නොනවත්වා ඉගෙන ගන්න

සෑම මොහොතක අලුතින් ඉගෙනීමට දෙයක් ඇත. බොහොමයක් දෙනා සිතා සිටින්නේ තමන් සියලු දේ පිළිබඳව දන්නා බවත්, තමන්ට ආයේ ඉගෙනගන්න දෙයක් නැති බවත්ය. නමුත් මෙම අදහස වැරදි බවයි Steve පවසන්නේ. ඔහු වැඩි දුරටත් පවසන්නේ සාර්ථක වීමට අවශ්‍ය නම් සෑම මොහොතකම අලුතින් දෙයක් ඉගෙනගත යුතු බවයි.

 

ඔබ ආදරය කරන රැකියාවක් තෝරාගන්න

ඔබ ලබන තෘප්තිය නිසා වැඩකරන බවක් කෙදිනෙකවත් නොදැනෙනු ඇත. මෙම කාරණය වර්තමාන සමාජයට බෙහෙවින් ගැලපෙන දෙයක්. මන්ද, රාජ්‍ය සහ පුද්ගලික ආයතන බොහොමයක සේවය කරන බහුතරයක් නගන මැසිවිල්ලක් වන්නේ තමන් එහි සේවය කරන්නේ සතුටින් නොවන බවත්, තමන්ට පැවරී ඇත්තේ තමන් කිරීමට කිසිසේත්ම ප්‍රියතාවයක් දක්වන රාජකාරියක් නොවන බවත් ය. එබැවින් Steve ගේ උපදෙස වන්නේ සාර්ථක වීමට අවශ්‍ය නම් අපි සැවොම අපි ආදරය කරන රැකියාවක් තෝරා ගත යුතු බවයි. මන්ද, එවිට අප සේවය කරන්නේ අපට ලැබෙන වැටුප ගැන සිතා නොව එම කාර්ය කිරීමෙන් අප ලබන තෘප්තිය ගැන සිතා බැවිනි.

 

අන්‍යන්ගේ අදහස් සහ උදහස් වලට ඔබගේ ඇතුලාන්තයේ හඬ යටපත් කිරීමට ඉඩ නොතබන්න

බොහෝ වෙලාවට සාර්තකත්ව මාවතේ දොරටු පෙනී පෙනී ඒවා විවෘත කර ගැනීමට අප අපොහොසත් වී ඇත්තේ සිතට එකඟව කටයුතු කිරීම හේතුවෙනි. එනම් අප බොහෝ විට කරනුයේ අනුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට යාමයි. එබැවින් ඔබටත් සාර්තකත්ව මාවතට පිවිසීමට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ අන්‍යන්ගේ අදහස්වලට හා උදහස් වලට ඔබගේ ඇතුළාන්තයේ හඬ යටපත් කිරීමට ඉඩ නොතැබීමයි.

 

ඔබගේ කාලය ඉතාම සීමිතයි. ඒ නිසා අනුන්ගේ ජිවිත මත්තේ ජීවත්වීමට එය නාස්ති නොකරන්න

මෙලොව උපත ලබන සියලු දෙනාටම ලැබී ඇත්තේ ඉතාම සීමිත කාලයකි. නමුත් බොහොමයක් දෙනා ජිවත් වෙන්නේ කිසිදා නොමැරෙන මිනිසුන් ලෙසයි. ඔවුන් බොහෝ තම කාලය වැය කරන්නේ අනුන්ගේ ජිවිත ගැන සොයා බැලීමටයි. ඔවුන් මත්තේ ජිවත් වෙමින් තම වටිනා කාලය අපතේ හැරීමටයි. ඔබට ලැබී ඇති මෙම සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ලැබිය යුතු බවයි Steve ගේ අවවාදය වන්නේ. එබැවින් ඔබත් ඔබට ලැබී ඇති සීමිත කාලයෙන් ප්‍රයෝජන ගන්න. අනුන්ගේ ජිවිත වෙනුවෙන් එම වටිනා කාලය අපතේ නොහරින්න.

 

” බැහැ ” කීමට මැළි නොවන්න

අප ගොඩාක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි කෙනෙක් අපෙන් මොකක් හරි උදව්වක් ඉල්ලු විට එහෙමත් නැත්නම් යම්කිසි ඉල්ලීමක් කලාම එය ඉටු කිරීමට නොහැකි වුවත්, අදාළ පුද්ගලයා තමන් සමඟ අමනාප වේ යැයි සිතා ” බැහැ ” කියන්නට නොහැකි වීම. නමුත් සාර්තකත්ව මාවතේ ගමන් කරන සැවොම එසේ කිරීමට මැළි නොවිය යුතු බවයි. Steve ගේ අවවාදය.

 

ඔබ විය යුත්තේ කවරෙක්ද යන්න ඔබගේ හදවත හා ඉව දැනටමත් වටහාගෙන ඇත. ඒ දෙක ඔස්සේ යාමට දිරිමත් වෙන්න

මිනිසා යනු උපතින්ම අසීමිත වූ හැකියාවන් රාශියක් අතමිට මොලවාගෙන මෙලොව එලිය දකින සත්ව කොට්ඨාශයකි. ඇත්තටම Steve මෙයින් අදහස් කරන්නේ අප සැවොම අප තුල සැඟවී ඇති මෙම හැකියාවන් මනාව හඳුනාගෙන ඒවා ඔප මට්ටම් කරගනිමින් ඉදිරියට යායුතු බවයි.

 

නිතරම තවත් ඉදිරියට යාමේ පිපාසයෙන් පෙළෙන්න. අනුවණයෙක් මෙන් නව දැනුම සොයන්න

සාර්ථකත්වය කරා ගමන් කරන අතරවාරයේ අප විවිධ වූ සන්ධිස්ඨාන වලට පැමිණේ. බොහොමයක් දෙනා කරන්නේ සන්ධිස්ථානයකට පැමිණි පසු ඉන් සැහීමකට පත්වීමයි. නමුත්, Steve ගේ උපදේශනය වන්නේ එසේ නොවිය යුතු බවයි. ඔහු පවසන්නේ සාර්ථක වීමට අවශ්‍ය නම් නිතරම නව දැනුම සොයමින් තව තව ඉදිරියට යාමේ නොනින් ආශාවෙන් යුතුව ල්රියා කල යුතු බවයි. Steve ගේ සාර්තකත්වයේ කතාව මේ සඳහා කදිම උදාහරණයකි.

ඉතින් මෙම Steve Jobs ගේ වටිනා උපදෙස් පිළිපැද සාර්ථකත්වයේ දොරටු විවර කරගන්න.

සාර්ථක වෙන්න කැමති අයට Steve Jobs ගෙන් උපදෙස් – 02 කොටස

ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය 01 – කොටස

ළමයින් වැඩිහිටියන් වන විට බොහෝ දේ ඉගෙනගන්නේ පාසලෙන්, දෙමවුපියන්ගෙන් සහ බොහෝවිට සමාජයෙන්. තාරුණ්‍ය, යෞවනය පහු කරගෙන වැඩිහිටියෙක් බවට පත්වන විට ඔවුන්ගේ දැනුම කුසලතා වර්ධනය...

නිවස ජය ගන්නා දෝනි – 2

බාධක ජයගෙන ආදරේ කරන්න නම්, අපි හැමෝම ආදරයන කරන්න පටන් ගන්නේ ඒ ආදරේ විවාහයෙන් තවත් ශක්තිමත් වෙලා ජිවත් වන තුරුම පවත්වාගෙන යන්නයි.එත් සමහර ආදර කතා...

ලිංගිකව එක්වීමට ඇති අකමැත්ත සැකයට මුලික හේතුවේද ?

දෙන්නෙක් අතර විවාහ සම්බන්ධතාවක් ඇති වන්නේ දෙදෙනා අතර ජිවිත කාලය තුල දැඩි බැඳීමක්, විශ්වාසයක් සහ එකඟතාවයක් ඇතිව ජිවත් වීමේ අරමුණින්. නමුත් දැන් සමාජයේ බොහෝ...

නිළියක් වගේ ලස්සන වෙන්න හාල් සෝදන වතුරෙන් කරන ඉන්දියානු රහස් බෙහෙත් වට්ටෝරුවක්

ඉන්දියානු කාන්තාවන් ලස්සන වෙන්න බොහෝ ඖෂධ වට්ටෝරු භාවිතා කරනවා. මෙහි විශේෂත්වය වන්නේ ස්වභාවික ඖෂධ ද්‍රව්‍ය භාවිතා කිරීමයි. ඔබත් නිළියක් වගේ ලස්සන වෙන්න නම් මේ...

වතුරින් මතුවූ කිඳුරු දෙවඟන

Model - Trilby Solomonsz Photography - Moorthi U Senewirathna Makeup - Sandya Bandara (Salon Dandy)  Costume - Kanishka Sangabo Dias  ...

ආදරයක වටිනාකම නොදත් ආදරය

සත්‍ය සිදුවිමක් පදනම් කොට මගේ ඇගිලි තුඩු මතින් පාඨක ඔබේ රසවින්දනය උදෙසා වචන වලට පෙරලන තවත් එක් වැයමකි "නම් ගම් මනඃකල්පිතයි" වෙන්නපුව නගරයේ....කටුනේරිය ගමේ ජිවත් උන...

කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන් කෙරෙහි බලපාන නීති

අපේ රටේ වර්තමාන සමස්ත ජනගහණයෙන් කාන්තා ප්‍රතිශතය 50% ද ඉක්මවයි. කාන්තා අධ්‍යාපනය සහ ශ්‍රම දායකත්වය ද සැලකිය යුතු මට්ටමකින් වැඩි දියුණු වී ඇත. නමුත්...

හරියට fashion කරන්න කැමති ඔයාට

හරියට fashion කරන්න කැමති ඔයාලව දැනුවත් කරන්න මේ ලිපි පෙලින් අපිත් එක්ක එකතු වෙන්නේ කනිෂ්ක සගබෝ ඩයස් මොස්තර නිර්මාණ ශිල්පියෙක් විදිහට ඉතාමත් කෙටි කලකින් ක්ෂේත්‍රයේ...

වෙනස්ම රසයකට ගස් ලබු කෑම

පැපොල් එහෙමත් නැතිනම් ගස්ලබු කියන්නේ ලංකාවේ ඕනෑම ප්‍රදේශයකදී දකින්නට ලැබෙන පළතුරක්. නිතර දකින්න ලැබෙනවා වගේ තමයි ඕනෑම දේශගුණික තත්වයකදී වුවද පහසුවෙන් විය හැකි ශාකයක්....