කෙල්ලෝ ( Pretty Girls )ජාති .. මිහිබට සුරඟනන් බඳුය. කොයි ලෝකෙන් පාත් වූවාදැයි කිසිවෙකු නොදනී. කෙල්ලෝ ගොඩක් නම් මහ වැස්සක් යැයි කොල්ලෝ කියති. කෙල්ලෝ කීප දෙනෙක් නම් පොද වැස්සක් යැයි කියති. කෙල්ලෝ පාරේ යනවිට සමනල්ලු පියාඹනවා වගේය. (කෙල්ලන් එහෙම හිතන් ඉන්නවා කියන එක වෙනම සීන් එකකි.)

 

කෙල්ලෝ ( Pretty Girls ) ජාති කීපයක්ම ඇත. කොල්ලන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ ජීවින් කොටසකි

කෙල්ලන් ගැන කීම ලේසි නැත. වර්ග කිරීමද ලේසි නැත. කෙල්ලෝ ජාතියක් සිටී. උන්ගේ එකම අභිලාෂය සුදු වීමය. එක රැයින් සුදු වීමට හැකි නම් උන් ඕනම දෙයක් කරති. Facewash, Whitening Cream සමාගම් දිනෙන් දින දියුණු වන්නේ මොවුන් නිසාය. සුදු විය හැකි සියළුම දේවල් මොවුන් අත් හදා බලා ඇත. සමහර එවුන් මේ සියල්ල අත් හදා බැලීමෙන් පසු සුදු වී සිටින අයුරු දුටු විට කන්ත්තක් ළඟ රෑට සිටියොත් බය වෙන එක සාධාරණය.

 

අනික් ජාතිය සිතන් සිටින්නේ මේ ලෝකේ ඉන්න එකම කෙල්ල එයා කියාය. එබැවින් පාරේ යන එන කොල්ලන් සියල්ලෝම තමන් දෙස බලා සිටිනවා වැනි හැඟීමකින් පාරේ ඇවිද යයි. අඳුනා ගැනීම පහසුය. පපුවක් නැතත් පපුව ඉස්සරහට දමා ඇවිද යයි. පස්සක් නැතත් රබර් පස්සක් හෝ දමාගෙන පස්ස පස්සටම දික් කරගෙන යයි. උල් සපත්තු දමා කොට සායක් හෝ ෆිට් ඩෙනිමක් ඇඳ පොළවට අඟල් දෙක තුනක් උඩින් යාම මොවුන්ගේ සහජ හැකියාවකි.

 

තවත් කෙල්ලන් ( Pretty girls ) ජාති

තව ජාතියක් සිටී. උන් හිතන් ඉන්නේ කතා කරන හැම කොල්ලම උන් එක්ක යාළු වෙන්න කසාද බඳින්න ඕනේවට කතා කරනවා කියාය. කොල්ලන්ට වඩා කෙල්ලන් ඉන්න ලෝකේ එක කොල්ලෙකුට කෙල්ලන් දෙකක් තුනක් සිටිය හැකි බව උන් දන්නේ නැත.

 

අනික් ජාතිය අමුතුම ජාතියකි. උන් කියන්නේ “කවුද කොල්ලෝ ගණන් ගන්නේ…?” කියාය. නමුත් උන් තරම් කොල්ලෝ ගණන් ගන්න ජාතියක් තවත් නැත. කොල්ලෙක් යාළු වෙන්න අහන කල් මග බලන් ඉන්නා පිරිසකි. අවාසනාවකට මේ ජාතියේ උන්ගෙන් කොල්ලෙක් ලේසියකට යාළුවෙන්න අහන්නේ නැත. ඇහුවත් ඒ ප්‍රේම පුරාණය වැඩිකල් පවතින්නේ නැත. මේ ජාතිය ඇතැම් විට ආපු විදියටම යන ගණයට වැටේ. අනික් කෙල්ලන් ගැන මොවුන්ගේ ඉරිසියාවද උපරිමය. කෙල්ලන් මොකක් කළත් “අනේ උන්ගේ දහංගලේ අපිට නෑනේ. අපි කොහොමත් ලැජ්ජා බයට හැදුණු අයනේ…” යැයි වාක්‍ය කියති. ලැජ්ජාව ඇතැම් විට ඔප්පු කරද පෙන්වති.

 

තව කෙල්ලන් ජාතියක් ඇත. උන් නොදන්නා මඟුලක් නැත. මේ ජාතියේම කොල්ලෙක් සෙට් වුණොත් මරුය. ඩබලට තම තමන්ගේ දැනුම විදහා පාමින් සුවසේ කල් ගෙවිය හැක.

 

තව කෙල්ලන් ජාතියක් ඇත. දත් ගැලවීමට මොවුන් තරම් හපනියන් තවත් නැත. “අනේ…අයියේ… මල්ලී ඔයා හරී හොඳයි අනේ…ඔයා අනික් අය වගේ නෙමෙයි. මාර හොඳ කොල්ලෙක්….” කියන වාක්‍යයට අහුවන කොල්ලන්ට දෙයියන්ගෙන් පිහිට ඉල්ලා වැඩක් නැත.

 

අනික් ජාතියට අනුව උන්ගේ කොල්ලා මෙලොව ඉන්නා එකම කොල්ලාය. CID, FBI එක මෙයාලට දෙවෙනි වෙයි. කොල්ලන්ගේ අනික් සියළුම කාන්තා සබඳතා මොවුන් සමඟ ලව් කරන විට නැවැත්වීමට සිදුවේ. අම්මා වුවද කරන්න දෙයක් නැත. කෙල්ලගේ අණට යටත් විය යුතුය. මොවුන් දෙස බලන කෙල්ලන්ටද අනික් කෙල්ලන් දෙස බලන මොවුන්ටද තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටද නැත.

 

පොෂ් නැතත් එසේ බව පෙන්වන අමුම අමු මැටිසන් ජාතියක්ද සිටී. උපන් ගෙයි මැට්ටියන් මොවුන්‍ වේ. So, But, අනී, මෙයා, තෑන්ක්ස් අයියූ වැනි චර්චිල් වචන සෙට් එක පාරිභාෂික වචන මාලාවේ අනිවාර්යයෙන් ඇත. තවත් අමුතුම ජාතියේ වචන උච්ඡාරණයක් මොවුන් සතුව ඇත. අනුගමනය කරන්න යාම දිව උළුක් වෙන සීන් එකකි.

 

තව කෙල්ලෝ ( Pretty Girls )ජාතියක් සිටී. උන්ව හඳුන්වන්නේ

මෙලෝ රහක් නැති කෙල්ලන් හැටියටය. ඒ වුණාට මුන් තරම් ෆන් පිරිසක් ලොවෙත් නැත. සුදු වීම, මේකප් කිරීම, ලව් කිරීම වැනි දේවල් ඔවුන්ගේ විෂය පතයෙන් පරිභාහිර දේවල් වේ. පිස්සු නැටීම, නසරානි වැඩ වලට සෙට් වීම , රස්තියාදු ගැසීම, කොල්ලන් සමඟ කෙල්ලන් බයිට් කිරීම, වලි වලට සෙට් වීම, පින් අතේ වැඩ කිරීම වැනි එකි මෙකි නොකී හැම එහෙකටම සෙට් වෙන පිරිසකි.

 

ඕනම දේකට නැඟී සිටින පිරිසක් වුවද උදේට නැඟිටීම තරම් අසීරු වැඩක් උන්ට නැත. තවත් වර්ග රැසකි. ඔවුන් මේ හැම එහෙකම එකතුවකි. කෙසේ වුවද කෙල්ලන් යනු හිමෙන් වැසුණු සීතල ගිණි කඳුය. පුපුරා නොයන තාක් කාලයක් අතිශය සුන්දරය. පිපිරුණු විට සුන්දරත්වය අතිශය භයංකරය. පිපිරුණු පසු ජීවිතාරක්ෂාව සළසා ගැනීම යහපති. බේරුමක් නම් නැත.

 

pretty girls

 

2018.05.03
|\|@|)€€$|-|@|\|¡

නදීශානි බණ්ඩාර

කෙල්ලන් යනු මිහිබට සුරඟනන් බඳු ජීවින් කොටසකි

සිහිල් සුළං රැල්ලේ ගීතයේ ඇත්තම තේරුම මෙන්න

සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ.. ආදරයේ මද සිනිදු පහස ලැබ හදවත දළු සෙලැවේ .... සුදු වැළිකතරේ පිපුණ මල වගේ ලොව්තුරු රස ගංගා ඔබේ ආදරේ...

A new fashion and lifestyle exhibition

5 April - 6 April 5 April at 10:00 to 6 April at 20:00 Cinnamon Lakeside Colombo 115, Sir Chittampalam A.Gardiner Mawatha, Colombo 2, 00200 Colombo, Sri Lanka

ගමේ පදමට අඹ ව්‍යංජනයක් හදමු

අඹ ව්‍යංජනය කියන කොටම කටට කෙල උනනවා නේද? එහෙම එකේ වැඩි කතා මොකට ද ? අපි රසම රසට ගමේ පදමට අඹ ව්‍යංජනයක් හදමුකෝ. මේ සඳහා...

චාරිකා – 03 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

මේ මගේ කතාවයි – 01 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

සිවිල් නීතිය ගැන දන්නවද

අපි සමාජයේ ජිවත් වෙනකොට නීතිය ගැන සාමාන්‍ය දැනීමක් හෝ තිබීම අත්‍යවශය කාරණාවක්. නීතිය, සිවිල් නීතිය, අපරාධ නීතිය ලෙස කොටස් දෙකකින් යුක්ත වෙනවා.  අපි අද ලිපි...

ගැබ් ගැනීම් ගැන ඔබ දැනුවත්ද

අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා තමන්ගේ සතුට අහිමි කර ගන්නේ නැතුව සතුට උපරිම ලෙස විඳ ගන්නේ කෙසේද? අප රටේ පවතින සංස්කෘතිය අනුව සමාජයේ දැනුම,ආකල්ප හා හැසිරීම්...

සා /පෙළ සහ උ/පෙළ අවසන් වූ ඔබටත් වෘත්තීය පුහුණු අවස්ථා

මේ දිනවල පාසල් යන දු දරුවන් අ.පො.ස ස/පෙළ වගේම අ.පො.ස උ/පෙළ ප්‍රතිපල නිකුත් වී විවේකිව කාලය ගත කරන අතරතුර මේ විවේකි කාලය කෙසේද ඔවුන්ගේ...