සිහිල් සුළං රැල්ලේ

ඔබේ සුවඳ මුසුවේ..

ආදරයේ මද සිනිදු පහස ලැබ

හදවත දළු සෙලැවේ ….

සුදු වැළිකතරේ

පිපුණ මල වගේ ලොව්තුරු රස ගංගා

ඔබේ ආදරේ වරුසා වැහැලා

කතර දෙව් ලොවක් වේ ….

සීත හිමව්වේ කඳු ගැට අතරේ

සෙනෙහස දිය දහරා

ඈත හිමේ කඳු අතරේ පාවෙන

අමා සුවය පැතුවේ ….

 

ගීතයක් ඇසීමත් ගීතයක් විඳීමත් එකක් නොව දෙකකි. ඇතැම් ගීත ඇසෙනවා විනා දැනෙන්නේ නැත. එහෙත් ඇතැම් ගීත ඇසෙනවිට එය ඇසෙනවාටාත් වඩා විඳීමක හැඩයක් සිතට ගෙනඒ.. මේ විඳීම තම තම අත්දැකීම් හා චින්තනයන්ට අනුව විඳවීමකට වුවද හරවාගත හැකිය. විඳවා ගැනිම යනු රිදවාගැනීමම නොවේ. දෙයක් විඳිමි ඒ තුල ජීවත් වීමම විඳවීමකි. ඒ මොන ආකාරයෙන් වුවද ඒවා ඉතාමත් ප්‍රබල ලෙස සිත තුල සටහන් වේ. සේන වීරසේකරයන් ලියා වික්ටර් රත්නායකයන් ගැයූ මේ ගීතයද ඇසෙනවිට සිතට දැනෙන්නේ පෙර කී ලෙස විඳීමක හෝ විඳවීමක සහාවයකි ..

 

 

සිහිල් සුළං රැල්ලේ

ඔබේ සුවඳ මුසුවේ..

ආදරයේ මද සිනිදු පහස ලැබ

හදවත දළු සෙලැවේ ….

 

සුළඟක් නොමැතිවිට සුවඳක පැතිරීමක් නොමැත. එය සියළි සුළඟක් හෝ සැඩ සුළඟක් ලෙස නාම විෂේශයනයවූ විටක එහි සුන්දරත්වයක් නැත. එහෙත් මෙතැන හමන්නේ සිසිල් සුළඟකි. සිසිල් සුළඟ සිතටත් ගතටත් මිහිරිය, ,සුවදායකය,ආදරණීයය.. ඒ සුළඟ හා එතී එන්නේ” ඔබේ සුවඳයි” . ඔබ යනු තම සිත බැඳි ආදරවන්තිය ලෙසට අර්ථගැන්විය හැක . ඒ මේ පද පිරිමි ස්වරයකින් ගැයෙනා නිසාය.තම ආදරණීය සමීපතමයෙකුගේ ගත සුවඳක් සිසිල් සුළඟක දැවටී හමා එන කල සිත සුවපත් වන අයුරු ඔබට අමුතුවෙන් පහදා දිය යුතු නොවේ.

 

මෙසේ දැනෙනා සුවඳ රැඳි සුළඟින් සෙලවෙනුයේ හදවත දළුය.ඒ ආදරයක මද සිනිඳු පහසක් දැනීමෙන්‍ ය. “දළු” යනුවෙන් යෙදීමෙන් රචකයා මේ ගීතයෙහි අපට දැනෙනා මිහිර ත්‍රීවුර කරවයි . ගසක කොලයකට වඩා දළුවක මිහිරියාවක් ඇත . දළුව ලපටිය,සෞම්‍යය, ලාමකය.ඇයගේ සුවඳ රැඳි සුළඟ වැඳීමෙන් සෙලවනුයේ හදවත දළුය. මෙතැන ආදරයක පහසක් දැනෙනුයේ යන්තමින් මුදු ලෙසටය. එයින් හැඟවෙන්නේ ඔහුගේ සිතෙහි ඈ කෙරේ ඇතිවී තිබෙන, සුන්දර නැවුම් හැඟුමන් පිළිබඳ කතාවකි.

 

සුදු වැළිකතරේ

පිපුණ මල වගේ ලොව්තුරු රස ගංගා

ඔබේ ආදරේ වරුසා වැහැලා

කතර දෙව් ලොවක් වේ ….

 

වැලි කතරක් යනු ගස් වැල නොමැති වියළි බිමකි . එහි ඇත්තේ කර්කෂ ස්වභාවයකි. ඒ භෞතික ලෙස ගත් කලය. නමුත් මේ කතරේ වුවද යම් ලෙසකින් මලක් පිපුන හොත් එය එකී කතරක වෙසෙන්නෙකුගේ මනසට මහත් අස්වැසිල්ලක් ගෙනදීමට කරුණකි. මෙතැන කියවෙනාවූ තරුණයාද එලෙස කටුක දිවියක් ගෙවන්නෙකි. ඔහු හට ඇයගේ මේ සෙනෙහස කතරක පිපුණ මලක් සේ දැනෙයි . ආදරයේ වරුසාව නිසා වැළි කතරද දෙව් ලොවක් වී පෙනෙයි…

 

 

සීත හිමව්වේ කඳු ගැට අතරේ

සෙනෙහස දිය දහරා

ඈත හිමේ කඳු අතරේ පාවෙන

අමා සුවය පැතුවේ ….

 

මේ කොටසේ ඇත්තේ මුල් ස්ථායී කොටසට වඩා වෙනස් පරිසරයකි. මේ කොටස අසද්දී සීත හිමව්වක කඳු ගැට අතරින් ගලනා දිය පහරක් මනසට චිත්‍රණය වෙයි . ඔහු සිතින් ඇයගේ සෙනෙහස විඳගනිද්දී ඔහුට පෙනෙනුයේ ලස්සන ලෝකයකි. සියල්ල සොබා දහමට සමීපවී ඇති සැටියකි. මෙතැන අමා සුවය යනු ” මිහිරි සුවය ” යන අරුත ගෙන දෙයි . සිතට හැඟෙනාවූ හැඟීම සොබා දහමින් ඔතා රචකයා ගෞරවයෙන් අප දෝතෙහි තබයි.

 

මුලදී සඳහන් කලාක් මෙන් ගීතයක් ඇසීමේ සහ ගීතයක් විඳීමේ වෙනස නම් මෙයයි. කොතෙක් ඇසුවත් එපා නොවන අතලොස්සක් වූ ගීත අතරින් මෙය එක් ගීතයකි. ඔබ මේ ගීතය අසද්දී පියවි ලොවෙන් මිදී මනසින් සුන්දර පරිසරයකට පියඹායනවා නොවේදැයි ඔබේ සිතින්ම විමසා බලන්න… .

 

© ජගත් ප්‍රසන්න කුරුගම

සිහිල් සුළං රැල්ලේ ගීතයේ ඇත්තම තේරුම මෙන්න

චාරිකා – 11 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

විශේෂිත නිවුන් දරු උපතක්

ඉතාම විරල සිදුවීමක් වන නිවුන් දරු උපතක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. මාදුරු ඔය ජාතික වන උද්‍යානයේ සැරිසැරූ ඇතින්නක් විසින් නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු බිහිකර...

ගැහැණුන්ගේ ගෞරවය ගැහැණු විසින්වත් රැක දෙනවද?

අද ඇත්තේ එදා තිබු ඒකාකාරී සමාජය නොවේ. මුදල් පසුපස දුවන අඩියෙන් අඩියට ඉහලට යන්නට මාන බලන මිනිසුන් සිටින සමාජයකි. මනුෂ්‍යාට පමණක් නොව සතා සිවුපාවන්ට...

ලෝකයේ trend වූ හොඳම විලාසිතා 10 ක්- 2022

1.Crochet Set 2.Hoodies Under Blazers 3.Women’s Oversized Bomber Jackets 4.Cropped Cardigans 5.Casual Trench 6.Boiler Suits 7.The Leather Jacket 8.Power Bohemian Florals 9.Puff Sleeves 10.Color Clashing උපුටා ගැනීම : www.thevou.com

විකෘති කරන ලද මුදල් නෝට්ටු වෙනුට නව මුදල් නෝට්ටු ලබාදීම මාර්තු 31 වනදායින් අවසන් වේ

විකෘති කරන ලද මුදල් නෝට්ටු ව්‍යාජ  බැංකු වෙත භාරදී ඒ වෙනුවට මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා දී තිබූ කාලය මාර්තු 31 වනදායින් අවසන් වන බව...

අමුතු මැක්ගේ අමුතු සටන

උපන්දින සඳහා තනන ඉටිපන්දම් බෝම්බ බවටත්, කඩදාසි රැඳවුම් කටු පිස්තෝල බවටත් , ගම් වර්ග තුවක්කු සඳහාත් පරිවර්තනය කොට ලෝකයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින අසාමාන්‍ය...

දරුවා බොරු කියනවනම් මොකද කරන්නේ

දරුවන් ( Kids ) බොරු කියන්නේ දරුවන්ට කතා කරන්න තේරෙන දා සිට. මව්කුස පිළිසිඳ ගත මොහොතේ සිට තම අවශ්‍යතා සපුරා ගැනීමට සෑම දරුවෙක්ම විවිධ ප්‍රතිචාර...

මේ මගේ කතාවයි – 10 කොටස ( අවසාන කොටස )

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

සම්බාහනයෙන් ඔබත් ඔබේ රුව රැකගන්න

අපේ බොහෝ කාන්තාවන් (women) ගැහැණු ළමයින් (girls) කැමතියි පවතින රූපය තව තවත් ලස්සන (beauty) කර ගන්න. ඒ නිසාම ඔවුන් ඉක්මනින් ලස්සන වෙන්න ගිහින් විහින් අවලක්ෂණ...