” ස්වාපනය “ නොඑසේ නම් මෝහන නිද්‍රාවට පත් කිරීම තුළින් විවිධ වූ මානසික රෝග පිඩාවන්ට සහනය ලැබිය හැකි බව ඔබත් අසා ඇති. මෙලෙස නින්දකට පත් කිරීමෙන් සැබෑ ලෙසම මානසික රෝග සුවපත් කරන්නේ කෙසේද? මෝහනය යන්නෙන් සැබෑ ලෙසම අදහස් වන්නේ කුමක්ද? සිදු කරන්නේ කෙසේද? මෝහන විද්‍යාවෙන් මානසික රෝග සුවපත් කිරීම සැබවින්ම විද්‍යාවක් ද? නොඑසේ නම්, එය කිසියම් විජ්ජාවක් ද? ඒ සඳහා ගුප්ත බලයක් පවතින්නේ ද ? මේ පිළිබඳව බස්‌නාහිර පළාත් මෝහන විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රවීණ මනෝ උපදේශක ගුණසේකර මුදලිගේ මහතාගේ අදහස් …

 

මෝහනය කිරීම ගුප්ත ශාස්ත්‍රය මත පදනම් වූ කාරණාවක් ද?  

නැහැ. පැහැදිලිවම සඳහන් කළ යුතුයි. මෙය ගුප්ත ශාස්ත්‍රයක් නොවේ. මෙය නුතන මනෝ විද්‍යාව මානසික රෝග හා ඒ හා සමාන වූ මානසික අවපිඩන දුරු කිරීම සඳහා යොදාගන්නා විද්‍යාත්මක ක්‍රමවේදයක්. එය අතිශයින්ම විද්‍යානුකූල කාරනාවක් මත පදනම්ව සිදුකරන කාර්‍යයක්.සැබවින්ම මෙය මානසික ප්‍රතිකාර ක්‍රමයක්.

 

මෝහන විද්‍යාවට එබඳු විද්‍යාත්මක ඉතිහාසයක් පවතිනවා ද?

නියත ලෙසම බටහිර වෛද්‍ය විද්‍යාව තුල පමණක්ම නොවේ, පෙරදිග රටවලත් මෝහන ප්‍රතිකාරය සම්බන්ධව දිගු ඉතිහාසයක් පවතිනවා. බටහිර මනෝ වෛද්‍ය විද්‍යාවට අනුව 17 සහ 18 වැනි ශතවර්ෂවල ඇන්ටන් මෙස්රේ මනෝ වෛද්‍යවරයා විසිනුයි පළමු වරට මානසික රෝගීන් සුවපත් කිරීම සඳහා මෝහන ප්‍රතිකාරය යොදා ගත හැකි බව සොයා ගනු ලබන්නේ. බටහිර වෛද්‍යවරුන් 18වෙනි ශතවර්ෂයෙහි මෙම ප්‍රතිකාරය සොයාගනු ලැබුවද පෙරදිග පුරාණ සෘෂිවරුන් විසින් බිහි කළ ආයුර්වේදය හා හෙළ වෙදකම තුල මෝහන ප්‍රතිකාරය අනාදිමත් කාලයක සිට ම ප්‍රතිකාර ක්‍රමයක් ලෙස යොදාගෙන තිබේ.

 

මෝහන නිද්‍රාව ලෙසින් අදහස්වන්නේ කුමක් ද?

ඕනෑම පුද්ගලයෙකුගේ සිත කොටස් 2කින් යුක්තයි. උඩු සිත සහ යටි සිත වන එය යළිත් කොටස් 3කට බෙදෙයි.

1) ID – උඩු සිත

2) Ego – යටි සිත

3) Super Ego – යටි සිත

මෙයින් අප එදිනෙදා සිදු කරනු ලබන ක්‍රියාවන් පිළිබඳ කෙටි මතකය තැන්පත් වන්නේ ID හෙවත් උඩු සිත තුලයි. යටි සිතත් Ego සහ Super Ego ලෙස වෙන්වෙන කොටස් දෙකෙන් යන කොටස තුල යම් මතකයක් ගැඹුරින් තැන්පත් වන අතර එය කාලයක් සමඟ සමපාතව අමතක වී යා හැකිය. ඔබ පාඩම් කරනු ලබන දැනුම යාවත්කාලීන නොකළ විට අමතක වී යන්නෙත්, එය යළි කෙටි මතක් කිරීමකින් මතකයට නංවාගත හැකි වන්නේත් එය Ego තුල තැන්පත් වී ඇති බැවිනුයි. එහෙත් Super Ego තත්වය ඊට වෙනස්. මෝහන නිද්‍රාවෙන් සිදුකරනු ලබන්නේ මොළයේ Super Ego කොටස අවධි කිරීමයි.

 

එය තවත් පැහැදිලි කරනවා නම් Super Ego තුල තැන්පත් වන්නේ මනසට අතිශයින්ම බලපෑම් ඇති කරනු ලබන සිදුවීමක්. ඇතැම් විට මෙය ඉතා සුළු සිදුවීමක් විය හැකියි. එහෙත් ඔබේ මනස එය භාරගෙන ඇති ස්වභාවය අනුව එය ඔබේ සිතට දැඩි බලපෑම් ඇති කළ හැකිය. මෙසේ වූ විට ඔබ මුහුණපාන තත්වයෙන් මිදීමට මෝහන ප්‍රතිකාරය අවශ්‍ය වෙයි.

 

මෙබඳු දේ සමනය කල හැක්කේ මෝහනයෙන්ම පමණ ද?

මුලින්ම සංයම අභ්‍යාසයන් හා වෙනත් මනෝ ප්‍රතිකාරයන් සිදු කර, එයින් සුවයක් නොලැබුණු විටයි මෝහන ප්‍රතිකාරයට යොමු කරනු ලබන්නේ. එබැවින් කිසිඳු ප්‍රතිකාරයකින් සුව කළ නොහැකි දේ මෝහන ප්‍රතිකාරයෙන් සුව කරන අවස්ථා පවතියි. එබැවිනුයි මෝහන ප්‍රතිකාරය විශ්මිත මනෝ ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ.

බස්නාහිර පළාත් මෝහන විද්‍යවේදීන්ගේ සංගමයේ සභාපති
මනෝ වෛද්‍ය
ගුණසේකර මුදලිගේ

 

මෝහන ප්‍රතිකාරයේ විශ්මය

ලේසියෙන් පහසුවෙන් ස්ට්‍රෝබෙරි වලින් රසවත් කෑම බීම හදමු

ස්ට්‍රෝබෙරි කියන්නේ මිලෙන් තරමක් වැඩි උනත් අපි කව්රුත් කෑමට ප්‍රිය කරන පළතුරක්. ඉතින් අද අපි ඔයාලට කියල දෙන්නේ ස්ට්‍රෝබෙරි වලින් පහසුවෙන් හදන්න පුළුවන් රසවත්...

නිළියක් වගේ ලස්සන වෙන්න හාල් සෝදන වතුරෙන් කරන ඉන්දියානු රහස් බෙහෙත් වට්ටෝරුවක්

ඉන්දියානු කාන්තාවන් ලස්සන වෙන්න බොහෝ ඖෂධ වට්ටෝරු භාවිතා කරනවා. මෙහි විශේෂත්වය වන්නේ ස්වභාවික ඖෂධ ද්‍රව්‍ය භාවිතා කිරීමයි. ඔබත් නිළියක් වගේ ලස්සන වෙන්න නම් මේ...

නිවාඩුවට හුන්නස්ගිරිය නගිමු

මහනුවර සිට කටුගස්තොට හරහා වත්තේගම උප නගරයට පැමිණ ඇල්කඩුව මාර්ගය දිගේ යන විට හුන්නස්ගිරිය වත්ත හමුවෙනවා. මේ හුන්නස්ගිරි වත්ත මුදුන තමයි හුන්න්සගිරි කඳු මුදුන...

සදකඩ පහණක කැටයම් ඔපලා

සදකඩ පහණක කැටයම් ඔපලා කියන කියන මෙම ගීතය ගොඩක් අය අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... ඉතින් කියවලාම බලන්නකෝ මේ ගීතයේ...

ඇයි ලිංගික හර්පිස් රෝගය නිට්ටාවට සුව කල නොහැකි

අපි සමාජය තුල බහුලවම දකින තවත් රෝග තත්වයක් තමයි හර්පිස් ( Genital herpes ) කියන්නේ, නැත්නම් Herpes simplex කියන රෝග තත්වය. ලිංගික හර්පිස් කියලා...

අක්කා නගා එකම දවසේ මංගල ගමන් යයි

ජනප්‍රිය ගායන ශිල්පිණී උපේඛා නිර්මාණි යුග දිවියට එළඹෙයි.වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන තිලිණ අකලංග සමගයි.මෙහි විශේෂත්වය නම් විවාහ දෙලාල් එකම දිනයේ සිදුවීමයි.ඒ උපෙඛාගේ වැඩිමල් සොයුරියයි. මෙහි...

Footwear & Leather Fair

පෙබරවාරි 2-4 දක්වා BMICH හිදී ජාත්‍යන්තර පාවහන් හා සම භාණ්ඩ ප්‍රදර්ශනය පැවැත්වේ. උසස් තත්වයේ භාණ්ඩ පහසු මිලට ලබා ගැනීමට මෙහිදී හැකියාව පවතී.

හැමදාම තරුණ බව තියාගන්න නම්

අවුරුදු 30 වෙනකොට තමයි අපිට දැනෙන්න පටන් ගන්නේ අපිත් දැන් වැඩිහිටියෝ වෙලා කියල. පිස්සු නට නටා අම්මගෙන් බැනුම් අහ අහා හිටපු කාලේ ඉවරයි කියලා...