දෙහි යුෂ ආහාර වලට එක් කිරීමෙන් රසය වගේම පානයක් ලෙස සැකසු විට එන රසයත් කාටත් අමතක නොවුණු නැවුම් රසයක්. ඒ නිසාම ආහාර රසවත් කිරීමට ගෘහනියන්ට දෙහි දාන්න නම් අමතක වෙන්නේ නැහැ. නමුත්, ඔබේ ආහාර රසවත් කරන දෙහි ඔබේ නිවසේ අත් උදව්වට ගත හැකි බව ඔබ දැන සිටියා ද? භාජන පිරිසිදු කරගන්න. මුළුතැන්ගෙයි අවට පරිසරය පිරිසිදු කරන්නත් දෙහි වලින් ලැබෙන ප්‍රයෝජන බොහොමයි.

 

කුණු බැහැර කරන භාජනය පිරිසිදු කිරීම

දෙහි කැබලි කිහිපයක් කපා කුණු බඳුනෙහි දැමු විට එහි දුගඳ ඉවත් කරගැනීමට ඔබට හැකි වේ.

දෑත් පිරිසිදු කරගැනීමට

උයන පිහන කටයුතු වලදී ලුණු, සුදු ළුණු, බිට් ආදිය කැපූ විට එහි දුගඳත්, පැහැයත් දෑතේ දවස පුරාම පවතී. එම තත්වයන් මඟ හැර ගැනීමට දෙහි යුෂ ස්වල්පයක් අත්ලට ගෙන අතුල්ලා පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.

රිදී භාණ්ඩ වල දීප්තිය ඇති කර ගැනීමට

දෙහි යුෂ ලුණු සමඟ ගෙන ඔබේ රිදී භාණ්ඩයේ මෘදු ලෙස අතුල්ලන්න. මෘදු රෙදි කඩක් ගෙන පසුව එය පහලට පිස දමන්න.

මයික්‍රෝවේව් උඳුන පිරිසිදු කර ගැනීමට

මයික්‍රෝවේව් බඳුනට දෙහි බිංදු කිහිපයක් දමන්න. එය මිනිත්තු හයක් පමණ පිසගන්න. ඉන් පසු මෘදු රෙදි කඩකින් බඳුන පිස දමන්න.

නිවසේ ලී භාණ්ඩ පිරිසිදු කර ගැනීමට

එළවළු කපනය ( cutting board ), රෝලින් පින්ස් ( rolling pins ), බඳුන් ආදී ලින් තනු උපකරණ දෙහි යුෂවලින් පිස දමන්න. එවිට ඒවායේ පැල්ලම් සහ දුගඳ නැති වේ.

 

නාන කාමරයේ පුස් බැඳීම් ඉවත් කිරීමට

නාන කාමරයේ ඇති ටයිල්වල සහ ටයිල් අතර පුස් බැඳීම සාමාන්‍යයෙන් සිදු වන සුලභ කරුණක්. ඒවා ඉවත් කර ගැනීමට සාමාන්‍ය ප්‍රමාණයෙන් දෙහි යුෂ සහ බේකින් සෝඩා ගෙන මිශ්‍ර කරන්න. ඉන් පසු ටයිල් මත හා පුස් බැඳුණු ස්ථාන වල මෙම මිශ්‍රණය දමා අතුල්ලන්න. එය පැය තුනක් පමණ තබා සෝදා හරින්න.

මුළුතැන්ගෙයි දුගඳ වටපිටාව ඉවත් කිරීමට

දෙහි බෑයක් වතුර බඳුනක දමා තැබීමෙන් කුස්සියේ ඇති දුර්ගන්ධය ඉවත් කර ගැනීමට පුළුවන්. විනාඩි 30ක් හෝ 45ක් අතර කාලයක් එය හොඳින් නටවන්න. එවිට දුර්ගන්ධය ඉවත් වේවි.

ඔසුවකට ආහාරයකට වගේම පිරිසිදුවටත් කදිම දෙහි

මහනුවරට ඇඳිරි නීතිය

අද දින (05) මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් මත හෙට (06) පෙ.ව. 6.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන ප්‍රදේශයට ඇඳිරි...

ස්වයං රැකියා සඳහා අදහස් කිහිපයක්

අපි ඉවතලන බොහෝ දේවල් නැවත නැවතත් අපිට පරිහරණය කරන්න පුළුවන්. එය එක් අතකින් කැලි කසළ ප්‍රයෝජනයට ගත හැකි එක් විසඳුමක්. මේ අපි එදිනෙදා පරිහරණය...

අසල් වැසියන් එක්ක මිත්‍රකම් බලාගෙනයි

අපි පවුලක් විදිහට සමාජයට මුහුණ දෙනකොට විවිධ සම්බන්ධතා ගොඩ නගා ගන්න වෙනවා. අපිට මුහුණ දෙන්න වෙන අභියෝග ජය ගත හැකිවන්නේ හැක්කේ ඒ වගේ සමාජ...

ගොනෝරියා රෝගය ලිංගාශ්‍රිත රෝගයක් ද

පසුගිය ලිපියෙන් ලිංගික රෝග ඇතිවෙන්නේ කොහොමද කියලා අපි ඔබව දැනුවත් කළා. මෙම ලිපියෙන් අපි අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වන්නේ ලිංගික සම්බන්ධයක් නිසා නැත්නම්...

කණ්ණාඩි දාන අයට විශේෂයි

කණ්ණාඩි කියන්නේ අවශ්‍යතවයන්ටත් වඩා ෆැෂන් එකක් විදිහට පාවිච්චි කරන දෙයක් වෙලා.කණ්ණාඩි පාවිච්චි කරන යුවතියන් මේකප් කරනකොට දෙවරක් හිතන්න ඕනි.විශේෂයෙන් ඝනකම් රාමුවක් සහිත කණ්ණාඩි පැළදිමේදී...

සුමිත්‍රයෝ ඔබ ලගින්ම සිටින විශ්වාසවන්තම මිතුරා

සුමිත්‍රයෝ අරම්භය ජෝන් ද මෙල් නැමැති කාන්තාව විසින් 1974දි සිදුවිය.  එදා සිට අද දක්වාම වර්ෂයේ දින 365 දීම (පෝය ඇතුළු සියළු නිවාඩු දිනයන් ඇතුළුව)...

උයන පිහන මේ රහස් ටික දන්නවනම් ඔයාටත් පුළුවන් හොඳම ගෘහණිය වෙන්න

ඔබට ඔබේ කෑම වල රසය සහ ගුණය වැඩි කර ගන්න පුලුවන්නම් රසකාරක නොයොදන එක ඔබේ ශරීර සෞඛ්‍යටද ඉතාමත් හිතකරයි. අද අපි ඔබට කියලා දෙන්නේ...

මුහුණු ආවරණයට විරුද්ධව උද්ඝෝෂණය කල ඉරාන ජාතික කාන්තාවට නිදහස

සිය හිස් හා මුහුණු ආවරණය ගලවා කෝටුවක ගැටගසා උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉරාන ජාතික කාන්තාව නිදහස් කර ඇත. ඇය මෙම උද්ඝෝෂණය...

පියයුරු පිළිකා වලක්වන්න කදිම විසදුමක්

කාන්තාවන්ට වැළදෙන රෝග වලින් වඩාත් භයානක රෝගයක් තමයි පියයුරු පිළිකා කියන්නේ. ස්ත්‍රී රුපය ඔප් නංවන්නට හේතු වන සුන්දර පියයුරු යුගල රැක ගන්නට උපකාරී වන...