ, දරුවන්ගේ, නෑදෑයින්ගේ වගේම බලු සුරතලාගේ පින්තූර සහ ප්‍රතිමා හිත මිතුරන් දුන් තෑගි බෝග, කාලයක් තිස්සේ එකතු කරපු භාණ්ඩ වගේ දේවල් මේසයෙ තියාගන්නවා. එහෙම කලොත් වෙන්නේ ඔබේ අවධානය වෙනස් වෙන එක. අත්‍යවශ්‍ය දේට මේසය උඩ ඉතුරු වන ටිකත් ඉඩත් හුගාක් දුරට අඩු වෙන්න ඉඩ තියනවා. ඒ නිසා රාජකාරියට අදාළ නැති පෞද්ගලික දේ මේසයෙන් ඈත් කරන්නට අමතක කරන්න එපා.

 

ෆ්‍රී ස්පේස් එකක්

මේසය උඩ අත්‍යවශ්‍ය දේවල් පුරවා ගැන්නේ නැතුව දෑත් හසුරවා පහසුවෙන් වැඩ කරන්න පුළුවන් ඉඩකඩක් මේසය මත තබාගන්න. කොළයක් හොයන්න ෆයිල් එකක් තියන්න වගේම හදිස්සියකට නොට් එකදාලා දාගන්න කොළයක් තියා ගන්නත් පොඩි ෆ්‍රී ස්පේස් එක තියන එක වටිනවා.

අදාළ දේත් ගොඩාක් එපා

කාර්යාල මේසයේ ඉඳන් වැඩ කරනකොට පෑනක් කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්නේ.එහෙමයි කියලා පාට පාට පෑන්, එකම පාටින් පෑන් 2-3 ක් වගේ පෑන් තියා ගත්තා නම් හරියන්නේ නැහැ. එය ඔබටත් මහත් කරදරයක්. වැඩිපුර පෑන් තියාගන්නවා නම් මේසය උඩ තියාගන්න නැතුව ලාච්චුවේ දාලා තියාගන්න. ඒ වගේම නිතර අවශ්‍ය නොවන ස්ටෙප්ලර් වැනි දේවලුත් ලාච්චුවට දාලම තියාගන්න.

 

කරදරයක් නොවන්න

දැන් නිතර භාවිතා වන නමුත්, ළඟ තියාගන්න බැරි දේවලුත් මේසයේ කොහෙ හරි කෙළවරක තියනවානේ ඒ වගේ දේවල් නිතර ගන්නකොට මේසය උඩ තියන අනෙක් බඩු පෙරළෙන්නේ නැති විදිහට ලෑන්ඩ් ෆෝන්, වතුර බෝතල්, තේ කෝප්ප වගේ දේවල් තියාගන්න.

ඩොකියුමන්ට් ට්‍රේ එකක වැදගත්කම

ෆයිල් එකක් හරි දෙකක් හරි මේසේ උඩ තියන එක වැදගත් කාරණාවක්. ෆයිල් කිහිපයක් තියාගන්න ගිහාම ටිකක් ඉඩ ඇහිරෙන්න වුනත් පුළුවන්. එක උඩ එක තියාගෙන ෆයිල් අදිද්දී ඒක ටිකක් කරදර වැඩක් නේ. එකට හොඳම විසඳුම තමයි ඩොකියුමන්ට් ට්‍රේ එකක තියාගන්න එක. එයින් ඉඩකඩ ඉතුරු කරගන්න පුළුවන්.

 

පොඩි සුද්දයක් දීලම දවස ඉවර කරන්න

මේක නම් හුරු නැති වැඩක් වෙන්න පුළුවන්. කාර්‍යලයේ වැඩ ඉවර කරලා යද්දී මේසය, තමන් සිටි ස්ථානය සුද්ද පවිත්‍ර කරලම යනවා නම් තමයි වඩා හොඳ. වැඩ ඉවර උනාම බදඩු එහෙ මෙහෙ ඇදලා දාලා යන්නේ නැතුව පහුවදා උදේ එනකොට දැක්කාම ප්‍රසන්න බවක් ඇතිවෙන විදිහට පිළිවෙලට මේසය හදලා යන්න. අතට හුරුපුරුදු, වෙනදා මේසය උඩ බඩු තියන විදිහට මේසය හදලා යන්න.විසි කරන්න තියන කොළ එහෙම තියනවානම් කුණු කුඩයට දාලා යන්න.

ස්ටිකි නොට්

වෙළඳ පොලේ ලාබෙට තියන නිසා සමහරු මෙයින් ප්‍රයෝජනයක් නම් ගන්නෙම නැහැ. වැඩ ගොඩක් එක්ක කාර්යබහුල වෙන ඔබට ස්ටිකි නොට් එකක් තියන එක වැදගත්. එදා දවසම කරලා ඉවර කරන්න වුවත් කරන්න තියන වැඩ ලියලා තියාගන්න එක වටිනවා. කොලයක ලියලා මොනිටරයේ අලව ගත්තත් එදා අ කොටස හරියට කරලා ඉවර කරගන්න මෙය වඩාත් පහසුවක් වේවි.

ඔබටත් ප්‍රබෝධමත් කාර්‍යාලයක්

නිළියක් වගේ ලස්සන වෙන්න හාල් සෝදන වතුරෙන් කරන ඉන්දියානු රහස් බෙහෙත් වට්ටෝරුවක්

ඉන්දියානු කාන්තාවන් ලස්සන වෙන්න බොහෝ ඖෂධ වට්ටෝරු භාවිතා කරනවා. මෙහි විශේෂත්වය වන්නේ ස්වභාවික ඖෂධ ද්‍රව්‍ය භාවිතා කිරීමයි. ඔබත් නිළියක් වගේ ලස්සන වෙන්න නම් මේ...

අතේ ගෙනියන්න පුළුවන් ස්කෑනර්

මොනවා හරි වැදගත් දෙයක් පොතක, පත්තරයක තිබුනිත් එක පිටපත් කරගන පුළුවන් හොදම හා ඉක්මන්ම විදිහ තමයි ස්කෑන් කරගැනීම. එකට ඉතින් ෆොටෝකොපි ෂොප් එකකටම යන්න...

online සාප්පු සවාරියක් යමු

පෝලිමේ සිට සාප්පු තුන හතරකට පයින්ම ගොස් කේවල් කොට බඩු ගත්ත කාලයට තිතක් වැටුනේ මේ online සාප්පු සවාරි නිසයි. කිසිම තදබදයක්, රස්තියාදුවක්, මහන්සියක් නැතුව...

අනියම් සම්බන්ධතාවයකට මග පෙන්වන වාස්තු දෝෂ පිලිබඳ ඔබ දැනුවත්ද

නිවසක් ඉදිකිරීමත්, විවාහ ( marriage ) වීමත් මිනිසෙකු ජිවිත කාලයට එක් වරක් පමණක් කිරීමට බලාපොරොත්තු වන දේවල්ය. සාර්ථක දිවිපෙවෙතකට මාර්ගය එයයි. නිවසක් ඉදිකිරිම මෙන්ම විවාහ...

සුපර් බ්ලූ බ්ලඞ් මූන් විවිධ රටවලට දිස් වූනේ මෙහෙමයි.

වසර 152කට පසු දිස් වූ සුපර් බ්ලූ බ්ලඞ් මූන් හෙවත් සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණය විවිධ රටවලට දිස් වූනේ මෙහෙමයි. චනද්‍රග්‍රහණය...

Fuze 2018

විදුර විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කරන “Fuze 2018” ප්‍රසංගය 2018 ජනවාරි 27 වන දින ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ. භාතිය සන්තුෂ්, සනුක, ලහිරු, සහ...

තනියෙම නම් තහනම් – සූක් වාකිෆ්

"සූක් වාකිෆ්" කියන්නේ කටාර් රාජ්‍යයේ තියෙන පැරණිම වෙළඳපොළක්. "සූක්" එකක් කියන්නේ විශාල භූමි ප්‍රමාණය පැතිරුනු වෙළඳපොළක්. සූක් එක අවුරුදු 100ක් විතර පරණයි. හැබැයි සාම්ප්‍රදායික ගෘහ...

කැළැල් සහිත සමකට විසඳුමක්

ලස්සන වෙන්න අපි හැමෝම කැමතියි. දුර්වර්ණ වූ, කැළැල් සහිත සමක් තිබෙනවාට අපි කවුරුත් කැමති නැහැනේ. ඉතින් එකට හොඳම විසඳුමක් තමයි අපි අද ඔයාලට කියල...