Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික ක්‍රියාකාරීන් ඇති වන්නේ ඇයි – 2 කොටස

සම්භාහන ආයතන වල ගැහැණු ළමයින් ඉන්නේ වෙනත් හේතු සාධක නිසාය. ඔවුන්ගෙන් බොහෝ අය ගම්බද සිංහල හෝ දෙමළ පවුල් වලට අයත් අය වේ. කවදාවත් මේ පවුල් ජීවිතයේදී ඔවුනට ආගමික පදනමක් තිබී නොමැති බව පෙනේ. ඔවුනට සම්භාහන ආයතන වලට එක්වීමට සිදු වන්නේ ජිවන කරදර නිසාවෙනි. එක්කෝ රස්සාව නැතිවීම, නැත්නම් ගබ්සාවක් හෝ වෙනත් එවන් උග්‍ර ප්‍රශ්නයකින් පසු මෙවැනි ස්ථාන වලට ඔවුහු නිකම්ම වැටෙති. 86% කාන්තාවන්ට මෙතැනට මඟ පෙන්වන්නේ මිතුරියන්ය. 10% කට මඟදී හමුවන කාන්තාවන්ය. ඉතිරි 4% තමන් සොයා දැනගෙන එන අය වේ.

හදිස්සියේ තරුණියක් ගැබ් ගනියි. පෙම්වතා ගබ්සා කිරීමට ඇයට යෝජනා කරයි. ගබ්සා කිරීමෙන් පසුව ඔහු ඇයව රැකියාවකට කියා ගෙනවිත් භාර දෙන්නේ මෙවැනි ස්ථානයකටයි. තමාට සිද්ධ වූ දෙයට කම්පා වන ගැහැණිය කෙසේ හෝ රක්ෂාවක් ලබාගෙන ගෙදරින් ඈත් වීමට සිතයි. ඒ නිසා අනුන්ගේ ඇඟ පිරිමැදීම වැනි මේ රස්සාවට කැමති වෙයි. තරුණයා ඉන්පසුව ඇයව අත හරියි. ඇයට රක්ෂාවේ දිගටම සිටිනවා ඇරෙන්නට වෙන කළ හැකි දෙයක් නොමැත. සමහරු යෙහෙළියක් මේ සම්බාහන මධ්‍යස්ථානයක් ගැන කි විට එහි යෑමට කැමති වෙයි. විශේෂයෙන්ම නුපුහුණු ශ්‍රමය ඇති කාන්තාවන්ට මෙතරම් ලේසියෙන් ලබාගත හැකි වෙනත් රක්ෂාවක් නැහැ. රක්ෂාවට ඇවිත් තමන්ට ලබාගත හැකි වාසි ගැන දැනගත් විට ඔවුහු මෙයට කැමති වෙති. හොඳින් ඇඟ පිරිමද්දොත්, පොඩ්ඩක් ලිංගික වාසි ලබා දුන්නොත් තමන්ට හොඳ ආදායමක් ලබා ගත හැක.

මේ කාන්තාව ගැන සිතන්න. ඇගේ වයස අවුරුදු 22යි. ඇය ප්‍රධාන ආචාර්යවරයකුගේ සහ ගුරුවරියකගේ දියණියක්. ඇය අ.පො.ස. උ/පෙළ දක්වා ඉගෙන ගනී. මේ කාලයේදී ඇයට තරුණ පෙම්වතා මුණගැසේ. අම්මාත් තාත්තාත් ගුරුවරු වුවත්, ඇගේ සමාජානුයෝජනය ගැන උනන්දු වූ බවක් නොපෙනේ. ඇය ආශ්‍රය කරන අය, කියවන පොත පත, යන එන තැන්, හිතන පතන විදිහ ගැන දැනගන්නට අම්මා කවදාවත් උත්සහ කළේ නැත. ඇගේ වටිනාකම් හැඩගැසෙන්නට දෙමවුපියන් කිසි විටෙකත් උනන්දු වුයේ නැහැ. මේ නිසාම තරුණයා සමඟ පැනගිය ඇය ගබ්ගනියි. තරුණයා ඇය රැගෙන ගොස් ගබ්සා කරන්නේය. ඉන්පසුව ඔහු ඇයට රක්ෂාව කිරීමට යෝජනා කරන්නේ සම්බාහන ආයතනයක. එය කොයිවිදිහේ තැනක්ද ඇය නොදත්තේය. ඇය වැඩ කරන්නට යවා කීප දිනකට පසු ඔහු නැවත පැමිණෙන්නේ නැහැ. ඉන් පසුව ඇයට ඔහු සොයා ගැනීමටද පවා අපහසු විය. ඇය මෙම රස්සාව කරගෙන යන්නේය. දැන් ඇය සම්බාහන ආයතනයේම ජිවත් වන්නියකි. ” මට වෙන කරන්න දෙයක් නැහැ, මං සම්බාහන වැඩ කරලා සල්ලි හොයා ගන්නවා. මං ලඟට නිතරම එන තරුණයෝ හතරදෙනෙක් ඉන්නවා. ඒ අය මට සල්ලි දෙනවා. මං මෙතනින් පිට යන්නේ කලාතුරකින්. එහෙම යන්නේ එයින් එක් අයෙකු කතා කලොත් විතරයි. එතකොට මට හොඳ ආදායමක් ලැබෙනවා “

අවුරුදු 32ක් වන කාන්තාවකට සම්බාහන ආයතනයක් පෙන්වුයේ ඇගේ මිතුරිය විසිනි. ඇය කොළඹ නගරයේම කෙනෙකි. ඇගේ ස්වාමිපුරුෂයා තදින්ම මත්පැන් වලට ඇබ්බැහි වී ඇයට මහත් සේ හිරිහැර කරන්නේය. මේ අවස්ථාවේ තමයි ඇයගේ මිතුරිය විසින් ඇයව සම්බාහනය ආයතනයට රැගෙන එන්නේ. මෙතනට පැමිණි පසුව ඇය මසාජ් කිරීමට අමතරව එතන කැෂියර් විහිහටද සේවය කරයි.

 

ඉතිරි කොටස මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න…

උපුටා ගැනීමකි

Popular Articles