Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ඔබේ ව්‍යාපාරය දියුණුවට

ඔබත් කැමති ඔබගේ ව්‍යාපාරය වඩවඩාත් දියුණු කරගන්න. ඒසේ ඔබ ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න උත්සහ කරන කෙනෙක් නම් එම ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ඔබට විවෘත මනසක් සහ සැලසුම් කිරීමේ සහ සංවිධානය කිරීමේ හැකියාව තිබිය යුතුය. අද බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ තම අදහස් සහ මුදල් යොදවලා ව්‍යාපාරයක් ආරම්භ කල සැනින් එය ලාබදායී මුදල් ගලාගෙන එන ව්‍යාපාරයක් වෙයි කියලයි. පසුව එය සිතු තරම් පහසු නොවන බව තේරුම් ගත විට ඔවුන්ගේ අදහස් කෙතරම් වටිනා වුවත් එම ආරම්භ කළ ව්‍යාපාරය නවතා දමනවා. නමුත් ඔබ හදිස්සි නොවී ව්‍යාපාරයක් සාර්ථක කරගැනීමට අවශ්‍ය පියවර ඉගෙන ගතහොත් ඔබට ඔබේ ව්‍යාපාරය ඉතාමත් සාර්ථක ව්‍යාපාරයක් කරගත හැකි වේ.

 

එසේ නම් අපි බලමු ඔබගේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට අවශ්‍ය පියවර මොනවා ද කියලා..

1 මුල සිට සැලසුම් කරන්න

ඔබගේ ව්‍යාපාර අදහස් ගැන හොදින් සිතා එය සැලසුම් කර ගන්න. මුලින් ඔබගේ සිත තුල එම ව්‍යාපාරය ආරම්භ කර බලන්න මෙය සාර්ථක ව්‍යාපාරිකයන්ගෙ ඉතා රහස් ක්‍රමයකි. එවිට ඔබට විවිධ වූ ගැටලු මතුවනු වේ. ව්‍යාපාරය සිදු කරන ආකාරයත් එම ගැටලු සියල්ල පිලිවෙලට ලියා ගන්න. ඉන්පසු එම ගැටලු වලට පිලිතුරුත් ලියා ගන්න. එසේ කිරීමෙන් ඔබට ඉතා හොදින් ඔබට ඔබගේ ව්‍යාපාරයට මුදල් නොයොදවාම සැලසුම් කර ගත හැකි වනු ඇත. මේ සියල්ලක්ම පැහැදිලිව ලිවීමට අමතක නොකරන්න.

 

2 සංවිධානය කරගන්න

සංවිධානය තුලින් ඔබගේ ව්‍යාපාරය ඉතා ඉක්මනින් සාර්ථකත්වය කරා ගෙන යාමට හැකිවනු ඇත. සංවිධානය තුලින් ඔබට කිසිම දෙයක් අතපසු නොවී මග නොහැරී හොද පාලනයකින් ඔබගේ ව්‍යාපාරය හැසිරවීමට හැකි වනු ඇත.ඔබ දිනපතා ඔබ කල යුතු දේවල් ලියා තබා ගන්න. එසේ ලියා තබා ගැනීමෙන් ඔබට කිසිවක් අමතක වන්නේද නැහැ. එසේම ව්‍යාපාරය සඳහාත් දින පොතක් ගෙන දිනපතා කල යුතු වැඩ ලියා එය සොයා බලා පිලිවලට කල යුතුයි.

 

3 සවිස්තරාත්මක වාර්තා තබා ගන්න

පැහැදිලි සවිස්තරාත්මක වාර්තාවක් තබා ගැනීම නිසා ඔබට ඔබගේ ව්‍යාපාරය මූල්‍යමය වශයෙන් පවතින තත්වය සහ උදා විය හැකි ගැටලු පිලිබද හොඳ අවබෝධයක් සහ ඒවාට සූදානම් වීමට හැකියාවක් උදාවනු ඇත. මෙම විස්තර තුලින් දැන ගනීමේ වැදගත් කම නම් ඔබට ගැටලු මතු වීමට ප්‍රථම එම ගැටලුව හදුනාගෙන එයට ඉතා හොදින් සූදානම් වීමට හැකි වීමයි. සියලුම සාර්ථක ව්‍යාපාරයන්ම අනිවාර්‍යන්ම සවිස්තරාත්මක වාර්තාවක් තබා ගන්නා බව දැන ගන්න. මේ සදහා ඔබට අය වැයක් සාදා ගන්න යන ලිපි ප්‍රයෝජනවත් විය හැකිය.

4 ඔබගේ තරඟකරුවන් හොදින් හදුනා ගන්න

තරඟකරුවන් හදුනා ගැනීම ව්‍යාපාරයේ දියුණුවට ඉතා වැදගත් බව ඔබ දන්නවාද? තරඟකරුවන් හදුනාගෙන ඔවුන්ගෙන් ඉගන ගැනීම ලැජ්ජාවක් නොවන බව හොදින් දැන ගන්න..පාරිභෝගිකයකු හැටියට හෝ ගොස් ඔවුන්ගේ ව්‍යාපාර හැසිර වීම, පාරිභෝගික සේවය යන දෑ ඉගන ගන්න. එය ඔබගේ ව්‍යාපාරයේ වර්ධනයට ඉතා පිටු වහලක් වනු ඇත.

 

5 ව්‍යාපාරයේ ලාබ වාගේම පාඩු ගැනත් හොදින් දැන ගන්න

ඔබගේ ව්‍යාපාරයේ සැම අවස්ථාවක්දීම සිදු විය හැකි පාඩුව දැන ගෙන සිටීම ලාබ ඉපයීමේ සැලසුම් සදහා ඉතා හොඳින් ප්‍රයෝජනයට ගත හැකිය. ඔබගේ ව්‍යාපාරයේ මුල සිටම සියලුම සැලසුම් වලදී සිදුවිය හැකි පාඩුව කුමක්ද කියා ඔබෙන්ම විමසා එයට ද ඔබ පිළිතුරු සපයා ගන්න. ඔබ එසේ පාඩුව ගැන දැන ගැනීමෙන් ඔබට ඔබගේ ලාබය ඉතා ඉහලටම හැසිරවීමට හැකිවනු ඇත. එය ඔබගේ ව්‍යාපාරයේ දියුණුවට ඉතා වැදගත්ය‍.

 

6 නිර්මාණශීලී වන්න

සාර්ථක ව්‍යාපාරිකයන් නිතරම සිතන්නේ ඔවුන් සියල්ලම නොදන්නා බවයි, නමුත් අසාර්ථක මිනිසුන් සිතන්නේ ඔවුන් සියල්ල දන්නා බවයි. එමනිසා ඔබත් ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය සදහා නිතරම විවෘත මනසකින් යුක්තව නිර්මානශිලී නව අදහස් සහ ක්‍රම සොයා බලන්න. එම අදහස් හොදින් සැලසුම් කර ව්‍යාපාරයට යෙදීමෙන් ඔබට ඔබගේ තරග කරුවන්ට වඩා ඉදිරියෙන් සිටිය හැකියි.

 

7 කැප කිරීම් වලට සුදානම් වන්න

තමාගෙම ව්‍යාපාරයක් ආරම්භ කරනවා යනු පැය 8ක රැකියාවක් කිරීමට වඩා වැඩි කැපවීමක් සිදූ කල යුතූ දෙයක් බව හොදින් මතක තබාගන්න. විශේෂයෙන්ම ඔබගෙ ව්‍යාපාරය ආරම්භයේදී ඔබට රෑ දහවල් නොබලා තම පවුල ගැනවත් හරියට නොබලා මහන්සිවී වැඩකිරීමට සිදූවනු ඇත. නමුත් ඔබ ඉතා හොද සැලසුමකට සන්විදානාත්මකව වැඩ කිරීමෙන් මෙම වැඩි කැප කිරීමක් සිදූවන කාලය අඩු කරගත හැකිය.

 

8 උසස් පාරිභෝගික සේවාවක් ලබා දෙන්න

ව්‍යාපාරයක දියුණුව රැදී පවතින්නේ ඔබගේ ව්‍යාපරයට එක් පාරක් පමනක් පැමිනෙන පාරිබෝගිකයන් ගෙන් නොවන බවත් එම පාරිභෝගිකයා නැවත නැවත පැමිනීමෙන් බවත් හොදින් මතක තබා ගන්න. එම නිසා හොදින් පාරිභෝගිකයන්ට සලකන්න. ඔවුන්ට ඔබගේ සේවාවන් නැවත ලබා ගැනීම සතුටක් බවට පත් කරන්න. ඔබ දැනටමත් ව්‍යාපාරයක් අරබා ඇත්නම් අන් කිසිවක් කිරීමට ප්‍රථම පාරිභෝගික සේවය හොදින් කිරීමට පටන් ගැනීමෙන් ඔබගේ ව්‍යාපාරය අනිවාර්‍යන්ම සාර්ථක කර ගත හැකිය.

 

9 සේවාවන් අඩාල නොවීමට වග බලා ගන්න

ව්‍යාපාරයක දියුණුවට හා ඉතා හොදින් නොකඩවා ලාබ ඉපයීමට නම් ඔබත් ඔබගේ සේවාවන් අඩාල නොකර නොකඩවා ලබා දිය යුතුය. ඔබගේ ව්‍යාපාරයේ සාර්ථක දිගු ගමනකට එය ඉතා වැදගත් බව හොදින් මතක තබා ගන්න. කිසි විටක සේවය අඩාල කර ඔබගේ වටිනා පාරිබෝගිකයන් වෙනත් මගකට යොමු කරවන්න එපා. ඔබගේ ව්‍යාපාරය ඉතා හොදින් සැලසුම් කර පාලනය කිරීම තුලින් එය අඩාල නොවී තබා ගැනීමට හැකිවනු ඇත.

 

10 ඔබගේ උත්සහය අත් නොහරින්න

කෙනෙකුට එක් රැයකින් සාර්ථක වීමට නොහැකි බවත් ඔබ දන්නවා ඇති. එමනිසා කිසි විටක උත්සහය අත අරින්න එපා. ඔබගේ ව්‍යාපාරය සුලුවෙන් හෝ අරඹා සුලුවෙන් හෙමිහිට දියුණු කර ගන්න. නිතරම සුහදශීලී සහ සිත් ඇදගන්නා සහ ඔබටත් පාරිභෝගිකයන්ටත් පාඩු නොවන සේවයක් ලබා දෙන්න. පාරිභෝගිකයන්ට ඔබගේ ව්‍යාපාරයට හුරු වීමට කාලයක් ලබා දෙන්න. එවිට ඔබ නොදැනුවත්ම ඔබගේ ව්‍යාපාරය සාර්ථක වනු ඇත.

 

සාර්ථකත්වයේ ප්‍රධානම අංගයක් නම් නොපසු බට උත්සහයයි. ව්‍යාපාරයක් ආරම්භකර හැසිරවීමට ලාබදායී සහ බොහෝ අභියෝගාත්මක දෙයක්. නමුත් ඔබ හොද ඉලක්කයක් ඇතුව , විවෘත මනසකින් යුක්තව , නොපසු බට උත්සහයෙන් යුතුව එය කිරීමට හැකිනම් ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය කිසිවෙකුටත් නතර කල නොහැකියි. එමෙන්ම ව්‍යාපාරය ගැනත් ව්‍යාපාර පාලනය ගැනත් ඉතා හොදින් ඉගන ගැනීමට අමතක නොකරන්න. මෙසේ ඔබට පොහොසත් විමේ පියවර තුලින් ඉතා ඉක්මනින්ම පොහොසත් ව්‍යාපරිකයකු විමට හැකි වනු නොවනුමානය.

 

 

 

Popular Articles