ජංගම දුරකථනය ( phone) යනු අද වන විට අපට නැතුවම බැරි උපකරණයක් වී හමාරයි. ඒක හරියට ඔබේ හදවත වගෙයි. කෙනෙකුගේ පෞද්ගලිකත්වයට අතිශයින්ම ප්‍රබල සාධකයක් වුත්, අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත් වුත්, ජංගම දුරකථනය ( phone) අස්ථාන ගත වීම තුලින් ඔබට සිදුවන්නේ කියා නිමකළ නොහැකි පාඩුවක්.

 

මන්ද දුරකථන අංක සමුදායක් ද, සමහර විට වැදගත් කෙටි පණිවිඩ, memory card එකක් ඇත්නම් එහි ඇතිඔත් පින්තුර, වීඩියෝ, ගීත, ආදී සියලු දත්ත ඔබට අහිමි වනු ඇත. ඔබේ අතිශය පුද්ගලික දත්ත ද ඔබට අහිමි වී යනු ඇත. ඔබේ අතිශය පෞද්ගලික දත්ත වලින් පිරුණු ජංගම දුරකථනය ( phone) යම් හෙයකින් අස්ථාන ගත වුවහොත් හෝ සොරකම් කරනු ලැබුවහොත් කුමක් කල යුතු දැයි ඔබ දන්නේද?

 

නැවතත් ජංගම දුරකථනයක් ගත හැකි වුවද, නැති වූ දුරකථන අංක ආදිය ලබා ගත නොහැකිය. මිලකළ නොහැකි අත්‍යාවශ්‍ය දත්ත සමඟ දුරකථනය නැති වූ විට කළ යුත්තේ කුමක් දැයි ඔබ දැනගත යුතුමයි.අස්ථාන ගත වූ ජංගම දුරකථන සොයා ගැනීමට ඔබට සහය වීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව TRCSL විශේෂ සේවාවක් ආරම්භ කර තිබේ. ඔබේ ජංගම දුරකථන අස්ථාන ගත වුවහොත් කලබල නොවී පහත උපදෙස් පිළිපැදීමෙන් ඔබට ඔබේ දුරකථනය නැවත සොයා ගැනීමට හැකියාව ඇත.

 

පළමුව ඔබ දැනසිටිය යුතු වැදගත්ම කරුණ වන්නේ දුරකතනයට අදාළ එමි ( IMEI ) අංකයයි. ලොව නිපදවන සෑම දුරකථන උපාංගයකම වෙන වෙනම සඳහා IMEI අංකයක් තිබේ. එසේ නොවන ඒවා ව්‍යාජ දුරකථන විය හැකියි.

 

මොකක්ද ඔබේ දුරකතන ( Phone ) අංකයේ IMEI අංකය

ඔබේ දුරකථන අංකයේ IMEI අංකය ලබා ගැනීම සඳහා *#06# යන කේතය ඇතුලත් කරන්න. එවිට ඔබේ දුරකථනයේ IMEI අංකය දිස්වෙනු ඇත.මෙම අංක පහසුවෙන් සොයා ගත හැකි තැනක ලියා තබා ගන්න. නැතිනම් පරිඝනකයේ හෝ අන්තර්ජාල ගිණුමක save කරන්න.

 

ඔබේ ජංගම දුරකථනය හදිස්සියේ අස්ථානගත වුයේ නම් ඔබ එහි ඇති IMEI අංකය නොදැන සිටීමටද ඉඩකඩ ඇත. එවැනි අවස්ථා වලදී ඔබේ සිම්පතේ දුරකථන අංකය පරීක්ෂණ කටයුතු සඳහා ලබා දිය හැකිය. ආදාල දුරකථන සමාගම විසින් TRCSL ආයතනයට IMEI අංකය ලබා දෙනු ඇත.

 

ජංගම දුරකථනය ( Phone ) අස්ථාන ගත වී ඇත්නම්

ජංගම දුරකථනය අස්ථාන ගත වී ඇත්නම් පළමුව ඔබේ වට පිටාව තුල හොඳින් විපරම් කර බලන්න. එසේ සොයාගැනීමට නොහැකි ලෙස අස්ථානගත වී ඇත්නම් එය සොරකම් කර ඇති බව ඔබට වැටහේ නම්, එය සොරකම් කර ඇති බවට විශ්වාස නම් ඔබ පළමුව කල යුත්තේ ඔබේ ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථානයට ඒ පිලිබඳ දන්වා පැමිණිල්ලක් ගොනු කිරීමයි. එහිදී ඔබේ දුරකථනය මිල දී ගත් රිසිට් පත්, ඔබේ නමට පැමිණි දුරකථන බිල්, දුරකතනයේ IMEI අංකය සහ සිම්පත් දුරකථන අංකය යනාදිය ඉල්ලා පොලිසියට ඉදිරිපත් කිරීමත් වඩාත් හොඳින් පරීක්ෂණ කටයුතු කිරීමට එය සහය වන අතරම එමගින් ජංගම දුරකතනයට ඔබේ ඇති අයිතිය තහවුරු කර ගත හැකිය.

 

එසේම ඔබේ ජංගම දුරකතන අංකය රාජකාරි හා ව්‍යාපාරික මට්ටමෙන් භාවිතා කල එකක් නම් එය අන්සතු වූ විටදී ඔබේ පුද්ගලිකත්වයට සහ ඔබේ ප්‍රතිරූපයට එයින් යම් හානියක් සිදුවිය හැකි නිසා එම අංකය තාවකාලිකව විසන්ධි කරන ලෙසට ඔබේ ජංගම දුරකථන සේවා සැපයුම් සමාගමෙන් ඉල්ලා සිටිය හැකියි. ඒ සඳහා ඔබේ නම සහ හැඳුනුම්පතේ අංකය ඉදිරිපත් කල යුතුය.

 

ඔබ ගොනු කල පොලිස් පැමිණිල්ලේ පිටපතක් ද, ඊට අමතරව අයිතිය තහවුරු කෙරෙන සියලුම ලිඛිත සාක්ෂිද සමඟ ඔබේ පැමිණිල්ල ලිඛිතව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ( TRCSL ) වෙත ඉදිරිපත් කල යුතුය. සතියක් වැනි කාලයක් තුල ඔබට යම් තොරතුරක් ලැබෙනු ඇත.

 

Phone

 

 

 

ඔයාගේ හදවත නැති වුනොත් මොනවා වෙයිද?

සුපර් මාර්කට් මේනියාව ඔබටත් වැළඳිලාද

සුපර් මාර්කට් ( supermarket ) යන නිත්‍ය පාරිභෝගික පිරිස වන්නේ ඉතා සුළු නාගරික පැලැන්තිය විතරයි. අනෙකුත් සාමාන්‍ය පාර්භෝගිකයින් යන්නේ ඉඳල හිටලා පොඩි පාරිභෝගික ආතල් එකක්...

හිසකෙස් යන එක ඔබටත් ගැටළුවක් ද ? එහෙනම් මෙය අත්හදා බලන්න

හිසකෙස් යන එක බොහෝ අයට තියන ගැටළුවක් ඉතින් අපි අද ඔයාල දැනුවත් කරන්න යන්නේ ඒ ගැනයි. කාන්තාවන්ගේ සුන්දර පෙනුම සඳහා කෙස් කලඹ මගින් ලැබෙන පිටිවහල...

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය දිවිමඩලෙන් සමුගනී

කලා කීර්ති සුමිත්‍රා පීරිස් යනු ශ්‍රී ලාංකීය ප්‍රථම කාන්තා චිත්‍රපට නිෂ්පාදිකාව වන අතර ඇය සියලු දෙනා විසින් හඳුන්වනු ලබන්නේ “සිංහල සිනමාවේ කිවිඳිය” ලෙසිනි. ඇය...

ලේසියෙන් පහසුවෙන් ස්ට්‍රෝබෙරි වලින් රසවත් කෑම බීම හදමු

ස්ට්‍රෝබෙරි කියන්නේ මිලෙන් තරමක් වැඩි උනත් අපි කව්රුත් කෑමට ප්‍රිය කරන පළතුරක්. ඉතින් අද අපි ඔයාලට කියල දෙන්නේ ස්ට්‍රෝබෙරි වලින් පහසුවෙන් හදන්න පුළුවන් රසවත්...

Pocket එකට match වෙන්න shopping කරමු

ඇඳුමක් ගන්න සාප්පු ගානේ යන එක හරිම යුද්ධයක්. සේල් සේල් කියල බෝඩ් ගහල තිබ්බට ඒවගේ ගොඩක් වෙලාවට තියෙන්නේ බාල රෙදි වලින් මහපුවා.. එහෙමත් නැත්නම්...

The Sound Of Music

2018 පෙබරවාරි 14 සිට 18 දක්වා නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේදී

මේ මගේ කතාවයි – 02 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

ආසියාවම හොල්ලපු ධම්මික පෙරේරාගේ සුපිරි කාර් එක

ලංකාවේ කෝටිපතියන් අතර පළමු තැන හිමිකරගන්නා ධනවත්ම වෙළඳ ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා සුපිරි කාර් එකක් ලංකාවට ගෙන්නලා තියනවා. එහි වටිනාකම රුපියල් මිලියන 160ක්. Bentley...

කෙල්ලෝ කොටට අඳින එකට ඇයි මේ කලබලේ

ඉස්සර කාලේ.. ඒ කියන්නේ 1970 දශකයේ කෙල්ලන්ගේ ( Girl ) මෝස්තරය වුනේ මිනි ගවුම්, මිනි ස්කර්ට්. එහෙම ඇඳපු අම්මලත් ඒකට අවුලක් තිබ්බේ නැති තාත්තලත්...