රුව ගැන සැලකිලිමත් වෙන බොහෝ දෙනෙකු අවධානය යොමු කරන්නේ බාහිර අලංකරණය පිළිබඳ පමණි. බාහිර රු සපුව වඩාත් සුන්දර කරගත හැක්කේ කායික නිරෝගීබව තුලින් බව බොහෝදෙනෙකු නොසිතන කාරණයකි. බාහිර රූ සපුව සුන්දර කරගැනීමට වඩාත් වැදගත් වන කාරණයක් ලෙස නිසි පරිදි ලබන නින්ද වැදගත් වේ. මේ නිසාම ලස්සනට ඉන්න කැමති ඔයාට සුන්දර රූ සපුවක් ලබන්නට අවශ්‍ය නින්දෙහි වැදගත්කම පිළිබඳවයි අද අපි කතා කරන්න හදන්නේ.

 

රුවට විශේෂයෙන් බලපෑම් ඇති කරන අංගයක් ලෙස නින්ද හදුන්වා දිය හැකිය. නින්ද රුවට මෙන්ම නිරෝගී බවටද වැදගත්වන කාරණක් නිසා ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ ත්‍රිවිධ උපස්තම්භ යනුවෙනි. නින්ද ක්‍රම දෙකකට ඇති වේ. එකක් බුදිමතය. අනික නිදිමතය. බුදිමත යනුවෙන් හඳුන්වන්නේ ආහාර ගැනීම නිසා ඇතිවන මතයයි. නිදිමත යනු මනසේ සැහැල්ලුව සඳහා ඇතිවන මතයයි. රූ සපුවට වැදගත් වන්නේ කායික මානසික සැහැල්ලුව සඳහා ඇතිවන මතයයි.

 

නිදාගන්න ඕනෑ ඇයි ?

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකු කාරය බහුල ලෙස දිවා කාලය ගෙවා දමයි. මෙහිදී අප ශරීරයේ කායික සහ මානසික ජෛව රසායන ක්‍රියාවලි වැඩි වේගයකින් සිදු වේ. මෙසේ වෙහෙසට පත්වන සිරුර නැවත සංසිඳවමින් යථා තත්වයට පත්වන්නේ රාත්‍රී නින්දෙදිය. නින්දේදී ඇතිවන්නේ අවශ්‍ය විවේකය සහ සැහැල්ලුව ඇතිවීමයි. මෙහිදී මාංශ පේශි ලිහිල් වී තාපය නිෂ්පාදනය වීම අඩුවේ. මෙය ශරීරයට ඉතා සැහැල්ලුවක් ඇති කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකි. මේ නිසා කය වෙහෙසන අයෙකුට මෙන්ම මනස වෙහෙසන අයෙකුට ද නින්ද අත්‍යාවශ්‍ය වේ. සාමාන්‍යයෙන් ළදරුවෙකුට පෙය 20ක් ද පෙය 14ක කාලයක් ද වැඩිහිටියෙකුට පෙය 6 – 8 අතර කාලයක්ද ගර්භනී මවකට පෙය 10ක පමණ නින්දක් ද අත්‍යාවශ්‍ය වේ.

 

නිදා නොගැනීමෙන් වෙන හානි

විශේෂයෙන් නින්ද අඩු වූ විට බලපෑම් ඇති වන්නේ ස්නායු පද්ධතියට ය. ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවීමට ද මේ තත්වය හේතු වේ. මතක ශක්තිය අඩු වීම, සාංකාව, දිවා කාලයේ ඇතිවන අධික විඩාබර බව, මලානික බව, ක්‍රියාශීලි බව අඩු වීම, ඇස් වටා කළු වීම, ඇස් වල රැලි ඇති වීම අධික මහන්සිය සහ අවපහ ගැන්වීම ආදිය ද නින්ද නොලැබීමෙන් ඇති වන හානි අතර වේ.

 

නින්ද ඇති කරගන්න හැටි

නිජ්න්ද ඇති කර ගැනීමට මනස නිරවුල් කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. මනස නිරවුල් වූ කෙනෙකුට නින්ද මානසික අභ්‍යාසයක නිරත වීම අත්‍යාවශ්‍ය වේ. මානසික පිරිසිදුභාවය ඇතිකර ගත මුත් කායික පිරිසිදුබව නැතිනම් නින්ද ලබාගැනීම අපහසුය. මේ නිසා හොඳින් පිරිසිදු වී රාත්‍රියට සුදුසු ඇඳුමකින් සැරසීම වඩාත් වැදගත්ය. නින්දට පෙර මඳ උණුසුම් වතුරෙන් ඇඟ සේදීමෙන් පහසුවෙන් නින්ද ළඟා කරගත හැකිය. ඒ වගේම දිවා කාලයේ මිනිත්තු 10 -15 නිරත වීම, රාත්‍රියට සැහැල්ලු ආහාර වේලක් ගැනීම, රාත්‍රී ආහාරවේල ලබාගෙන පෙය 2ක් පමණ ගත වූ පසු නින්දට යාම සහ නින්ද සඳහා වාතාශ්‍රය හොඳින් ලැබෙන ස්ථානයක් තෝරා ගැනීම වැනි සරල ක්‍රම රැසක් ඔබට අනුගමනය කල හැකිය.

 

නින්ද අඩු අයට

අද පවතින කාර්ය බහුල ජිවන රටාවත් සමඟ බොහෝ දෙනෙකුට නින්ද අහිමි වී තිබේ. බොහෝ දෙනෙකුගේ නින්ද පෙය 2 – 3 අතර කාලයකට සිමා වේ. මෙවැනි පුද්ගලයන් රාත්‍රී නින්දට ගියද නින්ද පැමිණෙන තුරු බොහෝ වෙලාවක් නිදි නොලබා අපහසුතාවට පත්වේ. මෙලෙස නින්ද අවශ්‍ය අයට මෙම සරල ක්‍රියා කිහිපයක් අනුගමනය කළ හැකිය.

1) හිස ඖෂධිය තෙල් වර්ගයක් භාවිතා කරමින් සම්භාහනය කල හැකිය.

2) කාමරය පිළිවෙලකට තබා ගැනීම.

3) ප්‍රියමනාප සිතුවම් එල්ලා නිදන කාමරය ප්‍රියමනාප පෙනුමක් එක් කිරීම.

4) දුහුල් ඇඳුමකින් සැරසීම.

5) මෘදු සුවඳ විලවුන් වර්ග ආලේප කිරීම.

6) නින්ද යාමට මොහොතකට පෙර මඳ උණුසුම් කිරි වීදුරුවකට මි පැණි බින්දුවක් දමා පානය කිරීම.

7) කිරි, ගිතෙල් වැනි දේ ආහාරයට ගැනීම.

8) මන්ද උණුසුම් වතුරේ කකුල් දමා සිට ඖෂධිය තෙල් වර්ගයකින් සම්භාහනය කිරීම වැනි ක්‍රම අත්හදා බැලිය හැකිය.

ඔබේ ජීවිතයටත් සුවදායක නින්දක් ලඟා කරගැනීමට හැමවිටම උත්සහ ගන්න. එය ඔබේ ආයුෂ දීර්ඝ කරන්නටත් කායික,මානසික නිරෝගී භාවයටත් හේතු වේ. මෙමගින් දෛනික කටයුතුවල පහසුව ඇති කරන අතර මානසික සංතෘප්තිය ලඟා කරගැනීමේ අවස්ථාවද ඔබට ලැබෙනු ඇත.

ලස්සන රුවකට නින්ද ගැන අවධියෙන් ඉන්න

92 පසුකළ අයිරාංගනීගේ අපි කව්රුත් නොදත් කතාව

සුවහසක් ලාංකේය ප්‍රේක්ෂක ජනතාවගේ අපමණ ගෞරවාදරයට පාත්‍ර වූ අයිරාංගනී සේරසිංහ නම් සම්මානනීය රංගන ශිල්පිනිය පසුගිය ජුනි 21 වැනි දින කලා ලොව හිතමිත්‍රාදීන්...

දන්තාලේපයකින් ලස්සන වෙමුද

ඔබ පුදුම වෙනවද දන්තාලේපයකින් ලස්සන වෙන්න පුළුවන් කිවුවම. ඔන්න එහෙනම් අපිත් බලමු ඒ ක්‍රම මොනවද කියලා. 01) කුරුලෑ සුව කර ගැනීමට දන්තාලේප මේස හැඳි එකක් සහ...

මුදල් නැතිව මුදල් සොයන බිස්නස් කලාව

පුංචි පුංචි බිස්නස් වලින් ගොඩ එන්න උත්සහ කරන පුංචි ව්‍යාපාරිකයන්ට සල්ලි නැතිව සල්ලි හොයන ක්‍රම කිහිපයක් ගැනයි අපි ඔබට කියල දෙන්න යන්නේ. ඉතින් අපි...

සුන්දර කෙස් කළඹක රහස

කාර්ය බහුල කාන්තාවන්ට ඉක්මනින් අමතක වෙන දෙයක් තමයි කෙස් කළඹ කියන්නේ. සැලෝන් එකකට ගියත් මුහුණට ක්ලීන් අප් හෝ ෆෙෂල් එකක් කරගෙන එනවා ඇරෙන්න හිස...

සිංහල සිරිත් විරිත්

මෙම ලිපි පෙලින් හදුන්වා දෙන්න උත්සාහ කරන්නේ සිංහල සිරිත් විරිත් හා සම්බන්ධ තොරතුරුයි. "සිරිත් විරිත් " යන පද දෙක "චාරිත්‍ර වාරිත්‍ර " යන පද...

කටට රසට කෑම හදන්න නම් මේ ටිකත් දැනගෙනම ඉන්න ඕනි.

ගෘහණියක් වෙනවා කියන්නේ හරිම වගකීමක්. ඒ වගේම තමයි කරන්න තියෙන වැඩ වල ඉවරයක් නැහැ.පවුලේ අයගේ කෑම වේල සකස් කරනවා කියන්නේ ගෘහණියකගේ ප්‍රධාන කාර්යක්. ඇත්තටම...

ඩොල්ෆින් බලන්න කල්පිටියට යමු

  කොළඹ පුත්තලම මාර්ගයේ 170km පමණ දුරනික් සුන්දර කල්පිටිය වෙරල තිරය පිහිටා තිබෙනවා. පටු වෙරළ තීරයකින් සමන්විත කල්පිටිය කිලෝමීටර් 100ක් පමණ දිගින් යුක්තයි. කලපුවාසී ඩොල්ෆින්...

සුරූපී නිළිය ශ්‍රී දෙවි වයස 54දී මිය යයි.

සුරූපී නිළිය වයස 54දී මියගොස් ඇත. ඇය මියගොස් ඇත්තේ සෙනසුරාදා රාත්‍රියේ ඩුබායි හිදී පවුලේ මංගල උත්සවයකට සහභාගී සිටි අතරතුරදී. ඇය ඉපදී ඇත්තේ 1963 අගෝස්තු...

ඉතා දුර්ලභ චන්ද්‍රගහණයක් හෙට දිනයේදී

සුපර් බ්ලූ බ්ලඞ් මූන් හෙවත් සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් ලෙස හැඳිනවෙන මෙය ඉතා දුර්ලභ චන්ද්‍රගහණයක් ලෙස සැලකෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා...